කොළඹ නගර සභා බලසීමාව ඇතුළත ජනතාවගෙන් දැනට 5%කට ආසන්න ප්‍රමාණයකට කොරෝනා රෝගය වැළදී ඇති බව කොළඹ මහනගර සීමාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා අනාවරණය කර තිබේ.
අද (10) දින පැවැති කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටු රැස්වීමේදී හෙතෙම මේ බව අනාවරණය කොට ඇත.
මෙහිදී විජේමුණි මහතා විසින් විශේෂ පැහැදිලි කිරීමක් කොට ඇති අතර ඔහු සදහන් කොට ඇත්තේ දැනට කොළඹ 1 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශවල පමණක් තමන්ට ලැබී ඇති තොරතුරු මත මෙවැනි තත්ත්වයක් මතුවී ඇති බවකි.
මෙම රැස්වීමට කොළඹ දිස්ත්‍රික් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ආණ්ඩුවේ කොළඹ දිස්ත්‍රික් ඇමැතිවරුන්ද සහභාගීව සිට ඇති බව දැනගන්නට ඇත.
මේ වනවිට කොළඹ නගරසීමාවේ ලක්ෂ 6කට ආසන්න ජනගහනයක් සිටින බව වාර්තා වේ.










