• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

IPL ඉවරයි I Sri Lanka Latest News

June 5, 2023
in Exclusive, News, Sports
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දෝනි දෙවියෙක් වෙයි…
ජඩේජා රජ වෙයි…
අපේ එවුන් බැබළෙයි…

මෙවර අයි.පී.එල්. තරගාවලිය නිමා වෙන්නේ වඩාත්ම තීරණාත්මක අවසාන තරගයකුත් එක්ක. අවසාන තරගයක් අපේ රටේ අය මේ තරම් උනන්දුවෙන් නැරඹූ ප්‍රථම අවස්ථාව සමහර වෙලාවට මේක වෙන්නත් පුළුවන්. (Sri Lanka Latest News)

මීට කලින් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් ලසිත් මාලිංග ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක් විදියට අවසන් මහා තරගවලට ක්‍රීඩා කරලා තිබුණායින් පස්සේ අපේ ක්‍රීඩකයෝ දෙන්නෙක්ම එකම කණ්ඩායමක අවසන් මහා තරගයට සූදානම් වෙච්ච ප්‍රථම අවස්ථාව සමහර විට මේක වෙන්නත් පුළුවන්. ඒකට හේතුව තමයි අපේ ක්‍රීඩකයන්ට කාලයක් තිස්සේ අයි.පී.එල්. දොර ඇරිච්ච නැති එක.

මේ දශකයේ මේ පරම්පරාවේ ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක්ට අයි.පී.එල්. යන්න ලැබුණේ නෑ. චමින්ද වාස්ලා, මුත්තයියා මුරලිදරන්ලා, සංගක්කාරලා, සනත් ජයසූරියලා, මැතිව්ස්ලා, තිලකරත්න ඩිල්ෂාන්ලා අයි.පී.එල්. ගියා. පස්සේ දීර්ඝකාලීනව අයි.පී.එල්. දොර ලංකාවට වැහුණා. මේ වැහිල්ලේ තියෙන විශේෂත්වය තමයි අයි.පී.එල්. කණ්ඩායම්වල කළමනාකාරීත්වයට අදාළ තනතුරුවලට අපේ ක්‍රීඩකයෝ පත්වුණාට පස්සේ තමයි විශේෂයෙන් මේ වැඩේ වෙන්න පටන් ගත්තේ. මුත්තයියා මුරලිදරන්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර මේ කණ්ඩායම්වල පුහුණුකරුවන් ඇතුළු විශේෂ තනතුරු දරනවා මේ කාලෙ වෙද්දී. හැබැයි ඒ කණ්ඩායමකට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ව සම්බන්ධ කරගන්න ඒගොල්ලො කිසිසේත්ම කටයුතු කරලා නැහැ.

ඔවුන් ශ්‍රී ලාංකිකයන් කළමනාකාරීත්ව හෝ පුහුණුකාරීත්වය හෝ වෙනත් කුමන හෝ කටයුත්තකට දායක වෙලා ඉන්න කණ්ඩායම් හැර, අනෙක් කණ්ඩායම්වලට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනකුට පහුගිය දවස්වල ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණා. ලසිත් මාලිංගත් මේ දවස්වල කණ්ඩායමක පුහුණු කරුවන් පිරිසක් එක්ක වැඩ කරමින් ඉන්නවා. ඔහුගේ කණ්ඩායමටත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ කිසිම ක්‍රීඩකයෙක්ට ක්‍රීඩා කරන්න ලැබුණේ නෑ.

මේ වතාවේ ක්‍රීඩා කරන්න ලැබුණේ ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයෝ හතර දෙනකුට විතරයි. එක්කෙනෙක් තමයි වනිඳු හසරංග. ඔහුට ආර්.සී.බී. කණ්ඩායමට නිත්‍ය වශයෙන් ඇතුළත් වීමේ අවස්ථාව උදාවුණා. ඒ වගේම ඉන් පස්සේ මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ කියන ක්‍රීඩකයෝ දෙන්නට අයි.පී.එල්. කණ්ඩායම්වලට ක්‍රීඩා කරන්න ලැබුණා. මහීෂ් තීක්ෂණ නම් ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක්.

ඔහු දක්ෂ පන්දු යවන්නෙක් විදියට අපිත් පිළිගන්නවා. හැබැයි මතීෂ පතිරණ කියලා කියන්නේ තාම පොඩි එකෙක්. ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් ඔහු ක්‍රීඩා කරලා තියෙන්නේ එකම එක තරගයක් විතරයි. ඒ තරගයෙන් පස්සේ ඔහුට හුඟක් දවස්වල බංකුවේ ඉඳගෙන ඉන්න ලැබුණට කණ්ඩායමට ක්‍රීඩා කරන්න අවස්ථාව උදාවුණේ නෑ. එහෙම තියෙද්දීත් එම්.එස්. දෝනි කියන ලෝක පූජිත නායකයා විසින් මතීෂ පතිරණ ගැන පුදුමාකාර විදියට විශ්වාසයක් තියලා තිබුණා. ඔහු මතීෂව පුදුම සාර්ථක විදියකට යොදාගත්ත කියන එක තමයි අපට කියන්න තියෙන්නේ.

