පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කොට විදේශ ගමන් බලපත්‍ර 2ක් ලබා ගෙන තිබීමේ සිද්ධියක් මුල්කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
බ්‍රිතාන්‍ය පුරවැසියකුව හිදිමින් ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කොට මෙසේ විදෙස් ගමන් බලපත් දෙකක් ලබාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කොට තිබේ.
සමාජ ක්‍රියාකාරිකයකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට ඇත.
සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි ඩයනා ගමගේ පසුව 20 වන සංශෝධනයට සහාය දෙමින් ආණ්ඩුවට එක්විය.











