ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යවා ඇති බව වාර්තා වේ.
අද (30) දිනයේදී මෙම ලිපිය යොමු කර ඇති බවද දැනගන්නට තිබේ.
විශේෂ නිවැරදි කිරීමයි
අප මීට පෙර මෙම පුවත පළ කළේ ජනාධිපතිවරයාගෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇති බවකි.
නමුත් එම පුවත ජනාධිපතිවරයා විසින් එම ලිපිය පාර්ලිමේන්තුවේ හිටපු විපක්ෂ නායකවරයා වෙත යොමු කොට ඇති බවට නිවැරදි විය යුතුය.
ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයාට යම් අපහසුතාවක් වූයේ නම් කනගාටුව ප්‍රකාශ කර සිටිමු.











