• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආසියාවට ගහලා කප් එක ගෙනාපු දස්සයි අපේ කොල්ලො රොත්තයි…

September 18, 2022
in Exclusive, News, Sports
Reading Time: 3 mins read
A A
ආසියාවට ගහලා කප් එක ගෙනාපු දස්සයි අපේ කොල්ලො රොත්තයි…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයට සහභාගි වෙන්නේ පරාජිතයො විදියට. ලෝකයෙන්ම බැටකාපු, කිසිම කෙනෙක් කුසලානය දිනාගනී කියලා අනුමානවත් නොකරපු කණ්ඩායමක් විදියටයි අපේ කණ්ඩායම මේ ක්‍රිකට් පිට්ටනියට බහින්නේ. හැබැපු ගමන් අපි කන්නේ සුපිරි කෑමක්. ඒක කන්නෙත් ඇෆ්ගනිස්තානයෙන්. අද වෙනකොට ඇෆ්ගනිස්තානය ලෝක ක්‍රිකට් පිටියේ මොන මට්ටමේ හිටියත්, ඇෆ්ගනිස්තානය කියලා කියන්නේ ක්‍රිකට් පිටියේ ළදරුවෝ. ඒ අයගෙ ජාතික කණ්ඩායමේ ඉන්න ලෝක මට්ටමේ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් නිසා ඇෆ්ගනිස්තානය ඉතා ඉහළින් තිබුණත් අපි තවමත් ඇෆ්ගනිස්තානයට වඩා ඉහළින් ඉන්න කණ්ඩායමක් ලෙසයි අපේ අභිමානය තිබුණේ.

විශේෂයෙන්ම ක්‍රීඩා ලෝලීන් විදියට අපි විශ්වාස කළේ එහෙම. එහෙම හිටපු අපි ඇෆ්ගනිස්තානයෙන් නැති වෙන්න කෑවා. ඒ කෑමත් එක්කම අපට හිතුණා ලංකාවට මේක කරගන්න බැරි වේවි කියලා. ඒක කොච්චර බැරෑරුම් තත්ත්වයක්ද කියනවා නම් එදා අපට සිද්ධ වුණා බංග්ලාදේශයට අනිවාර්යයෙන්ම ගහන්න. ඒ වගේම ඇෆ්ගනිස්තානයත් බංග්ලාදේශයට ගහනකන් බලාගෙන ඉන්න සිද්ධ වුණා. වාසනාවට අපි බලාගෙන හිටියා වගේම ඇෆ්ගනිස්තානය බංග්ලාදේශයට ගැහුවා. ලංකාව හිටියේ ලකුණු වේගය අනුව ඉතා පහළින්. ඍණ ලකුණු 5ක් කියලා කියන්නේ දළ ලකුණු වේගය අනුව දැඩි අර්බුදයක්. නමුත් වාසනාවකට ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශයට ගහලා, අපිත් බංග්ලාදේශයට ගහලා අපට මේ තරගය බේරගන්න පුළුවන් වුණා. බංග්ලාදේශ ක්‍රීඩකයෝ පිට්ටනියට බැස්සේ වහසි බස් දොඩමින්. ක්‍රීඩා බලධාරීන් පවා අපිව හාස්‍යයට ලක් කරලා තිබුණා. ඔවුන් කියලා තිබුණා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නමගිය ක්‍රීඩකයෝ නෑ, නමගිය පන්දු යවන්නෝ නෑ කියලා. ඒ කතාව බොරුවක්මත් නෙවෙයි. අපට හිටපු ප්‍රබල වේග පන්දු යවන්නා දුෂ්මන්ත චමීර හිටියේ ආබාධිත තත්ත්වයට පත්වෙලා. ඔහු කණ්ඩායමට ඇතුළත් වුණේ නෑ. ඒ නිසා අපට සිද්ධ වුණා අපේ ඉන්න තරග අත්දැකීම් අඩු ක්‍රීඩකයොත් එක්ක පිට්ටනියට බහින්න. ඒත් අපි බංගල්දේශයට ගැහුවා. බංග්ලාදේශය කියලා කියන්නේ ලංකාවට වඩා ඒ මොහොතේ අත්දැකීම් ඇති ක්‍රීඩකයන් සහිත කණ්ඩායමක්. විශේෂයෙන්ම ලෝකයෙ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා විදියට අදටත් අපට සලකන්න පුළුවන් සකීබ් උල් හසන් ඔවුන් සතුව හිටියා. කුෂ්ෂබු රහීම් කියන ක්‍රීඩකයෝ දෙදෙනාත් ඉතා ඉහළ අත්දැකීම් සහිත ලෝක ක්‍රිකට් පිටියේ වැඩකාරයෝ දෙන්නෙක්. හැබැයි ඒගොල්ලන්ට ගහපු අපි සුපිරි කණ්ඩායම් හතර අතරට එකතු වුණා. ඒ, ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව විදියට. මේ පැමිණීමත් එක්ක අපේ ජයග්‍රහණ ප්‍රතිශතය ලෝකය ඉස්සරහා කිව්වේ 0%යි කියලා. ඇෆ්ගනිස්තානය 19%ක් වෙනකොට වැඩි ප්‍රතිශතයක් කිව්වේ ඉන්දියාව මේ තරගය ජයග්‍රහණය කරයි කියලා. ඔවුන්ගේ ප්‍රතිශතය 60% ඉක්මවා ගිය අනුමාන කිරීමක් සහිතවයි තිබුණේ. මුළු ලෝකෙම ඉන්දියාව දිහා ඇස් ඇරගෙන බලාගෙන හිටියා.

