තම බිරිය රුපියල් කෝටි ගණනක් වටිනා සුපිරි බී.එම්.ඩබ්ලිව් රථයක් මිලදී ගෙන ඇති බවට සමාජ ජාල මාධ්‍යවල පළවී ඇති පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක මහතා පවසයි.
සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඒ මහතා මේ බව අනාවරණය කර ඇත.
එම සටහනේ මෙසේද සදහන්ය.

දේශපාලනිකව අනාතවුනු පිරිස් ගෙනයන මෙවැනි මඩ ප්‍රවාරයන් සදහා උත්තරදීමට අප කාලය වැය නොකරමු. නමුත් බොහෝදෙනා fb massanger මගින් කල ඉල්ලීමට ගරු කරමින් මෙම සටහන තබමි.
මෙම මඩ ප්‍රවාරක වෙබ් සයිට් කර්තෘට කිව යුත්තෙ එම රථයේ අනන්‍යතාවය ඔප්පුකරන්නේ නම්, එම රථය තෑගි වශයෙන් ලබාදිය හැකි බවයි.
ජනාධිපතිවරණය අවසන්වීමත් සමග ජවිපෙටත්, NPP එකටත්, එහි නායකයින්ටත් එරෙහිව ගෙන යන දැවැන්ත මඩ අවලාද වියාපාරය ගැන දේශපාලන විවාර බුද්ධියක් හා දේශපාලන සදාවාරයක් සහිත, අපට විපක්ශ දේශපාලන මත දරන පිරිස් පවා අවබෝධ කරගෙන සිටින බව අපි දනිමු.
මෙම දැවැන්ත එෆ්.බී., වෙබ් සයිට් හා අනෙකුත් මාද්‍ය හරහා ගෙන යන මඩ ප්‍රවාරයන්ගෙන් පෙන්නුම් කරන්නේ අන්කවරක්වත් නොව, අප නියෝජනය කළ මතවාදයේ ප්‍රබලත්වයයි.
දූෂණ වංවා කරපු, නීතිය අවනීතිය බවට පත්කරපු, ප්‍රජාතන්ත්‍රවිරෝදී වැඩ කරපු, ඩීල් දේශපාලනය කරන පොහොට්ටුවත්, UNP එකත් නියෝජනය කරන මෙවැනි පිරිස්වලට අපට කීමට ඇත්තේ මාවෝ සේතුං වරක් කී පරිදිම,
“අපි අපේ සාර්ථකත්වය මනිනු ලබන්නේ මිතුරන්ගේ ප්‍රශංසාවෙන් නොව හතුරන්ගේ කෝපාවිෂ්ඨ ගර්ජනාවේ රළුහඩිනි” යන්නයි…….
බිමල් රත්නායක










