ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වීමට ප්‍රථම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා පොහොට්ටුවේ න්‍යායාචාර්ය බැසිල් රාජපක්ෂ මහතා අතර පැය එකහමාරක රහසිගත සාකච්ජාවක් පැවැත්වී තිබේ.
ඊයේ (30) සවස්වරුවේ ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී මෙම හමුව පැවැත්වී ඇති අතර එහිදී නැවත වතාවක් පොහොට්ටුව සමග සන්ධානගත වන ලෙස බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
නමුත් ගෝඨාභයට සහාය දීම සම්බන්ධයෙන් ගැටලුවක් නැතත් පොහොට්ටුවට ලකුණ සම්බන්ධයෙන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අතර බරපතළ විරෝධයක් මතුව ඇති බව ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා සලකුණ වෙනස් කරගන්නේ නම් සන්ධානගත විය හැකි බවද පෙන්වා දී තිබේ.
නමුත් ඒ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා අවසන් තීන්දුවක් ප්‍රකාශ කර නොමැති බව දැනගන්නට ඇත.