• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිය ගාණක් අනාථ කරපු පෝලන්ත රස්සා මගඩිය

February 11, 2021
in Exclusive, Uncategorized
Reading Time: 6 mins read
A A
සිය ගාණක් අනාථ කරපු පෝලන්ත රස්සා මගඩිය
Share on WhatsAppShare on Facebook

“පෝලන්තෙ යන්න කැමතිද?”

නැත්තං මං මෙහෙම අහන්නම්කො,“යුරෝපෙට යන්න කැමතිද?” මේකට උත්තර කීප වර්ගයකින් හම්බවෙනවා.
“පිස්සුද?” කියන කට්ටියකුයි, “ම්ම්… හිතලා බලන්න ඕනෙ”
කියන කට්ටියකුයි,“ෂා…මරුනෙ….” කියන කට්ටියකුයි ඉන්නවා.

මේ තුන් ගොල්ලො අතරින් මේ කතාවට අදාළ වෙන්නෙ අන්තිම උත්තරය දුන්න අය. ඒ කියන්නෙ හැමදාම යුරෝපෙට යාමේ හීන දකුමින් හිටපු අය.

කතාව පටන්න ගන්නෙ මෙහෙමයි. මේ ඔවුන් කතාව කියන විදිය. මම ඒක අඩු වැඩිය එකතු කරලා ඔබට කියන්නෙ යුරෝපෙට යන්න පාරකියන්න නෙමේ. පාරෙ අතරමන් නොවී ඉන්න විදිය කියලා දෙන්න. “ෆේස් බුක් එකෙ දැන්වීමක් තිබ්බා. පෝලන්තෙට කට්ටිය යවනවා කියලා. ඒකෙ දුරකථන අංකයක් තිබ්බා. ඒ වගේම සම්බුද්ධත්ව ජයන්තිමන්දිරයේ තිබුණ කාර්යාලයක ලිපිනයකුත් සඳහන් කරලා තිබ්බා. ඉතිං අපි මේ නම්බර් එකට කෝල් කළා”
“ඒ කෝල් කළාට පස්සෙ අපිට තොරතුරු දුන්නා. අපි කතා කළා. විස්තර දුන්නා. සාධාරණයි කියලා හිතුණා. ඒ නිසා අපි කැමති වුණා. ඒ මිල ගණන් අපි කතා කර ගත්තා. ඒකෙ ප්‍රශ්නයක් වුණේ නෑ”

“ජොබ් වීසා එකක් තමයි අපිට ලැබෙනවා කිව්වෙ. රුපියල් දාහතර ලක්ෂයක් සමහරුන්ට පහළොස් ලක්ෂයක්. මේ විදියට දහඅට දහනමයවගේ එක එක ගණන් යනවා කියලා තිබුණා. හැබැයි අපි ඒ වෙනකොට මේ එක එක ගණන් කියපු එක ගැන දන්නෙ නෑ. ලක්ෂ 2ක් විතර අතේ තියාගන්න කියලා කිව්වා. හැබැයි මේ හැම දෙයක්ම වෙන්නෙ පෝලන්තෙන් ජොබ් ඔෆර් ලෙටර්ස් ආවට පස්සෙ කියලයි කිව්වෙ. සල්ලි ගෙවන්න ඕනෙ ඊට පස්සෙ. සල්ලි බඳින්න ඕනෙ වෙලාව එයාලා කියන්නම් කියලා කිව්වා. කිසිම සැකයක් ඇතිවෙන ආකාරයට වැඩක් කළේ නෑ.”

