පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට හොරෙන් ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් තනිතනිව මුණගැසීමට කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත.
ඒ අනුව පසුගිය සතියේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ගම්පහ දිස්ත්‍රික් ශ්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා මුණගැසී අතිශය රහසිගත සාකච්ජාවක් පවත්වා ඇති බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් තනිතනිව මුණගැසෙන්නේ පෙරේදා (24) රාත්‍රියේදී ජනාධිපතිවරයා මුණගැසී සාකච්ජා පැවැත්වූ පසුබිමකදී වීමද විශේෂ සිදුවීමකි.