අපිට මුලින්ම හම්බවුණු ඇෆ්ගනිස්තානයට ගැහුවා. ඒ ගැහුවෙත් වාර්තාගත ජයග්‍රහණයක් විදියට. පිට්ටනියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹාගොස් ජයග්‍රහණය ලබාගත් කණ්ඩායම විදියට අපි වාර්තාවක් තිබ්බා. ඒ, ලකුණු 183ක් හඹා ගිහින් ජයග්‍රහණය කරලා. ඉන් පස්සේ අපට හම්බවුණේ ඉන්දියාව. කාලෙකට පස්සේ විරාට් කෝලි ඇතුළු ප්‍රධාන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට එරෙහිව තරගෙට ඇවිල්ලා හිටියා. රෝහිට් ෂර්මා, විරාට් කෝලි, රාහුල් වගේ ක්‍රීඩකයෝ බොහෝ වෙලාවට ශ්‍රී ලංකාව වගේ කණ්ඩායමක් එක්ක තරගයට එන්නෙත් නෑ. ටී-20 සංචාරයක් අපිත් එක්ක තිබුණු වෙලාවේ ඒකට ආවේ මේ කිසිම ක්‍රීඩකයෙක් නැති කණ්ඩායමක්. එදා අපි ඔවුන්ට ගැහුවා. ඒත් මේ ෆුල් ටීම් එක අපිව සත පහකට ගණන් ගත්තේ නැතුව අවතක්සේරුවට ලක් කරපු නිසා ඒ වගේම ඉන්දියානු බලධාරීන්, ඉන්දියානු ක්‍රීඩකයන්, ඉන්දියානු ප්‍රේක්ෂකයන්, ඉන්දියානු විචාරකයන් සියලු දෙනා ලංකාව දෙකේ කොළේට දාලා තියෙද්දී අපේ කොල්ලො ටික ඉන්දියාවටත් ගැහුවා. ඉන්දියාවටත් ගහලා, ඇෆ්ගනිස්තානයටත් ගැහුවට පස්සේ අපට අවසන් මහා තරගයට පැමිණීමේ දොර ඇරුණා. ඉන් පස්සේ පාකිස්තානයත් එක්ක තිබුණු තරගය අපි සාමාන්‍යයෙන් ජයග්‍රහණය කරාවි කියලා විශ්වාස කරන්න බැරි මට්ටමේ තරගයක්. ලෝකෙ ඉන්න හොඳම ක්‍රීඩකයො ඔවුන් සතුයි. ටී-20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේදී ඉදිරියෙන්ම ඉන්න ක්‍රීඩකයා ඔවුන් සතුයි. ඒ වගේම මේ වෙනකොට ශ්‍රේණිගත කිරීම්වලින් චුට්ටක් පහළට ඇවිල්ලා හිටියත් බාබර් අසාම් කියලා කියන්නේ ක්‍රිකට් ඉතිහාසයෙ රන් අකුරින් ලියවෙන නමක්. බාබර් අසාම්ගෙ දක්ෂතා ගැන අපට ආයෙ අලුතෙන් කියන්න දෙයක් නෑ. ඔහු ඉතා දක්ෂ පිතිකරුවෙක්. ඒත් බාබර් අසාම් ඉන්න, ලෝකෙ හොඳම පිතිකරුවා ඉන්න මේ පාකිස්තාන කණ්ඩායම, ඒ වගේම ෆගස් සමන් කියලා කියන්නේ හැමදාම අපට කරදරයක් වෙන ක්‍රීඩකයෙක්. ඔහු ඉතා දක්ෂයෙක්. දක්ෂ පිතිකරුවෙක්, දක්ෂ පන්දු යවන්නෙක්. සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 150ක වේගයෙන් පන්දු යවන ක්‍රීඩකයෙක් පාකිස්තානයේ හැමදාම ඉන්නවා. මේ වතාවෙත් එහෙම කෙනෙක් හිටියා. හැබැයි මේ සියලු දෙනාම ඉන්න පාකිස්තාන කණ්ඩායමට අපි ගැහුවා. ඒ හතර දෙනාගේ වටයේ පළමු තරගයේදී. හතර දෙනාගේ තරගයේ පළමු වටයෙන් අපි ජයග්‍රහණය කළත් ඉන් පස්සේ අවසාන මහා තරගයෙන් අපට මොනවා වෙයිද කියන එක ගැන බොහෝ දෙනා බොහෝ කයි කතන්දර කියලා තිබුණා. ඒ අය අතර වැඩිපුරම කියලා තිබුණේ ලංකාවට නම් මේ ජයග්‍රහණය ලබාගන්න බැරි වෙයි කියන අනුමානය. ඒත්, ඒ සියල්ලත් එක්ක අපි අවසාන මහා තරගයට ආවා. අවසාන මහා තරගයට පැමිණීමම ජයග්‍රහණයක් කියලා අපේ ක්‍රීඩා ලෝලීල් සියලු දෙනා ඒ ජයග්‍රහණය පවා සමරමිනුයි හිටියේ.