“පස්සෙ අපිට ඔය කියන ලියුම ආවා. ඒ කියන්නෙ ජොබ් ඔෆර් ලෙටර් එක කියන එක. ඒක තිබුණෙ පෝලන්ත භාෂාවෙන්. කිසිම ගැටලුවක් නැතිව අපේ නම ගම විස්තර තිබුණා. ඒ ලියුම ගහලා තිබුණෙම අපේ නමින්. අපේ පාස්පෝට් අංක එහෙම හරියටම දාලා තිබුණා. ඒ නිසා අපිට සැකයක් නෑ. අපි මේ ලියුම පෝලන්ත භාෂාවෙන්, ගූගල් ට්‍රාන්ස්ලේර්වලින් එහෙම බැලුවා මොකක්ද තියෙන්නෙ කියලා. ඒක හරි, මේ තියෙන්නෙ හරි තොරතුරු. අපි තව පියවරක් ඉස්සරහට තිබ්බා.”

“ඒ කියන්නෙ සල්ලි දුන්නා. දැන් අවුලක් නෑ කියලා හිතුණා. ජොබ් ඔෆර් ලෙටර් එක ආවට පස්සෙ අපි සල්ලි දුන්නා. එක එක්කෙනා එක එක ගණන්. සමහරු ලක්ෂ දාහතරයි. සමහරු ලක්ෂ පහළොව විස්ස එහෙමත් දීලා තිබුණා. ඒ ගණන් ගැන අපි අපි එක තැනක ඉඳලා කතාකරලා නෑ. ඒ නිසා මේ වෙන කොට අපිට කිසිම අවුලක් නෑ. අපි සාමාන්‍ය විදියට මේ දේවල් කරගෙන හිටියා”

“මුලින්ම බැන්දෙ සල්ලිවලින් කොටසක් විතරයි. ඊළඟ කොටස ගෙවන කොට වීසා ඇප්ලිකේෂන් එකේ වැඩෙත් ඕකේ වුණා. එතකොට අපිට අවුලක් නෑ කියලා එකක් තේරුණා. ඒ නිසා හැමෝම සල්ලි බැන්දා. එහෙම සල්ලි බැන්දට පස්සෙ අපේ වැඩේ එක ප්‍රධාන පියවරක් සම්පූර්ණ වුණා…”

“මෙයාලා අපිට කිව්වා රස්සාවලින් අයින් වෙන්න කියලා. ඒක කිව්වෙ හරිම වගකීමකින්. කිසිම ගැටලුවක් ඇති නොවෙන තැනට වැඩ ටික වුණා. අපිට එහෙ සීතල නිසා ඒකට අවශ්‍ය ඇඳුම් පවා ගන්න කිව්වා. අපේ එක්කෙනෙක් සාමාන්‍යයෙන් ලක්ෂ දෙක තුනක ඇඳුම් ගත්තා. සියලුම දේ ලෑස්ති කරගත්තා”

“ඊළඟට අපිට කිව්වා ලංකාවේ පෝලන්ත තානාපති කාර්යාලයක් නෑ. තියෙන්නෙ ඉන්දියාවෙ. ඒත් ඉන්දියාවෙන් ලංකාවෙ අයට වීසා දෙන්නෙ නෑ. ඒ නිසා ඉන්දුනීසියාවට යන්න වෙනවා. එහෙන් දෙනවා කිතාසි කියලා බල පත්‍රයක්. ඒක ගත්තම වීසා එක එහෙ එම්බසි එක හරහා ගන්න පුළුවන් කියලා”

“මේ නිසා අපි ගියා ඉන්දුනීසියාවට යන්න. මේ විදියට අපි ගියේ ඉන්දුනීසියාවට කිව්වට බාලිවලට.එහෙට ගියපු ගමන්ම වගේ අපි හම්බවෙන්න එක්කෙනෙක් ආවා. එයාගෙ නම හුස්ලික් කියලයි කිව්වෙ. හුස්ලික් අපි ගියපු ගමන්ම වගේ අපෙන් ආයෙත් සල්ලි ගත්තා. එක්ලක්ෂ පනස්දාහ ගානෙ එක්කෙනෙක් ගෙන්. ඒක අපිට මෙහෙන් කියලයි තිබ්බෙ. ඒ නිසා අපි කිසිම ප්‍රශ්නයක් නැතිව ඒ සල්ලි දුන්නා”

