කතානායක ධූරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග දුරකතන සංවාදයක නිරත වී ඇති බව දැනගන්නට තිබේ.
කතානායක ධුරය වාසුදේව නානායක්කාර මහතාට ලබා දීමේ සූදානමක් පිළිබදව මේ දිනවල සාකච්ජාවක් මතුව තිබීම මෙම දුරකතන සංවාදය සදහා හේතු වී ඇති බව දැනගන්නට ඇත.
එහිදී වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ තවමත් බහුතර බලයක් පවතින තම පක්ෂය ආණ්ඩු බලය ලබා දීමේදී කතානායක ධුරය වෙනස් නොකරන බවට දෙපාර්ශ්වය අතර එකගතාවක් පැවැති බවකි.
එම එකගතාව මත පිහිටා කටයුතු කරන ලෙසද වික්‍රමසිංහ මහතා මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.










