• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

පහර දී ලොරි ඩ්‍රයිවර්ගේ ඇඟ උඩට පනිද්දී මහරගම කොස්තාපල් සිට ඇත්තේ අවසිහියෙන්!!! EXCLUSIVE

April 5, 2021
in CID, Exclusive, Uncategorized
Reading Time: 6 mins read
A A
පහර දී ලොරි ඩ්‍රයිවර්ගේ ඇඟ උඩට පනිද්දී මහරගම කොස්තාපල් සිට ඇත්තේ අවසිහියෙන්!!! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

රිය අනතුරක් සම්බන්ධයෙන් උරණ වී දොනෝදහක් බලා සිටියදී පුද්ගලයෙක් උස්සා පොළොවේ ගසා ඔහුගේ ඇඟ මතට පැන පහරදෙන රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙක් සම්බන්ධයෙන් සමාජයේ දැඩි කථාබහක් ඇති වන්නේ ඉකුත් සතියේදීය. එම පහරදීම සමාජ මාධ්‍ය උපහාසයට ලක්කරන්නට වූයේ පොලීසිය නිරුවත් කරමිනි.
මේ සිදුවීම සමාජයේ දැඩි කථාබහකට ලක්වන්නේ ජංගම දුරකතනයක පටිගතවූ එම දසුන් සමාජ මාධ්‍යට යම් පුද්ගලයෙක් විසින් මුදා හැර තිබීම නිසාය. එසේ නොවන්නට ඒ ගැන මෙතරම් සමාජ කතිකාවක් ගොඩ නැගේවියැයි සිතන්නට බැරිය.

ජනපති යද්දී හිරවුණොත් කුණු බැනුම්

රථවාහන පොලිස් නිලධාරියෙකුගේ එම මල්ලව පොරය සිදුවන්නේ හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේදීය. හයිලෙවල් මාර්ගයේ අධික රථවාහන තදබදයක් ඇති ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇති පන්නිපිටියේ වාහන හැසිරවීමට යෙදවෙන්නේ රථවාහන හැසිරවීම සම්බන්ධයෙන් ප්‍රවීනතා සහතිකයක් හිමි රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකි. මේ කොටස අයත් වන්නේ මහරගම පොලිස් ස්ථානයටය. පන්නිපිටියේ සිට මහරගම දක්වා වූ හයිලෙවල් මාර්ගයේ උදේ හවස රථවාහන තදබදය පාලනය කිරීමේ වගකීම පැවරී ඇත්තේ ද මහරගම පොලිස් ස්ථානයටය. ඒ සදහා ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක් රථවාහන අංශයේ සේවයේ නිරතව සිටින්නේදැයි ඇත්තේ ගැටලුවකි. ඇතැම් පොලිස් නිලධාරීන්ට පැය 12කට වැඩි කාලයක් මහා පාරේ ලගින්නට සිදුව ඇත්තේ එබැවිනි. මහරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන්ට පමණක් නොව, සෙසු නිලධාරීන්ටද දැඩි පීඩාවක් බවට පත්ව ඇත්තේ ජනාධිපති ගෝඪාභය රාජපක්ෂ මහතා උදේ හවස මෙම මාර්ගය ජනාධිපති ලේකම් කාර්යාලයට යාමටත් එහි සිට ඔහු පදිංචිව සිටින නිවසට ගමන් කිරීමටත් යොදා ගන්නා බැවිනි. ජනාධිපතිවරයා ගමන් ගන්නා අවස්ථාවක රථ වාහන තදබදයකට ඔහු හසුවුවහොත් ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් මහරගම පොලීසියේ නිලධාරීන්ට එල්ලවන්නේ කුණු බැණුම්ය.

මහරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ සේවයේ නිරත නිලධාරීන් මෙන්ම සෙසු නිලධාරීන් දෛනික රාජකාරියේ නිරතව සිටින්නේ මෙවන් පීඩනයකට ලක්වය. මේ වන විට කථාබහකට ලක්ව සිටින මහරගම පොලීසියේ මල්ලව පොර ශූරයා මිරිහාන පොලීසියට අනුයුක්තව සිටින නිලධාරියෙකි. මහරගම පොලීසියේ රථවාහන අංශයට ඔහුගේ සේවය ලැබී ඇත්තේ තාවකාලිකවය. ඒ මාස හතරක කාලයක සිටය.

අවුරුදු 30ක් කොස්තාපල් තනතුරේ!!!

එම නිලධාරියා නමින් ස්මයිල් රිෆයිඩීන්ය. වසය අවුරුදු 50 කි. පොලිස් සේවයෙන් විශ්‍රාම යන්නට ඇත්තේ ඔහුට තවත් වසර 05 ක් පමණි. පොලීස් සේවයට එක්ව මේ වන විට ඔහු ගතකරමින් සිටින්නේ 30 වැනි වර්ෂයයි. එහෙත් ඔහු පොලීසියට බැඳී වසර 30ක් ගෙවී ගොස් ඇතත් තවමත් සිටින්නේ කොස්තාපල් තනතුරේය. ඒ පහළම ශ්‍රේණියේ නිලධාරීන්ට ඉහළට යන්නට ඇති අවස්ථාව ඇහිරී ගොස් ඇති බැවිනි. ඉතිහාසයේ පළමු වතාවට මේ වන විට පහළ ශ්‍රේණියේ නිලධාරීන් කණ්ඩායම් උසස් වීම් අපේක්ෂාවෙන් අධීකරණයේ පිහිට පතා ඇත්තේ එබැවිනි.

කොමිස් මොනවත් නෑ

තිදරු පියෙක් වන රිෆයිඩීන්ගේ ගම් පළාත වන්නේ පොළොන්නරුවයි. සියලු දීමනා සහිතව ගත් කල ඔහුගේ මාසික වැටුප රුපියල් 50000කට අඩුය. රථවාහන වැරදි සොයා රියදුරන් අල්ලාගත්තේ යැයි කියා දඩමුදලින් කොටසක් එම නිලධාරීන්ට ලැබෙන්නේ නැත. එහෙත් බොහෝ රියදුරන් සිතන්නේ පොලීසිය දඩ පස්සේ පන්නන්නේ ඒ අයට කොමිස් මුදලක් ලැබෙන නිසා බවටය. කොමිස් මුදලක් ලැබෙන්නේ නම් ඒ බීමත් රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීම් සම්බන්ධයෙන් පමණි. ඒ ලැබෙන්නේද රුපියල් 2500ක මුදලකි. එම මෙහෙයුමේ නිලධාරීන් හතර පස් දෙනෙක් සිටියේ නම් එම මුදල ඒ නිලධාරීන් සියලුදෙනාම අතර බෙදී යනු ඇත. බීමත් රියදුරන් නීතියේ රැහැනට හසුකරගත්තේ යැයි කියාද ලොකු මුදලක් අතට ලැබෙන්නේ නැත. ඇතැම් රථවාහන අංශයේ නිලධාරීන් රියදුරන් සමග අතයට ගනුදෙනු කරන්නේ ඒ නිසා විය හැකිය.

