නිමිඇදුම් ආනයනය කිරීමේදී ආණ්ඩුව විසින් පනවනු ලැබ තිබූ බදු ඉහළ දැමීමේ ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට ආණ්ඩුව තීන්දු කොට ඇති බව පැවසේ.
මෙම ගැසට් පත්‍රය හේතුවෙන් රැකියා විශාල ප්‍රමාණයක් අහෝසි වී යනු ඇති බවට ව්‍යාපාරිකයන් රැසකගෙන් ආ ඉල්ලීම් මුල් කරගෙන මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව ඉදිරියේදී නිමි ඇදුම් ආනයනය කිරීම සදහා අවසර ලබා දීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වේ.










