ඊශ්‍රයාලය සහ පලස්තීනය අතර ඇතිව තිබෙන ගැටුම්කාරී තත්ත්වය මානුෂිය ඛේදවාචකයක් මෙන්ම ජාත්‍යන්තර ආරක්ෂාවට බරපතල තර්ජනයක් බවත් භූ දේශපාලනය තුළ මැදපෙරදිග ඇතිව ඇති මේ අස්ථාවරභාවය ජාත්‍යන්තර ඛේදවාචකයක් දක්වා දිගුවකට ගෙන යාම වැළැක්වීම සියලු දෙනාගේම වගකීමක් බවත් එම ප්‍රදේශවල සේවය කරන ශ්‍රී ලාංකේය රට විරුවන් රැකගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.
එසේම රටට හුස්ම බෙදන ඩොලර් ගෙන එය මේ ගැටුම් ඇති කලාපයේ සිටින රට විරුවන් ගැන සංවේදීභාවයක් වත්මන් රජයට නොමැති බවත් ඔවුන් රට විරුවෝ වෙන්නේ මැතිවරණ සමයේ පමණක් බවත් මේ ආකාරයට අවස්ථාවාදීව මෙම රට විරුවන් ප්‍රයේජනයට ගැනීම සිදු නොකළ යුතු බවත් මේ අවස්ථාවේ රට විරුවන් වෙනුවෙන් පෙනී සිට ඔවුන් රැක ගැනීම අපේ යුතුකම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී පලස්තීන ඊශ්‍රයාල අර්බුධය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් අදහස් දක්වමිනි.
මේ මොහොත වන විටත් කැලනියේ පදිංචි අනුලා ජයතිලක මහත්මිය එම ගැටුම් හේතුවෙන් මියගිය බවත් වෙන්නප්පුව ප්‍රදේශයේ යටවර බණ්ඩාර නැමැති පුද්ගලයාද අතුරුදන් වී ඇති බවත් තවත් ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලබා ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා සිටියේ ගාසා තීරයේ උතුරේ සිට දකුණට ගමන් ගන්නා ජනතාව අතර ශ්‍රී ලාංකිකයන් 17 දෙනකු සිටින බවත් ඔවුන් ඊජිප්තුවේ රෆා දේශසීමාවේ පිවිසුවෙන් ඊජිප්තුව වෙත ගෙන්වා ගැනිමටත් කටයුතු කර ඇති බවයි. එසේම ජෝර්දානයේ සිට ඊශ්‍රයාලයට අනවසරයෙන් ඇතුළු වූ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනා ජෝර්දාන දේශසීමා ආරක්ෂක අංශවලින් අත්අඩංගුවට පත්ව ඇති නමුත් ඒ අය සම්බන්ධ තොරතුරු මෙතෙක් වාර්තා වී නැති බවත් ඊශ්‍රයාලයේ 8000ක් ශ්‍රී ලංකිකයන් සිටින අතර ඉන් 1000ක් නීත්‍යානුකූල නොවන බවට විදේශ කාර්යාංශයේ තොරතුරු ඇති නමුත් ඒ අය නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවූවත් ඔවුන් රට විරුවන් බැවින් ඔවුන්ගේ ප්‍රේෂණ තුළින් රටට යහපතක් වන බැවින් ඔවුන් ආරක්ෂා කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේ ම මේ මොහොතේ අපේ වගකීම වන්නේ ශ්‍රමිකයන්ගේ සුරක්ෂිතභාවය හා ආරක්ෂාව තහවුරු වන ආකාරයේ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම බවත් මේ සටන්කාමී තත්ත්වය නිර්මාණය වී දින ගණනාවක් ගත වුවත් රජය විසින් මෙම අර්බුධය නිසා සංචාරක ව්‍යාපාරයට, ඉන්ධන මිලට, ආනයන හා අපනයනවලට සිදුවන බලපැම සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් රට විරුවන්ට සිදුවන විපත්තීන් ගැන කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ ගැටුම්කාරි තත්ත්වය නිසා බොරතෙල් බැරලයක මිල ඩොලර් 4කින් ඉහළ ගොස් ඇති බවත් මේ නිසා රටක සියලුම ක්‍රියාවන්හි පිරිවැය ඉහළ යන නිසා මේ තත්ත්වය තුළ අපේ රටේ බලශක්ති මිල පාලනය කිරීමට රජය ගන්නා පියවර කුමක්ද? කියා රජයට කිසිදු අවබෝධයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙම සිදුවීම නිසා මෙරට ජාතික ආරක්ෂාවට වුව තර්ජනයක් විය හැකි බවත් එම නිසා අපේ රට ජාති ආගම් කුල භේදයකින් තොරව සුරුකිය යුතු බවත් ජාතික ආරක්ෂාවට හානියක් වන සිදුවීම් ගැන විවිධ වාර්තා පළවන විට ඒ සම්බන්ධ ප්‍රකාශයක් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියත් රජය ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් මේ වන විටත් සිදුකර නොමැති බවත් ඇතිව තිබෙන මේ ඛේදනීය තත්ත්වය තුළ අප රටට සිදුවන බලපෑම් ගැන පුළුල් ලෙස කටයුතු කළ යුතු බවත් රටේ ආරක්ෂාව තහවුරු කිරිමට ගත හැකි සැම පියවරක්ම ගැනීමට සහයෝගය පළ කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසිය.
එසේම පලස්තීන හා ඊශ්‍රයාල රජයන්ගෙන් ඉල්ලා සිටින්නේ සිවිල් ප්‍රජාව ඝාතනය කරන, දරුවන් කාන්තාවන් හා මව්වරුන් අත්අඩංගුවට ගැනීම, මිලේච්ච ආකාරයෙන් රොකට් හා ගුවන් ප්‍රහාර සිදු කිරිම වහා නවතන ලෙස ඉල්ලා සිටින බවත් ත්‍රස්තවාදයත් රාජ්‍ය ත්‍රස්තවාදයත් යන දෙකම තරයේ හෙලා දකින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ ය.