රට තුළ කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නැති බව ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ජා වී තිබේ.
ඒ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම කඩිනම් නොකිරීමට රජය තීරණය කර ඇත .
මේ මොහොතෙහි පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් රට තුළ නොමැති බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයින් පෙන්වා දුන් කරුණු සැලකිල්ලට ගනිමින් ආණ්ඩුව මෙම තීරණය ගෙන තිබේ .
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාද මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නැති බව එහිදී සඳහන් කර ඇත .
එසේ වුවද පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයකට පැවැත්වෙන බැවින් සීමා නිර්ණ කටයුතු ආදිය ආරම්භ කළ හැකි බව බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත.