පොලිසි අපායක්: ඉන්න තැනක්වත් නෑ

මහා පාරේ පැය වාහන මැද වාහන හැසිරවීමද එතරම් පහසු නැත. උදේ හවා ඒ නිලදාරීන් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ වාහනවලින් පිටකරන විස දුම්ය. රථවාහන අංශයේ නිලධාරීන්ට වැඩි වශයෙන් ශ්වසන රෝගවලින් පීඩා විඳින්නට සිදුව ඇත්තේ එබැවිනි. මේ නිලධාරීන්ට අව්ව වැස්ස රාජකාරියට අදාළ නැත. හම පිච්චෙන මහා අව්වේ විෂදුම් ආග්‍රාහනය කර පොලිස් ස්ථානයට පැමිණෙන රථවාහන අංශයේ නිලධාරීන්ට දහඩියෙන් තෙත්වූ නිල ඇදුම මදකට ඉවත්කර ඇඟපත ජලයෙන් තෙමාගෙන විදුලි පංකාවක් යට මද වේලාවක් රැඳී සිටීමට තරම් පහසුකමක්වත් පොලිස් ස්ථානවල නැත. අඩුම තරමින් අප්‍රසන්නයෙන් තොරව භාවිතා කරන්නට සුදුසු වැසිකිළියක්වත් ඒ අයට නැත. මහා වැස්සේ රාජකාරියේ නිරතව සිටියත් තත්වය එසේමය. ඊළග රාජකාරියට යායුතු වන්නේ තෙත බරියන් වූ නිල ඇඳුමෙන්මය. රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියේ යථාර්ථය වන්නේ එයයි. පොලීසියේ ලොකු මහත්වරු සිය කාර්යාල කාමර සීත කාමර බවට පත්කර ගනිමින් සැප ගන්නා විට පොඩි නිලධාරියාට අඩුම තරමින් උසස්වීමක්වත් නැති තරම්ය.
වසර 30 ක් තිස්සේ රිෆයිඩීන් වැනි උසස්වීම් නොලැබ සිටින නිලධාරීන් අනන්තවත් පොලීසියේ සිටිති. පොලොන්නරුව වැනි දුරබැහැර ප්‍රදේශයක සිට මහරගම පොලිස් ස්ථානයේ රාජකාරියේ යොදවා සිටින ඔහු තුන්වේලම කන්න බොන්න වියපැහැදම් කළ යුත්තේ අතින්ය. මාසෙකට අඩුම තරමින් රුපියල් 20000 කට එහා කෑම බීම වෙනුවෙන් වැය වනු ඇත. ඒ අනුව දරුවන් තිදෙනාගේ සහ බිරිදගේ සුඛ විහරණය සදහා ඔහුගේ අතෙහි ඉතිරිවන්නේ රුපියල් 30000ක් වැනි මුදලකි. මේ පොලීසියේ ලොක්කන්ට නොපෙනෙන අපේ රටේ පොලිස් පොඩ්ඩන් මුහුණ දෙන සැබෑ කථාවය.

මහරගම සිද්ධියේ ඇත්ත මෙන්න

මෙවැනි පීඩාවකින් රාජකාරියේ නිරතවන රථවාහන අංශයේ නිලදාරීන් සිය දහස් ගණනක් අතර රිෆයිඩීන්ද එක් අයෙක් පමණි. ඔහුට උදේ හවස පැවරී ඇති ප්‍රධාන රාජකාරිය වන්නේ පන්නිපිටිය ප්‍රදේශයේ රථවාහන තදබදය මැඩලීමට පියවර ගැනීමය. එදාත් ඔහු උදෑසන 6.00 සිට රැඳී සිටින්නේ පන්නිපිටියේය. එදා වෙනදාට වඩා රථවාහන තදබදයක් කොට්ටාව දෙසට ඇතිවී තිබුණේය. රිෆයිඩීන්ට තනිවම එය පාලනය කර ගන්නට නොහැකි බව අත්දැකීමෙන්ම දැන සිටි රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මෛත්‍රීපාල පන්නිපිටියට පැමිණ රිෆයිඩීන්ට සහයක් දක්වන්නට වූයේ මාර්ගය මැද දූපත් කොටසේ රැදී සිටිමින් වාහන හසුරුවමිනි. කොට්ටාව දෙස සිට කොළඹ දෙසට මාර්ගයේ දකුණු පැත්තෙන් වේගයෙන් පැමිණි ලොරි රථයක පැති කණ්නාඩිය මෛත්‍රිපාලගේ අතක වැදෙන්නේ ඔය අතරතුරදීය. ඔහු රැඳී සිටි දූපත් කොටස පටු තීරුවක් බැවින් අනපේක්ෂිත ඒ අනතුරින් ඔහු විසිවී මහ මග ඇද වැටුණේය. ඒ අවස්ථාවේදී කොට්ටාව දෙසට වාහන තදබදයක් පැවතීම නිසාම මෛත්‍රීපාලගේ ජීවිතයට අනතුරක් නොවීය. එහෙත් ඔහු තුවාල ලබා යම් අපහසුතාවයකින් සිටි බැවින් වහාම රෝහලක් කරා පිටත්කර යැවීමට රිෆයිඩීන් ඇතුළු මහ මග රැඳී සිටි පිරිස් යුහුසුළුව ක්‍රියා කළේය. මෛත්‍රීපාල අනතුරට ලක්කළ රියදුරා අල්ලාගෙන රිෆයිඩීන් මල්ලව පොර ක්‍රීඩාවේ නිරතවන්නේ අනතුරුවය.

