• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ… නෙළනා දින ළඟයි අස්වනු සාර කෙතේ…

January 25, 2021
in Exclusive, Uncategorized
Reading Time: 7 mins read
A A
දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ… නෙළනා දින ළඟයි අස්වනු සාර කෙතේ…
Share on WhatsAppShare on Facebook

මේ සමාජයේ බොහෝ දෙනෙක්ට ජීවිතයේ හොඳ නරක තේරුම් ගන්න පුලුවන් වෙන්නේ ජීවිතය මුහුකුරා යන විටයි. ඒහෙත් ඊට වෙනස්ම ආකාරයේ කථාවකුයි මේ කියන්නට යන්නේ. තරුණ කණ්ඩායමක් එකතු වී මීමුරේ ආරාණ්‍ය සේනාසනයේ භාවනානුයෝගී ස්වාමින් වහන්සේලා වෙනුවෙන් කුටි තනා දීමට අදහස් කර තිබෙන බව මුහුණු පොතේ සටහනක් දැකගන්නට ලැබුණා. ඒ ඔස්සේ පසුගිය දිනෙක මේ ගැන සොයා යන්නට මව්රට පුවත්පත කටයුතු කළා. මේ සදහා මුලසුන ගෙන කටයුතු කරන “සසුන් කෙත අස්වද්දමු” ව්‍යාපෘතියේ නිර්මාතෘ වශයෙන් කටයුතු කරන ඉසුරු එරන්ද ජයතිලක මහතා මගින් අපට මේ තොරතුරු දැනගන්නට ලැබුණා.

බොහෝ තරුණ පිරිස් පවසන්නේ අපිට පිංකම් කරන්න වෙලාවක් නැහැ කියලයි. එයට කදිම උත්තරයක් තමයි මේ “සසුන් කෙත අස්වද්දමු” ව්‍යාපෘතිය. තරුණ පරම්පරාවේ බොහෝ දෙනකු ෆේස්බුක්වල කරන්නේ වල්පල් කියවා කියවා කාලය ගත කිරීමයි. ඒ වෙනුවට මේ වගේ අර්ථවත් දෙයක් කිරිම රටට සමාජයට ආදර්ශයක්. තරුණකම කියන්නේ මහලු වීමෙන් අවසන් වෙලා යන දෙයක්. අතේ පයේ හයිය තියන කාලේ කාල බිලා පාටියක් දැම්මට, අතේ පයේ හයිය නැතිවන දවසකුත් එනවා. ඉතින් හයිය හත්තිය තියන කාලේ. පිනෙන් පිරුණු ජීවිතයක් කරා යන්න හයිය හත්තියෙන් වැඩගන්න ඕනේ.

මෙවැනි කටයුතු කිරීම පිළිබදව මාධ්‍ය ඇගයිය යුතුයි. ඉසුරු එරන්ද මහතා වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්. ඔහු විවාහක වයස අවුරුදු තිස් එකක තරුණයෙක්. ඔහුගේ ගම අනුරාධපුරයයි. ඔහු අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබෙනවා.

කාලයකට ඉහතදි පිණ්ඩපාත දානය පූජා කළ රාවණා නරනාථ යුගයද ඉක්මවමින් මනුෂ්‍ය ශිෂ්ඨාචාරයේ අභිමානවත් උරුමකම් කියන මිමුරේ ආරාණ්‍ය සේනාසනයේ පිණ්ඩපාතයේ වඩින ස්වාමින් වහන්සේලා වෙනුවෙන් “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැළ එක්ව මීමුරේ එම ස්වාමින් වහන්සේලාට අඩුපාඩුවක්ව පවතින කුටි සකසා දීමට අදහස් කර තිබුණු බව දැනගත්තේ සසුන් කෙත අස්වද්දමු ෆේස්බුක් පිටුව හරහායි. දැන් ඒ කටයුත්ත අවසන් අදියරෙහි පවතින බවද අපට දැනගන්නට ලැබුණා.

ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් නිසා මුලින් දුෂ්කර පළාත්වල රැකියාවට යෑමට සිදුවෙලා. වෙහෙර විහාර පිළිසකර කරන්න හිතිලා තියෙන්නේ ඒ පළාත්වලට රැකියාවට ගිය අතරතුරයි. මුලින් වෙහෙර විහාරවල අඩුපාඩු සොයා බලලා ඔහුට පුලුවන් අයුරින් උපකාර කරලා. “සසුන් කෙත අස්වද්දමු” සංවිධානයේ සභාපතිතුමා වන ඉසුරු එරන්ද ජයතිලක මහතා අපි සමග එකතු වෙමින් මේ “සසුන් කෙත අස්වද්දමු” කියලා කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කළේ මෙහෙම.

