• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

කුරුණෑගල බාර් එකක් ඇතුළේ ගහලා මරපු රුමේෂ්ගේ මිනීමරුවන් කෝ?

November 30, 2021
in Exclusive, Politics
Reading Time: 4 mins read
A A
කුරුණෑගල බාර් එකක් ඇතුළේ ගහලා මරපු රුමේෂ්ගේ මිනීමරුවන් කෝ?
Share on WhatsAppShare on Facebook

පසුගිය 13 වැනිදා ඉතා කනගාටුදායක පුවතක් අසන්නට ලැබුණේ කුරුණෑගල හෙරලියාවල බෝගහවත්ත පුදේශයෙන්. ඔහු, නමින් රුමේෂ් රංගන ජයතිලක. 36 හැවිරිදි අවිවාහක තරුණයකු වුණු රුමේෂ් අධ්‍යාපන ලබා තිබුණේ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයෙන්. මේ තරුණයාට පිරිසක් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වුණේ බොහෝ දෙනකුගෙ හදවත් සසල කරමින්.

බොහෝ දෙනකුට තමන්ගෙ ජීවිතයේ අත්හරින්න බැරි පුරුදු තියෙනවා. රූමේෂ්ටත් ඒවගේ පුරුද්දක් තිබ්බා. මිතුරකු හෝ හිතවතකු දුටු විට දුර තියාම ඔහුට සැලියුට් කරමින් සුහදතාව පළකරන අපූරු පුරුද්දක් ඔහු සතු වුණා. පසුගිය දිනෙක රුමේෂ් මිතුරකුත් සමග කුරුණෑගල සිට තම නිවෙස වෙත යමින් සිටියදී අතරමඟදී දුටු තරුණයන් දෙදෙනකුට සැලියුට් කර තිබුණා. ඊට උරණ වූ එම තරුණයන් දෙදෙනා රුමේෂ්ට දිගින් දිගටම පහරදී තිබුණු අතර, එය වැළැක්වීමට අවට සිටි පිරිසද මැදිහත් වන්නටයි කටයුතු කර තිබුණේ. ඒ අනුව එම පිරිස රුමේෂ්ව ආරක්ෂිතව කාමරයකට රැගෙන ගියද අදාළ තරුණයන් එම ස්ථානයටද පැමිණ රුමේෂ්ට නැවතත් පහරදී තිබුණා.
මෙම කනගාටුදායක සිදුවීමෙන් පසුව රෝහල්ගත කෙරුණු රුමේෂ් ජීවිතයෙන් සමුගෙන ගියා.

