• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවට හැදී ඇති ලෙඩ ගොඩක් සජිත් පෙන්වා දෙයි! ජීවිත දෙවියන්ට බාර දෙන්න නම් ආණ්ඩුවක් මොකටද? (VIDEO)

August 12, 2021
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
අපේ රටට එන්නත් දෙන්න: සජිත් විදේශ රටවලින් ඉල්ලයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජීවිත දෙවියන්ට බාර දෙන්නට නම් ආණ්ඩුවක් කුමකටද යනුවෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩූවෙන් ප්‍රශ්න කර සිටී.

කිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා මේ බව පෙන්වා දී ඇත.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

කොරෝනා මරණ සංඛ්‍යාව 5400 ඉක්මවමින් බිහිසුණු ඛේදවාචකයක් වෙත අපේ රට පත්ව ඇති බව කණගාටුවෙන් උවත් පිළිගත යුත්තකි.සත්‍ය දත්ත මීට වඩා භයානක අගයක් ගන්නවා විය හැකි අතර තත්ත්වය මෙතරම්ම උග්‍ර අතට හැරෙන්නට දීමෙහි සම්පූර්ණ වරද ආණ්ඩුව බාරගත යුතු බව අපි අවධාරණය කරමු.

එහෙත් ආණ්ඩුවේ වගකිවයුතු ඇමතිවරයෙක් ප්‍රකාශ කොට ඇත්තේ ඉදිරිය ” දෙවියන්ට බාර දිය යුතු ” බවය.මෙතරම් අමනෝඥ ලෙසත්,මෙතරම් වගකීම් විරහිත ලෙසත් ආණ්ඩුව හැසිරෙන්නේ මරණ සහ ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය අතින් ලෝකයේ අංක එකට ශ්‍රී ලංකාව පත්ව තිබියදී ය .

සමස්ත රටේ ජනතාව කෙසේ වෙතත්, තමන්ට ඡන්දය ලබා දුන් 69 ලක්ෂයක් වූ ජනතාවගේ බුද්ධියට ද නිගා දෙන මට්ටමේ ප්‍රකාශ නිකුත් කිරීමට තරම් ආණ්ඩුව පිරිහී තිබීම කණගාටුදායක ය.

කොරෝනා ව්‍යසනය මෙරට ආක්‍රමණය කරන බව අප කල්තියා දැනුම් දී තිබියදීත් ඒ පිළිබඳ කිසිදු ආකාරයක මැදිහත්වීමක් නොකළ ආණ්ඩුව කොරෝනා ව්‍යසනය මෙරට ආක්‍රමණය කළ විටද හැසුරුණේ අතිශය උන්මත්තක,වගකීම් විරහිත විලාසයෙනි .

◼️මුල සිටම මේ කොරෝනා ව්‍යසනය තමන්ගේ දේශපාලන ව්‍යාපෘතියක් බවට පත් කර ගත්තේ ආණ්ඩුවය. තමන් විසින් කොරෝනා පරාජය කළ බවට පුරසාරම් දොඩමින් ආණ්ඩුව මැතිවරණ ප්‍රචාරක කටයුතු කළ ආකාරය ජනතාවට මතක තිබේ.

◼️වහාම මෙරටට කොරොනා එන්නත කල් තියා ඇනවුම් කරන ලෙස පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් අනේක වාරයක් අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටි අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් විවිධ තානාපතිවරු හමු වූ සෑම අවස්ථාවකම අප ඉල්ලා සිටියේ මෙරටට අවශ්‍ය කරන එන්නත් ලබාදීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසය.

 ◼️නමුත් මේ සියල්ල  උපහාසයෙන් යුතුව බැහැර කළ ආණ්ඩුව ඒ වෙනුවට ධම්මික පැණිය ප්‍රචලිත කළ අතර එය පාර්ලිමේන්තුවටම රැගෙන ආවේය .පාර්ලිමේන්තුවේ ඇතැම් ඇමතිවරුන්ම ඊනියා පැණි ප්‍රචාරක නියෝජිතයින් බවට පත්වූහ.ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු ගංගා වලට මුට්ටි දැමීම ජනගත කළ අතර මිත්‍යාවේම ලැග ගෙන සිටියේය.

◼️තත්ත්වය උග්‍ර වනවිටත් එන්නත් ආනයනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන විට ව්‍යසනය සමාජගතවී අවසන් ය. 
එන්නත්කරණයේ වැදගත්කම පිළිබඳව අප පාර්ලිමේන්තුවේ හඬ නැගූ සෑම විටම ඊට එරෙහිව අවලාද නැගූ මැති ඇමැතිවරුන් එහි බරපතලකම අවබෝධ කර ගත්තේ තමන්ටද කොරෝනා ආසාදනය වූ විට ය.

