එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (26) සවස 3ට කැදවා ඇත. එහිදී සජිත් ප්‍රේමදාස මහතාගේ නම ජනපති අපේක්ෂකත්වය සදහා යෝජනා කිරීමට නියමිතය.
ඉන් අනතුරුව සවස 5ට එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම කැදවා ඇති අතර එහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ගනු ලැබූ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
පසුව එක්සත් ජාතික පෙරමුණේ නායකයන්‌ගේ රැස්වීමක් අද සවස 6ට කැදවා ඇති අතර එහිදී පක්ෂයේ තීන්දුව එම නායකයන්ට දැනුම් දීමට නියමිතය.