• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

පාකිස්තානය ගිනිගනී

April 30, 2021
in News, Politics, Uncategorized
Reading Time: 7 mins read
A A
පාකිස්තානය ගිනිගනී
Share on WhatsAppShare on Facebook

පාකිස්තානයේ අගනුවර ඉස්ලාමාබාද් නගරය පසුගිය සිකුරා දාවන විට ගිනිගෙන තිබිණි. එරට අගමැති ඉම්රාන් ඛාන්ගේ හිසද ඒ ගිනි දලුවලින් දැවිණි.

ඊට හේතුව පාකිස්තානයේ ප්‍රධාන දේශපාලන පක්‍ෂය වන ටෙහ්රික්-ඊ-ලබ්බෛක් පක්‍ෂයේ ආධාරකරුවන් දහස් ගණනින් වීදි බැස රජයටත් පාලනය කළ නොහැකි අන්දමින් කලහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගෙන ඇති බැවිණි
ඔවුනගේ කුපිතවීම ප්‍රංශයට එරෙහිවය

ප්‍රංශ තානාපති මාක් බෙයාටි වහාම පාකිස්තානයෙන් පිටමං කිරීම අන්තවාදී ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වූවේය. මේ නිසා එරට වෙසෙන සමස්ත ප්‍රංශ ජාතික ප්‍රජාවටම ජීවිතාරක්‍ෂාව වෙනුවෙන් පාකිස්තානය හැරදමා වහාම රටින් පිටවන ලෙසට ප්‍රංශ තානාපති ඉල්ලා සිටියේය.

ප්‍රචණ්ඩත්වය පැතිරීම වැළැක්වීම සඳහා පාකිස්තානය විසින් පසුගිය සිකුරාදා සමාජ මාධ්‍ය ජාලාද පැය ගණනාවකට අවහිර කරනු ලැබිණි. තම රටේ දේශීය අන්තවාදීන් පිරිසක් කලහකාරී ලෙසින් වෙනත් රටකට (ප්‍රංශයට) එරෙහිව නැඟී සිටිද්දී ආණ්ඩුව ඒ ගැන නොතකා මුනිවත රැකීමෙන් ජාත්‍යන්තරයෙන් අත්වන අපකීර්තියෙන් මිදීමට පාකිස්තානය කටයුතු කිරීම නිසා කුපිත වූවෝ වීදි බැස උද්ඝෝෂණ කරන්නට වූහ.

“උණු හින්දා බොන්නත් බැරි කිරි හින්දා අහක දාන්නත් බැරි තත්ත්වයකට පත් අගමැති ඉම්රාන් ඛාන් තීරණය කළේ තමා බලයට පත් කළ පක්‍ෂය තහනම් කිරීමය. ඒ අනුව එරට පවත්නා ත්‍රස්තවාදය වැළැක්වීමේ නීිතිය යටතේ ටෙහ්රික්-ඊ-ලබ්බෛක් පක්‍ෂය තහනම් කරන ලද බව එරට අභ්‍යන්තර ඇමැති ෂෙයික් රෂීඩ් අහමඩ් විසින් නිවේදනය කරනු ලැබිණු අතර පක්‍ෂ නායක “සාද් රිස්වි” ද අනතුරුව අත්අඩංගුවට ගැනිණි. “සාද් රිස්වි” අත්අඩංගුවට පත් වූයේ ප්‍රංශ තානාපති වහාම පිටමං කළ යුතු බව ප්‍රකාශ කිරීමත් සමගය.

ඔහුගේ පක්‍ෂයේ මුඛ්‍ය පාඨය ඉස්ලාම් ආගමට හෝ දෙවියන්ට හෝ එරෙහිව යම් ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් කරන්නෙකුට අවම දඬුවම මරණය බවයි. ටෙහ්රික්-ඊ-ලබ්බෛක් මුලින්ම ආරම්භ කෙරුණේ දෙදහස් එකොළහේදී (2011) දේශපාලන පක්‍ෂයක් වශයෙන් නොව දේශපාලන සංවිධානයක් වශයෙන් බව පැරිසියේ විශේෂඥයින්ගේ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ සහ ඉන්දීය කලාපයේ දේශපාලන ගමන්මග පිළිබඳ විශේෂඥයකු වන ජීන් ලුක් රේසින් කියයි.

