ලබන 05 වැනිදා සියලුම ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් සහ පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කොළඹට කැදවීමේ ලිපියක් මේ වනවිට නිකුත් වී ඇති බව වාර්තා වේ.
ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු වන කුමාර වෙල්ගම මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය ඊයේ (29) දින නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව පැවසේ.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ හිටපු ජනාධීපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙන අතර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක ප්‍රකාශයක් මෙහිදී සිදුකරනු ඇති බවද දැනගන්නට තිබේ.










