ලංකාවේ මහමැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් මේ දිනවල ඉන්දියාව දැඩි අවධානයක් යොමු කොට ඇති බව වාර්තා වේ.
මීට හේතුව වී ඇත්තේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මැතිවරණය ඉදිරි කාලයේදී පැවැත්වීමට නියමිතව තිබීමය.
කොරෝනා වයිරසය මැද ලංකාවේ මැතිවරණය පැවැත්වීම නිසා ඉන්දීය මැතිවරණ කොමිසම ලංකාවේ මැතිවරණය පැවැත්වීමට යොදාගන්නා සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද මෙන්ම අනෙකුත් ආරක්ෂිත ක්‍රමවේදයන් සම්බන්ධයෙන් සිය දැඩි අවධානය යොමු කර ඇත.
ඒ අනුව බිහාර් ප්‍රාන්ත මැතිවරණය පැවැත්වීම ඉන්දීය මැතිවරණ කොමිසමේ අදහස වී තිබේ.
කොරෝනා වයිරසය හේතුවෙන් මේ වනවිට ඉන්දියාව බරපතළ අර්බූදයකට මුහුණ දී සිටින අතර දිනකට ආසාදිතයන් 50,000ක් පමණ එරටින් වාර්තා වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.










