ලබන ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා වෙනත් මැතිවරණවලට වඩා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන් වැඩි පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කරගෙන යන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
ජාත්‍යන්තර නිරීක්ෂකයන් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ පැෆ්රල් සංවිධානය සහ මැතිවරණ කොමසාරිස්වරයාද හමුවී සාකච්ඡා කොට ආපසු ගිය බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරණය සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයන් ගෙන්වා ගැනීමට අදාළව පැෆ්රල් සංවිධානය ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය සමග සාකච්ඡා කරමින් සිටින බවද හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
පූර්ව මැතිවරණ කාලයට පෙර රාජ්‍ය දේපළ අවභාවිත කිරීම, රාජ්‍ය බලය අවභාවිත කිරීම පිළිබඳවත්, වෛරී ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන්ද පැෆ්රල් සංවිධානය දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
දැනට වසර කිහිපයකට පෙර පිහිටුවා ගන්නා ලද ‘මාර්තු 12’ සංවිධානයට අයත් දිවයින පුරා සිටින සාමාජිකයන් 5000කට අධික පරිසක් කොඹට කැඳවා මහ මැතිවරණයකදී අපේක්ෂකයන් තෝරාගැනීමට අදාළව දැනුවත් කිරීමේ සමුළුවක් කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ රඟහල භූමියේදී පැවැත්වූ බවද පැෆ්රල් සංවිධානය පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න