අපගේ ධර්ම දීපයේ ආගමික පුනරුදයක් ඇතිකරනු වස්, දහසක් වෙහෙර විහාරස්ථාන, සේනාසන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ සාසනයට ආලෝකයක් ලබාදීම අපගේ ඒකායන පරමාර්ථයයි. වෙහෙර විහාරස්ථානවල අඩුපාඩු දැක්කාම හිතුනා විහාරස්ථානවල දායකයින් අතර තිබෙන සම්බන්ධකම් අඩුවෙලා කියලා. ධර්ම දේශනා කිරීම, ධර්ම ව්‍යාප්තිය අඩුවෙලා තියෙනවා කියලා හිතුනා. අපි හිතුවා ස්වාමින් වහන්සේලාගේ අවශ්‍යතා සපුරලා ධර්මය ව්‍යාප්ත කරලා මේ මේක පන්සලක්ද විහාරයක්ද, තපෝවනයක්ද, අසපුවක්ද කියලා භේදයකින් තොරව සාසනික මෙහෙවර කරන්න උවමනායි කියලා. බෞද්ධයන් ශාසනික මෙහෙවරට ළංකරලා නිර්මල සද්ධර්මය රැකගන්න කටයුතු කිරිමට ඉඩ සලස්වන එකයි බලාපොරොත්තුව. මේ සම්බන්ධතාවය වැඩිදියුණු කරලා ගාමිණි අභය රජතුමා මේ සිරිලක රැකගත්තා වගේ නිර්මල බුදුදහම රැකගන්න සිංහල බෞද්ධයන් වශයෙන් අපටත් වගකීමක් යුතුකමක් තියෙනවා මේක රැකගෙන නගාසිටුවන්න. මේ මුළු සම්බුද්ධ ශාසනයම රැඳී පවතින්නේ කළ්‍යාණ මිත්‍රයන් මතයි.

අවුරුදු ගණනාවකට පෙර මහමෙවුනා අසපුවට සම්බන්ධවෙලා හිටිය ඒ මහානායක ස්වාමින්වහන්සේගෙන් අවවාද අනුශාසනා ලැබුණා. මීට අවුරුදු 5කට පෙර බුත්තල වැල්ලවාය, මොණරාගල දුෂ්කර ප්‍රදේශවල මම රැකියාව කළා. ඒ වැඩකරනකොට දුෂ්කරතා දැක්කා, කටුගහ ගල්ගේ, දෙමටමල් විහාරය, බුදුගල්ලෙන, රක්කිත්තා කන්ද රජ මහා විහාරය වගේ රමණිය වෙහෙර විහාරවලට ගියා. මම කැලෑ තුළ, සේනාසන තුළ, ගල්ලෙන් තුළ භාවනා යෝගි ස්වාමින් වහන්සේලාගේ උවමනා අඩුපාඩු දැක්කා. ඒ අවස්ථාවේ මට පුලුවන් විදියට භාවනා යෝගි ස්වාමින් වහන්සේලාට අවශ්‍ය වෙන මෙට්ට මදුරුදැල් ආදිය ලබාදුන්නා. මම මේ බව මගේ හිත මිත්‍රාදින් එක්කෙනෙක් දෙන්නෙක්ට දැනුම් දුන්නා. ඒ වගේම ස්වාමින් වහන්සේලා අවශ්‍ය දේවල් අපිට දැනුම් දුන්නා. ඒක තමයි මේ සසුන්කෙත අස්වද්දමු ව්‍යාපෘතියේ මුලාරම්භය වුණේ.