“බාලිවලට කියන්නෙ ඇත්තටම බාලිවල තියෙන පූජා මණ්ඩල කියල නගරයකට. අපි පූජා මණ්ඩලවල ඉන්න කාලෙ මුලින් මුලින් අපිට කෑමට බීමට අවශ්‍ය කරන සල්ලි එව්වා. ඒවා පිළිවෙළට වුණා. හැබැයි මුලින් වෙච්ච පිළිවෙළ පස්සෙ නැතිවුණා. සල්ලි එවන එක අඩුවුණා. ඒ කියන්නෙ පිළිවෙළට වුණේ නෑ. ඒ නිසාම අපිත් එක්ක ඒ ගැන ප්‍රශ්න ඇතිකරගත්තා. අපිට එකට කතා කරලා කෑගහන්න වුණා. සල්ලි එවන්නෙ නැති වුණාම අපි මෙහෙම කතා කරනවා. එතකොට එහෙමත් දවසක සල්ලි දානවා. පස්සෙ පස්සෙ මේ ප්‍රශ්නය උඩම ගැටුම් ඇතිවෙන්න පටන් ගත්තා.

ඒත් එක්කම අපිට ආරංචි එන්න පටන්ගත්තා අපි විතරක් නෙමේ මේ විදයට අනාථ වෙලා ඉන්නෙ කියලා. ඒ කියන්නෙ අපිට කලින් ගියපු අයටත් මේ විදියටම වෙලා කියලා දැනගන්න ලැබුණා. එයාලත් ඒ වෙනකොට පෝලන්තෙ ගිහිල්ලා නෑ කියලා ආරංචි වුණා. අපි ඒත් එක්ක ෆයිට් කරන්න පටන් ගත්තා. මේ විදියට මාස කීපයක් ඉඳලා ආයෙ අපිව සිංගප්පූරුවට එක්ක ගියා. එහෙම දවස් කීපයක් ඉන්න වුණා. ඊට පස්සෙ ආයෙමත් ඉන්දුනීසියාවට ආවා. ඉන්දුනීසියාවෙදි ජකර්තාවලට යැව්වා.

මේ ජකර්තාවලදි අපිට බොහෝම නරක අත්දැකීමවලට මුහුණ දෙන්න වුණා. ඒක හුඟ දෙනෙක් නතර වෙලා හිටපු තැනක්. අපි හයදෙනෙක්ට විතර එක කාමරේ ඉන්න වුණා. ඒ කාමරවල නිදාගන්න ඉඩක් නෑ. හයදෙනෙක්ට කොහොමටවත් නිදාගන්න බෑ. අපි මේ ගැන කිව්වට අපිට උත්තරයක් හම්බුණේ නෑ.

මේ නතර වෙලා හිටපු තැන කල්ලො හිටියා. ඒ කියන්නෙ කළු ජාතිකයො. උන් අපිට තර්ජනය කරනවා. අපිට ඉන්න වුණේ උන්ට ඕන විදියට. අපේ කාටහරි සල්ලි එව්වොත්, ඒවා ගන්න ටෙලර් මැෂින් එක තිබුණෙ පහළ. අපි ටෙලර් මැෂින් එකට යනකල් උන් බලාගෙන ඉන්නවා. එහෙම ඉඳලා උන් එනවා. ඇවිල්ලා තර්ජනය කරනවා. තර්ජනය කරලා සල්ලි ගන්නවා. මේකත් එක්ක අපි තවත් අසරණ වෙන්න පටන් ගත්තා. අපිව රට යවපු කම්පැනියෙ කට්ටිය එක එක ඒවා කිය කියා හිටියා. අපි බැරිම තැන කෑගහලා ලංකාවට එන්න සැලැස්මක් හදාගත්තා.

