කොරෝනා මර්දන එන්නත වෛද්‍යවරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ප්‍රධාන කොට ලබාදීම සිදුවෙමින් පවතින බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති රවී කුමුදේශ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව පෙන්වා දෙයි.
කොරෝනා එන්නත් ලබා දීමේ අවදානම් කාණ්ඩ ප‍්‍රමුඛතාවය අනුව වෛද්‍යවරුන්ගේ පවුලේ සාමාජිකයන්ට පෙර එන්නත ලබාගත යුතු සෞඛ්‍ය කාර්යමණ්ඩල පිරිස් සිටින බවද ඔහු එමඟින් පෙන්වා දෙයි.
සෞඛ්‍ය සේවයේ අවදානමට ලක්ව සිටින අනෙකුත් සාමාජිකයන් නොසලකා හරිමින් මෙම කටයුතු සිදුකිරීම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ද දැඩි විවේචනයට ලක් කරයි.
කිසියම් වෘත්තියකට පමණක් විශේෂ සැලකිල්ලක් දක්වමින් වරප්‍රසාදයක් සේ එන්නත භාවිතා කළහොත් නැවත ඒ මොහොතේ සිට සියලුම සෞඛ්‍ය කාර්යය සමග එක්ව සේවාවෙන් ඉවත් වීමේ ක්‍රියා මාර්ගයක් ආරම්භ කරන බව ද රවි කුමුදේශ් මහතා සදහන් කරයි.
මීට අමතරව සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයද පෙන්වා දෙන්නේ මීට විරෝධය පා හෙට දින සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට එළඹීමට තීන්දු කර ඇති බවකි.










