ඉකුත් යහපාලන ආණ්ඩු සමයේදී රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන් විසින් දැරූ අමාත්‍යංශවල සිදුව ඇතැයි කියන මහා පරිමාණ වංචා දූෂණ සම්බන්ධයෙන් ඉහළ පෙළේ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.
ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත අදාළ අමාත්‍යංශයන්හි විමර්ශන ආරම්භ කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇති අතර ඒ සදහා ඉහළ පෙළේ නිලධාරීන් කණ්ඩායමක් පත් කිරීමටද සැලසුම් කර තිබේ.
මෙම විමර්ශන ආරම්භ වන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දෙදෙනාට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිබද සිදු කෙරෙන පරීක්ෂණවලට අමතරවය.










