අපි දිගින් දිගටම කීවා පී.සී.ආර් පරීක්ෂණ කරන්න කියලා. අද කොරෝනා දෙවෙනි රැල්ලත් ආරම්භ වෙලා. ඒත් ආණ්ඩුව තුනෙන් දෙක හොයනවා යැයි සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා (14) මාවනැල්ලේ දී කීවේය.
මාවනැල්ල සංවිධායක හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතා එම ජනහමුව සංවිධානය කොට තිබූ අතර අති විශාල ජනකායක් ඊට එක්ව සිටියහ.
සජිත් ප්‍රේමදාස මහතා එහිදී මෙසේද කීය.
වර්තමාන ආණ්ඩුව දේශපාලන පළිගැනීම ආරම්භ කරලා. තරුණයන් විශාල පිරිසක් රැකියාව එළියට දමලා. මම කියන්න කැමතියි, අපි අපි බලයට පත් වෙලා සති දෙකක් තුළ ඒ සියලු දෙනාටම නැවත රැකියා ලබාදෙන බව. ඒ වගේම කබීර් හෂීම්ඇමතිතුමා කියපු විශේෂ කාරණයක් පිළිබඳව මගේ දැඩි අවධානය යොමු වෙලා තිබෙනවා. ඒක තමයි රට පුරා තිබෙන ග්‍රාම සේවා වසම් දාහතර දහස් විසි දෙකේම අඩුම තරමේ එක ග්‍රාම සේවා වසමකින් දහදෙනා බැගින් රැකියා ගත කිරීමේ වැඩපිළිවෙළක් අපි ආරම්භ කරනවා. මිත්‍රවරුනේ පහුගිය ජනාධිපතිවරණයේ දී තිබුණු ආණ්ඩුව පරාජයට පත් කරලා අලුත්ම ආණ්ඩුවක් නිර්මාණය කලේ මීළඟට සෞභාග්‍යයේ ඉදිරි දැක්ම අරගෙන එනවා කියලා. ඒක විස්වාස කරපු හැටි හැට දෙලක්ෂයක් ජනතාව ඡන්දය ලබා දුන්නා. දැන් අපි අහනවා, වර්තමාන ආණ්ඩුවට රටට සෞභාග්‍යය ගෙන්න පුලුවන්ද? මේ රට ගොඩනගන්න පුලුවන්ද? රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් ද? රටේ ජනතාවට ආරක්ෂාව දෙන්න පුලුවන්ද? රටේ ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිත කරන්න පුලුවන්ද? මේ රටේ ආර්ථිකය ගොඩ නංවන්න පුළුවන් ද? ගෙවුනු මාස අට තුළ ඒ අය ඔප්පු කරලා තියෙන්නේ කුමක්ද? අසාර්ථකත්වය. නොහැකියාව. වැඩ බැරිකම. අසමත්කම ඇතුළු දේ නොවේද? ඔවුන් දිනෙන් දින ඔප්පු කරලා තිබෙන්නේ ඔවුන්ට ජනතාව වැදගත් නෑ කියන එකයි.
කොරොනා දෙවන රැල්ල පටන් අරගෙන ඉවරයි. මේ ව්‍යසනය මුළු රටටම පැතිරීමේ අවදානම ආරම්භ වෙලා ඉවරයි. අපි දිගින් දිගටම දිගටම පුනපුනා කියපු දේ ආණ්ඩුව වත් ආණ්ඩුවේ බලධාරීන් වත් තුට්ටුවකට මායිම් කළේ නෑ. පහුගිය ජනවාරි 24 කොරෝනා අනතුර පිළිබඳව මුලින්ම මම පාර්ලිමේන්තුවේදී කිව්වා. එතකොට ආණ්ඩුව හිනාඋනා. ඔච්චම් කළා. විහිළුවකට ගත්තා. ඊට පස්සේ පෙබරවාරි පස්වෙනිදා මම පාර්ලිමේන්තුවේ දී දීමේ අවදානම ගැන නැවත වතාවක් ප්‍රකාශ කළා. ඒ වෙනකොට චීනෙම මේ ව්‍යසනයෙන් පීඩා විදිමින් හිටියා. ආණ්ඩුව ඒ පිළිබදවත් පිළිබඳව සැලකිල්ලක් දැක්වූයේ නෑ. දිනෙන් දින අපි මේ ගැන රටට කිව්වා. ආණ්ඩුවට කිව්වා. හැබැයි ආණ්ඩුව ගණන් ගත්තෙ නෑ. වර්තමාන ආණ්ඩුව PCR පරීක්ෂණ කරනවා වෙනුවට ඡන්ද සමීක්ෂණ කරනවා .මේ අවදානම තුරන් කරන්න වෑයම් කරනවා වෙනුවට මැතිවරණය දිනන්න මෙහෙයුම් කරනවා. ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන්න කැප වෙනවා වෙනුවට තුනෙන් දෙක ගන්න මහන්සි වෙනවා. අද වෙනකොට මුළු රටම අවදානමක.
