• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

දින 52 කුමන්ත්‍රණයට අවුරුද්දයි: අමතක වෙලාද? එහෙනම් මතක් කරගන්න

September 22, 2019
in News, Politics, Uncategorized
Reading Time: 8 mins read
A A
දින 52 කුමන්ත්‍රණයට අවුරුද්දයි: අමතක වෙලාද? එහෙනම් මතක් කරගන්න
Share on WhatsAppShare on Facebook

මෑත කාලීන දේශපාලන ඉතිහාසයේ මහත් ආන්දෝලනාත්මක සහ අර්බුදකාරීම දේශපාලන සතිය ගතවූයේ ඉකුත් සිකුරාදා (26දා) සිට ගෙවුණු දින 7ක කාලපරිච්ඡේදය තුළ බව කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. එම කාලසීමාව ඒ තරමටම දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද ශ්‍රී ලංකාව ගැන කතාබහට ලක්වූ දින කිහිපයක් විය. විශේෂයෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව අතරත්, විදේශීය මාධ්‍ය අතරත් ශ්‍රී ලංකාව එම දින කිහිපය ඇතුළත අංක එකේ මාතෘකාව බවට එම කාලසීමාව ඇතුළත පත්ව තිබිණි. ඊට හේතුව වූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය විධායක බලතල උපයෝගී කරගෙන යහපාලන රජයේ ප්‍රධාන පාර්ශ්වකරු වූ එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට තීන්දු කිරීමය.

රටම දන්නේ රෑ 7.30ට

මෙසේ රනිල්ව අගමැති ධුරයෙන් හිටි හැටියේ ඉවත් කිරීම එජාපය තබා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසිවකුත් නොදැන සිටීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම විය. එය මුළු රටම දැනගත්තේ සිකුරාදා රාත්‍රි 7.30ට පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇති බවට ජංගම දුරකතනවලට ලැබුණු කෙටි පණිවුඩයක් සමඟය.


ශ්‍රීලනිප මන්ත්‍රිවරුන්ට වහා එන්නැයි එරික්ගෙන් දැනුම්දීමක්

ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පසුගිය මාස කිහිපය පුරාම විශාල දේශපාලන කඹ ඇදිල්ලක් පැවැති බව කිසිවකුටත් රහසක් නොවේ. නමුත් එජාපය කිසිදු අවස්ථාවක ජනාධිපතිවරයා මෙසේ අගමැතිවරයා ධුරයෙන් පහකරනු ඇති බවට සිතා සිටියේ නැත. නමුත් දැන් දැන් හෙළිවෙමින් පවතින තොරතුරුවලින් කියැවෙන්නේ එජාපය එවැනි අවස්ථාවකට මුහුණ දීමට සිතා නොසිටියද, ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් නම් ඒ සඳහා සති කිහිපයක් තිස්සේ කිසිවකුටත් නොදැනෙන පරිදි විශාල මෙහෙයුමක් තිරය පිටුපස දියත් කෙරී ඇති බවකි. මෙහි මුල් ඉඟිය එළියට ආවේ පසු ගිය සිකුරාදා (26දා), දහවල් වන විට ශ්‍රීලනිපයේ මන්ත්‍රී කණ්ඩායමට ජනාධිපති ලේකම් කාර්යාලයට වහාම පැමිණෙන ලෙසට කරනු ලැබූ දැනුම්දීමත් සමඟය. ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන හිටපු මන්ත්‍රී එරික් වීරවර්ධන මෙම දැනුම්දීම කරනු ලැබූ අතර ශ්‍රීලනිපයේ ඇමැතිවරු විසිතුන්දෙනාටම කතා කළ එරික් හරියටම සවස 5.30ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙසට දැනුම් දීමක් කළේය. මෙය ඉතා තීරණාත්මක හමුවක් බවත්, එම නිසා සියලු රාජකාරි වැඩ නවතා මෙම හමුවට සහභාගි වන ලෙසත් එහිදී එරික් ඒ සියලු දෙනාටම දැනුම් දී සිටියේය.

