නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හරකුන් 50ක් රැගෙන කොළඹ විහාරමහාදේවී උද්‍යානයට පැමිණීමට සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගව ඝාතන තහනම් කිරීම සදහා කළ යෝජනාවට සහයෝගය දැක්වීම පිණිස මෙසේ උන්වහන්සේ විසින් හරකුන් 50ක් රැගෙන කොළඹ පැමිණීමට නියමිතය.
මෙම කටයුත්ත සදහා තවත් ස්වාමීන් වහන්සේලා කිහිප නමක් සම්බන්ධ වීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.