මම වැල්ලවායේ වැඩකරන කාලේ රහතන් කන්ද, කුටුම්බාල විහාරය, යුධගනාව, අත්තකුලු බුදුගල් ලෙන යන විහාරවල අඩුපාඩු දැක්කා. ඒ අතර විශේෂ අඩුපාඩු පියන්ගල විහාරයේ දැක්කා. රහතන් වහන්සේලා 50 දෙනෙක් වැඩසිටින චෛත්‍යය ඇතුලු විහාරය සදහා ආලෝකය නොමැති බව ඒ ස්වාමින් වහන්සේලා මට දැනුම් දුන්නා. ඒ “සසුන්කෙත අස්වද්දමු” ආරම්භයේදියි. අපේ ව්‍යාපෘතියේ දෙදෙනකු විතරයි ඒ අවස්ථාවේ සිටියේ මම මුලින් හිටියේ අනුරාධපුරේ. ඒ විහාරවලටත් මට පුලුවන් විදියට උදව් කළා. ඉන්පසු මම කොළඹ එනකොට ඒ පන්සල්වලටත් මට පුලුවන් විදියට උපකාර කළා. ගොඩාක් දෙනෙක් මේ දේවල් නිදිවරාගෙන අපි කරනවා දැක්කාම එකතු වුණා. දැන් මේ සංවිධානයේ පිරිස 600කට වඩා අධිකයි. ෆේස්බුක් පිටුවේ 45,000කට අධික පිරිසක් ඉන්නවා.

ඉන්පසු මේ කරන පින්කම් ගැන ෆේස්බුක් පිටුවට යොමුකළාම බොහෝ පිරිසක් මේ සදහා උපකාර කරන්න ඉදිරිපත් වුණා වගේම බොහෝ තරුණ පිරිසක් මේවා දැකලා ඒ වටා එක් රොක් වුණා. මේ සෙනසුන් හදනකොට, චංකමණ පුජා කරනකොට ගොඩාක් අය සිත පැහැදිලා බොහෝ දෙනෙක් කියන්න ගත්තා අපටත් මේ විදියේ බෝධිගරයක්, අපටත් මේ විදියේ බුදුපිළිමයක්, අපටත් මේ විදියේ පොකුණක් ආදි වශයෙන් හදන්න සම්බන්ධ කරගන්න කියලා. රටපුරා ස්වාමින් වහන්සේලා කථාකර කියන්න ගත්තා ඉසුරු පුතා අපට මේ මේ අවශ්‍යතා තියෙනවා කියලා. අපිටත් පුලුවන්නම් දාඩිය බිඳුවකින් හරි උපකාර කරන්න කියලා හිතුණා. තරුණ පිරිස එකතු වුණා. යාපනය පුල්මුඩේ ත්‍රිකුණාමලය හම්බන්තොට ස්වාමින් වහන්සේලා කථාකරලා කිව්වා මේ මේ අවශ්‍යතා අපේ පන්සලේ තියෙනවා කියලා. අපි ඊට පසු අඩුපාඩු ලැයිස්තුවක් හදාගෙන ඒ අවශ්‍යතා ඉටුකරන්න කටයුතු කළා. දැන් අවුරුදු 4කට ඉස්සෙල්ලා ඉඳලා සෑම සතියකම ඉරිදා සෙනසුරාදා දින දෙකේදිම මේ වෙහෙර විහාර පිළිසකර කිරිම සඳහා දායකත්වය ලබාදෙනවා.

මේ පින්කම් එකකට එකක් වෙනස් වෙනවා. උදාහරණයක් විදියට ත්‍රිකුණාමලේ තියෙනවා කුච්චවේලිවල පිච්චමල් විහාරය කියලා කුටියක්. ඒක දකුණු ආසියාවේ එකම මුහුදු රළ වදින කුටියයි. මේ කුටිය පුලුවන්නම් පිළිසකර කරලා දෙන්න කියලා ස්වාමින්වහන්සේලා කිව්වා. එතකොට අපට මතක්වුණා එදා ස්වාමින්වහන්සේලා මේ මුහුදු රළ වදිමින් අනිත්‍ය සිහිකරන්න ඇති ආකාරය කොතරම් නිවන් මගට යොමු වන්න ඇද්ද කියලා හිතුණා. ඒ වගේම දුටුගැමුණු රජතුමා මේ පිච්චමල් වවපු පන්සලේ කොතරම් විදසුන් වඩන්නට ඇත්ද? අපි ඒ ලෙසම මේ කුටිය සකසන්න කටයුතු කළා. වටිනාකමක් තියෙන දුෂ්කර විහාරස්ථාන බලලා අපි උදව් කරනවා. අරිච්චිමලේ පුල්මුඩේ ආරාණ්‍ය 28ක් තියෙනවා. එයින් 15කට දානේ ලැබෙන්නේ නැහැ කියලා අපිට දැනුම් දුන්නා. ඉන්පසු අපි ලක්ෂ 3ක පමණ මුදල් එකතුකරලා වියලි ආහාර මලු සකස් කරලා ස්වාමින් වහන්සේලාට පුජාකළා. වැලිඔය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් 30,000කට පමණ ධාතු වන්දනාවක් කිරිමට සැලැස්සුවා. ඒ වගේම අම්බලන්ගොඩ ගල්දූවේ ස්වාමින්වහන්සේලා වෙනුවෙන් වෛද්‍ය සායනයක් පැවැත්වුවා. ඒ ස්වාමින් වහන්සේලා සායනයට වැඩලා කිව්වේ දානේ දෙන්න හැමදාම පිරිස ඉන්නවා ඒත් අපිට මේ වගේ සායනයක් තියන්න කවුරුත් නැහැ කියලා. ස්වාමින් වහන්සේ නමක් පැවසුවේ පුතා මට කන ඇහුනේ අවුරුදු 7කින් පස්සේ කියලයි. මට ඒ වෙලාවේ සතුටු කඳුළු ආවා. මේ වගේ දෙයක් කළ පළමු වතාව කියලා කිව්වා. ඒ වෙලාවේ අපට හමුවුණා හෘද රෝග තියෙන ස්වාමින් වහන්සේලා පවා. අපි ඒ වෙලාවේම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කළා.