අලගියවන්න හිටියේ ජර්මනියේ

මේ වන විට සිය පුතාගේ උපාධි කටයුත්තක් හේතුවෙන් ලසන්ත අලගියවන්න මහතා ජර්මනිය බලා පිටත්ව ගොස් තිබූ අතර වහා ජර්මනියට කතා කළ එරික් ඔහුටද වත්මන් තත්ත්වය පහදා දී වහාම ලංකාවට පැමිණෙන ලෙස දැනුම් දීමක් කළේය. ඒ අනුව ලසන්තද තමන්ට අල්ලා ගැනීමට හැකිවූ ආසන්නතම ගුවන් යානය වෙන් කරගෙන ජර්මනියේ සිට ලංකා බලා ඒමට කටයුතු කළේය.
කෙසේ වෙතත් මෙවැනි හදිසි දැනුම් දීමක් කළද කිසිවකුත් එදින සවස මෛත්‍රි පවසන්නට යන කරුණ පිළිබඳ දැනුවත් වී නොතිබිණි. මේ නිසාමදෝ එකිනෙකාට දුරකතන ඇමැතුම් ලබාදෙමින් ඔවුන්ද මෛත්‍රි පවසන්නට යන දේ කුමක්ද යන්න ගැන හාරා ඇවිස්සුවත් ඒ කිසිවකුටත් එහි අගක් මුලක් සොයාගැනීමට හැකියාවක් ලැබී තිබුණේ නැත. එය ඔවුන්ට හරියටම දැනගන්නට ලැබුණේ සවස 5.30ට මෛත්‍රි පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලයේ වූ සිය ආසනයේ වාඩිවීමත් සමඟය.

රනිල් එක්ක බෑ: අලුත් ගමනක් යන්න තීන්ද කළා

“මට මේ විදියට මේ ආණ්ඩුව අරගෙන යන්න අමාරුයි. විශේෂයෙන්ම රනිල් එක්ක තවදුරටත් මේ ගමන යන්න මට බැහැ. මේ කාලසීමාව ඇතුළත වෙච්ච සමහර දේවල් මට මෙතැන කියන්නත් බැහැ. ඒ නිසා මම අලුත් වැඩපිළිවෙළක් එක්ක අලුත් ගමනක් යන්න තීන්දු කරලයි තියෙන්නෙ.” යනුවෙන් කී මෛත්‍රී පසුගිය කාලසීමාව ඇතුළත තමන්ට ආණ්ඩුව තුළ මුහුණදීමට සිදුවූ අසීරුතා මෙන්ම තමා සම්බන්ධයෙන් මතුව ඇති ඝාතන කුමන්ත්‍රණය පිළිබඳවද කරුණු රැසක් සිය ඇමැතිවරුන් හමුවේ තැබීමට කටයුතු කළේය. එසේ වුවත් තමන් කරන්නට යන්නේ කුමක්ද යන්න පිළිබඳ එහිදීවත් මෛත්‍රි සිය මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කිරීමට කටයුතු කළේ නැත.
නමුත් අලුත් වැඩපිළිවෙළක් සමඟ අලුත් ගමනක් යෑමට තමන් තීන්දු කර ඇති බවට මෛත්‍රීගේ කටින් පිටවීමත් සමඟ සියලු දෙනා පුදුමයට පත්ව නිහඬ වූ නමුත් එම නිහඬතාව බිඳිමින් කතා කළ අමරවීර කියා සිටියේ ජනාධිපතිවරයා ගනු ලබන ඕනෑම තීන්දුවකට තමා ඇතුළු ශ්‍රීලනිප ඇමැතිවරු විසිතුන්දෙනා ඒකමතිකව සහාය පළකරනවා යැයි කියාය. එහිදී ඒ සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කිරීමටද ශ්‍රීලනිප ඇමැතිවරු කටයුතු කළහ.