ටෙහ්රික්-ඊ-ලබ්බෛක් පක්‍ෂයේ ගමන් මග ගැන ඔහු මෙසේද විස්තර කෙළේය.

එවකට (2011) පංජාබ් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාරයා වූ ඔහුගේම ආරක්‍ෂකයකු අත්අඩංගුවෙන් මුදාගැනීම සඳහා ආරම්භ කෙරුණු ප්‍රජා සංවිධානය “ටෙහ්රික්-ඊ-ලබ්බෛක්”ය. එම සංවිධානය දේශපාලන පක්‍ෂයක් බවට හරවා ගත්තේ දෙදහස් පහළොවේදී (2015) ඒ සඳහා මූලිකව කටයුතු කළ “කාඩිම් හුසේම් රිස්වි” පක්‍ෂයේ ආරම්භක ප්‍රාධානියායි. දැන් සිටින පක්‍ෂ නායක “සාද් රිස්වි” ඔහුගේ පුතා.
ප්‍රංශය, ටෙහ්රික්-ඊ-ලබ්බෛක් පක්‍ෂයේ මාරාත්මක ඉලක්කයක් බවට පත් වුයේ දෙදහස් විස්සෙ සැප්තැම්බර් “චාලිහෙබ්ඩෝ” කියන නඩු විභාගයත් සමගයි.

ප්‍රංශයට එරෙහි පළමු ප්‍රහාරය එල්ල වුණේ දෙදහස් පහළොවේදි (2015)මාධ්‍ය ආයතනයක ඇතිවූ සිද්ධියකින්. ඒ සිද්ධියේදි ප්‍රංශ ජාතිකයන් fදාළොස් දෙනකු (12) ඉතා අමානුෂික අන්දමින් ඝාතනය කෙරුණා.
එදා සිට මේ දක්වා ප්‍රංශ ජාතිකයින් දෙසිය පනස් දෙනකුට (250) වඩා ඝාතනය කෙරී තියෙනවා. තුවාල ලද සංඛ්‍යාවද සුළුපටු නෑ.
ඒ නඩු විභාගය ආරම්භ වුවායින් පස්සෙ දෙදහස් විස්සෙ ඔක්තෝබර් දාසය වැනිදා (2020.10.16) සැමුවෙල් පැටී කියන ගුරුවරයා ඉස්ලාමික අන්තවාදී සන්නද්ධ කල්ලිය විසින් ගෙල කපා මරා දැමීමෙන් පසුව සමස්ත ප්‍රංශයම භීතියෙන් දෙදරුම් කෑවා.
මහමත්තුමාගේ කාටූන් එකක් සම්බන්ධව ඒ ගුරුවරයා තම පංතියේ සිසුනට කළ ප්‍රකාශයක් නිසා ඝාතනය කෙරුණු බව ප්‍රකාශ වුණා. ඔහු පවසා තුබුණේ භාෂණ නිදහස යටතේ එවැන්නක් කළ හැකි බවයි. කිසියම් සිසුවකු එවැනි කාටූන් එකක් දැකීමට අකමැතිනම් එවැන්නක් නොබලා සිටීමේ අයිතිය ඔහුට ඇති බවද සැමුවෙල් පැටී සිසුනට පහදාදී තිබේ.
ඒ ඝාතනයෙන් පසුව ප්‍රංශ ජනාධිපති “එමානුවෙල් මාකෝන්” සපථ කළේ තමා කිසිදු අන්දමකින් මාධ්‍ය නිදහසට හරස් නොවන බවයි.

ගුරුවරයාගේ ඝාතනය ප්‍රංශ රජයේ මාධ්‍ය නිදහසේ ස්වාධීනත්වයේ උතුම් ගුණාංගයක් බව පැහැදිලි වන්නක් බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා “සැමුවෙල් පැටී” නමැති ගුරුවරයා වීරයකු බවද ප්‍රකාශ කළා.
මේ සිද්ධි මාලාව “පුපුරන ද්‍රව්‍ය ගබඩාවක සේවා නූලට ගිනි තැබුවාක්” වාගෙ වුණා.

