ඉන්දියාවේ සිට පැමිණෙන කිසිඳු පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම, වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි එම තීරණය ගෙන තිබේ.
මීට අමතරව ඉන්දියානුවන් සදහා හෝටල් වෙන් කිරීම් කටයුතු සිදු නොකරන ලෙස දැනුම් දෙමින් ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය සියලුම හෝටල් හිමියන් වෙත දැනුම් දීමක් කොට ඇත.
එම අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය විසින් හෝටල් සදහා මෙම දැනුම් දීම සිදු කොට ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම ඉන්දියානුවන් සදහා හෝටල්වල නිරෝධායන පහසුකම් ලබා නොදෙන ලෙසද ද
ඉන්දීය කොරෝනා ප්‍රභේදය ලංකාවට ඇතුළුවීම වළක්වා ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.










