• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තර්ජනීගේ තර්ජනෙන් ආසියාවටම එක වුණු අපේ කෙල්ලෝ…

September 20, 2022
in Exclusive, News, Sports
Reading Time: 3 mins read
A A
තර්ජනීගේ තර්ජනෙන් ආසියාවටම එක වුණු අපේ කෙල්ලෝ…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තා. ඒක තමයි ආසියානු කුසලාන ජයග්‍රහණය. සාමාන්‍යයෙන් ආසියානු කුසලානය ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම දිනාගත්ත පළමු අවස්ථාව මෙය නොවුණත්, පහුගිය කාල වකවානුව ඇතුළේ ලංකාව ඇතුළේ යම් කිසි ජයග්‍රහණ හිඟයක් අපි දැක්කා. මේ ජයග්‍රහණ හිඟයත් එක්ක අපට දැල්පන්දු ආසියානු ශූරතාව දිනාගන්න පුළුවන් වෙයිද කියන එක සම්බන්ධයෙන් තිබුණේ ලොකු ගැටලුවක්. ඒත් අපට ඒක පුළුවන් වුණේ විශේෂයෙන්ම සිංගප්පූරුවේදී සිංගප්පූරුව පරාජය කරමින්. ඔවුන්ගේ මවු රටේදී, ඔවුන්ගේ ක්‍රීඩාංගණවලදී ඔවුන්ව පරාජය කිරීම ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒ වගේම සිංගප්පූරුව මේ වෙනකොට ජාත්‍යන්තර දැල්පන්දු පිටියේ ඉතා ඉහළ දක්ෂතා අතර හිටපු කණ්ඩායමක්. මේ තරගය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සහභාගි වුණේ වෙනදාට වඩා වෙනස් විදියකට. ඒකට හේතුව තමයි පසුගිය තෝරාගැනීම් තරගවලට ජාතික කණ්ඩායමේ ප්‍රධානම තුරුම්පුවක් වූ තර්ජනී ශිවලිංගම්ට සහභාගි වෙන්න බැරිව ගිය බවයි ඇතැම් සටහන්වල අපි දැක්කේ. තර්ජනී මේ වෙනකොට පදිංචි වෙලා ඉන්නේ අපි දන්නා තරමට ඔස්ටේ්‍රලියාවේ නිසා, ඈට ලංකාවේ දැල්පන්දු පුහුණු තරග සඳහා හෝ තෝරාගැනීම් තරග සඳහා සහභාගි වෙන්න යම් කිසි නොහැකි වීමක් සිදුවෙලා තිබුණා. ඒත් එක්කම තර්ජනීට ලංකාවේ ජාතික දැල්පන්දු කණ්ඩායමේ තෝරාගැනීම් තරගවලින් යම් විදියකට ඉවත් වෙන්න සිද්ධ වෙලා තිබුණා. ඒත් එක්කම තර්ජනීට ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමි වෙන්නත් නියමිතව තිබුණා. ඇත්තටම තෝරාගත් කණ්ඩායමේ තර්ජනී හිටියේ නෑ. ඉන් පස්සේ යම් කිසි මැදිහත් වීමක් කරපු බලධාරීන් තර්ජනීව කණ්ඩායමේ අතිරේක ක්‍රීඩිකාවක් විදියට ඇතුළත් කරන්න කටයුතු කරලා තිබුණා. නමුත් මේ වතාවෙත් අපි දැක්කා ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය පිටිපස්සේ මේ තර්ජනී කියන සාධකය තිබුණු බව.

තර්ජනී කින්නේ අසාමාන්‍ය උසක් සහිත ක්‍රීඩිකාවක්. තර්ජනී ජාතික කණ්ඩායමේ නැතුවම බැරි ක්‍රීඩිකාවක් බවට පත්වෙලා ඉවරයි. ඒත් මතක තියාගන්න ඕනේ තර්ජනී ශිවලිංගම් කියලා කියන්නේ උතුරේ ඉපදුණු තරුණියක්. තර්ජනී යුද්ධෙන් පීඩා විඳපු, දුක් ගැහැට වින්ද, වේදනාවට පත්වෙච්ච මිනිස්සු අතර ඉපදිලා කොළඹ ආපු කෙනෙක්. තර්ජනී කොළඹ ආපු වෙලාවේ ඇයව එක්කගෙන යන්න ආපු නිලධාරියා අපූරු කතාවක් කියලා තිබුණා. ඒ තමයි තර්ජනීට කොළඹ ගැන ලොකු අවබෝධයක් නෑ. ඒ නිසා තර්ජනීට ඉන්න කියපු තැන ඇය ඉඳලා තිබුණේ නෑ. තර්ජනී පොඩ්ඩක් එහෙට මෙහෙට ගිහිල්ලා. තර්ජනීව හොයාගන්න ඒ නිලධාරියාට අපහසු වෙලා නැත්තේ, ඇය සාමාන්‍ය මිනිස්සු අතරින් ඉතා ඉහළින් කැපීපෙනුණු නිසා කියලා. සාමාන්‍ය මිනිස්සු හිටියේ තර්ජනීගේ ඉණටත් පහළින් කියලා. යාපනේ විශ්වවිද්‍යාල කණ්ඩායමට ක්‍රීඩා කරමින් හිටපු තර්ජනී ශිවලිංගම් කැලණිය විශ්වවිද්‍යාලයට ආපු වෙලාවක ලියුම්කරුට ඇයව දකින්න ලැබෙනවා. තර්ජනී කියලා කියන්නේ අසාමාන්‍ය උසක් සහිත ක්‍රීඩිකාවක්. කොහොම නමුත් තර්ජනී කියලා කියන්නේ ලංකාවට නැතුවම බැරි සම්පතක් බවට පත්වෙලා ඉවරයි.

