රැඳවුම් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඩ් බදුර්දීන් මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් වළකින ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ඊයේ (04) අදාළ බලධාරීන්ට දැනුම් දී ඇත.
දින 90ක් රැඳවුම් භාරයේ පසුවන බදුර්දීන් මහතා පාර්ලිමේන්තු සභාවාරවලට ගෙන ඒම තහනම් කරමින් තමා නියෝගයක් නිකුත් කළේ ජාතික ආරක්‍ෂාව පතා බව ද වීරසේකර මහතා සඳහන් කොට තිබේ.
කෙසේවෙතත් පසුගිය අගහරුවාදා පැවැති පක්ෂ නායක රැස්වීමේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කර සිටියේ රිෂාඩ් බදුර්දීන් මහතා පාර්ලිමේන්තුවට රැගෙන ඒමට තමන් උපදෙස් ලබා දෙන බවකි.