කොවිඩ් තාක්ෂණ ඇගයීම් කමිටුව මාස එකහමාරකින් රැස්වෙලා නෑ කියලා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා.
අනතුර ගැන කරපු අනතුරු ඇගයීම් ආණ්ඩුව ගනන් ගත්තේ නෑ කියලා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කියනවා.
මේ වෙලාවේ මැතිවරණය එපා, ඡන්ද වැඩට සහය දෙන්නේ නෑ කියලා පී එච්.අයි මහත්වරු කියනවා.ජීවිත අනතුරේ දාගෙන රෑ දවල් මහන්සි වෙච්ච සෞඛ්‍ය සේවකයින්ට අතිකාල නෑ කියලා ඒ අය උද්ඝෝෂණය කරනවා.
මේ ආණ්ඩුව රට කොතනටද අරගෙන ගිහින් තියෙන්නේ.
මැතිවරණයයි තුනෙන් දෙකයි බලය ලබා ගැනීමයි පමණක් අරමුණු කරගත්තා ආණ්ඩුව මිනිස් ජීවිතය සම්බන්ධව තඹ සතයකට මායිම් කරන්නේ නැහැ උන්ගේ නොහැකියාව වැඩ බැරි කම ඔප්පු කරා පමණක් නෙවෙයි මේ මාස අට තුළ ඔවුන් ජනතාව ගැන හිතන්නේ නැහැ කියන එකත් ඔප්පු කරලා ඉවරයි එනිසා අපි කියනවා ඉදිරියේදී පත්වෙන ඔබේ ආණ්ඩුව ඒකාන්ත වශයෙන්ම මේ රටේ ජනතාවාදීම ආණ්ඩුවයි කියලා මම තමුන්නාන්සේලාට කියනවා.
මේ වෙලාවේ කියන්න කැමතියි,බලයට පත්වූ වහාම මේ රටේ ජනතාව වෙනුවෙන් කරන මූලිකම කටයුත්ත මොකක්ද කියලා. ලෝකෙම පිළිගත්ත ක්‍රමවේදය තමයි ආර්ථිකය ගොඩගැනීම වෙනුවෙන් ජනතාව අතට මුදල් ලබාදීම. එහෙම මුදල් ලබාදුන්නම ලබා දුන්නම ඒ ජනතාව පරිභෝජනය කරනවා, ආයෝජනය කරනවා , ඉතිරි කරනවා.ඒ තුලින් ආර්ථිකය ඉහළට එනවා. මේක තමයි විදිය ලෝකෙම පිළිගත් ක්‍රමවේදය . ජන සමාජය තුළ ජීවත්වෙන අන්ත අසරණ ජනතාව එදිනෙදා කුලී වැඩ කරන ජනතාව සාමාන්‍ය ස්වයං රැකියාවක් කරන ජනතාව මේ වගේ සමාජයේ පහළ පීඩිත තත්ත්වයෙන් ජනතාව අගාධයෙන් ගොඩ නැංවීම වෙනුවෙන් අපි බලයට පත් වුණු වහාම රුපියල් විසි දහස බැගින් මාසෙකට ලබාදෙන බව සහතික වෙන්න කැමතියි .බල ප්‍රදේශය රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ජනසවිය ව්‍යාපෘතියෙන් පෝෂණය වු ප්‍රදේශයක්. අපි ඒ රුපියල් විසිදාහ දෙන්නේ අවිධිමත් විදිහට යොදවන්න නෙවෙයි. ගෙදර ගෘහණිය මූලික කරගත්ත විශේෂ වැඩපිළිවෙළක් හරහා ඔවුන්ගේ ගෘහයේ ආර්ථික පුනර්ජීවනය ඇති කිරීම වෙනුවෙන් ඒ මුදල අපි ලබාදෙනවා. දේශපාලන කුහකයෝ දැන් අහනවා, එහෙම දෙන්න සල්ලි කෝ කියලා. එහෙම අහන අයට අපි කියනවා, දෙපැත්ත පත්තුවෙන විලක්කුවක් වගේ තිබිච්ච රටක් භාරගත්ත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මේ රටේ පාසල් දරුවන් හතලිස් තුන් ලක්ෂයකට නොමිලේ දිවා ආහාරය දුන්නා. හතලිස් තුන් ලක්ෂයකට නොමිලේ නිල ඇඳුම් දුන්නා. රටපුරා ඇගලුම් ශාලා ආරම්භ කරලා දහස් රැකියා අවස්ථා උදා කරල දුන්නා. ගම්උදා නිර්මාණය කරලා ආර්ථික නවෝදයක් ගෙනත් දුන්නා. ජනාධිපති ජංගම සේවය රට පුරා කියලා විශාල වැඩ කොටසක් කළා.මුලු රට පුරා ගෙවල් හැදුවා. එහෙම කළේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා දෙපැත්ත ගිනිගත්තා රටක. ඒ තරම් විශාල වැඩ කොටසක් කරන්න එතුමට එතුමට පුළුවන් වුණා නම් එතුමාගේ පුතා වෙච්ච සජිත් ප්‍රේමදාසට මේ රටේ පීඩිත ජනතාව වෙනුවෙන් රුපියල් විසිදාහක් දෙන්න බැරිද කියලා මම තමුන්නාන්සේලාගෙන් අහනවා. ඒ වැඩපිළිවෙළ හරහා අපි කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිර්මාණය කරනවා. කොමිස් ගහන්න හුරුවෙච්ච, අල්ලස් ගන්න හුරුවෙච්ච, හොරකම් කරන්න හුරුවෙච්ච සමහර කොටස් මේ වැඩසටහනට විරුද්ධව එක එක කතා කියනවා. හැබැයි අපි අපේ ආණ්ඩුව ආරම්භ කරපු වහාම මේ රටේ පහළ පීඩිත ජනතාව ගොඩනංවන රුපියල් විසිදාහ ලබාදීමේ වැඩසටහන වැඩසටහන ක්‍රියාත්මක කරනවා.
තමුන්නාන්සේලා දන්නවා මේ වෙනකොට මුලු ලෝකෙම තෙල් මිල පහළ බැහැලා. අපි දිගින් දිගටම ආණ්ඩුවට කිව්වා, මේ සහනය ජනතාවට දෙන්න කියලා. නමුත් ආණ්ඩුව කියනවා මාස 12 ක ට තෙල් මිල අඩු කරන්න බැහැ කියලා. මුළු රටම මහා ව්‍යසනයක තියෙද්දිත් තෙල් මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබා නොදී ආණ්ඩුව අධික ලාභයක් ලබනවා.මම කියන්න කැමතියි,අපි බලයට පත්වූ වහාම පැය විසිහතරක් ඇතුළත තෙල් මිල පහළ දානවා.
අපට මතකයි, පහුගිය දවස් වල පොල්ගෙඩි අකුරෙන් පත්තරවල හෙඩ්ලයින් ගැහුවා 4% සහන ණය ණය ජනතාවට ලබා දෙනවා කියලා. මුළු රටම හිතුවා ජනතාවට ඒ සහනය ලැබෙයි කියලා.අපි අහනවා ඔය කියන සහනය ලැබුණු අය ඉන්නවද කියලා.ඒ වගේම මාර්තු,අප්‍රේල් විදුලි බිල කපනවා කීවා.අපි අහනවා එහෙම කපලද කියලා .
මිත්‍රවරුනි මේ ආණ්ඩුව ජනතාද්‍රෝහී ආණ්ඩුවක් කියන එක ඔප්පු කරලා ඉවරයි.ඒ නිසා මේ තකතීරු ආණ්ඩුව එලවමු කියලා තමුන්නාන්සේලාට මම ආරාධනා කරනවා.