මට මතක්වෙනවා මැදමහනුවර තෙල්දෙණිය පන්සලට පුජා කළා මිලිලිටර් 10000ක වතුර ටැංකියක්. අපි ටැංකිය කඳු මුදුනට ඔසවාගෙන ගියා. අපේ දිවි දෙවෙනිකොට තමයි මේ ටැංකිය ගෙනගියේ. ඒක හරිම දුෂ්කරයි. ඒත් අපි හිතුවා මේ දේ අපිට කරන්න පුලුවන් කියලා. අපි බුදුගුණ සිහිකරමින් ඒක අපේ කරමතින් ගෙනගියා. ඒ ස්වාමින් වහන්සේලා විසිදෙනෙකුගේ පරිභෝජනය සඳහායි.

සක්මන් භාවනා කිරිමට මලු විශාල ප්‍රමාණයක් සකසා දුන්නා. ඒ අතර කළුදිය පොකුණ පන්සලේ ස්වාමින් වහන්සේලා සක්මනේ යෙදෙනවා දුටුවාම හිතට සතුටක් දැනෙනවා. එයින් නිවන්මග වඩනවා කියනකොටත් අපිට සතුටුයි. බුදුපිළිම වහන්සේ විශාල ප්‍රමාණයක් පුජාකර තිබෙනවා ඒ අතර සුවිශේෂි මතකයක් තියෙනවා. ඒ රත්නපුර කබරගල කියන ආරාණ්‍ය සේනාසනයට කිලෝග්රෑම් 700ක අධික බරකින් යුතු ඩොලමයිට් පිළිමයක් පුජාකළා. ඒ පිළිමයත් කඳු මුදුනට ගෙනගියේ හරිම දුෂ්කරවයි. එදා සිටියේ විසිදෙනෙකු පමණ විතරයි. අපිව වැටුණොත් වැටෙන්නේ හෙළකට ඒත් අපි බුදුගුණ සිහිකරමින් අධිෂ්ඨානයෙන් අපි ගෙනගියා. අපිට තුවාල වෙන්න තිබුණු අවස්ථා බොහෝයි. එක සීරීමක්වත් සිදුවුණේ නැහැ. අපිට පිංකම අවසාන වෙනකොට නෙතට කඳුලු ඉනුවා. අපි යාපනයේ සරසවියේද පිළිමයක් ඉදිකළා. සිංහල මුස්ලිම් දෙමළ භේදයකින් තොරව මේ කටයුත්තට සම්බන්ධ වුණා.