ලෝක විස්තර විචාරකයෝ අපට විවිධ දේවල් කියනකොට මහේෂ් තීක්ෂණ ට්විටර් පණිවුඩයක සටහන් කරලා තිබුණා අපූරු දෙයක්.

‘ඔව්, අපට ජාත්‍යන්තර ක්‍රීඩකයෝ නෑ. අපට ඉන්නේ සහෝදරයෝ 11 දෙනෙක් විතරයි….’
මේ සහෝදරයෝ 11 දෙනත් එක්ක පිට්ටනියට බැස්ස දසුන් ශානකට, කුසලාන ලංකාවට ගේන එක කරන්න බැරි වැඩක් බව අපට පළමු තත්පර කිහිපයේදී තේරෙන්න පටන් ගත්තා. අපි කොච්චර ලොකුවට හිතුවත් අපි තවම පොඩී වගේ ගතියක් දැනුණා. ලකුණු 58කට කඩුලු 5ක් දැවී ගියා. දසුන් ශානකත් දැවී ගියා. සාමාන්‍යයෙන් කඩුලු 5ක් දැවී යෑම කියලා කියන්නේ කණ්ඩායමෙන් බාගයක් පිට්ටනියට ඇවිල්ලා ඉවරයි. කණ්ඩායමේ ක්‍රීඩකයො 11 දෙනාගෙන් 7 දෙනෙක්ම ඒ වෙද්දී පිට්ටනියට ඇවිල්ලා. තව එන්න ඉන්නේ 4 දෙනයි. ඔබ දන්නවා ජාතික කණ්ඩායම මොන ජාතියෙන් සෙල්ලම් දැම්මත් අන්තිම කිහිප දෙනාම ඉන්නේ පන්දු යවන්නෝ. ඇත්තටම ලංකාවට හිටපු පන්දු යවන්නො කිහිප දෙනා පිතිකරුවන් විදියට කිසිම දක්ෂතාවක් නොදක්වපු අය. මහේෂ් තීක්ෂණ, මදුශංක වගේ ක්‍රීඩකයෝ කවදාවත් පිත්තෙන් දක්ෂතා දක්වලා තිබුණෙ නෑ. ලංකාව පැරැදෙන්න ආපු තරගයක් බේරගත්ත අසිත පවා ඒ වෙනකොට මේ කණ්ඩායමෙන් ඉවත් කරලා අලුත් ක්‍රීඩකයෝ දාලා තිබුණා. මේක කරන්න පුළුවන් වැඩක්ද, මේක දිනන්න පුළුවන් තරගයක්ද කියලා අපට හීන් දාඩිය දාලා තියෙද්දී ආයෙත් අපට පපුවේ අමාරුව හදවපු දසුන් ශානක ඇතුළු පිරිස පාකිස්තානයට දුවන්න ගහලා කප් එක ලංකාවට අරන් එන්න තීරණය කළා. ඒක ජයග්‍රහණයක්. ඒක දැනුණේ අපේ හදවතට. ‘දස්සා තෑන්ක් යූ’ කියලා කෑගහලා කියන්න අපේ රටේ මිනිස්සුත් තැන් තැන්වල එකතු වුණා. හැමදාම අපි කියපු මුස්ලිම් මිනිස්සු සපෝට් කරන්නේ පාකිස්තානයට කියන එක බොරුවක් බව මේ වතාවේ ඔප්පු වුණා. ඇත්තටම ඔවුන් සපෝට් කළේ ලංකාවට. මගේ දැනුමේ හැටියට ලංකාවෙ ලොකුම ස්ක්‍රීන් එක දාලා තිබුණේ කාත්තන්කුඩියේ. කාත්තන්කුඩි ස්ක්‍රීන් එක යට අපේ රටේ මුස්ලිම් මිනිස්සු දහස් ගණනක් එකතු වෙලා ලංකාව ගහන ගහන පාරකට සැරයක් ඔල්වරසන් දුන්නා. කෑගැහුවා. උන් කවදාවත් පාකිස්තානය දිනනකන් බලාගෙන හිටියෙ නෑ. උන් බලාගෙන හිටියේ ලංකාව දිනනකන්.