දුමින්දට – අමරවීරට උඩට එන්න කියයි

කෙසේ වෙතත් මෙම රැස්වීම නිමාකොට ඇමැතිවරු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත්ව යද්දී වහාම දුමින්ද දිසානායකටත්, මහින්ද අමරවීරටත් කතා කළ මෛත්‍රී ඉහළ මාලයේ පිහිටි සිය නිල කාමරයේ තමන්ව පෞද්ගලිකව මුණගැසෙන ලෙස දැනුම දී සිටියේය. ඒ අතරවාරයේ ජනාධිපති ලේකම් කාර්යාලය පිටත රැඳී සිටි මාධ්‍යවේදීන් සාකච්ඡාව නිමවා එළියට එන ඇමැතිවරුන්ගෙන් එහිදී කතාබහට ලක්වූ කරුණු මොනවාද යන්න විමසා සිටියත් ඒ සියල්ලන්ටම ඇමැතිවරු උත්තර දුන්නේ වැඩිය ලොකු දෙයක් එම සාකච්ඡාවේදී කතා වූයේ නැතැයි කියාය. නමුත් ලොකු දේ සිදුවූයේ මෛත්‍රීත්, දුමින්දත්, අමරවීරත් අතර ඉහළ මාලයේ පැවැති සාකච්ඡාවේදීය. එහිදී සාකච්ඡාව අරඹමින්ම මෛත්‍රී, අමරවීරට කියා සිටියේ තවදුරටත් ජාතික ආණ්ඩුවේ කටයුතු කිරීම පලක් නොවන බවත්, මේ මොහොතේදීම ශ්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ බවට වූ ලිපිය කතානායකවරයා ඇතුළු වගකිවයුතු තැනැත්තන් අතට ලැබෙන්නට සලස්වන ලෙසත්ය.

දෙන්නාගේම ඇස් උඩ යයි

එමෙන්ම තව සුළු මොහොතකින් තමන් අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවද එහිදී මෛත්‍රී දුමින්දටත්, අමරවීරටත් කියද්දී දෙදෙනාම ඇස් නළලට ගෙන මුහුණට මුහුණ බලාගත්තේ සිදුවන්නට යන දේ පිළිබඳ සිතාගන්නටවත් නොහැකිවය. නමුත් අලුත් ආණ්ඩුව හදන්නේ කා සමඟද යන්න ඉඟියක්වත් ඒ මොහොතේ හෝ නොදුන් මෛත්‍රී තවත් පැයක් ඇතුළත සියලු තොරතුරු දැනුම් දෙන බව කියමින් එම සාකච්ඡාව අවසන් කිරීමට කටයුතු කළේය.
ඉන් අනතුරුව වහාම ජනාධිපති ලේකම්වරයාට කතා කළ මෛත්‍රී රනිල්ව අගමැති තනතුරෙන් ඉවත් කිරීමේ ලිපිය සකස් කොට එය එජාප නායකත්වයට ලැබීමට සලස්වන ලෙසට දැනුම් දී සිටියේය.

මහින්ද හිටියේ ෂැංග්‍රිලා එකේ

මේ වන විට මහින්ද රාජපක්‍ෂ මහතා සිටියේ ඊට යාබදව පිහිටා ෂැංග්‍රිලා හෝටලයේ සිය හිතවතකුගේ මංගල උත්සවයකට සහභාගි වෙමිනි. හරියටම රාත්‍රී හතට පමණ මහින්දගේ ආරක්‍ෂකයන්ට ලැබුණු දුරකතන පණිවුඩයකින් කියැවුණේ හැකි ඉක්මණින් මහින්දව ඇමතුමට සම්බන්ධ කර දෙන ලෙසත්, දුරකතනයේ අනෙක් කෙළවරේ ජනාධිපතිවරයා රැඳී සිටින බවත්ය. ඒ අනුව ආරක්‍ෂකයන්ද වහාම දුරකතනය මහින්දට දුන් විට මෛත්‍රී කියා සිටියේ හරියටම හතයි තිහ වන විට ජනාධිපති කාර්යාලයට පැමිණ සිටින ලෙසටය. තමන් මංගල උත්සවයකට සහභාගිව සිටින බවට මහින්ද එහිදී පිළිතුරු දුන්නද නැවත මෛත්‍රී කියා සිටියේ හතයි තිහට අගමැති ධුරයේ දිවුරුම් දීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවය. මෛත්‍රීගේ මෙම කතාවෙන් මහින්දගේ නළල රැලි ගැන්වුණද ඒ බවක් නොපෙන්වූ මහින්ද ඒ පිළිබඳ තොරතුරු විමසද්දී මෛත්‍රී කීවෙ කිසිවකුටත් නොකියා තනිවම එම අවස්ථාවට සහභාගි වන ලෙසය.