මේ අතර අමතක නොවන සිදුවිම් කිහිපයක් තියෙනවා. මේ පිංකම් කරද්දි පුල්මුඩේ ප්‍රදේශයේ අරිසමලේ කියලා සේනාසනයක් තිබෙනවා. එහි ආරාණ්‍ය සේනාසන 18ක් තියෙනවා. කැලෑවේ කිලෝමිටර් 30ක් ඈතට මිහිදු ලෙන කියලා ආරාමයක් තියෙනවා. මනුස්ස වාසයෙන් තොර ගණ කැලෑවකයි තියෙන්නේ. තරුණ ළමයි 25ක් පමණ ගියා. ඒ කුටිය හදන අතරතුර අපිට ආරංචිය ආවා හවස 5න් පස්සේ අලි කොටි වලස්සු ඉන්නවා කියලා. අපේ වැඩේ ඉවර වෙනකොට රෑ 7 විතර වුණා. අපිට එළියට ඒන්න කිලෝමීටර 3ක් පයින් යන්න ඕනේ. ඒ යනකොට ඌරෙක් වගේ සතෙක් අපි ඉස්සරහට ආවා. අපේ මිත්‍රයන් කැලැවේ හැම පැත්තටම දිව්වා. නමුත් අවසානයේ කට්ටිය එකතු කරගෙන අපි කැලෙන් එළියට ආවා. කිසිම කරදරයක් වුණේ නැහැ.

දවසක් පුල්මුඩේ මුස්ලිම් පරිසරයක් තියෙන පැත්තක ඛණිජ වැලි සංස්ථාව අසල ස්වාමින් වහන්සේලා 50නමක් වඩම්වලා ධාතු වන්දනාවක් කළා. අලිවංගුව ප්‍රදේශයට මාස 6කින් වැසි ලැබිලා තිබුණේ නැහැ.

ධාතු වන්ධනා කරන්න පටන්ගන්නකොටම විශාල වර්ෂාවක් ඇදහැලුනා. මුස්ලිම් ජනතාව පවා මේ ධාතු වන්දනාවට සහභාගි වුණා. ඔවුන් පවසා සිටියේ මාස 6කින් අපිට වැසි ලැබුණේ නැහැ මේ ධාතු වන්දනාව නිසා අපිට වැස්ස ලැබුණා මේක ප්‍රාතිහාර්යයක් බවයි.අන්‍ය ආගමික ජනතාව පවා පැමිණිම අපට සතුටක් වුණා.

අපේ අම්මා තාත්තා බිරිඳගේ පවුලේ අයත් මේ කටයුතු සඳහා මට සහයෝගය ලබාදෙනවා. මම මේ සසුන් කෙත අස්වද්දමු සංවිධානයේ සාමාජිකයින්ට කියලා තියෙන සප්ත අපරිහාණි ධර්මය මග යමින් කටයුතු කරන්න කියලයි. ඒ නිතර රැස්වෙමු.

සංඝ රත්නය ඇසුරු කරමින් ප්‍රශ්න ගැන කථාකරමු, යහපත් චේතනාවෙන් සමගිව එක මවකගේ දරුවන් වගේ විසිර යමු කියලයි.

මොවුන් සිංහල බෞද්ධ රට වෙනුවෙන් කායපුජා, වචි පුජා, මනෝ පුජා ආදි වශයෙන් පිංකම්වලට සහභාගි වෙනවා. මේ පිංකම් කිරීමෙන් සල්ලි හොයලා ලැබෙන සතුටට වැඩි සතුටක් ජීවිතයට ලැබෙනවා. සල්ලිවලින් ලැබෙන සතුට තාවකාලිකයි. මේ සියලු පිංකම් දිහා ආපස්සට හැරී බලනකොට මොවුන්ට සතුටක් ජීවිතයට සැහැල්ලුවක් දැනෙනවා නොඅනුමානයි. අපි හැමදාම බලනවා අපිට පුලුවන්නම් යමක් දීලා යමක් කරලා සතුටු වෙන්න. ඒක තමයි ලබන්න පුලුවන් උතුම් සතුට. මේ අපි කිව්වේ ඔවුන් කළ පිංකම්වලින් බිඳුවක් පමණයි ලංකාව පුරා වෙහෙර විහාර දහස් ගණනක් පිළිසකර කරලා තිබෙනවා.

බොහෝ සංවිධාන තමන්ට ඕනදේ ඉල්ලමින් මුදල් සූරාකමින් බිහිවෙන්නේ. නමුත් මෙම සංවිධානය ඊට වෙනස්, ඉසුරු මහතාගෙන් මම ඇහුවා ගිණුම් අංකය ලබාදෙන්න කියලා. නමුත් මට ඔහු පවසා සිටියේ මුදල් අවශ්‍ය නැහැ.