ඒ නිසා මේ ජයග්‍රහණය කණ්ඩායමේ නායකයා වුණු එම්.එස්. දෝනි ගැන අපි ටිකක් කතා කළ යුතුමයි. ලෝක කුසලානයේ, ටී-20 ලෝක කුසලානයේ, චැම්පියන්ස් ට්‍රෝපි එක කියන මේ තුනම නායකයෙක් විදියට දිනාගන්න එම්.එස්. දෝනි සමත් වෙලා තියෙනවා. ඊට අමතරව අයි.සී.සී.ය විසින් ටෙස්ට් ලෝක කුසලානයක් නම්කළාට පස්සේ ඒකත් දිනාගන්න එම්.එස්. දෝනිට පුළුවන් වෙලා තියෙනවා.

ඒ වගේම අයි.පී.එල්. තිබුණු අවස්ථා 14න් අවස්ථා 12කම කණ්ඩායම් අතරින් අවසානයට තෝරාගන්න කණ්ඩායම් කිහිපයට එන්න එම්.එස්. දෝනිගේ නායකත්වය සහිත චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හැකි වෙලා තියෙනවා. ඔහු මේ වතාවත් සමග අයි.පී.එල්. ජයග්‍රාහකයාගේ කුසලානය පස් වතාවකුත්, අනුශූරතාව පස් වතාවකුත් දිනාගන්න පුළුවන් වෙච්ච, අයි.පී.එල්. ඉතිහාසයේ සාර්ථකම නායකයා. මේ ලිපිය ලියන කාලය වෙද්දී දෝනිගේ වසය අවුරුදු 42යි. සාමාන්‍යයෙන් ලෝකයේ කිසිම ක්‍රීඩකයෙක් අවුරුදු 42දී මේ තරම් කණ්ඩායමේ ඉහළ තැනක් දිනාගෙන, කණ්ඩායමට නායකත්වය දීලා ක්‍රීඩා කරන්නේ නෑ. අයි.පී.එල්. කියලා කියන්නේ ලෝකයේ තියෙන තරගකාරීම ක්‍රිකට් තරග විශේෂයක්.

මේක ඇතැම් වෙලාවට ලෝක කුසලානයටත් වඩා තරගකාරී කියලා තමයි කියන්නේ. ඒකට හේතුව ලෝකයේ ඉන්න හොඳම ක්‍රීඩකයෝ ටික අයි.පී.එල්. ක්‍රීඩා කරනවා. ලෝකයේ හොඳම කණ්ඩායම්වල ඉන්න හොඳම ක්‍රීඩකයන්ට අයි.පී.එල්. එන්න අවස්ථාව ලැබෙනවා.

අපි දන්නවා මේ වතාවේ අයි.පී.එල්. ආපු ප්‍රබලතම ක්‍රීඩකයන්ට අඩුම තරමේ කණ්ඩායමක් ඇතුළට එන්නවත් අවස්ථාව ලැබුණේ නෑ. කුවෙන්ටන් ඩි කොක්, බෙන් ස්ටෝක් වගේ ක්‍රීඩකයන්ට කණ්ඩායම්වලට තේරිලා හිටියත්, තරගවලට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණේ නෑ.

සමහර ක්‍රීඩකයන්ට මේ වතාවේ කණ්ඩායම ඇතුළට එන්නවත් අවස්ථාවක් ලැබුණේ නෑ. අපේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වෙච්ච දසුන් ශානකටත් කණ්ඩායමක් ඇතුළට යන්න ලැබෙන්නේ මේ දෙවැනි වතාවෙදී. ඒකට හේතුව ඔහු ප්‍රථම වතාවේදී ප්‍රතික්ෂේප වීම. සාර්ථකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වුණත් ඔහුට ඉන්දියාවේදී අවස්ථාව ලැබෙන්නේ නෑ. ඒක තමයි මේ තරග රටාවේ ස්වභාවය.

එහෙම තත්ත්වයක් යටතේ එම්.එස්. දෝනිට පුළුවන් වෙලා තියෙනවා අයි.පී.එල්. ඉතිහාසය වෙනස් කරන්න. අවුරුදු 42ක ක්‍රීඩකයෙක් විදියට කණ්ඩායමේ නායකත්වය දරන්න. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වරක් දෙවරක් විතරක් නායකයා විදියට ජඩේජාව නම් කළත්, ආයෙත් ඔවුන්ට සිද්ධ වෙනවා එම්.එස්. දෝනිගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරන්න.