මහින්ද තනිවම එන්න බැහැ කියයි

නමුත් තමන්ට තනිව පැමිණිය නොහැකි බව එහිදී මෛත්‍රීට කී මහින්ද එවැනි දෙයක් කොට තමන්ට පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට මුහුණදිය නොහැකි බවත්, අඩුම වශයෙන් බැසිල් ඇතුළු පක්‍ෂ නායකයන්ට හෝ මේ බව තමන්ට දැනුම් දීමට සිදුවන බවත් කියා සිටියේය. එමෙන්ම මෙම හදිසි කැඳවීම නැවත වරක් තහවුරු කර ගැනීම සඳහා මහින්ද මෛත්‍රීගෙන් විමසා සිටියේ “ඇත්තටම මේ දිවුරුම් දීම ෂුවර්ද” යැයි කියාය. එය තහවුරු කළ මෛත්‍රි තමන් ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවත්, මේ වන විට ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමේ ලිපිය නිකුත් කර ඇති බවත්, අලුත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතරය තමන්ට ඇති බවත් කියමින් වහාම දිවුරුම් දීමේ අවස්ථාවට පැමිණෙන ලෙස නැවත වතාවක් මහින්දට කියා සිටියේය.

දිවුරුම් දීම හොර රහසේ

ඒ අනුව වහාම බැසිල්ටත්, ගෝඨාභයටත්, දිනේෂ්, වාසු ඇතුළ පක්‍ෂ නායකයන්ටත් කතා කළ මහින්ද මතුව තිබෙන තත්ත්වය පිළිබඳ දැනුම් දී ඔවුන්ටද වහාම ජනාධිපති මන්දිරයට පැමිණෙන ලෙස දැනුම් දී සිටියේය. ඒ අනුව මහින්ද එතැනට එන විටත් ඒකාබද්ධයේ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් සහ ශ්‍රීලනිපයේ 16 කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් ජනාධිපති මන්දිරයට පිරී තිබුණු අතර පිටස්තර පුද්ගලයන් වශයෙන් එහි සිටියේ, දුමින්දත්, අමරවීරත් පමණක් වීම විශේෂ සිදුවීමක් විය. අඩුම තරමින් මහින්දගේ හදිසි දිවුරුම් දීම මාධ්‍ය මඟින් හෝ සජීවී ආකාරයෙන් විකාශය නොකිරීම නිසා මේ දිවුරුම් දීම අවසන් වනතෙක් එහි සිටි කිහිපදෙනා හැරෙන්නට බාහිර කිසිවකුත් මේ පිළිබඳ දැනුවත් වී නොසිටීමද මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමක් විය.
අනතුරුව සිද්ධිය මාධ්‍ය මඟින් හෙළිදරව වීමත් සමඟ ශ්‍රීලනිප මැති, ඇමැතිවරුද මහත් පුදුමයට පත්ව එකිනෙකට කතා කළත් ඒ සියල්ලන්ම කියා සිටියේ තම තමන් මේ පිළිබඳ හාන්කවිසියක් හෝ දැන සිටියේ නැතැයි යැයි කියාය. ඒ අනුව ඇමැතිවරු අමරවීරගේත්, දුමින්දගේත් දුරකතනයට කතා කොට කතාවේ ඇත්ත නැත්ත ගැන අහද්දී ඔවුන් කීවේ කතාව ඇත්ත බවය, තමන්ද එය දන්නේ මහින්ද දිවුරුම් දීමට ජනාධිපති මන්දිරයට පැමණි මොහොතේ බවත්ය. ඒ අනුව ශ්‍රීලනිපයේ ඇමැතිවරු බොහෝ දෙනකුද වහාම ජනාධිපති මන්දිරය වෙත පැමිණියේ උත්සවයේ අවසාන මොහොතකට හෝ සම්බන්ධ වීමෙ බලාපොරොත්තුව ඇතිවය.