රුමේෂ්ගේ මව මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

‘පුතා ගුටිකාලා කියලා මම දැනගෙන හිටියේ නැහැ. මම රෑ නිදාගෙනයි හිටියේ. මට මතක විදියට වෙලාව රෑ 12ට ළඟයි. අපේ ගෙදර නාන කාමරය තියෙන්නේ ගෙදරින් එළියේ. පුතා එළියේම ඉඳලා මගෙන් අඳින්න ඇඳුමක් සහ තුවායක් කියලා ඉල්ලුවා. එයාගේ පුරුද්දක් තියෙනවා කොහේ ගිහින් ආවත් නාගෙන තමයි ගෙට එන්නේ. මම රෑ දකිනකොට ඇහැ වටේ කළු වෙලා තිබුණා. මම ඇහුවා ඇයි කවුරු හරි ඔයාට ගැහුවාද කියලා. එතකොට පුතා මොනවත් කිව්වේ නැහැ. මම බිමට මෙට්ටයක් දාලා දුන්නා නිදාගන්න කියලා. වෙනදා වගේ නෙවෙයි, එදා හරි අමාරුවෙන් කෙඳිරි ගගා තමයි හිටියේ. යටි බඩේ ලොකු වේදනාවකින් වගේ හැසිරුණා. මම කිව්වා අපි ඉස්පිරිතාලේ යමු කියලා. ඒකට උත්තරයක් දුන්නේම නැහැ. මම දෙපාරක් තුන්පාරක් අහනකොට කවුරු හරි ගැහුවාද කියලා, යාළුවෙක් ගැහුවා කියලා විතරයි කිව්වේ. ඊට පස්සේ මම නිදාගත්තා. ඒත් මම සැරින් සැරේ නැඟිටින සැරේට පුතා කෙඳරිගානවා. රෑ තිස්සෙම සැරින් සැරේ මගෙන් වතුරමයි ඉල්ලුවේ. ගොඩක් වතුර බිව්වා. රෑට කෑවෙත් නැහැ. ඒ ඇඟේ අමාරුවට වෙන්නට ඇති. පහුවදා උදේ හතහමාරට විතර ඇඳට ඇවිත් ඇඳේ දිගාවුණා. මම කුස්සියට ගිහින් ඇවිත් බලනකොට පුතා අමුතු විදියට නිදාගෙන හිටියා. මම ඇඟෙන් අල්ලලා හෙල්ලුවා. ඒත් මගේ පුතා නැගිට්ටේ නැහැ. මට තේරුණා පුතාගේ මුළු ඇඟම ගල්වෙලා කියලා. මම මසාජ් කරලා සිහිය ගන්න හැදුවා. ඒත් බැරිවුණා.
මම දුවට කියලා 1990 ගිලන් රථයකට කතා කළා. ඒ අය ඇවිත් පුතාව පරීක්ෂා කරලා මියගිහින් කියලා කිව්වා. මම මේක කියන්නේ තව අම්මා කෙනෙක්ට මේ ගින්දර නැතිවෙන්න ඕනේ. මගේ පුතාට සාධාරණයක් කරන්න… මිනී මර මර හැමදාම වැරදිකාරයෝ නිදැල්ලේ ඉන්නවා…’

අප, ‘මව්රට’ පුවත්පත මේ පිළිබඳ කුරුණෑගල පොලිස් මූලස්ථානයේ අපරාධ අංශයෙන් විමසූ විට එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක සී.අයි. පුෂ්පලාල් මහතා කියා සිටියේ පහරදීමෙන් මියගිය රුමේෂ් නමැති පුද්ගලයා බීමත්කමට දැඩි ලෙස ඇබ්බැහිව සිටි අයකු බවයි.

පසුගිය 13 වැනිදා සවස 3ත් 5ත් අතර කුරුණෑගල නගරයේ අවන්හලකින් මත්පැන් පානය කරමින් සිට තිබෙනවා. ඒ අවන්හලේදී රොබට් නමැති අයකු සමග ඔහු ආරවුලක් ඇතිකරගෙන ඇති බවත්, ඔහු රූමේෂ්ගේ බඩට පහරදෙන ආකාරය සී.සී.ටී.වී. දර්ශනවල සටහන්ව ඇති බවත් පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළා.

රූමේෂ් තම මිතුරකු වන සිසිර කුමාර සමග සිද්ධිය වූ දින රාත්‍රි 9ට පමණ සිය නිවෙසට යමින් සිටි තිබෙනවා. ඒ අතරතුර ගැරඬිගල ඇළ පාර ප්‍රදේශයේදී යතුරුපැදියකින් පුද්ගලයන් දෙදෙනකු පැමිණ ඇති අතර, රුමේෂ් හා ඔවුන් දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුව තිබුණා. ඒ අතරතුර යතුරුපැදියකින් පැමිණි මලිත් තාරුක (තාරු) රත්නසිරි නමැති පුද්ගලයකු රුමේෂ්ට මෙලෙස පහරදී තිබුණා.

අවන්හලේදී රුමේෂ්ට පහරදීමේ සිද්ධියට අදාළ දර්ශන ඇතුළත් සී.ඩී. පට තුනක් පසුගිය 17 වැනිදා අධිකරණයට භාරදීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ. මේ පහරදීම් සිදුකර තිබුණේ තාරු නමැති පුද්ගලයෙකි. මේ බව අසල සිටි කාන්තාවක් වන මේරි එලිසබත් සිල්වා මහත්මියද දැක ඇති බව සඳහන්.