ඇමැතිත් මැදිහත් වෙයි

නුවරඑළියේ සිට කොළඹට එළවළු ප්‍රවාහනය කළ ලොරි රථයක රියදුරා වූ ඔහු කලෙයි මගල්ය. හපුතලේ පදිංචිකරුවෙක් වූ ඔහු තමා අතින් සිදුවූ වරද පිළිගත්තද කිසි විටකත් පොලීසිය ඔහුට පහරදුන් බවට චෝදනාවක් නගන්නට ගියේ නැත. ඒ නිසාම අදාළ වීඩියෝව සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් ඒ ගැන විමර්ශනයක් පවත්වන ලෙස පොලීසියට නියෝග කරන තුරු පොලීසිය සිටියේ නිහඬවය. පොලිස් ලොක්කන් කලබල වන්නේ ඇමතිවරයාගේ එම නියෝගයත් සමගිනි. ඒ වන විටත් රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මෛත්‍රීපාලව අනතුරට ලක්කළ රියදුරු කලෙයි මගල් සිටියේ පොලිස් අත්අඩංගුවේය. පොලිස් පහරදීම ගැන ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නේ ඒත් එක්කමය. එම ප්‍රකාශය පදනම් කර ගනිමින් රිෆයිඩීන්ගේ වැඩ තහනම් කරන්නටත් පසුව ඔහුව අත්අඩංගුවට ගන්නටත් මහරගම පොලීසියේම නිලධාරීන් පියවර ගන්නේ ඇමතිවරයාගේ අණ පරිදිය.