අපි “සසුන්කෙත අස්වද්දමු” ෆේස්බුක් පිටුවේ අවශ්‍ය දේ පිංකම් පිළිබදව දැනුවත් කළාම ඒවාට සම්බන්ධ වෙන්න කියලයි. මේ තරුණ පිරිස සෑම සති අන්තයකම ලංකාව පුරා ඉපැරණි වෙහෙර විහාරවල අඩුපාඩු බලලා ඒ අවශ්‍යතා සපුරන්න දීපව්‍යාප්තව කටයුතු කරනවා. මේ පිංකම් සිදුකිරිමට උපකාර කරන පිරිසක්ද ලංකාවේ මෙන්ම දෙස් විදෙස්වලද සැදී පැහැදී සිටිනවා. මේ විහාරවල දෛනිකව සිදුවන වැඩසටහන් සෑම දෙයක් ගැනම මෙම සසුන් කෙත අස්වද්දමු යන ෆේස්බුක් පිටුවට යොමුකරනවා. වෙහෙර විහාරවල අවශ්‍යතාද, ඒ විහාරස්ථානයේ හිමිවරු විසින් මේ සසුන්කෙත අස්වද්දමු යන ෆේස්බුක් ගිණුමට යොමු කරනවා.

බුද්ධ ධර්මයේ අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව ඉගැන්වෙනවා. ඒ කුසල් අටෙන් තුන්වන කුසලය තමයි ආවාස සාදා සඟසතු කර පූජා කිරීම. මෙම අටමහ කුසල් කරන අය හට තමා විසින් මව මැරිම වැනි ආනන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් අකුසලයක් කළා නම් ඒ අකුසලයෙන් ගැලවී සැප විඳීමට හැකි බව බුදු දහමේද උගන්වනවා. මේ කුටි ආරාම පුජා කළාම සංඝයා වහන්සේ පවසන්නේ ඔවුන් සියල්ල දන් දුන්නා හා සමානයි.”

අපටත් රැකියාව කරන ගමන් යුතුකම් වගකීම් ඉටුකරමින් සාසනයට සේවයක් කරන්න පුලුවන්. ඒ නිසා “සසුන් කෙත අස්වද්දමු” සංවිධානය ඇගයිය යුතුයි. ධාතු වන්දනා, සක්මන් මලු පුජා, චුඩා මාණික්‍ය පුජා තිබුණා. අනේක විධ පුජා විධි තිබුණා. මොවුන්ගේ මේ වෙබ් පිටුවට ගියානම් අපට දැකගන්නට පුලුවන් ඔවුන් කළ එකිනෙකට වෙනස් වු පිංකම් පිළිබදව. ධර්ම මාර්ගයට බොහෝ දෙනෙකු යොමු කිරිම තමයි මොවුන්ගේ බලාපොරොත්තුව. අවුරුදු ගණනක් තිස්සේ වපුරපු අස්වැන්නයි මේ දකින්න ලැබෙන්නේ. එදා පොඩි පිංකම් කරලා පටන්ගන්නකොට ඉසුරුවත් හිතන්නට නැතුව ඇති මේසා විශාල ජනතාවක් මේ වටා රොක් වෙයි කියලා. මේ තමයි අපි හොඳ දෙයක් කරනකොට ලැබෙන ප්‍රතිඵල ලෝකයේ සිත් සනසාලන්න මෙවැනි පුතෙක් බිහිකළ දෙමව්පියන්ද පිංවන්තයි. මෙවැනි ස්වාමියෙක් ලද බිරිඳද පිංවන්තයි. සසුන් කෙත අස්වද්දන්න මේ මිතුරුකැළට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.

ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

(ඔබගේ ගමේ පන්සලේ විහාරයේ මෙවැනි පිළිසකර කටයුත්තක් කරගැනිමට අවශ්‍ය නම් මේ පිංකෙත වපුරන්නට උරදෙන්න කැමති නම් සසුන්කෙත අස්වද්දමු ව්‍යාපෘතියේ සභාපතිතුමා වන ඉසුරු එරන්ද ජයතිලක මහතා සම්බන්ධ කරගන්න දුරකථන අංකය මෙසේයි 0715945477)

ඔවුන් සමග එකතුවෙන්න
Web Site – sasunketha.org
Fb Page – https://www.facebook.com/SasunKethaAswaddamu/
Fb Group – https://www.facebook.com/groups/1715908338447393
You tube – https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

දිනේෂ් ස්වයං නිරෝධායනයට

Next Post

මිලින්දගේ ‘කැබිනට්’ කෑල්ලට ඉන්දියාව බෑ කියයි

MORE NEWS

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

Load More
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පෙර පොරොන්දු වී තිබුණ ද, එම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම...

Read more
ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.