ඊට පස්සෙ ඉස්ලාමීය රටවල ප්‍රජාව “ප්‍රංශ ජනාධිපතිවරයාට” එරෙහිව වීදි බැස කලහකාරී ලෙස හැසිරෙන්නට වූහ. උද්ඝෝෂණ කළා. “එමානුවෙල් මාකොන්” ජනාධිපති ගේ රුවට සදිසි “පඹයන්” සහ ප්‍රංශ “කොඩි ධජ” පුළුස්සන්නට වූහ.

ජාත්‍යන්තරයේ ඇවිළෙන ගින්නට ටෙහ්රික්-ඊ-ලබ්බෛක් ආධාරකරුවෝ තව තවත් පිදුරු දමන්නට පටන් ගත්තා.
ප්‍රංශ තානාපති මාක් බෙරාටි රටින් නෙරපා දමන ලෙසටත් ප්‍රංශය සමග සියලු රාජ්‍යතාන්ත්‍රික සබඳතා නවත්වා දමන ලෙසටත් එම ආධාරකරුවන් ආණ්ඩුවට බලකළේ ඔන්න ඔය අවස්ථාවේදී. ඊට විසඳුමක් ලෙසට පාකිස්තාන් ආණ්ඩුව ගෝරිකාරයින් සමග සන්ධානයකට ආවා.

ප්‍රංශ නිෂ්පාදන ආනයනය සම්පූර්ණයෙන්ම නවත්වන බවටත් ප්‍රංශ තානාපති “එමානුවෙල් මාකොන්”ගෙදරම යැවීමට පනතක් අප්‍රේල් විසි වැනිදා (20) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරෙන බවටත් වන කොන්දේසිවලට එමගින් දෙපාර්ශ්වයම එකඟ වුණා.

තීරණාත්මක දිනය වූ විසිවැනි දින (20) ආසන්න වෙමින් තිබියදී අප්‍රේල් දොළොස් වැනිදා (12) පක්‍ෂ නායක“සාද් රිස්වි” ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒක හිතූ තරම් ලෙහෙසි පහසු කාර්යයක් වුණේ නෑ. පොලීසිය සමග “ලබ්බෛක්” ආධාරකරුවන් ගැටුණා. පොලිස් නිලධාරීන් දෙනෙක් ජීවිතක්‍ෂයට පත් වුණා. තුන්සිය හතළිහකට (340) ආසන්න පිරිසක් තුවාල ලැබුවා.

කවර අන්දමේ ක්‍රියාකාරකම් කළත් ටෙහ්රික්-ඊ-ලබ්බෛක් පක්‍ෂයට ඇති මහජන ප්‍රසාදය නම් හොඳටෝම අඩුයි. එය ඔප්පු වෙන්නේ මැතිවරණවලදී ලබන චන්ද ප්‍රමාණය අනුවයි.

දෙදහස් දහඅටේ (2018) පැවැති මැතිවරණයේ දී “ලබ්බෛක්” පක්‍ෂය ගත්තේ ඡන්ද විසි ලක්‍ෂයක් (20,00,000) විතරයි. එහෙත් ඒ අස්ථාවේ ජන ප්‍රමාණය දෙකෝටි දස ලක්‍ෂයකට (2,10,00,000) වැඩියි”.

ඔය කරුණු එසේ විස්තර කළ පැරිසියේ විශේෂඥයින්ගේ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ සහ ඉන්දීය කලාපයේ දේශපාලන ගමන්මග පිළිබඳ විශේෂඥ “ජීන් ලුක් රේසින්” වැඩිදුරටත් පැවසුවේ “ලබ්බෛක්ලට ආයුධ බලෙන් මිනිසුන් වීදි බස්සවා පාරවල් වසා ගෙන දවස් ගණන් ඉන්න පුළුවන්. ඒත් ඒ අයට ඊට වඩා ශක්තියක් නැති බවයි” යන්නය.

