ජංගම දුරකතන සහ පරිගණක මගින් සිදුකරගෙන යන අපරාධවලින් 63%ක් වින්දිතයන් බවට පත්වන්නේ කාන්තාවන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය සිදුකළ සමීක්ෂණයකදී හෙළිව තිබේ. (Sri Lanka Latest News)
එම විමර්ශන අංශයේ උසස් නිලධාරියකු සඳහන් කළේ මේ රටේ මිලියන 23ක ජනගහනයක් සිටින අතර, ජංගම දුරකතන භාවිතය මිලියන 23 දක්වා ඉහළ නැග ඇති බව අනාවරණ වී ඇති බවයි.
ආරම්භයේ ජංගම දුරකතන භාවිතය ගෙහිමියාට පමණක් සීමාවූ නමුදු එය මේ වන විට අඹුසැමි දෙදෙනාට මෙන්ම දරුවන් අතටද එය පත්ව ඇති බවද සඳහන්ය.
ගෙවීගිය මාස තුන තුළ පරිගණක අපරාධ පිළිබඳ පැමිණිලි සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති අතර, එම සංඛ්‍යාව 1,500ක් බව සඳහන්ය.
නාඳුනන පුද්ගලයන්ගේ රැවැටීම්වලට හසුවී ඇති වින්දිතයන් පිළිබඳ රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන අංශය යටතේ ඇති මහනුර, මාතර, අම්පාර සහ කුරුණෑගල යන ප්‍රදේශවල පිහිටුවා ඇති ප්‍රාදේශීය විමර්ශන ඒකකද විමර්ශන පවත්වාගෙන යයි.
ප්‍රේමලාල් විජේරත්න