• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල් පොහොට්ටුව හැදුවෙ නැත්නම්…? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

April 24, 2021
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
බැසිල් පොහොට්ටුව හැදුවෙ නැත්නම්…? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

2019 ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු කවුරුත් නොඅසන ප්‍රශ්නයක් තිබේ. ඒ බැසිල් පොදුජන පෙරමුණ නැතිනම් පොහොට්ටුව හැදුවෙ නැතිනම් මොකද වෙන්නෙ කියන එකය. මේ වෙනකොට ආණ්ඩුව ඇතුළේ සිද්ධ වෙන දේවල් දිහා බලන විට බොහෝ දෙනෙක් මේ ප්‍රශ්නය ගැන නැවත හිතන්න කැමැති නැතුවාට සැකයක් නැත. හැබැයි ඒ ප්‍රශ්නයට උත්තර හොයන්න මේ හොඳම වෙලාවය.

බැසිල් පොහොට්ටුව හැදුවේ නැත්නම් ඒකාබද්ධ විපක්ෂයට දේශපාලන පක්ෂයක් හිමිවන්නේ නැත. එහෙම වුණා නම් සිද්ධ වෙන්නේ එදා තිබූ ඒකාබද්ධ විපක්ෂයට මෛත්‍රිගේ නායකත්වයෙන් යුත් ශ්‍රීලනිපයේ සාමාජිකයෙක් වෙලා ඉන්නටය. එහෙම නම් බැසිල්ට එරෙහිව අද අවි අමෝරාගෙන කෑගහන විමල්, උදය, වාසු ඇතුළු අනෙකුත් සන්ධාන නායකයන්ට වෙන්නේත් මෛත්‍රිගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂයක් විදිහට නැට්ටේ එල්ලී සිටින්නටය.

බැසිල් පොහොට්ටුව බිහි නොකළා නම් 2019 ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ වෙන කවුරුවත් නොව මෛත්‍රිය. එහෙම වුණා නම් ඒකාබද්ධ විපක්ෂයටයි, හවුල්කාර පක්ෂවලටයි වෙන්නේ එක්කෝ ජනාධිපතිවරණයේදී මෛත්‍රිට සහාය දෙන්නටය. නැත්නම් වෙන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නටය.

මේ අය වෙන අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා නම් කවදාවත් 2019 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න ලැබෙන්නේ නැත. අනෙක මෛත්‍රි ඉදිරිපත් වුණා නම් මෛත්‍රිටත් දිනන්න බැරිය. එහෙම නම් අද ජනාධිපති පුටුවේ ඉන්නේ එජාප ජනාධිපතිවරයෙකි.

මෛත්‍රි ශ්‍රීලනිප, එජනිස නායකයා වීමෙන් පසු නිතරම කියපු කතාවක් වූයේ මගේ පක්ෂයේ ජාතිවාදීන්ට ඉඩක් නෑ කියන එකය. ඒ කාලයේ මෛත්‍රි ඇතුළු ශ්‍රීලනිප ප්‍රබලයන් නිතරම කීවේ ජාතිවාදීන් වෙච්ච විමල්ටයි, උදයටයි ශ්‍රීලනිපයෙන් නාමයෝජනා දෙන්නේ නැතැයි කියාය.

එහෙම වුණා නම් ශ්‍රීලනිප නාමයෝජනා අහිමිව වෙනම ඉල්ලන්නට ගොස් විමල්ලා, උදයලා ඇතුළු හවුල්කාර පක්ෂවල කිසිවකුටත් පාර්ලිමේන්තුවේ පැත්ත පළාතේ පස් පාගන්න ලැබෙන්නේ නැත.

2015 මහ ඡන්දෙදි මෛත්‍රි පක්ෂ නායකයා ලෙසට කටයුතු කළ ආකාරය මේ සුළු පක්ෂ හොඳින් දුටුවේය. එදා ඒකාබද්ධ විපක්ෂය සාකච්ඡා කොට ශ්‍රීලනිපයට යැවූ ජාතික ලැයිස්තුව පවා මෛත්‍රි කුණු කූඩයට දැම්මේය. එසේ කොට තමන්ට අවැසි ජාතික ලැයිස්තුවක් නම් කිරීමට මෛත්‍රි පියවර ගත්තේය.