ඊළඟ ප්‍රශ්නය තමයි තර්ජනී ලංකාවේ පුහුණු තරගවලට සහභාගි වෙලා නැති අවස්ථාවක, තර්ජනීට ලංකාවේ ජාතික කණ්ඩායමට එන්න පුළුවන් කමක් නැති අවස්ථාවක, තර්ජනී ජාතික කණ්ඩායමට ඇතුළත් කිරීම ඉතා හොඳ දෙයක්. අපි ඒ සම්බන්ධව තර්ක කරන්නේ නෑ. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය තමයි තර්ජනී ශිවලිංගම්ට දැන් වයස අවුරුදු 44ක්. අවුරුදු 44ක් වයස දැල් පන්දු ක්‍රීඩිකාවක් ජාතික දැල්පන්දු කණ්ඩායමේ නෑ. ඇය ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවක් බවට පත් වෙන්නේ ඇගේ උස නිසා. ඒ උස තවමත් අපට සම්පතක්. ඒ නිසා තර්ජනී නැතුව අපට ආයෙත් කුසලානයකට යන්න පුළුවන්ද? තර්ජනී නැතුව අපට ආයෙත් තරගයක් සඳහා යන්න පුළුවන්ද කියන තැනටම දැන් අපි පත්වෙලා ඉවරයි. අපට මේ විදියට තර්ජනී තරම්ම නැතත් යම් කිසි උසක් සහිත ක්‍රීඩිකාවක් හිටියා කිරිඳිවැල පැත්තේ. ඇය විශාකා විද්‍යාලය නියෝජනය කරන තරුණ ක්‍රීඩිකාවක්. ඒත් ඇය අවාසනාවන්ත ලෙස ඉතා තරුණ වයසෙදි ජීවිතක්ෂයට පත්වෙනවා. සමහර විට ඔබට ඇයව මතක නැතුව ඇති. කොහොම නමුත් දැන් තර්ජනී ශිවලිංගම් ලංකාවට කරන්න පුළුවන් හරිය කරලා ඉවරයි. ඒ නිසා දැන් අපට සිද්ධ වෙනවා තවත් තර්ජනී ශිවලිංගම් කෙනෙක් හදාගන්න. ඒක ඒ තරම් අපහසු දෙයක් නෙවෙයි. ඔබට තර්ජනීගේ මේ දැල්පන්දු ක්‍රීඩාවේ කාර්යභාරය දකිනකොට සමහර වෙලාවට ඒක හරි ලේසියි කියලා හිතෙනවා වෙන්න පුළුවන්. නෑ, ඒක ලේසියි කියනවා නෙවෙයි. තර්ජනීගේ දක්ෂතාව ලඝු කරනවා නෙවෙයි. ඒත් අපට නිසි වැඩපිළිවෙළක් තිබිය යුතුයි. තර්ජනීට ක්‍රීඩාවෙන් සමු අරගෙන ගිහිල්ලා පුහුණුකාරිනියක් විදියට හෝ යම් කිසි විදියකින් කණ්ඩායමට දායකත්වය ලබාදෙන්න පුළුවන් සුවපහසු ක්‍රමවේදයක් අපේ රට දැන් සකස් කරගත යුතුයි.

