• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගෙ බිඳවැටුණු අන්තිම ඇමෙරිකන් බලාපොරොත්තුව…

November 23, 2022
in Exclusive, Politics
Reading Time: 1 min read
A A
රනිල්ගෙ බිඳවැටුණු අන්තිම ඇමෙරිකන් බලාපොරොත්තුව…
Share on WhatsAppShare on Facebook

2005ට පෙර ලංකාවේ දේශපාලනයේ යූ.ඇන්.පී.ය සමීප වූයේ ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයටය. ශ්‍රීලනිපය සමීප වූයේ ඇමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයටය. 1988 ජනාධිපතිවරණයේදී එකල ජේ.ආර්.ගේ ආණ්ඩුවේ ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි කීවේ ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති රේගන් වාර දෙකක් ජනාධිපති වී ඔහුගේ උප ජනාධිපති බුෂ් ඊළඟ වාරයේ ජනාධිපති වූවා සේ ලංකාවේ ජේ.ආර්. වාර දෙකක් ජනාධිපති වී ඔහුගේ අගමැති ප්‍රේමදාස ඊළඟ වාරයේ ජනාධිපති වන බවය. බුෂ් ජනාධිපති වූවා සේ ප්‍රේමදාස ජනාධිපති විය. 1992 ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී වසර 12කට පසු ඩිමොක්‍රටික් අපේක්ෂක බිල් ක්ලින්ටන් ජනාධිපති වූ විට ලංකාවේ ශ්‍රීලනිපය සතුටට පත්විය.

ඇමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂය වසර 12කට පසු බලයට ආවා සේ ලංකාවේ ශ්‍රීලනිපය වසර 17කට පසු බලයට එනවා යැයි ශ්‍රීලනිපය කීවේය. කිව්වා වගේම ශ්‍රීලනිපය 1994 බලයට පත්විය. 1994 ජනාධිපති වූ චන්ද්‍රිකා ඇමෙරිකාව සමග සමීප සබඳතා පැවැත්වූවාය. ඇය ජනාධිපති වූ අලුතම වාගේ ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ බිරිය හිලරි ක්ලින්ටන් ලංකාවට ආවාය. මේ කාලයේ විපක්ෂයේ සිටි යූ.ඇන්.පී.ය බල බලා සිටියේ ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂය බලයට එන තෙක්ය. 2000 බුෂ් ජනාධිපති වූ විට යූ.ඇන්.පී. නායක රනිල් සතුටට පත්විය. රේගන්ගේ කාලයට පසු ලංකාවේ නායකයෙක් ධවල මන්දිරයේදී ඇමෙරිකානු ජනාධිපති හමුවූයේ බුෂ්ගේ කාලයේය. රනිල් ධවල මන්දිරයට ගොස් බුෂ් හමුවිය. 2008 ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී පළමු වරට යූ.ඇන්.පී.යේ රනිල් වික්‍රමසිංහත් ශ්‍රීලනිපයේ නව නායක මහින්ද රාජපක්ෂත් රිපබ්ලිකන් පක්ෂය දිනවනවාට කැමැති විය. මහින්ද, රිපබ්ලිකන් පක්ෂය ජය ගන්නවාට කැමැති වූයේ දෙමළ ඩයස්පෝරාව ඔබාමාට සහාය පළ කළ නිසාය. යුද්ධය දිනන්න ඇමෙරිකාවේ සහාය ගන්න නම් රිපබ්ලිකන් පක්ෂය ජයගත යුතු යැයි මහින්ද සිතුවේය. එහෙත් දින්නේ ඔබාමාය. මහින්ද කෙසේ හෝ යුද්ධය දින්නේ ඉන්දියාවේ සහයෙන් ඔබාමාගේ ආණ්ඩුව නිහඬ කරලාය. ඒත් යුද්ධය ජයගැනීමෙන් පසු ඔබාමාගේ ආණ්ඩුව මහින්දගේ ආණ්ඩුවට එරෙහිව මානව හිමිකම් චෝදනා ඉදිරිපත් කළේය. මෙම චෝදනාවලින් බේරී ඇමෙරිකාවේ සහාය ගන්න මහින්දගේ ආණ්ඩුව ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ සෙනට් සභිකයන්ගේ සහාය පැතුවේය. 2009 දී ඇමෙරිකානු සෙනට් සභිකයන් පිරිසක් සෙනට් ෆොරීන් රිලේෂන් කමිටියට වාර්තාවක් ඉදිරිපත් කරමින් කීවේ ලංකාව ඇමෙරිකාවට උපායිකව වැදගත් බවත්, ලංකාව චීන ග්‍රහණයට හසුවන්නට ඉඩ නොදී ඇමෙරිකාව ලංකාවට උදව් කළ යුතු බවත්ය. එදා විපක්ෂ නායකව සිටි රනිල් මේ වාර්තාවට කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් අද ජනාධිපති ධුරයට පත්වී සිටින රනිල් ඇමෙරිකානු හවුස් රෙප්‍රසෙන්ටේටිව් මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂය ජයගනු ඇතැයි දැඩි විශ්වාසයකින් පසුවූ බවට ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග වාර්තා කරයි. රනිල්ට, බයිඩන්ගේ ආණ්ඩුව දිනාගැනීම අසීරු වී ඇති නිසා රිපබ්ලිකන් පක්ෂය යූ.එස්. හවුස් රෙප්‍රසෙන්ටේටිව් මැතිවරණයෙන් ජයගතහොත් රිපබ්ලිකන් සෙනට් මන්ත්‍රීවරු හරහා බයිඩන්ගේ ආණ්ඩුවට රනිල්ගේ ආණ්ඩුවට උදව් කරන ලෙස බලපෑම් කිරීම රනිල්ගේ උපාය වී තිබිණි. ඒත් සෙනට් බලය බයිඩන්ට හිමිවීමත්, හවුස් රෙප්‍රසෙන්ටේටිව් මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂයට ලොකු ජයක් නොලැබීමත් නිසා රනිල්ගේ බලාපොරොත්තුව බිඳවැටී තිබේ. මැතිවරණයට පෙර රනිල් රිපබ්ලිකන් පක්ෂ සබඳකම් වර්ධනය කරගනිමින් සිටි බවත්, ඡන්ද ප්‍රතිඵල දැඩි වුවමනාවෙන් නිරීක්ෂණය කළ බවත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියයි. සමන්තා පවර් හරහා බයිඩන් දිනාගැනීම රනිල්ගේ කලින් උපාය විය. එය අසාර්ථක විය. මෙවර ඔහුගේ උපාය වූයේ යූ.එස්. හවුස් රෙප්‍රසෙන්ටේටිව් මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂය දිනන තෙක් සිටීමය. එයත් අසාර්ථක වීම නිසා ඔහු වෙනත් විකල්ප මාර්ග සොයන්න පටන්ගෙන තිබේ.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සිඩ්නි කැසිනෝ ශාලාවක මහ රෑ ගුටි ගහගැනීම! චාමික වරද පිළිගනී! අවුරුද්දක් ක්‍රිකට් තහනම්! ඩොලර් 5000ක දඩයකුත් ගහයි!

Next Post

මාස ගාණක ලයිට් බිල ගෙවලා නෑ! ගෙදර ලයිට් කපන්න ආ විදුලිබල මණ්ඩලේ අයව නවීන් බැනලා එළවලා! කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක්! බලමු පොලිසිය මොකද කරන්නෙ කියලා!

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.