යාපනය විශ්ව විද්‍යාලයේ සිදුවීම සම්බන්ධයෙන් තමා කනගාටු වන බව එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය අහමඩ් සාමිවරයා පවසා ඇත.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එක්සත් රාජධානියේ විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අතීතයේ තුවාල සුව කිරීමට සහ ලංකාවේ ගැටුමට ගොදුරු වූ සියලු දෙනා මතක තබා ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දීම වැදගත් බවය.
මේ අතර යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති එස් ශ්‍රීසත්ගුණරාජා පැවසුවේ එය නීති විරෝධී බැවින් එය ඉවත් කිරීමට නියෝග කළ බවයි.
“ඒ වන විටත් සරසවියේ යුද ස්මාරකයක් තිබුණා නමුත් මෙම නව ස්මාරකය යුද්ධය නිමවී 10 වසරක් ගෙවීම නිමිත්තෙන් මෑතකදී ඉදිකරන ලද්දදක්. එය කර ඇත්තේ බලධාරීන්ගේ අවසරයකින් තොරවයි’ යනුවෙන් හෙතෙම සදහන් කොට ඇත.
මෙවැනි අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙස රජයෙන් නියෝග ලැබී ඇති බව ශ්‍රීසාත්කුනරාජා මහතා පැවසීය.