◼️එන්නත් නියමිත වේලාවට ලබා ගැනීම, මුල්‍ය සම්පත් වෙන් කිරීම, මානව සම්පත් පුහුණු කිරීම, එන්නත් බෙදා හැරීම, සැලසුම් කිරීම සහ ප්‍රමුඛතාවය දිය යුත්තේ කාටද යන්න පිළිබඳව පැහැදිලි සැලැස්මක් අප විසින් නිරන්තරයෙන් ඉදිරිපත් කළ නමුත් ආණ්ඩුවට එවැනි සැලැස්මක්  තිබුණේ නැත. ඒ පිළිබඳව තැකීමක් කළේ ද නැත.
කැනඩාව වැනි රටවල් එක් පුරවැසියෙකුට එන්නත් මාත්‍රා කිහිපයක් වෙන් කරගත් අතර අදත් එම රටවල එන්නත් අතිරික්තයක් තිබේ.නමුත් අපේ රටේ පළමු එන්නත හෝ නොලද පිරිස් තවමත් සිටී.

◼️අප එදා සිට මේ දක්වා කල්තියා කියන ලද සියල්ල නිවැරදිවී ඇති අතර මේ මොහොතේ ආණ්ඩුව කළ යුත්තේ වහාම එන්නත් තුන්වෙනි මාත්‍රාව ඇණවුම් කිරීමය.
◼️මේ වනවිටත් අපේ රටේ කොරෝනා ව්‍යසනයෙන් මියගිය 80%ට වැඩි ප්‍රතිශතය වයස 60 ඉක්මවූවන් ය.සෞඛ්‍යමය රෙගුලාසි ප්‍රකාරව එන්නත්කරණයේදී ප්‍රමුඛත්වය දියයුතුව තිබුණේ ඔවුන්ට ය.ආණ්ඩුව එය සාහසික ලෙස පැහැර හැරියේ වයස 60 ඉක්මවූ පිරිස්වල ජීවිත නොසලකා හරිමින් ය.
මුල සිටම ආණ්ඩුව  එන්නත්කරණයේදීත් ඊට බලපුලුවන්කාරකම සහ දේශපාලනය ගාවාගත් අතර එන්නත්කරණය සම්බන්ධයෙන් අදටත් ඉදිරිපත්වන වාර්තා ද පරස්පර ය.

◼️කොරෝනා ව්‍යසනය පරාජය කළ සෑම රටක්ම පාහේ එය සිදුකළේ එන්නත්කරණය තුළින්ය.ඒ සෑම රටක්ම සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයන්ට මේ කටයුත්ත භාර දුන්නේය.නමුත් අපේ රටේ සිදු වුණේ එවැනි විශේෂඥයින් පසෙකට දමා හිතුමනාපයට තීන්දු තීරණ ගැනීමය.

◼️වෛද්‍ය මලික් පීරිස්, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම,වෛද්‍ය අනිල් ජාසිංහ,වෛද්‍ය රවී රනන්එලිය ඇතුළු විශේෂඥයින්ගේ උපදෙස් ඉවත දමා මේ මෙහෙයුමෙන් ඔවුන් පසෙකට කළ ආණ්ඩුව, අඩු තරමේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වෛරස් පිළිබඳව විශේෂඥයෙකු වන මහාචාර්ය තිස්ස විතාරණගේ උපදෙස් පවා පිළිගත්තේ නැත.

◼️ජර්මන් චාන්සලර් මර්කල් මහත්මිය කියා සිටියේ තමන් හෝ කැබිනට් මණ්ඩලය සෞඛ්‍ය හෝ විද්‍යාව නොදන්නා බවත් කෝවිඩ් පාලනය කිරීමට වෛද්‍ය විශේෂඥයින්ට සහ වෛද්‍ය විද්‍යාඥයින්ට භාර දී ඇති බවත් ය.ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයා පවසා ඇත්තේ ද එවැන්නක්ය.ලෝකය එවැනි ආදර්ශ ලබා දෙද්දී අපේ රටේ තත්ත්වය සහමුලින් ම වෙනස් ය.

රටට කොරෝනා ආසාදනය වී තිබියදී ආණ්ඩුවට ආසාදනය වී ඇත්තේ බල උන්මාදය, පුහු මාන්නය,උද්දච්චකම සහ වගකීම් විරහිතකම නැමැති රෝගයන් ය. අවාසනාවට ඉන් වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ රටේ ජනතාවට ය .

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක

SendShareShare
Previous Post

එක ආසාදිතයෙක් හමුවෙයි! කැන්බරා අගනුවර සතියකට වසා දමයි!

Next Post

ආණ්ඩුව කිරිපිටි බදු අයින් කළේ වරායේ මෙට්‍රික් ටොන් 4200ක් ගොඩබා තිබියදී! වංචාවක් ගැන ජාතික සංවිධාන ජනපතිට ලියයි!

MORE NEWS

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

Load More
සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට සමාජ මාධ්‍යවලින් පහර එල්ල කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස්...

Read more
මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.