සිද්ධිය වුණේ ෆ්ලොයිඩ් මරපු දිනයේදීමයි

මේ ගැන රිෆයිඩීන් පොලීසියට ලබාදී ඇති ප්‍රකාශයට අනුව සිදුවූයේ කුමක්දැයි ඔහුට හරිහැටි මතකයක් නැත. යාන්තමට මතකයේ ඇත්තේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක්වූ බව පමණි. ඒ අනුව ලොරි රථ රියදුරු කලෙයි මගල්ව උස්සා පොළොවේ ගසා ඔහුගේ ඇඟ මතට පනිද්දී ඔහු සිට ඇත්තේ අවසිහියෙනි. එදා මහ මග රැඳී සිටියවුන් ඔහුව අල්ලා නොගන්නට සිදුවන්නේ කලෙයි මගල් එතැනදීම රිෆයිඩීන් අතින් බරපතළ විනාශයක් වීමය.
රිෆයිඩීන් ඒ කියන කතාව ඇත්තනම් ඔහු එදා ඒ හැසිරී ඇත්තේ පිස්සුවෙනි. ඔහුට සැබෑ ලෙසම ඒ මොහොත් පිස්සු හැදුණි නම් ඊට මුල්වී ඇත්තේ පොලීසියේ දෛනික රාජකාරියේදී සිදුවන දැඩි පීඩනයයි. මේ ආකාරයෙන් පීඩනයට ලක්ව සිටින නිලධාරීන් වෙනුවෙන් මනෝ වෛද්‍ය උපකාර සේවයක් පොලීසිය තුළ නිසි ක්‍රමවේදයකට අනුව සිදුවන්නේ දැයි ඇත්තේ සැබවින්ම ගැටලුවකි. විශේෂයෙන් රථවාහන අංශයේ නිලධාරීන්ට මනෝ වෛද්‍ය උපදේශනය අත්‍යවශ්‍ය සාධකයකි. ඒ මහා මග වැඩිපුරම මහජනයා සමග ගැටෙන්නේ ඒ අය වන බැවිනි. එදා කලෙයි මලගල් රිෆයිඩීන් අතින් මැරුම් කෑවේ නම් එය ඇමරිකාවේ සුදු ජාතික පොලිස් නිලධාරීයෙක් අතින් කළු ජාතික පොලිස් නිලධාරියෙක් ඝාතනය වූ සිදුවීමට සමාන සිදුවීමත් බවට ජාත්‍යන්තරය හමුවේ අපේ රටට කළු පැල්ලමක් එක්වන්නට තිබුණු ඉඩකඩ බොහෝය. රිෆයිඩීන් විසින් කලෙයි මගල්ට පන්නිපිටියේදී මල්ලවර පොර සෙල්ලම් පෙන්වන්නේ මුළු ලෝකයේම අවධානයට ලක්වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් වූ එම ඇමරිකානු කළු ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවු සුදු ජාතික පොලිස් නිලධාරියා වන ඩෙරික්ට එරෙහිව ඇමරිකාවේ නඩු විභාගය ආරම්භවූ මුල්ම දිනයේදී වීමද විශේෂත්වයකි.

මාස 3ට පොලිසියේ 14ක් පාරේ මැරිලා

මෙම සිදුවීම ශ්‍රී ලංකා පොලීසියට එල්ලවූ දැවැන්ත කළු පැල්ලමකි. එය කාලයකට මකන්නට හැකිවේවි යැයි විශ්වාස කළ නොහැකිය. කෙසේ වෙතත් මෙම අනතුරත් සමග පොලීස් නිලධාරීන් කොතරම් පිරිසක් වසරකට මහ මගදී මරුවාට බිලිවන්නේදැයි කියා සංඛ්‍යා දත්ත එළියට ආවේය. පොලිස් රථවාහන මූලස්ථානයේ එම දත්තයන්ට අනුව මෙම වසරේ මුල් මාස තුනේ පමණක් පොලිස් නිලධාරීන් 14 දෙනෙක් මග මරුවාට බිලිවී ඇත. ඒ කාලය තුළ රිය අනතුරුවලින් බරපතළ තුවාල ලැබූ නිලධාරීන් ගණන 22 දෙනෙකි. සුළු තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 74 දෙනෙකි.
2020 වසරේදී මහ මගදී රියඅනතුරුවලින් පොලිස් නිලධාරීන් 39 දෙනෙක් මියගොස් ඇති අතර බරපතළ සහ සුළු තුවාල ලැබූවන් ගණන 394 දෙනෙකි. 2019 වසරේදී මග මරුවාට බිලිවී මිය ගිය පොලිස් නිලධාරීන් ගණන 38 දෙනෙකි. තුවාල ලැබූවන් ගණන 292 දෙදෙනෙකි. සංඛ්‍යා දත්තයන්ට අනුව වැඩිම පොලිස් නිලධාරීන් පිරිසක් මග මරුවාට බිලිවී ඇත්තේ 2018 වසරේදීය. පොලිස් නිලධාරීන් 44 දෙනෙක් එම වසරේදී මියගොස් ඇති අතර තුවාල ලැබූවන් ගණන 321 දෙනෙකි.
මේ ආකාරයට රිය අනතුරුවලින් මිය යන්නේත් තුවාල ලබන්නේත් පොලිස් නිලධාරීන් පමණක් නොව, පොලීසියේම සංඛ්‍යාදත්තයන්ට අනුව දිනකට මහමග අනතුරුවලින් 08 දෙනෙක්වත් මිය යනු ඇත. එම ගණන වසරකට 3000කට ආසන්න අගයක් ගනු ඇත. ඒ අනුව මහ මග අනතුරු පොලීසියට පමණක් සීමාවූවක් නොවේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ සඳහන් කරන්නේ රිය අනතුරුවල යම් වැඩිවීමක් මේ වන විට දක්නට ඇති බවය. අප්‍රේල් මාසයේ සාමාන්‍යයෙන් රිය අනතුරුවල යම් සැලකිය යුතු ඉහළ යාමක් දක්කට ඇති බැවින් ඒ ගැනද වඩාත් සැලකිලිමත් වන ලෙසද අජිත් රෝහණ රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