අපි කිව්වෙ පෝලන්තෙට යන්න හැමදේම හරි ගියාට පස්සෙ අපි ආයෙ ඉන්දුනීසියාවට එනවා. එතකල් ලංකාවට ගෙන්නගන්න කියලා. ඊට පස්සෙ අපි ලංකාවට ආවා. ඒ ලංකාවට ආවෙ අරගෙන ගියපු බඩුමුට්ටු ඔක්කොම එහෙ දාලා. මොකද අපි ලංකාවට ආවෙ පවා ආයෙමත් යන බලාපොරොත්තුවෙන්. මේවා වෙනකොට ලෝකෙ කොවිඩ් නෑ. ඒ නිසා මේක කරන්න බැරි වෙන්නෙ කොවිඩ් නිසා නෙමෙයි.

අපි ලංකාවට ආවට පස්සෙ දිගටම මේ ගැන ඇහුවා. එතකොට අපිව යවපු ආයතනයෙ දුරකතන වැඩ කළා. වැඩේ වෙන්නෙ නෑ කියලා තේරෙන්න පටන්ගත්තම අපි සල්ලි ආපහු ඉල්ලුවා. එතකොට එයාලා කිව්වෙ වැඩේ වෙනවාමයි කියලා. ඒත් රට යවන වැඩේ වුණෙත් නෑ. සල්ලි හම්බුණෙත් නෑ.

අපි හැමෝම හිටියෙ අපේ රස්සාවල්වලින් අයින් වෙලා. සමහර අය කරලා තිබුණෙ විධායක මට්ටමේ ජොබ්. සමහර අය ඉඩම් විකුණලා සල්ලි සොයාගෙන තිබුණෙ. අපි මේ ආයතනයට දුන්නෙ යන ලක්ෂ විස්සක් විතර වුණත් අපේ සම්පූර්ණ වියදම ලක්ෂ හතළිහකට කිට්ටුයි. දැන් අපිට රස්සා නෑ. මේ කොරෝනා ප්‍රශ්නයත් එක්ක ආයෙත් රස්සා හොයන්නත් බෑ. අද අපි අනාථයි. මිනිස්සු සියදිවි හානිකර ගන්න දවස වැඩි ඈතක නෙමෙයි.

අනික අපි මේක විසඳන්න හැදුවෙත් පිළිවෙළකට. පොලිසියෙ පැමිණිලි කරලා, එෆ්.සී.අයි.ඩී. එකට ගිහිල්ලා, අවශ්‍ය නීතිමය ක්‍රමවේදවලට අනුව. ඒත් ඒ කිසිම එකකින් හරියට උත්තරයක් නැති නිසා අපිට උද්ඝෝෂණය කරන්න වෙලා තියෙනවා. අපිට අදාළ පාර්ශ්වවලින් ඉල්ලන්න තියෙන්නෙ මේ යන නීතිමය පරීක්ෂණත් කරලා, අපිට අපේ සල්ලි ටික අරගෙන දෙන්න. ඒ වෙනුවෙන් දැන් අපිට පාරට බහින්න වෙලා තියෙන්නෙ.”

ඔවුන් කියනවා. මේ අසාධාරණයට එරෙහිව ඔවුන් එක්ක ‘මව්රට’ අපිත් කෙළින් හිටගන්නවා. මේ කළු ජාවාරම්කාරයො පස්සෙ ලුහුබඳින්න අපිත් සූදානම්. ඔවුන් පිළිබඳ විශේෂිත හෙළිදරව් කීපයක් අපි ඉදිරි සතිවලදි කරනවා. අපිට පුළුවන් සීමාවේ අපිත් ක්‍රියාත්මකයි. නීතිය රකින, ක්‍රියාත්මක කරන, වගේ නීති හදන නෝනාවරුණි මහත්වරුණි මේ ඔබේ අවධානය පිණිසයි.

ප්‍රේමලාල් විජේරත්න
ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සජිත් 31 වන ‘සත්කාරය’ බම්බලපිටියට අරන් එයි

Next Post

පානදුර ඝාතනයේ මහමොළකරුට කෝල් කරපු දේශපාලකයා කව්ද? අන්තිම මොහොතේ ලක්ෂ 50ක් ගියේ කාගේ සාක්කුවටද?

MORE NEWS

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.