වර්තමාන ආණ්ඩුව වැඩ කරන ජනතාවට ඇහුම්කන් නොදෙන බවත්, වෘත්තීයවේදීන් රට හැරදමා යෑම සෑම ක්ෂේත්‍රයකටම දරුණු ලෙස බලපාන බවත්, රටේ බුද්ධි ගලනය වහාම නැවැත්විය යුතු බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සදහන් කළේය.
අද(21) පෙරවරුවේ නාවල නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහා මේ බව කීය.
රාජ්‍ය ආදායම වැඩි කිරීමේදී මහජනතාව බිල්ලක් වශයෙන් තබා නොගත යුතු බවත්, රාජ්‍ය වියදම් වල විනිවිදභාවයක් තිබිය යුතු බවත්, නව ආණ්ඩුවක් තුළ ප්‍රථම වශයෙන් කළ යුත්තේ විද්වත්,උගත් හා පරිණත පුද්ගලයන්ගේ අදහස් මත බදු ප්‍රතිපත්තියක් ගොඩනැගිය යුතු බවත් ඒ මහතා අවධාරණය කර සිටියේය.
13 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව පෙන්වා දුන් ඒ මහතා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය හිමි නොවන බවට පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසූ බවත්, ජනාධිපතිවරයාගේ යෝජනා ක්‍රියාත්මක කිරීමට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය අත්‍යවශ්‍ය බවත්,වත්මන් රජය ජනමතයට බය බවත් පෙන්වා දුන්නේය.