පහරදීම සිදුවූ අවස්ථාවේ රුමේෂ් සමග සිටි ඔහුගේ මිතුරා වන සිසිර කුමාර මෙලෙස එම සිදුවීම විස්තර කළා.

‘රූමේෂ් මගේ යාළුවා. මම කුරුණෑගල බුලත් මුඩුක්කු පාරේ එළවළු වෙළෙඳාමයි කරන්නේ. පසුගිය 14 වැනිදා රෑ හතහමාරට අපේ කඩේ ළඟට ඇවිත් ගෙදර යමු කියලා මට කිව්වා. ඊට පස්සේ අපි දෙන්නා පයින්ම ගියා. ඒ අතර අපි දෙන්නා කසිප්පු ටිකක් බොන්න ගැරඬියාගල නැවතුණා. එතකොට වෙලාව රෑ 9ට විතර ඇති. එතැන ඉන්නකොට දෙන්නෙක් මෝටර් සයිකලේකින් ආවා. රූමේෂ් මේ දෙන්නාට සැලියුට් කළා. ඒ සැලියුට් කළාම තාරු කියන පුද්ගලයා රූමේෂ්ට ගහගෙන ගහගෙන ගියා…’

මොට ආයුධයකින් උදරයට සහ ඉලඇට ප්‍රදේශයට පහරදීම සිදුකර ඇති බවත්, එම පහරදීමෙන් රුමේෂ්ගේ එක් වකුගඩුවකට බරපතළ හානි සිදුවීම නිසා ඔහුගේ මරණය සිදුව ඇති බවත් සඳහන් කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන මහතා අධිකරණයට සිය වාර්තාව නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් වටිනා තරුණ ජීවිතයක් රටට අහිමි වුණා. රටක නීතියට ගරු නොකරන, මනුෂ්‍යත්වයට ගරු නොකරන සීමිත පිරිසක් නිසා දිනෙන් දිනම අප රටට අහිමි වන වටිනා ජීවිත සංඛ්‍යාව විශාලයි.

රුමේෂ් පහරකෑමට ලක්ව නිවෙසට පැමිණි විගසම ඔහුව රෝහල්ගත කරන්නට ඔහුගේ මව කටයුතු කළා නම් ඇතැම් විට ඔහු අදටත් ජීවතුන් අතර සිටිනවා වන්නට හැකියි. එහෙත් ඇයගේ නොදැනුවත්කම නිසාම එය මඟහැරී ගොස් තිබුණා. දරුවන් වැඩිවියට පත්ව කරදඬු උස්මහත් වූ පමණින් ඔවුන් ගැන සොයා බැලීම, විපරම් කිරීම නවතා දැමීම මවුපියන් විසින් නොකළ යුතුයි. මන්ද වත්මන් විෂම සමාජය තුළ කොයි මොහොතේ තම දරුවාට අනතුරක් සිදුවේදැයි කිව නොහැකි නිසයි. එසේම බීමත්කමට, මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහිවී ඒ නිසාම අනපේක්ෂිත අනතුරුවලට මුහුණ දෙන බාල තරුණ වැඩිහිටි සියලු දෙනාම තම ජීවිතවල වටිනාකම පිළිබඳ නැවත නැවතත් සිතා බැලිය යුතුයි. තමන්ගේ වරද නිසා දුක් විඳින්නේ තමන් පමණක් නොව, ආදරණීය මවුපියන්ද ජීවිත කාලයම වේදනාවෙන් පසුවන බව ඔවුන් සිහි තබාගත යුතුමයි.

මෙම මරණය සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ සැරයන් ප්‍රේමසිරි මහතා සිදුවීම සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණය සිදුකරනු ලැබූ අතර, වැඩිදුර විමර්ශන පොලිස් පරීක්ෂක නන්දන බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් සිදුකරනු ලබනවා.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

අද උදේම දියතලාවේ ගෙදරකත් ගෑස් ලිප පුපුරයි!

Next Post

රට වටේම පුපුරන ගෑස් ටැංකිත් අරන් සජබෙ පාරිභෝගික අධිකාරියට යයි! (VIDEO)

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.