මැතිවරණ අපේක්‍ෂකයින් දිවුරුම්දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙදහස් දහහතේදී (2017) ටෙහ්රික්-ඊ-ලබ්බෛක් පක්‍ෂ නායකත්වයෙන් පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හිදී උද්ඝෝෂණයක් පැවැත්විණි. එය ලේඛනයේදී සිදුවූ ප්‍රමාද දෝෂයක් බව ආණ්ඩුව ප්‍රකාශ කළද උද්ඝෝෂණය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරිණි. එහි අවසාන ප්‍රතිඵලය වූයේ පොලීසිය හා ඇතිවූ ගැටුමෙන් හය (6) දෙනකු මියගොස් දෙසියයකට (200) වැඩි පිරිසකට තුවාල සිදුවීමය. එමතුද නොව උද්ඝෝෂකයන්ගේ ඉල්ලීමට අනුව අභ්‍යන්තර ඇමැතිවරයාට තනතුරෙන් ඉල්ලා අස්වීමටද සිදුවූවේය.

කිතුනු සුළුතරයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ආගම් විරෝධී ප්‍රකාශයක් කළ බව කියන චෝදනාවක් යටතේ දෙදහස් දහය (2010) වසරේදී අත්අඩංගුවට පත් වූවාය. ඇය මරණීය දණ්ඩනයට යටත්ව නියමිත දිනය එළඹෙන තුරු වසර අටක්ම බන්ධනාගාරව ගතව සිටියදී සියලු චෝදනාවලින් නිදහස්ව දෙදහස් දහඅටේ (2018) දී නිදහස් කරනු ලැබුවාය.
එහෙත් එම තීන්දුවට එරෙහිව ටෙහ්රික්-ඊ-ලබ්බෛක් ආධාරකරුවෝ උද්ඝෝෂණය කරමින් ඇයට මරණ දඬුවම පමුණුවට ලෙසට ආණ්ඩුවට බල කළහ. මේ ක්‍රියාවලිය නිසා “ලබ්බෛක් පක්‍ෂය” සමස්ත ජාත්‍යන්තරයේම අපකීර්තියට පත්වුවේය.

ජීන් ලුක් රේසින් පවසන අන්දමට මේ පක්‍ෂය වැඩකරන ප්‍රජාව අතර සිටින තරුණ පිරිස අතර ජනප්‍රිය වූවක් මිස සමස්ත ප්‍රජාවගේම සිත් ගත්තක් නොවේ. අනෙක් අතට එය පාකිස්තානයේ පවත්නා ඉස්ලාමීය ආගමික ප්‍රතිපත්ති මත පිහිටා ස්ථාපනය වූවක් පමණක් නොව පාකිස්තානු සමාජ ආර්ථිකමය ගුණාංගවලින්ද බැහැරව පවත්නා එකකි.

ජීන් ලුක් රේසින්ගේ මතය අනුව පාකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන්ගේ ආණ්ඩුවට පවා මේ “ලබ්බන්ට” එරෙහිව කට යුතු කළ නොහැකිය. මන්ද ඔවුන් සමාජ ස්ථරයේ විශාල ප්‍රදේශයක් ග්‍රහණය කරගෙන ඇති හෙයිනි.