ගාල්ලේ නවතින්න හිටි රනිල් කොළඹ දුවන් එයි

කොළඹ ජනාධිපති මන්දිරයේ මේ සියලු කටයුතු කාටත් හොරා සිදුවෙද්දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිටියේ ගාල්ලේ ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවැත්වෙමින් තිබුණු උත්සවයකට සහභාගි වෙමිනි. එම උත්සවයෙන් පසුව රනිල් සැලැසුම් කර තිබුණේ ගාල්ලේ ලයිට්හවුස් හෝටලයේ නවාතැන් ගෙන ඊට පසු දින කොළඹ බලා පැමිණීමටය. නමුත් මහින්දගේ දිවුරුම දීම මුල්කරගෙන කොළඹින් පැමණි හදිසි ඇමතුම නිසා රනිල්ද මහත් කලබලයටත්, පුදුමයටත් පත්විය. ඒ අනුව වහාම කතාවේ ඇත්ත නැත්ත සොයා තහවුරු කරගත් රනිල් ලයිට්හවුස් හෝටලයේ නවාතැන් ගැනීම පසෙකලා වහාම කොළඹ බලා පැමිණීමට පටන් ගත්තේය. ඒ එන අතරවාරයේද එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලුම පක්‍ෂ නායකයන්ට කතා කළ රනිල් වහාම අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙසට ඔවුන්ට දැනුම් දී සිටියේය. එයට අමතරව පක්‍ෂයේ සියලුම ජ්‍යෙෂ්ඨයන්ට කතා කළ රනිල් ඔවුන්ටද අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙස දැනුම් දී සිටියේය.

චම්පිකත් රාජිතත් පෙරමුණ ගනී

ඒ අනුව රනිල් කොළඹ පැමිණෙද්දී සිද්ධිය දැනගෙන සිටි සියලුම මන්ත්‍රීවරුද, කොළඹ සිටි බොහොමයක් ආසන සංවිධායකවරුද අරලියගහ මන්දිරයට පැමිණ සිටියේ ඊළඟට ගතයුතු පියවරයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය. මෙහිදී ගතයුතු ඉදරි කටයුතු සම්බන්ධයෙන් දැඩිව අදහස් දක්වමින් සාකච්ඡාවට සම්බන්ධව සිටි සියලු දෙනාගේ ධෛර්ය ඉහළ නැංවීමට නායකත්වය දුන්නේ චම්පිකත්, රාජිතත්ය. ඔවුන් දෙදෙනාම කියා සිටියේ මේ තත්ත්වය කිසිසේත්ම අතහැර දැමිය යුතු නැති බවත්, මොනම හේතුවක් යටතේ හෝ අගමැති තනතුරෙන් ඉවත් විය යුතු නැති බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය රනිල් සතුව තවමත් ඇති බවට රටටත්, ලෝකයාටත් ඔප්පු කොට අවසාන මොහොත වන තෙක් සටන දිගටම ගෙනයා යුතු බවත්ය. ඒ වන තෙක් කුමන තත්ත්වයක් යටතේ හෝ අරලියගහ මන්දිරයෙන් ඉවත් නොවී එහි සිටම සටන ඉදිරියට ගෙන යායුතු බවද පිරිස කියා සිටියහ. එමෙන්ම වහාම මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම සඳහා තානාපතිවරු කැඳවා සාකච්ඡා කිරීමටත්, පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙසට කතානායකවරයාට ලිපියක් යැවීමටත් තීන්දු විය. ඒ අනුව සිකුරාදා රාත්‍රිය එජාපයට නිදිවර්ජිත දීර්ඝ රාත්‍රියක බවට පත්වෙද්දී මහින්දගේ නිල නිවෙස එදින රාත්‍රිය මඟුල් ගෙයක සිරිගත් බවක් දැකගන්නට ලැබිණි.