පස්සර අනතුරේ රහස් හෙළිවෙයි

අපේ රටේ වසරකට 3000 ක් පමණ වූ පිරිසක් රිය අනතුරුවලින් මරුමුවට පත්වූවත් මෑත කාලයේ බිහිසුණු රිය අතුරු වාර්තා වූයේ නම් ඒ ඉතා අල්ප වශයෙනි. එහෙත් පස්සර සිදුවූ රිය අනතුර ගෙවී ගිය දස වසර තුළ මෙරට සිදුවූ භයානකම රිය අනතුර ලෙස සටහන් තැබිය හැකිය. මගීන් 14 දෙනෙකුට මරු කැඳවූ මෙම අනතුර සම්බන්ධයෙන් මෙතෙක් කර ඇති පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ රියදුරාගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට මුල්වී ඇති බවකි. එබැවින් බස් රථයේ රියදුරාට එරෙහිව පොලීසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ සාමන්‍ය රිය අනතුරකට එහා ගිය ඝාතන චෝදනාවක් රියදුරාට එල්ලකරමිනි. ඒ ඔහුට කිසිසේත්ම නීතියෙන් ගැලවිල්ලක් නොවන්නටය.
එසේ මෙම රියදුරා සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාත්මක වන්නේ අනතුර සිදුවන විට ඔහු සතුව වලංගු රියදුරු බලපත්‍රයක් පවා තිබී නැති බැවිනි. ඒ ඔහු එතෙක් බස් රථය ධාවනය කර ඇත්තේ වෙනත් පුද්ගලයෙකුගේ රියදුරු බලපත්‍රයකින් වන බැවිනි. එය ගම්පහ පැත්තේ පුද්ගලයෙකුගේ නමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය විසින් නීත්‍යානුකූලව නිකුත්කර තිබුවකි. මගී ජීවිත 14ක් අහිමිකරමින් තවත් පිරිසක් සදාකාලික ආබාධිතයන් බවට පත්කරමින් ඔහු වසර ගණනාවක්ව බස් රථය ධාවනය කර ඇත්තේ එම රියදුරු බලපත්‍රයෙනි. ඊට අමතරව ඔහු ගම්පොල බෝවල පැත්තේ පුද්ගලයෙකුගේ නමින් ඇති රියදුරු බලපත්‍රයක්ද භාවිතාකර ඇති බවටද තොරතුරු පොලීසිය සතුව ඇත. ඔහු මෙසේ අන් අයගේ රියදුරු බලපත්‍රවලින් බස් රථය ධාවනය කර ඇත්තේ රියදුරු බලපත්‍රයක් නොමැති කම නිසාය. නිසි පරීක්ෂාවකින් තොරව මගී ප්‍රවාහනයට රියදුරු බලපත්‍රයක් නොමැති රියදුරෙකුට භාරදීම සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරුටද ඉදිරියේදී නීතියෙන් ගැලවිල්ලක් නොවනු ඇත. පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇති ආකාරයට අනුව මෙම රියදුරා අපරික්ෂාකාරීව රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් නුගේගොඩ අධිකරණයෙන් වරෙන්තුවක්ද ලබා සිටින්නෙකි.

