• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරගලයෙන් ඇවිත් අරගලයටම ගහපු රනිල් සහ සිසී…

November 17, 2022
in Exclusive, Politics
Reading Time: 1 min read
A A
අරගලයෙන් ඇවිත් අරගලයටම ගහපු රනිල් සහ සිසී…
Share on WhatsAppShare on Facebook

2011 ඊජිප්තුවේ අරාබි වසන්තය (Arab Spring) නැඟී එන විට ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ කීවේ විදේශ කුමන්ත්‍රණකරුවන් ලංකාවේද එවැනි කැරැල්ලක් ඇති කරන්න ගියහොත් එය සාර්ථක නොවන බවය. එහෙත් ඇරැබ් ස්ප්‍රින්ග් රැල්ල ලංකාවට ආවේ 2022 දීය. අද මහින්ද පමණක් නොව රාජපක්ෂ පවුලම ඒ රැල්ලට හසුවී විනාශ වී ඇත.

රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරය දී රාජපක්ෂවරු ඉවත් විය. අරාබි වසන්තයට ලංකාවේ කිව්වේ අරගලය කියා. එම අරගලයෙන් ජනාධිපති වූ රනිල් අද ඊජිප්තුවේ පාරිසරික සමුළුවට සහභාගි වීමට ඊජිප්තුවට ගොස් තිබේ. ඊජිප්තුවේ ජනාධිපති එල් සිසීද ඊජිප්තුවේ ඇරැබ් ස්ප්‍රින්ග් එකෙන් ජනාධිපති වුණු අයෙකි. ඔහු ඇරැබ් ස්ප්‍රින්ග් එන විට ඊජිප්තුවේ මිලිටරි ඉන්ටලිජන්ස් ඩිරෙක්ටර් විය. ඒ, ජනාධිපති හොස්නි මුබාරක්ගේ ආණ්ඩුවේය. ඇරැබ් ස්ප්‍රින්ග් එකෙන් මුබාරක් බලයෙන් වීසිවිය. 2011දී මොහොමඩ් මොර්සි ජනාධිපති විය. ඔහු එල් සිසීව 2012දී ආරක්ෂක ඇමැති ධුරයට පත් කළේය. මොහොමඩ් මොර්සිගේ ආණ්ඩුව ඇරැබ් ස්ප්‍රින්ග් එකට නායකත්වය දුන් විප්ලවකාරයන් පිළිගත්තේ නැත. ඔවුන් යළිත් විප්ලවය පටන් ගත්තේය. එල් සිසී මෙම විප්ලවයට මුවාවී ජනාධිපති වෙන්න කුමන්ත්‍රණයක් කළේය. ඔහු විප්ලවයට විසඳුමක් කියා හමුදා කුමන්ත්‍රණයක් දියත් කළේ ආරක්ෂක ඇමැති ලෙසය. හමුදා කුමන්ත්‍රණයෙන් ඔහු ජනාධිපති මොහොමඩ් මොර්සිව බලයෙන් පහ කළේය. බලයෙන් පහ කළ ජනාධිපති මොර්සි වෙනුවට ඔහු සම්දීන් සබාදිව අන්තර්කාලීන ජනාධිපති ලෙස පත් කළේය. ඔහුටද රට පාලනය කළ නොහැකි වූයේ විප්ලවය දරුණු වී කැරැලි කෝහාලහල ඇති වීමෙනි. 2014 දී සිසී තමා හමුදාවෙන් අයින් වී ජනාධිපතිවරණයට තරග කරන බව ප්‍රකාශ කළේ විප්ලවයේ ඉන්නා ඔහුගේ ආධාරකරුවන්ගේ සහාය පතමිනි. ජනාධිපතිවරණයෙන් සිසී අති විශිෂ්ට ජයක් ලැබීය. ඉන් පසු ඔහු ඉතා කෲර ලෙස විප්ලවය සහ එහි නායකයන්ව මර්දනය කළේය. ඔවුන්ව ත්‍රස්තවාදීන් ලෙස නම්කොට හිර ගෙදරට දමනු ලැබීය. සිසීගේ වාසනාවට ඔහු මේ මර්දනය දියත් කරන විට ඇමෙරිකාවේ ජනාධිපති ධුරයේ සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. සිසී, ට්‍රම්ප්ගේ ප්‍රියතම ඒකාධිපතියා විය. ඒත් බයිඩන් බලයට ආ විට සිසීට ට්‍රම්ප්ගේ කාලයේ ලැබුණු පිළිගැනීම ඇමෙරිකාවෙන් ලැබුණේ නැත. සිසී, බයිඩන්ට දුරකතනයෙන් කතා කරන්නට විය. ඒත් මේ වන විට බයිඩන් සහ සිසී අතර හොඳ සම්බන්ධතාවක් ඇති වී තිබේ. සිසී ඊජිප්තුවේ පාරිසරික සමුළුව පවත්වන්නේ ඔහුට අහිමි වුණු ජාත්‍යන්තර පිළිගැනීම ලබාගන්නටය. මේ සමුළුව සම්බන්ධයෙන් Tampa Bay Times කී කතාවය.

ලංකාවේ රනිල් ජනාධිපති වුණේත් සිසී වගේ අරගලයෙන්ය. සිසී ඊජිප්තු අරගලය ප්‍රයෝජනයට ගෙන ජනාධිපති ධුරයට රිංගා ගත්තා සේ රනිල් ද ලංකාවේ අරගලය ප්‍රයෝජනයට ගෙන අගමැති වී ජනාධිපති විය. සිසී වගේ රනිල් ද අරගලය මර්දනය කළේය. රනිල් පාරිසරික සමුළුවට යන්නේත් ජාත්‍යන්තර පිළිගැනීම ලබාගන්නටය. අරගලය මර්දනය කොට අරගල නායකයන් සිරගත කොට ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වමින් රනිල් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල සහාය පතයි. සිසී මැදපෙරදිග සාමය පෙන්වා ඇමෙරිකාව දිනාගන්න යනවා වගේ රනිල් චීනය පෙන්වා ඇමෙරිකාව දිනාගන්න උත්සාහ කරයි. සිසී යම්තාක් දුරට සාර්ථකය. රනිල්ට සිසී වගේ සාර්ථක වෙන්න පුළුවන් වෙයිද යන්න සැක සහිතය.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

හිටිහැටියේම අද මරික්කාර් වඳ කොත්තු වඳ පෙති සහ කැලණියේ ප්‍රසිද්ධ නාගයාවත් අරන් විපක්ෂනායක කාර්යාලයට ආවෙ ඇයි? (VIDEO)

Next Post

තිළිණි ප්‍රියමාලි කරපු තවත් මහා හොර වැඩක් උසාවියේදී එළියට එයි! එහෙම කරන්න උදව් කරපු ලොක්කො කව්ද?

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.