දසුන් ශානක කියලා කියන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකයා. දසුන්ගෙ කතාව හරිම වෙනස්. දසුන් කියලා කියන්නේ පුදුමාකාර විදියේ නායකයෙක්. පළමු පන්දු වාරය යවපු ක්‍රීඩකයට පළමු පන්දු වාරය අවසන් වෙන්න කලින් ඔහුගෙන් පාකිස්තානයට ලකුණු 10ක් ලැබුණා. ඒ නිපන්දු සහ වයිට් පන්දුවලින්. හැබැයි දසුන් ඔහුව කලබල නොකර, ඔහුට මේ පන්දු වාරය නිමා කරන්න උදව් කළා විතරක් නෙවෙයි, නැවතත් තුන්වැනි පන්දු වාරය යවන්නත් ඔහුව කැඳෙව්වා. ඔහු ගැන අතිශය විශ්වාසය තියන්න දසුන්ට පුළුවන් වුණා. ඒ නිසා දසුන් කියලා කියන්නේ එතෙක් මෙතෙක් ලංකාවෙන් බිහිවෙච්ච විශිෂ්ටම නායකයා කියලා කවුරු හරි කෙනෙක් කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි කියලා අපට හිතෙනවා. හැබැයි අර්ජුන රණතුංගගෙන් පස්සේ ලංකාවෙ ක්‍රිකට්වලට කුසලාන ගෙනත් දුන්නු කිහිප දෙනෙක් ඉන්නවා. එහෙම නෑ කියලා අපි කියන්නේ නෑ. ඒත් දසුන් කියලා කියන්නේ අපේ රටේ ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. විශේෂත්වය වෙන්නේ දසුන් කවදාවත් කොළඹ ඉස්කෝලෙකට ගිහිල්ලා නෑ. දසුන් ගිහිල්ලා තියෙන්නේ මීගමුවෙ මාරිස්ටෙලා විද්‍යාලයට සහ මීගමුවෙ ශාන්ත පීතර විද්‍යාලයට. 1991 සැප්තැම්බර් 09 වැනිදා ඉපදුණු දසුන්, ජීවිතේ ඉතා තීරණාත්මක ජයග්‍රහණයක් විදියට එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ නායකත්වයට පත්වීම සලකන්න පුළුවන්. දසුන්ට කණ්ඩායමේ නායකත්වය ලැබෙන්නේ අතිශය අසීරු අවස්ථාවක. දසුන් පාකිස්තානයට යන්නේ මුළු ලෝකෙම පාකිස්තානයට යන්න බයේ ඉන්න වෙලාවක. හැමෝම පාකිස්තානයට යන්න බයෙන් ඉන්නේ පාකිස්තානයෙ ත්‍රස්තවාදී තර්ජන අස්සේ දසුන් අපේ දෙවැනි පෙළ කණ්ඩායමක් අරගෙන ගිහිල්ලා පාකිස්තානයට දුවන්න ගහලා කප් එක අරගෙන එනවා. එදායින් පස්සේ දසුන් පුරාවෘත්තයක් බවට පත්වෙනවා. මිනිස්සු දසුන්ට ‘පිං කැපා’ කියලා කියනකොට දසුන් නායකත්වයෙ වගකීම හරියට දරමින් රට කුසලානයක් වෙත රැගෙන යෑමේ පියවරෙන් පියවර හෙමින් හෙමින් අඩි තිය තියා ඉස්සරහට ආවා.