කොච්චර ඇල්ලුවත් කුඩු හිගයක් නම් නෑ

වරෙන්තුකාර බස් රථ රියදුරෙක් මගී ජීවිත 14 ක් බිලි ගන්නා විට අපේ රටේ තරුණ පරපුර බිලි ගන්නට ජාත්‍යන්තර පොලීසියෙන් රතු වරෙන්තු නිකුත්කර සිටින කොස්ගොඩ සුජී ඩුබායි සිට මෙහෙයවමින් පකිස්තානයේ සිට මෙරටට එවන ලද හෙරොයින් කිලේ 300 ක් සමග පතොරම් 1000ක්ද සමග ගිනි අවි 05 ක් ඉන්දියානු වෙරළආරක්ෂක බලකායේ නිලධාරීන් විසින් අපේ රටේ ධිවර බෝට්ටු තුනක්ද සමග අල්ලා ගන්නේ ඉකුත් 15 වෙනිදාය. ඒ අපේ රටේ ධිවරයින් 12 දෙනෙක්ද සමගිනි. මෙම බෝට්ටු තුන සමග ධිවරයින් 12 දෙනා ඉන්දියානු මධ්‍යම මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදීමෙන් අනතුරුව කෙරෙණු විමර්ශනයේදී හෙළිවී ඇත්තේ මෙම මත්කුඩු ජාවාරමට සම්බන්ධකම් ඇත්තේ එක් ධීවර යාත්‍රාවක් පමණක් බවය. එම යාත්‍රාවෙහි සිටි ධිවරයින් 6 දෙනා අත්අඩංගුවට ගන්නේ සෙසු ධිවර යාත්‍රා සමග ධිවරයින් නිදහස් කරමිනි. එසේ ඉන්දියානු අත්අඩංගුවට පත්වන මෙරට ධිවර යාත්‍රාව වන්නේ රවි හංසිය. ඒ බව ඉකුත් සතියේ ඉන්දියානු මාධ්‍ය වාර්තාකර තිබෙන්නේ ගිනි අවි සහ මත්කුඩු තොගයේ ඡායාරූපද සමගිනි.

මේ වන විට ඉන්දියානු වෙරළආරක්ෂක බළකාය සහ ඉන්දියානු මධ්‍යම මත්ද්‍රව්‍ය කාර්යාංශ විසින් ඉන්දියානු සාගරයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමට වැට බැඳීමට දැවැන්ත මෙහෙයුම් දියත්කර හමාරය. ඒ අනුව පසුගිය මාස තුනක කාලය තුළ පමණක් පකිස්තානයත් ශ්‍රී ලංකාවත් අතර මත්කුඩු ජාවාරමට සම්බන්ධ වූ ධිවර යාත්‍රා පමණක් 10ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ජාවාරමට සම්බන්ධ මෙරට ධීවරයන් 30කට ආසන්න පිරිසක් සමගිනි. එහිදී ඔවුන්ගේ ධීවර යාත්‍රා තුළ සගවාගෙන මෙරටට රැගෙන එමින් තිබූ හොරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝ 1000ට වැඩි ප්‍රමාණයක්ද සොයාගෙන තිබීම විශේෂත්වයකි. එම මත්කුඩු ජාවාරමේ ඉහළ පුරුක් සිටින්නේ ඩුබායිවලය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

කොටුව කණපිට පෙරළයි: විදේශ අමාත්‍යංශය-පොලිස් මූලස්ථානය ඉවතට: විසුම්පායට-ශ්‍රාවස්තියට වෙන්න යන දේ

Next Post

පාස්කු ප්‍රහාරකයන්ට නීතියෙන් දඩුවම් දෙනවා: ජනපතිගේ පාස්කු පණිවුඩයෙන් ප්‍රතිඥාවක්

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.