සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ඊයේ (25) මතුගම සංවිධාන කර තිබූ මහජන රැලියට කළුතර නියෝජනය කරන එජාපයේ කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහභාගී වී නොසිටීම විශේෂ සිදුවීමක් ලෙස වේදිකාවේදී කතාබහට ලක්ව ඇත.
කළුතර නියෝජනය කරමින් එජාපයේ රාජිත සේනාරත්න, පාලිත තෙවරප්පෙරුම හා ලක්ෂ්මන් විජේමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටියද ඒ කිසිදු මන්ත්‍රීවරයකු අජිත් පී. පෙරේරා මහතා සංවිධාන කළ මෙම රැස්වීමට සහභාගී වී නොතිබිණ.
මේ සම්බන්ධයෙන් ඒ මොහොතේම වේදිකාවේ සිටි එජාප ප්‍රබලයන් විමසීමක් කර ඇති අතර එහිදී ඔවුන්ට දැනගන්නට ලැබී ඇත්‌තේ අජිත් පී. පෙරේරාට විරෝධය පළ කිරීමක් ලෙස ඔවුන් එම වේදිකාවට ගොඩ වී නොමැති බවකි.