• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹ වරායට ආ දොඹකර තුනේ චීන නැවෙන් ඉන්දියාව ඇවිළෙයි: වරාය ඇතුළේ විරෝධයක් (PHOTOS)

June 30, 2020
in Exclusive, Uncategorized
Reading Time: 8 mins read
A A
කොළඹ වරායට ආ දොඹකර තුනේ චීන නැවෙන් ඉන්දියාව ඇවිළෙයි: වරාය ඇතුළේ විරෝධයක් (PHOTOS)
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය රහස් තීරය ඔස්සේ අප වසර ගණනාවකම සිට පෙන්වා දෙන ප්‍රධාන කරුණක් වන්නේ ලංකාවේ පිහිටුවන ඕනෑම ආණ්ඩුවක් සිය අසල්වැසි බලවතා වූ ඉන්දියාව තරහ කරගත්තොත් ඒ ආණ්ඩුවේ ආයුෂ ඉතාම කෙටි බවය. මෙය දේශපාලනයේ නියුතු බොහෝ දෙනා හොඳින් දන්නා, එසේම පිළිගන්නා කාරණයකි.

මහින්ද-බැසිල් පිළිගත් සත්‍යය

2015 වසරේදී එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වීම සඳහාද මෙම ඉන්දීය සාධකය බොහෝ සේ බලපෑවේය. ඒ වන විට මහින්ද හා ඉන්දියාව අතර කිසියම් දේශපාලන මතගැටුමක් නිර්මාණය වී තිබූ අතර දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී තිබුණේ මහින්දගේ පරාජයට එයද ප්‍රධාන හේතුවක් වූ බවකි. පරාජයෙන් පසුව මහින්දද කියා තිබුණේ එම පරාජය පසුපස ඉන්දියාවද සිටියා යැයි කියාය. එමෙන්ම ඒ කතාව තවත් සත්‍ය බව තහවුරු වන්නේ පොහොට්ටුවේ න්‍යායාචාර්යවරයා වූ බැසිල් රාජපක්ෂ මහතාද පසු අවස්ථාවකදී එම පරාජය පිළිබඳව සිදුකළ ප්‍රකාශයකි. එහිදී බැසිල් කියා සිටියේ ඉදිරියේදී ඉන්දියාව සමඟ කිසිදු ගැටුමක් ඇතිකර නොගන්නා බවත්, අතීතයේදී එසේ වූවා නම් එය සිදුවූ අත්වැරැද්දක් බවත්ය. බැසිල්ගේ ඒ ප්‍රකාශය හරහාම ඔවුන් ඉන්දීය සාධකයේ ඇති වැදගත්කම වටහාගෙන ඇති බවක් පෙනෙන්නට ඇත.

නැගෙනහිර වරායෙන් ඉන්දියාව ඇවිස්සෙයි

කෙසේ වෙතත් කොරෝනා අර්බුදයෙන් පසු ගෙවුණු දින කිහිපය ඇතුළත ප්‍රසිද්ධියේ නැතත් ඉතාමත් අප්‍රසිද්ධියේ වත්මන් ආණ්ඩුවද ඉන්දියාව සමඟ ගැටුමකට ඇදී යන ආකාරයක් දැකගන්නට තිබිණ. මෙම ගැටුම මතුවූයේ කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව මැදිහත් වීමත් සමඟය. ඉන්දියාව මෙම නැඟෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා අවසර ඉල්ලුවේ ඉකුත් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමඟමය. ඒ අනුව යහපාලන ආණ්ඩුවද ඉන්දියාව, ජපානය සහ ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් අස්සන් කරමින් නැඟෙනහිර වරාය සංවර්ධනය කිරීම ඉන්දියාවටත්, ජපානයටත් පැවරීමට පියවර ගත්තේය. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමටද යහපාලන ආණ්ඩුව කටයුතු කළේය. නමුත් මේ තත්ත්වය තරමක් අර්බුදයකට ගියේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නැඟෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පළකිරීමත් සමඟය. මේ තත්ත්වය දෙරට අතර මතගැටුමක් දක්වා වර්ධනය වූ අතර, පසුව ගැටුම් හේතුකොටගෙනම ඉන්දියාව ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑම මන්දගාමී කළ ආකාරයක් දැකගත හැකි විය. ඒ හේතුවෙන්ම යහපාලන ආණ්ඩුවේ අවසන් කාලයේ ඉන්දියාව සමග තරමක නෝක්කාඩුවක් මතුව තිබිණ. නමුත් අස්සන් තැබූ ගිවිසුම ඒ ආකාරයෙන්ම පැවතිණ.