රූපවාහිනිය ඇතුළේ පොහොට්ටුව මෙහෙයුමක

මේ අතරවාරයේ සිකුරාදා රාත්‍රිය වන වට රාජ්‍ය මාධ්‍ය ලෙස කටයුතු කරන රූපවාහිනී සංස්ථාවේත්, ස්වාධීන රූපවාහිනියේත්, ලේක්හවුස් ආයතනයේත් බලය ඇල්ලීමට පොදුජන පෙරමුණ නියෝජනය කරන වෘත්තීය සමිති පියවර ගෙන තිබිණි. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්‍ෂයට හිතවත් පිරිස් ඉවත් කරමින් කලබලකාරී තත්ත්වයක් එම ආයතනය තුළ ඇති කර තිබෙන බව වාර්තා වීමත් සමඟ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාත්, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාත්, චතුර සේනාරත්න මහතා වහාම ජාතික රූපවාහිනියට ගියේ ඒ පිළිබඳ සොයා බැලීමටය. නමුත් ඒ වන වටත් ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රිවරු කිහිපදෙනකුම රූපවාහිනිය තුළට පැමිණ තිබීම නිසා මංගල, රාජිත, චතුර ඊට ඇතුළුවත්ම එහි දැඩි උණුසුම්කාරී ස්වභාවයක් මතුවිය. විශේෂයෙන්ම ඇතැම් පිරිස් මංගල ඇතුළු පිරිසට අසැබි වචන කියමින් කෑකෝ ගැසීම නිසා ආරක්‍ෂක නිලධාරීන්ට ඔවුන් තිදෙනා ආරක්‍ෂිතව එතැනින් ඉවතට ගැනීමට මහත් පරිශ්‍රමයක් දරන්නට විය. ස්වාධීන රූපවාහිනී ආයතනය තුළද මේ ආකාරයට සේවය කළ නිලධාරීන් කිහිප දෙනකුටම පහරදී බලහත්කාරයෙන් ඔවුන් ආයතනයෙන් ඉවත් කිරීමට ඇතැම් පිරිස් කටයුතු කර ඇති තත්ත්වයක් මතුව තිබිණි. මේ තත්ත්වයට වහාම මෛත්‍රීට දැනුම් දීමට එම ආයතනවල පිරිස් කටයුතු කිරීමත් සමඟ මෛත්‍රීටද කේන්ති ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.

මෛත්‍රීගෙන් මහින්දට අනතුරු ඇඟවීමක්

වහාම අනෙක් පැත්තට මහින්දට කතා කළ මෛත්‍රී රාජ්‍ය මාධ්‍ය ආයතනවල මතුව ඇති අර්බුදකාරී තත්ත්වය ගැන ඔහුව දැනුවත් කර වහාම මෙම තත්ත්වය නැවැත්වීමට කටයුතු කළ යුතු බව දැනුම් දී සිටියේය. එසේ නොවුණහොත් තමන්ට අදාළ ආයතනවලට එස්.ටී.එෆ්. ආරක්‍ෂාව යෙදවීමට සිදුවනු ඇති බවද මහින්දට කී මෛත්‍රී වහාම සිය මාධ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වූ ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායකට කතා කොට රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත ගොස් එහි මතුව පවතින තත්ත්වය පිළිබඳ සොයා බලන ලෙසට දැනුම් දීමට කටයුතු කළේය. ඒ අනුව සියලු රාජ්‍ය මාධ්‍ය ආයතනවලට ගිය ධර්ම ශ්‍රී ගැටලු ඇති නොවන ආකාරයට රාජකාරි කරන ලෙස එහි ප්‍රධානීන්ටත්, සේවකයන්ටත් දැනුම් දීමට කටයුතු කළේය.
රාජ්‍ය මාධ්‍යවලට සභාපතිවරු මෛත්‍රීගෙන්
ඉන් අනතුරුව ධර්මශ්‍රීට මෛත්‍රීගෙන් තවත් දුරකතන ඇමැතුමක් ලැබිණි. ඉන් කියැවුණේ වහාම වසන්තප්‍රිය රාමනායක, සරත් කෝන්ගහගේ, සෝමරත්න දිසානායක යන මහත්වරුන්ට ජනපති නිල නිවෙස වෙත පැමිණෙන ලෙසට දැනුම් දෙන ලෙසය. ඒ අනුව ධර්මශ්‍රී ඒ තුන්දෙනාටම කතා කොට වහාම ජනාධිපති මන්දිරයට පැමිණෙන ලෙස දැනුම් දී සිටියේය. වසන්තප්‍රිය රාමනායක ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙසත්, සරත් කෝන්ගහගේ රූපවාහිනියේ සභාපතිවරයා ලෙසත්, සෝමරත්න දිසානායක ස්වාධීන රූපවාහිනියේ සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙසත් පත්කිරීමට මෛත්‍රී පියවර ගත්තේ ඒ අනුවය.

ඉතිරිය ලබන සතියට…

SendShareShare
Previous Post

කරු එක්ක සාකච්ජාවෙන් පසුු සජිත් කලබල ‌වෙයි: රනිල්-සජිත්-කරු සාකච්ජාවක් දැන්

Next Post

මලික් රනිල්ගේ ඔත්තුකරුවෙක්ද? සජිත් පිල ගිනිගනී

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Uncategorized

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.