හෙරොයින් කිලෝ 100ක් සමග ඊයේ (22) සවස ඉන්දීය මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති එම්.එම්. නවාස් නැමැති ශ්‍රී ලාංකිකයා නාකොටික් හිටපු ප්‍රධානී රංගජීව මහතා ඝාතනය කිරීමට තැත් කළ පිරිසේ ප්‍රධාන චරිතයක් බව මේ වනවිට අනාවරණය වී ඇත.
මාකදුරේ මධූෂ්ගේ සැලසුමකට අනුව රංගජීව මහතා පිළියන්දල ප්‍රදේශයට රැගෙන ඒමට ඔත්තුව දී ඇත්තේ මෙම නවාස් විසින් බවද අනාවරණය වී තිබේ.
ඔහු එදින රංගජීව සමග එකම වාහනයේ නැගී විත් වෙඩි තැබීමට මොහොතකට පෙර වාහනයෙන් බැස ගොස් ඇති බවද මේ වනවිට අනාවරණය කොටගෙන ඇත.
කෙසේවෙතත් ඊයේ දින ඉන්දියාවේ චෙන්නායි නුවර දී සිදුකළ වැටලීමකින් මෙම සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාව වන විට ඔවුන් සතුව තිබී රුපියල් කෝටි 1,000ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් ද සොයා ගෙන ඇත.
M.M. නවාස් සමග මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ මොහොමඩ් අෆ්නාස් ය.
මෙම සැකකරුවන් දෙදෙනාට පාකිස්තානය, ඇෆ්ඝනිස්තානය, ඉරානය, ශ්‍රී ලංකාව, මාලදිවයින සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා ඇති බවට ද කරුණු හෙළිවී ඇත.