චීනෙන් දොඹකර 3ක් පැටවූ නැවක් පිටත් වෙයි

මෙසේ කලක් තිස්සේ නිහඬව සිටි ඉන්දියාව පසුගිය සතියේ හිටිහැටියේම යළි කරළියට පිවිසියේ කොළඹ වරායට චීන නැවක් පැමිණෙමින් ඇති බවට ලද තොරතුරක් මතය. මේ තොරතුර ලැබීමත් සමඟ ඉන්දියාව ගිනිගත් ආකාරයක් දැකගන්නට ලැබුණු අතර වහාම මෙම චීන නැවේ පැමිණෙන්නේ මොනවාද යන්න සොයා බැලීමට පියවර ගත්තේය. එහිදී ඔවුන්ට දැනගන්නට ලැබුණේ මෙම චීන නෞකාවේ දැවැන්ත දොඹකර තුනක් කොළඹ නැඟෙනහිර ජැටියට රැගෙන එමින් තිබෙන බවකි. යහපාලන ආණ්ඩු සමයේ එවකට ශ්‍රීලනිපය නියෝජනය කළ වරාය හා නාවික අමාත්‍යවරයා වූ මහින්ද සමරසිංහ මහතා විසින් සිදුකරනු ලැබ තිබූ ඇනවුමකට අනුව මෙම දොඹකර තුන චීනයෙන් පැමිණෙන බවක්ද ඉන්දියාවට දැනගන්නට ලැබිණ. මෙම දොඹකර තුන වරාය අධිකාරිය යටතේ ක්‍රියාක්මක වන ජයා ජැටියට රැගෙන එන බවක්ද ඔවුන්ට වාර්තා වී තිබිණ. චීනයෙන් මෙම නෞකාව පිටවද්දීම වඩාත් විමසිලිමත් වූ ඉන්දීය උකුසු ඇස් මෙම නෞකාව දෙස ඇහැ ගහගෙන සිටින ආකාරයක්ද දැකගන්නට ලැබිණ.

ඉන්දීය මහකොමසාරිස් බාග්ලේ වරාය ඇතුළටම යයි

ඒ අනුව ඉන්දීය රජයෙන් මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට පණීවුඩයක් ලැබුණේ මෙම නෞකාවෙන් රැගෙන එන දොඹකර තුන කුමන කටයුත්තක් සඳහා භාවිතා කරන්නේද යන්න සොයාබලන ලෙසටය. ඒ අනුව කළ සොයාබැලීම්වලින් පසු ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට දැනගන්නට ලැබුණේ දැනට වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන මෙම ජයා ජැටියට මෙවැනි විශාල දොඹකර අනවශ්‍ය බවත්, ඉන්දියාව යටතේ පවතින නැඟෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා මෙම දොඹකර රැගෙන එන බවත්ය. එම තොරතුර වාර්තා වීමත් සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයත්, මෙරට මහකොමසාරිස් කාර්යාලයත් දැඩි කලබලයට පත්විය. කොපමණ කලබලයට පත්වුණාද කියනවා නම් චීන දොඹකර තුන කොළඹ වරායට පැමිණීමට ඔන්න මෙන්න තියා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා වූ ගෝපාල් බාග්ලේ වහාම වරාය පරිශ්‍රයට පැමිණ මේ පිළිබඳව නිරීක්ෂණය කිරීමට කටයුතු කළේය. එහිදී යම් සිදුවීමක්ද සිදුවනු දැකගන්නට ලැබිණ. කෙසේ වෙතත් මෙහිදී ඉන්දීය මහකොමසාරිස්වරයාගේ වරායට පැමිණි ගමනේ අරමුණ වී තිබුණේ ලංකාව තම රජයට ලබාදී ඇති නැඟෙනහිර ජැටිය සංවර්ධනය කිරීමට කටයුතු කරනවාද යන්න දෑසින්ම දැකබලා ගැනීමත්, මෙම ජැටිය සංවර්ධනය කිරීමේ අයිතිය තම රජය සතුව පවතින බව ලංකාවට දැනුම්දීමත් විය යුතුය. ඒ අනුව මොහොතක් යෑමට මත්තෙන් වරාය අධිකාරිය ඇතුළේ ඉන්දීය මහකොමසාරිස්වරයාගේ මේ පැමිණීමේ පුවත වේගයෙන් පැතිර යන ආකාරයක් දැකගන්නට ලැබිණ. එතැන් සිට ඉන්දියාවේ දේශපාලන අධිකාරියද ඉතා වේගයෙන් ක්‍රියාත්මක ආකාරයත් සිදුවූ සිදුවීම්වලින් දැකගත හැකි විය.

