උතුරු නැගෙනහිර පළාත්වල අන්‍යාගමිකයන් විසින් ඉවක් බවත් නොමැතිව පුරාවස්තු ඩෝසර් කරද්දී දකුණේ බෞද්ධ දේශපාලනඥයන් ද එලෙසින් සිදුකිරීම සංවේගයට කරුණක් බව බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.
උන්වහන්සේ එබව සඳහන් කලේ, කුරුණෑගල නගරාධිපතිවරයා විසින් සිදුකරනු ලැබ ඇති පුරාවස්තු විනාශය පිළිබඳ නිරීක්ෂණය කිරීමට ඊයේ (19) උදෑසන එම ස්ථානයට පැමිණි අවස්ථාවේ දීය.
කුරුණෑගල රාජසභා මණ්ඩපය ඩෝසර් කරන ලද අමනයන්ට විරුද්දව නීතිය ක‍්‍රියාත්මක කර වැඩ පෙන්වන්නැයි ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ කීහ.
ගෝටාභය රාජපක්‍ෂ වගේ කෙනෙක් ආවාම මේ ප‍්‍රශ්න විසදෙය් කියා සිතා සිටියත් දැන් එවැන්නක් සිදු නොවන බවත් උන් වහන්සේ එහිදී පැවසූහ.
පුරාවිද්‍යා හානිකිරීම් සම්බන්ධයෙන් ගමේ බණ්ඩයියට ක්ෂණිකව ක්‍රියාත්මක වන පුරාවිද්‍යා නීතීය දේශපාලකයන්ට ක්‍රියාත්මක නොවන්නේ කුමන හේතුවක් නිසා දැයි ඥානසාර හිමියන් මෙහිදී විමසා සිටියහ.
මෙම වටිනා පෞරාණික සම්පත විනාශ කිරීමට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්, ජනාධිපතිවරයා ඊට අවශ්‍ය පියවර ගන්නා තෙක් බලාසිටින බව ද උන්වහන්සේ අවධාරණය කළහ.
මේ අවස්ථාවට උලපනේ සුමංගල හිමි ඇතුළු තවත් හිමිවරුන් පිරිසක් සහභාගී වී සිටියහ.