පාකිස්තාන මාධ්‍යවේදියකු වන ඒ හා සමානම ප්‍රකාශයක් එරට (පකිස්තානයේ) පළ කෙරෙන ඉංග්‍රීසි පුවත්පතක් වන “ඩෝන්” පුවත් පත්‍රයෙහි පසුගියදා පළකර තිබිණි. “අපේ රටේ ආණ්ඩුවට පුළුවන්නෙ මේ අර්බුදය ටික දවසකට කල් දාන්න විතරයි. දැන් සිදුවෙන්නෙ නොවැළැක්විය හැකි දෙයක්. ආණ්ඩුව මේ කලහකාරී අන්තවාදීන් ඉදිරියේ දෙකට නැමුණා කියන එකේ අවසානය ගැන හිතන්න තියෙන්නෙ ආණ්ඩුව මේ ආගමික අන්තවාදීන් ඉදිරියේ කොයි තරම් පහත් තත්ත්වෙට බැහැල බැගෑපත්වෙයිද? කියන එකයි. “පාකිස්තාන ආණ්ඩුව තමන්ගෙ ගමන් මාර්ගය වෙනස් කරල ඇයි ටෙහ්රික්-ඊ-ලබ්බෛක් පක්‍ෂය තහනම් කළේ” මේ තවත් පිරිසක් විසින් නගනු ලබන ප්‍රශ්නයකි. “ඒ පක්‍ෂය තහනම් කිරීමෙන් පමණක් මේ සියලු දෝෂ දුරුභංග වී නැතිවී ගිය ජාත්‍යන්තරයේ කීර්තිය යළි පාකිස්තානයට අත්කර ගත හැකි යැයි සිතීමක්ද? නැතහොත් ත්‍රස්තවාදීන්ට මූල්‍ය පහසුකම් සලසතැයි කියන චෝදනාවෙන් ගැලවීමට හේතුවක් කර ගැනීමක්ද?” යන්න ජීන් ලුක් රේසින්ගේ මතයයි. එසේම රේසින් පවසන්නේ “පාකිස්තානයේ ක්‍රියාත්මක තලෛබාන් ඇතුළු සෙසු සන්නද්ධ අන්තවාදී කල්ලි සමග පෑහී ටෙහ්රික්-ඊ-ලබ්බෛක් පක්‍ෂය කටයුතු කරන බව තහවුරු කිරීමට තරම් සාක්‍ෂි නැති බවයි. පාකිස්තානයේ රාජ්‍ය තාන්ත්‍රික :ෘසචකදප්එසජ මට්ටමේ නිලධාරියකු ප්‍රංශ පුවත් පතකට :ඛැ ත්‍සට්රද* පවසා තිබුණේ “පාකිස්තානය පෙර පරිද්දෙන්ම ප්‍රංශය සමග සබඳතා පවත්වා ගෙන යාමේ දැඩි අවශ්‍යතාවකින් සිටින බවයි”.

එසේම පාකිස්තානයේ අභ්‍යන්තර ඇමති ෂෙයික් රෂීඩ් අහමඩ් පසුගියදා ප්‍රසිද්දියේම ප්‍රකාශ කළේ “ටෙහ්රික්-ඊ-ලබ්බෛක්” පාක්‍ෂිකයන්ගේ ක්‍රියාකාරකම් නිසා තම රටේ කීර්තිය කෙළෙසී” ඇති බවයි.

“පක්‍ෂ තහනම වැඩකට ඇති දෙයක් නොවේ” යන්න ජීන් ලුක් රේසින්ගේ මතයයි.

“මෙවැනි සිද්ධි මීට පෙරත් අනන්තවත් සිදුව තිබෙනවා. තහනම් කෙරුණු සංවිධානය හෝ පක්‍ෂය ටික දිනකින්ම වෙනත් නමකින් වචන හුවමාරු කෙරුණු අරමුණුවලින් යළිත් මතු වෙනවා, එච්චරයි” ඔහු වැඩිදුරටත් සඳහන් කෙළේය.
තත්ත්වය මෙසේ පවතිද්දී කලහකාරී උද්ඝෝෂණ සිකුරාදා සිට පහව ගිය සෙයක් දක්නට ඇත.

ඒ සම්බන්ධයෙන් රේසින් පැවසුවේ නායකත්වයක් හෝ ආයතනික ක්‍රියාදාමයක් හෝ රහිතව “ටෙහ්රික්-ඊ-ලබ්බෛක්” පාක්‍ෂිකයන්ගේ ක්‍රියාකාරකම් කෙසේ වෙත්දැයි යන්න විමර්ශනාත්මකව අධ්‍යයනය කළයුතු බවය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

රිෂාඩ්ට කේරල ලෙඩක් වැටෙයි

Next Post

දිස්ත්‍රික්ක 2ක ගම් 16ක් ලොක්ඩවුන්! ඔක්කොම 49යි!!

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.