මහින්දත් එක්ක කරපු කතාව

ඉන් පළමුවැන්න වූයේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා වහාම අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගැනීමය. නැඟෙනහිර වරායට චීන දොඹකර තුනක් පැමිණෙන බවට තම රජයට තොරතුරු ලැබී ඇති බවත්, ඊට තම රජය විරෝධය පළ කරන බවත් මෙහිදී පැහැදිලිවම කියා සිටි බාග්ලේ දෙරට අතර අස්සන් තබා ඇති අවබෝධතා ගිවිසුමට අනුව මෙම වරායේ අයිතිය ඉන්දීය රජයට පවතින බවද මහින්දට දැනුම්දී සිටියේය. දෙරට අතර සාකච්ඡාවකින් මිස මෙම අවබෝධතා ගිවිසුම අහෝසි කළ නොහැකි බව පෙන්වා දුන් බාග්ලේ මෙම සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රිකව ශ්‍රී ලංකා රජය වෙත විරෝධය පළකිරීමටද පියවර ගත්තේය.
මීට අමතරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි අතර අවසන් වරට පැවැති දුරකතන සාකච්ඡාවේදීද මෝඩි පැහැදිලිවම මෙම නැඟෙනහිර ජැටියේ ගැටලුව ජනාධිපතිවරයා වෙත දැනුම්දීමට පියවර ගෙන තිබිණ. අස්සන් තබා ඇති අවබෝධතා ගිවිසුමට අනුව එහි සංවර්ධන කටයුතු තම රජය වෙත ලබාදිය යුතු බවද මෝඩි එහිදී ජනාධිපතිවරයා වෙත දැනුම්දීමක් කර තිබිණ.

වරාය සේවකයෝ විරෝධතා අරඹයි

මේ ආකාරයට ඉන්දීය රජය ප්‍රසිද්ධියේම මෙම චීන දොඹකරවලට විරෝධය පළකිරීමත් සමඟ වරාය අධිකාරිය ඇතුළේද ඉන්දියාවට එරෙහිව බරපතළ විරෝධයක් මතුවන ආකාරයක් පෙනෙන්නට තිබිණ. ඊට මූලිකත්වය ගෙන තිබුණේ පොහොට්ටුව නියෝජනය කරන වරායේ වෘත්තීය සමිතිය. ඒ අනුව ඔවුන් ඉන්දීය මහකොමසාරිස්වරයාගේ වරාය ගමනට එරෙහිව වරාය ඇතුළේ විශාල විරෝධතාවක් දියත් කිරීමට පියවර ගත්තේය. මෙය එක්තරා ආකාරයකට ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා හා සමාන සිදුවීමක් විය. ඉන් ඉන්දීය රජයද දැඩි කැලඹීමකට පත්විය. මේ අනුව දිගින් දිගටම ඉන්දීය රජය සිය මහකොමසාරිස් කාර්යාලය හරහා ලංකා ආණ්ඩුවට පණිවුඩ එවූ අතර ඒ සෑම පණිවුඩයකින්ම කියැවුණේ නැඟෙනහිර වරාය ජැටිය සංවර්ධනය සිය රජයට ලබාදිය යුතු යැයි කියාය.