ඉන්දියාවේ ජයග්‍රහණ පිටිපස්සේ විශාලතම දායකත්වයක් ලබාදුන්නු පුද්ගලයා විදියට සලකන්නේ එම්.එස්. දෝනිව. ඒ වගේම ලෝක ඉතිහාසයේ තමන් කරන ක්‍රීඩාවෙන් වැඩිම ජයග්‍රහණ දිනාගත්තු එකම මනුෂ්‍යයා වෙන්නෙත් එම්.එස්. දෝනි. ලෝකයේ බිහිවෙච්ච විශිෂ්ටම කඩුලු රකින්නන් තුන්දෙනාගෙන් එක්කෙනෙක් විදියට සලකනවා එම්.එස්. දෝනිව. ඒ වගේම ලෝකෙ බිහිවෙච්ච විශිෂ්ටතම තරග නිමාකරන්නන්ගෙන් කෙනෙක් විදියටත් දෝනි සැලකෙනවා.

මේ විදියට ගත්තම එම්.එස්. දෝනි කියන්නේ තවමත් ලෝකයේ පුරාවෘත්තයක්. ඒ නිසා අත්දැකීම් අඩු නවක කණ්ඩායමක් මෙහෙයවලා ඔහුට පුළුවන් වෙනවා 2007 ටී-20 ලෝක කුසලානය ගන්න. ඒ වගේම 2013 චැම්පියන්ස් ට්‍රෝපි එක ජයග්‍රහණය කරන්න. මේ අවුරුද්දේ සී.එස්.කේ. කණ්ඩායම එක්තරා විදියක අපහසු ජයග්‍රහණයක් වෙත රැගෙන ගිය කණ්ඩායමක් විදියට හදාගන්න පුළුවන්. ඔහු ඉන්නේ නවක ක්‍රීඩකයෝ ගොඩක් එක්ක.

මේ නවක ක්‍රීඩකයන්ගේ ඔළු හදලා, ජයග්‍රහණය සඳහා මෙහෙයවලා, ඔවුන්ට ජයග්‍රහණය කියන්නෙ මොකක්ද කියලා කියලා දෙන්න ඔහුට පුළුවන් වෙලා තියෙනවා. පන්දු රැකීමේදී නිවැරැදිව පන්දු රකින්නන් යොදවන එක, පන්දු යවන්නන් නිවැරැදි ආකාරයට පාවිච්චි කරන එක, ක්‍රීඩකයන් සමග සන්නිවේදනය කරන ආකාරය කිසිසේත්ම ක්‍රීඩාංගණයේදී ආවේගශීලී නොවීම එම්.එස්. දෝනි කියන ක්‍රීඩකයාගේ තියෙන අපූරු දක්ෂතාවක්.

එම්.එස්. දෝනි අවසාන මොහොත වන තෙක් තරගයක් අතහරින්න සූදානම් නෑ. අපි දැක්ක ඔහු අවසන් මහා තරගයේදී තමන්ගේ ජයග්‍රහණය එනතුරු කොච්චර ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවද කියලා. සියලු දෙනා දුවගෙන යද්දී දෝනි සැනසිල්ලේ ඉඳගෙන හිටියා. අන්තිමට ජඩේජාව බදාගත්ත තමයි. දෝනි කියන්නේ අමුතු මනුස්සයෙක් බව ඒ අවස්ථාවේ අපි දැක්කා.

කෝලි, රෝහිට්, රයිනා වගේ ක්‍රීඩකයන්ට අවස්ථානුකූලව ඉදිරියට එන්න අවස්ථාව දෙන්න දෝනිට පුළුවන් වුණා. සී.එස්.කේ. කණ්ඩායමටත් රයිනාව අරගෙන ඔහුට අවුරුදු 21දී අංක තුනේ ක්‍රීඩකයා විදියට ඔහුට හොඳ ක්‍රිකට් අනාගතයක් හදාගන්න එම්.එස්. දෝනි උදව් කළා. ලංකාවේ එහෙම වුණේ නෑ. අපි දන්නවා ලංකාවේ ගොඩක් ක්‍රීඩකයෝ තමන්ගේ ස්ථානය රැකගන්න ක්‍රීඩකයන්ගේ අනාගතය පවා බිලිදුන්නා කියලා. එහෙම කතා කරද්දී අපට ආයෙත් හැරෙන්න වෙන්නේ මතීෂ පතිරණගෙ පැත්තට. මතීෂ පතිරණ ලංකාවට නොගැළපුණාට සී.එස්.කේ.වලට කොහොමද ගැළපෙන්නේ? අයි.පී.එල්. කුසලානයේ පහස ලබන්න පුළුවන් වුණු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ හරි අඩුයි. ඒ අතර මේ පුංචි නවක ක්‍රීඩකයාට පුළුවන් වෙනවා අයි.පී.එල්. කුසලානයේ පහස ලබන්න.