හැබැයි බැසිල් පොහොට්ටුව පිහිටුවා එහෙම කළේ නැත. බැසිල් නාමයෝජනා දෙද්දී හවුල්කාර සියලුම පක්ෂවලට හැකි ශක්ති ප්‍රමාණයෙන් නාමයෝජනා ලබාදුන්නේය. ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රි ආසන ලබාදුන්නේය. බැසිල් නැතිව මේ අය මෛත්‍රි එක්ක ගනුදෙනු කළා නම් කීයටවත් මේ විදිහට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න ලැබෙන්නේ නැත.

ඒ අනුව බැසිල් හැමෝම එපා කියද්දී මේ සුළු පක්ෂවලට සලකපු ආකාරය මෙච්චර ඉක්මණින් මේ අය අමතක කරයි කියා බැසිල්වත් හීනෙකින් හෝ හිතන්නට නැතුව ඇත.

හැබැයි බැසිල් යනු දේශපාලනයේ දුර දකිනා කෙනෙකි. බැසිල්ගේ අනුගාමිකයකු වන පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ විජේදාසට නාමයෝජනා දෙද්දී බැසිල් විරුද්ධ වූවා යැයි කියා කියන්නේ ඒ නිසාය.

කොහොම වුණත් බැසිල් අමාරුවෙන් අලුත් පක්ෂයක් හදා අලුත් ආණ්ඩුවක් හැදුවාට පස්සෙ කරදරකාරී මන්ත්‍රිවරුන් ගැන කිසියම් චිත්‍රයක් ඔළුවේ තියෙන්නට ඇත. එහෙම වුණත් බැසිල් ඒ හැමෝටම නාමයෝජනා දුන්නේය. ඡන්දය දිනා පාර්ලිමේන්තු පැමිණ ආපහු හැරිල මේ විදිහට ගහයි කියල දැන දැනත් නාමයෝජනා දුන්නේය. හැබැයි දැන් බැසිල්ට ඒ කළ වැරැද්දේ තරම තේරෙනවාට සැක නැත.

ආණ්ඩුවක් හදන්නේ ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න හදාගන්නට නොව රට ආණ්ඩු කරන්නටය. එහෙම රට ආණ්ඩු කරන්න ආණ්ඩුවේ වැඩ ගැන අවබෝධයක් තියෙන, එක ප්‍රතිපත්තියක ගමන් ගන්නා, එකට හිතන ටීම් එකක් සිටිය යුතුය.
ජේ.ආර්.ට මේ ටීම් එක සිටියේය.

ඒ නිසා ජේ.ආර්.ගේ කාලේ ආර්ථිකය පණගහලා නැඟිට්ටේය.

ප්‍රේමදාසට මේ ටීම් එක සිටියේය.

ඒ නිසා ප්‍රේමදාසගේ කාලෙත් රටේ ආර්ථිකය පිම්මේ ඉදිරියට ගියේය.

චන්ද්‍රිකාට මේ ටීම් එක සිටියේය.

චන්ද්‍රිකාගේ කාලෙත් ආර්ථික අතින් ලොකු අහේනියක් තිබ්බේ නැත.

හැබැයි කොපමණ බලයක් ලැබුණත් මහින්දටවත්, වෙන කාටවත් එහෙම ටීම් එකක් ලැබුණේ නැත. සියලු දෙනාටම නාමයෝජනා ලබාදී බැසිල් සිතන්නට ඇත්තේ ඒ විදිහට එකට හිතලා වැඩ කරන කණ්ඩායමක් ගෝඨාටත්, මහින්දටත් හදාදීමට විය යුතුය. කළගුණ සලකන්න ගිහින් අද ඒ ටීම් එක ගෝඨාටයි, මහින්දටයි ගහන්න පටන් අරන් තියෙන හැටි දැක්කම අපරාදේ මම මේ අයට නාමයෝජනා දුන්නේ කියලා සුසිල්ට හිතුනෙ නැත්නම් පුදුමය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

අවුරුදු 18ක වත්තල තරුණියක් කොරෝනාවෙන් මරුට!

Next Post

සුදර්ශනීට දේශපාලනය එපාවෙයි! ගෙදර යන්න සූදානම්!! (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.