දවසට ලක්ෂ 95ක පාඩුවක්

පසුගිය සතියේ මෙම දොඹකර තුන රැගත් චීන නැව කොළඹ වරායට සේන්දු මෝදුවෙමින් පැවැති මේ ඉන්දීය විරෝධය මධ්‍යයේය. එම විරෝධය හේතුවෙන් මෙම චීන නැව වරාය ඇතුළට ඇතුළු නොකළ අතර එය වරායෙන් පිටත නැංගුරම් ලෑමට පියවර ගෙන තිබිණ. මේ තත්ත්වය යටතේ අලුත් අර්බුදයකට වරාය අධිකාරියට මුහුණදීමට සිදුවිය. ඊට හේතුවූයේ අදාළ නෞකාව වරායෙන් පිටත නවතා තබන දිනක් පාසා ප්‍රමාද ගාස්තු වශයෙන් දිනකට ලක්ෂ 95ක මුදලක් අදාළ නෞකා සමාගමට ගෙවීමට වරාය අධිකාරියට සිදුව තිබීමය. අනෙක් අතට වරාය අධිකාරියට අයත් ජයා ජැටියේ මෙම දොඹකර ගොඩබෑමට ඉඩකඩ මදිවීම නිසා අධිකාරිය මේ වන විට මුහුණදී සිටින්නේ බරපතළ අර්බුදකාරී තත්ත්වයකටය. ඒ අනුව මේ දිනවල එම දොඹකර රැගත් චීන නෞකාව හම්බන්තොට වරායට ගෙනයෑම සම්බන්ධයෙන් විශාල සාකච්ඡාවක්ද අධිකාරිය ඇතුළේ මතුව ඇති ආකාරයක් දැනගන්නට තිබේ.

ජපානයත් ගිවිසුමෙන් ඉවත් වෙයි

කෙසේ වෙතත් පසුගිය සතියේ බ්‍රහස්පතින්දා වන විට වරාය අධිකාරිය ඇතුළේ වෘත්තීය සමිති විරෝධය විශාල ලෙස ඉහළ ගොස් තිබීම මත වරාය කළමනාකාරීත්වයද මුහුණදී සිටියේ බරපතළ අර්බුදයකටය. එම නිසා මෙම රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තේරුම්ගෙන එය දුරදිග නොයවා වහාම විසඳා ගැනීම මේ මොහොතේ ඇති හොඳම විකල්පය බව බොහෝ දෙනාගේ මතයය. මෙම අර්බුදය යටතේ නැඟෙනහිර වරාය සංවර්ධනය කිරීමේ අනෙකුත් පාර්ශ්වයකරුවා වූ ජපානයද පසුගිය සතියේ බරපතළ තීන්දුවක් ගත්තේය. ඒ එම අවබෝධතා ගිවිසුමෙන් ඉවත් වීමටය. ජපානය යනු අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ඉතා නිර්ලෝභීව සිය දායකත්වය සැපයූ රටකි. නමුත් නව රජය පත්වීමත් සමඟ ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක වෙමින් පැවැති මාලඹේ – කොටුව කණු උඩ දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ ජපානය සිටියේ ලංකාව සමග එතරම් හිත හොඳකින් නොවේ. ඒ අනුව ජපානයද තීන්දු කළේ නැඟෙනහිර ජැටිය සංවර්ධන ව්‍යාපෘතියෙන්ද ඉවත් වීමටය. ඒ අනුව ඉන්දියාව සමඟ පමණක් නොව ජපානය සමඟද මේ වන විට බරපතළ රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බවක් දැකගන්නට ඇත. සාමාන්‍යයෙන් මෙවැනි ජාත්‍යන්තර අර්බුද නිර්මාණය වන්නේ ආණ්ඩුවක අවසාන කාලය ළංවන විටදී වුවත් වත්මන් ආණ්ඩුව බලයට පැමිණ තවමත් ඉතාම කෙටි කාලයක් පමණක් ගතවී තිබීම නිසා දැන්ම තියා මෙම තත්ත්වය සමබර කර ගැනීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී සියලු පාර්ශ්වයන්ට ඉතා තීරණාත්මක කාල වකවානුවක් එළැඹෙමින් තිබෙන බව නොකියාම බැරිය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

දුටුගැමුණු-එළාර යුද්ධය අවසන් කළ පින්බිමේ යුදවිරුවන් සැමරීමට ඉදිවන සඳහිරුසෑය

Next Post

ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත ජේ.සී. එළියට දමයි (VIDEO)

MORE NEWS

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

Load More
කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

ජනාධිපති මන්දිරවල ජනාධිපතිවරයා නොමැතිව සෙසු පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට තහවුරු වී ඇති බවත්, අරගල කාලයේ මෙන් වටිනා භාණ්ඩ අතුරුදන්...

Read more
අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.