දසුන් ශානක කියලා කියන්නේ තරග දිනවන්න පුළුවන් ක්‍රීඩකයෙක්. දසුන් තරගය අභියෝගාත්මකම වෙලාවට අපේ පන්දු යවන්නන්ට දැඩි සේ පහර දෙනවා නම් ඔහු පන්දුව අතට ගන්නවා. තරගය ඉතා තීරණාත්මක වෙලාවක අපේ කඩුලු වැටෙනවා නම් දසුන් ටක් ගාලා පිට්ටනියට එනවා. දසුන් බර දරාගෙන වෙහෙස දරාගෙන කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන්ට ලකුණු රැස් කරන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවා. අවශ්‍ය වෙලාවට දසුන්ගෙ පිත්ත කතා කරනවා. දසුන්ට කරන්න බැරි දෙයක් නෑ කියලා සමහර වෙලාවට හිතෙන තරමට දසුන් ලකුණු රැස් කරනවා. දසුන් කියලා කියන්නේ ඉතා හොඳ නායකයෙක්. දසුන්ලා වගේ නායකයො රටට අවශ්‍යයි. දසුන්ලා වගේ නායකයෝ දේශපාලනයට අවශ්‍යයි. දසුන්ලා වගේ නායකයෝ යටතේ අපේ රට හැදෙන්න ඕනේ. දසුන් කියලා කියන්නේ ලංකාවේ දේශපාලකයන්ට පවා ඉතා හොඳ ආදර්ශයක්. ඒකට හේතුව තරගයක් දිනුවට පස්සේ ප්‍රවෘත්ති සාකච්ඡාවට දසුන් එන්නේ නෑ. ඒ වෙනුවට එන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන වෙනත් ක්‍රීඩකයෙක්. හැබැයි තරගයක් පරාජය වුණොත් ඒ වෙනුවෙන් කතා කරන්න දසුන් එනවා. දසුන් ඒ වෙනුවට වෙන කෙනෙක් එවන්නේ නෑ. වෙන රටවල සිද්ධ වෙන්නේ පරාජය වුණු තරගය සඳහා කතා කරන්න කණ්ඩායමේ ක්‍රීඩකයෙක් එවලා, දිනපු වෙලාවට නායකයා එන එක. ඒත් ලංකාවෙ එහෙම නෑ. දසුන් කියලා කියන්නේ සියලු බර දරාගෙන වෙහෙස දරාගෙන ලංකාව මේ ජයග්‍රහණය වෙත රැගෙන ආපු රහසිගත බලවේගය කියලා කිව්වොත් වඩාත්ම නිවැරැදියි. ඉතින් දසුන්ලාගෙන් ඉගෙන ගන්න පාඩම් ඕනෙ තරම් තියෙනවා. රට වෙනස් කරන්න අරගල කරන අස්සේ අපි තේරුම් ගන්න ඕනෙ වැදගත්ම දේ තමයි මේ නායකයො දිහා බලාගෙන හැදෙන්න. මේවා තමයි රටට තියෙන ආදර්ශය. ලෝකෙම අංක එකේ කණ්ඩායම එක්ක තරග කරලා අපි කුසලානය ගත්තා. කෝටි ගණන් තියෙන රටවල් ලෝකෙ අංක එකේ ක්‍රීඩකයො ඉන්න රටවල්, මුළු ලෝකෙ පුරාම ක්‍රිකට් ගහන රටවල්, ලෝකෙ ඉන්න පළපුරුදුම ක්‍රීඩකයො සහිත රටවල් ආසියානු කුසලානයට ආවා. ඒගොල්ලො ඔක්කොම පැරැදිලා, අපි දිනලා. දැන් අපට සතුටුයි. දහස් ගණන් ප්‍රශ්න අස්සේ ජීවිතේ විඳවමින් ඉන්න අපට මේක පුදුමාකාර අස්වැසිල්ලක්. ස්තුතියි… දසුන් සහ පිරිවරට.



ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අද තරගයත් අපේ ලෙජන්ඩ්ස්ලා දිනයි!

Next Post

වියදම මිලියන 220යි! නැත්නම් කෝටි 22යි! නාමල් විවෘත කළ කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ප්ලේන් එන එක නවත්වයි! (VIDEO)

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.