උතුරේ හිටපු තර්ජනීව යුද්ධය ඉවර වෙච්ච ගමන් ඒ පීඩාව රැඳුණු උතුරෙන් හොයාගන්න අපට පුළුවන් වුණා නම්, ලංකාවේ තර්ජනී තරම්ම උස ක්‍රීඩිකාවක් නැතත්, යම් කිසි විදියකට ලෝක දැල්පන්දු පිටිය මවිත කළ හැකි ක්‍රීඩිකාවක් අපට සොයාගන්න බැරිද? ඒ සම්බන්ධව ප්‍රශ්නයක් තවමත් ඉතිරි වෙලා තියෙනවා. තව දුරටත් අපි යැපෙන්නේ තර්ජනී තුළින් නම්, අපේ ඉදිරි කාලයේදී දැල්පන්දු පිටිය ප්‍රශ්නයකට මුහුණ දීමට නියමිතයි. ඒ, තර්ජනීට දැන් වයස අවුරුදු 44ක් නිසා. තර්ජනී ලෝකෙටම තර්ජනයක් වෙලා තියෙද්දී තර්ජනීට තර්ජනයක් වෙන්න පුළුවන් ක්‍රීඩිකාවක් අපේ පිට්ටනියට බහින දවසක් එනකල් අපට බලාගෙන ඉන්න සිද්ධ වෙලා ඉවරයි. ඒකට හේතුව තවදුරටත් අපට දැල්පන්දු පිටිය විජයග්‍රහණය කරන්න නම් ඒ වගේ උදව්වක් අත්‍යාවශ්‍ය නිසා. කොහොම නමුත් දැන් ලංකාව ඉතාම විශිෂ්ට ජයග්‍රහණයක් ලබලා ඒ සම්බන්ධව සතුටු කඳුළු වගුරුවන අවස්ථාව. මේ ජයපැන් බොන අවස්ථාවේ තර්ජනීගේ සමුගැනීම ගැන කතා කරන්නවත්, අලුත් ක්‍රීඩිකාවක් නැති එක ගැන බලධාරීන්ට දොස් කියන්නවත් අපි යන්නේ නෑ. ඒකට හේතුව තර්ජනී ඇතුළු ක්‍රීඩිකාවන් සහ බලධාරීන් එකතු වෙලා ලංකාවෙ ලෝකෙ ඉස්සරහා ඉහළින් ඔසවා තබන්න සමත් වෙච්ච නිසා අපි ඔවුන්ට නිසි ගෞරවය මේ මොහොතේ ලබාදිය යුතුයි. ජාතියක් විදියට අපි මේ දැල් පන්දු ක්‍රීඩිකාවන්ට ක්‍රිකට්වලට තරම් පහසුකම් ලබාදෙන්නෙ නැති බව ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අපි දන්නවා අපි ක්‍රිකට්වලට කොච්චර සලකනවද කියලා. හැබැයි අපි දැල් පන්දුවලට ඒ තරම් සලකන්නේ නෑ. ඒත් මේ ක්‍රීඩිකාවෝ කොහෙවත් කියන්නේ නෑ අපට සැලකුවේ නෑ කියලා. අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ආසියානු කුසලානය දිනාගනිද්දී, ඒගොල්ලොත් ආසියානු කුසලානය දිනාගන්න සමත් වෙනවා. එක දවසක් රනින් බැබලුණු දවසක් බවට පත් කරන්න මේ දෙගොල්ලන්ටම පුළුවන් වෙනවා. ඒ නිසා අපි කිසිසේත්ම කියන්නේ නෑ ක්‍රිකට් ජයග්‍රහණයට වඩා දැල්පන්දු ජයග්‍රහණය බාලයි කියලා. ඒ දෙකම එක වගේ වටිනවා. ඒත් මේ කතාව අපි ලෝකෙට කියන්න ඕනෙ විදියක් තියෙනවා. ඒ නිසා තමයි අපි තර්ජනී ගැන ආයෙත් මතක් කළේ. මේ ක්‍රීඩාව පිටිපස්සේ ඉන්න විජයග්‍රාහී සැමරුම තර්ජනී. ඒත් තර්ජනී සමුගත් දවසට තව තර්ජනී කෙනෙක් අපි හදාගන්නම ඕනෙ.

මේ ජයහ්‍රහණයේ ගරුත්වය තර්ජනීටම විතරක් නෙවෙයි, ජාතික කණ්ඩායමේ නායිකාව විදියට ගයාංජලී අමරවංශ, උපනායිකා දුලංගි වන්නිතිලකට වගේම පුහුණුකාරියන් ඇතුළු හැමෝටම අයිතියි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ඉහළින් අණ ආපු තැන, මහ පාරෙදි කොටුකරගත්ත හැටි, හිරගෙදරදී අසනීප වුණේ ඇයි, වැලිකඩට ඉහළින් ආ කෝල් එක, ඊළඟට කරන්න යන දේ, දමිතා අබේරත්න මව්රටට කතා කරයි…

Next Post

ඔක්කොටම අත ඉස්සුවා! දේශපාලන පරපුරවල් හැදුවා! ගෝඨාට වැරදුණේ රුවන්වැලිසෑයේ දිවුරුම් දීලා! මහින්දට වැරදුණේ කැලණියේ දිවුරුම් දීලා! රජකම් කළත් කළකම් පළ දෙනවා! රටට ආදරේ නම් මාස 6ත් ඇතුළත ජන්දෙකට යන්න! එහෙම නොවුණොත් එන අරගලය නවත්වන්න බැරිවෙයි! මිහින්තලේ නායක හිමියෝ අගමැතිගේ මූණටම කියයි! (VIDEO)

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.