ශ්රී ලංකාව විසින් ඉල්ලා තිබූ ඩොලර් මිලියන දෙසීයක මූල්‍ය පහසුකම ලබාදීමට බංග්ලාදේශ බැංකු මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෑතක දී එරට සිදුකළ සංචාරයේදී මෙම ඉල්ලීම සිදු කර තිබිණු අතර විනිමය හුවමාරු පහසුකමක් ලෙස මෙම මුදල ලබා දීමට නියමිතය.
දැනට ශ්‍රී ලංකාව වැඩිම විදේශ විනිමය අර්බුදයකට මුහුණ දෙමින් සිටී ශ‍්‍රී ලංකාවේ මාර්තු මාසය වන විට විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 4 සීමාවේ පැවතින.
බංගලාදේශය අද වන විට ඩොලර් බිලියන 45ක පමණ විදේශ සංචිතයන් හිමි කරගෙන ඇත.