ඔහුට පුළුවන් වෙනවා අයි.පී.එල්. ජයග්‍රහණයත් එක්ක පිට්ටනිය පුරා දුවන්න. ඒත් අයි.පී.එල්. කණ්ඩායමේ සාමාජිකයෙක් වෙච්ච මතීෂට ශ්‍රී ලංකා කණ්ඩායමේ කවදා හරි නිත්‍ය සාමාජිකයෙක් වෙන්න ලැබෙයිද? මතීෂව පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන තාම අපේ ක්‍රීඩකයෝ විවිධ කතා තැන් තැන්වල කියවමින් ඉන්නවා. ඉතින් මතීෂව මේ වෙනකොට විස්ඩම් සඟරාව විසින් නම්කරන ලද අයි.පී.එල්. කණ්ඩායමේ සාමාජිකයෙක් බවට පත්කරලා. ඒක විශාල ජයග්‍රහණයක්. ශ්‍රී ලාංකිකයෙක් විදියට ඔහු මේ ජයග්‍රහණය ලබන්නේ වයස අවුරුදු 20දී 21දී වීම ඊටත් වඩා ජයග්‍රහණයක්. හරියට මතීෂව පාවිච්චි කරලා ලෝක කුසලානය තෙක් අපේ කණ්ඩායමට මතීෂගේ දායකත්වය ගන්න නම් දෝනි වගේ නායකයෙක් අපට අවශ්‍යයි.

ඇත්තටම දසුන් ශානක කියන්නෙත් දෝනි වගේ නායකයෙක්. දසුන්ටත් ඒ වැඩේ කරන්න බැරි වෙයි කියලා අපි හිතන්නේ නෑ. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ මතීෂටත්, දසුන්ටත් අවශ්‍ය විදියට ලංකා කණ්ඩායමේ නිවැරැදි තීරණ ගන්න දේශපාලනයට යටවෙච්ච ක්‍රිකට් බෝඩ්වලින් ඉඩක් ලැබෙයිද කියන එකයි. සමහර තීරණ ගන්න අරයගේ හිතවත්කම, මෙයාගේ හිතවත්කම, සමහර ආගම්වලට තියෙන නැඹුරුව බලපානවා නම් ඒක එච්චර ලේසි වෙන්නේ නෑ. අපි දන්නේ නෑ බලපානවද නැද්ද කියලා. අපි කියන්නේ බලපානවා නම් ඒක ලේසි වෙන එකක් නෑ කියලා. සමහර වෙලාවට බලපාන්නේ නැතුව ඇති.

කොහොම නමුත් අයි.පී.එල්. කුසලානෙ නිමා වෙන්නේ එම්.එස්. දෝනි ඉන්දියාවේ මුනිවරයෙක් බවට පත්කරමින්. මතීෂ පතිරණ ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙක් බවට පත්කරමින්. මහීෂ් තීක්ෂණටත් ඒ ජයග්‍රහණයේ කොටස්කරුවෙක් වෙන්න වාසනාව උදාවුණා. මේ වතාවේ 14 වැනි අයි.පී.එල්. ලෝක කුසලානය ඒ විදියට නිමා වෙද්දී හෙට අපේ රටේ ක්‍රිකට්වලට මොකක් වෙයිද කියලා අපි බලාගෙන ඉන්නවා.

කොහොම නමුත් අපේ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ටම මේ වතාවේ අයි.පී.එල්. යන්න ලැබිච්ච එක ගැන අපි හුඟක් සතුටු වෙනවා. ලබන වතාවේ අයි.පී.එල්. තෝරාගැනීමේදී අපේ රටේ ක්‍රීඩකයෝ ගැන මීට වඩා සැලකිල්ලෙන් බලලා, මීට වඩා අපේ ක්‍රීඩකයන්ට ඉල්ලීමක් ලැබිලා, අපේ රටේ ක්‍රීඩකයන්ට ඒ කණ්ඩායම්වල නිශ්චිත ස්ථානයක් ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සක්විතියි-සිහින කුමරයි, ගාමිණීයි-විජයයි ඇත්තටම ගහගත්ත දවස! ඒක මාර දවසක් I Sri Lanka Latest News

Next Post

ජනපති මහාධිකරණ විනිසුරුවන් පත් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.