• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

සුදුළූණු වංචාව-ගෑස් වංචාව රටට හෙළිකොට තනතුරු දාලා ගිය තුෂාන්ව කටුනායකදී නවත්වා ගත්තේ ඇයි?

February 2, 2022
in Exclusive, News
Reading Time: 7 mins read
A A
සුදුළූණු වංචාව රටට හෙළි කළ පාරිභෝගික අධිකාරියේ හිටපු ලොක්කාට රට යාම තහනම්! ගුවන්තොටුපොළේදී නවතා ගනී! බලද්දි සුදුළූණු නඩුවේම සැකකාරයෙක් කරලා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන පසුගිය කාලය පුරා ඉමහත් ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් රැසක් සිදුකළා. ඒ, ලංකාවේ පාරිභෝගික ජනතාවගේ හිස මත මේ වෙද්දි පැටවිලා තියෙන බඩු මිල ඉහළ යෑමේ පීඩනයට හේතු වුණු විවිධ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන්. පාරිභෝගික සේවා අධිකාරියට වගේම එම අධිකාරිය පාලනය කරන පාරිභෝගික කටයුතු අමාත්‍යවරයාටත් ඔහු ඍජුවම චෝදනා කළා. මේ, එම හෙළිදරව් මාලාවේ තවත් දිගුවක්. තුෂාන් ගුණවර්ධන සමග මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සිදුකළ මේ සම්මුඛ සාකච්ඡාව අප උපුටාගත්තේ Truth with Chamuditha යූටියුබ් නාලිකාවෙන්.

ඇමෙරිකාවට යන්න ගිහිල්ලා ලංකාවේ ගුවන් තොටුපොළේ ඉමිග්‍රේෂන් එකෙන් ඔබේ ගමන වැළැක්වූවා කියලා පුවත්පත් වාර්තා කරලා තිබුණා. ඒකට හේතුව විදියට දක්වලා තිබුණේ ඔබ සුදු ලූනු නඩුවේ ඉන්න නිසා. මොකක්ද මේ කතාව?
මම පසුගිය 22 වැනිදා පාන්දර එමිරේට්ස් සමාගමේ යානයකින් එක්සත් ජනපදය බලා පිටත් වෙන්න ගියා. එහිදී මාව ගුවන් තොටුපොළේ ‘චෙකින්’ කළා. බෑග් ඔක්කොම ඇතුළට දැම්මටත් පස්සේ ඉමිග්‍රේෂන් එකට ගිහින් පාස්පෝර්ට් එක දුන්නාම එතැන අය මගෙන් ඇහුවා ඔබතුමාට විරුද්ධව නඩුවක් තියෙනවද කියලා. මම කිව්වා නඩුවක් තියෙන්න විදියක් නෑ කියලා. නමුත් ඒ අය කිව්වා නඩුවක් තියෙනවා, පාලකතුමා සමග කතා කරන්න එන්න කියලා. මම ගිහින් පාලකතුමා සමග කතා කරද්දී එතුමා මට ලියුමක් පෙන්නුවා. ඒ ලියුමේ තවත් පස් දෙනකුගෙ නම් තිබුණා. මගේ නම තිබුණේ ඒකෙ අන්තිමටම. ඒකෙ තිබුණේ වැලිසර මහෙස්ත්‍රාත් උසාවියෙන් ගත්ත නියෝගයක්. මට රටෙන් පිටවෙන්න බෑ කියලා ඒකෙ සඳහන්ව තිබුණා. ඒ වගේම ඒ නඩුවේ සැකකරුවකු විදියට මාව නම්කරලා තිබුණා.

ඒත් ඔබ නොදැන ඔබට විරුද්ධව නඩුවක් පැවරෙන්න විදියක් නෑ නේද?
ඔව්. ඒක තමයි මම කියන්නේ. මේ හැම දේකම ක්‍රමවේදයක් තියෙනවනේ. ඉතින් අපි දන්න විදියට මම සැකකරුවකු නම් මාව අත්අඩංගුවට අරගෙන පාස්පෝට් එකත් අරගන්න ඕනෙ. නමුත් එහෙම දෙයක් වෙලා තිබුණේ නෑ. මම රටේ එළිපිට හිටියා. මාව දෙපාරක් සී.අයි.ඩී. එකට කැඳෙව්වා. මම ඒවටත් ගියා. ඉතින් හැංගිලා හිටපු කෙනෙක් නෙවෙයි මම.

වැලිසර පොලිසියට සහ සී.අයි.ඩී. එකට සුදුලූනු වංචාව සම්බන්ධයෙන් පැමිණිලි කළේ ඔබ නේද? එතකොට ඔබ කොහොමද එහි පැමිණිලිකරු වුණේ?
ඒක තමයි කියන්නේ. පොලිසිය අධිකරණයත් නොමඟ යවලා තියෙනවා. බොහොම පැහැදිලිව.

ඔබට නිකන්වත් තොරතුරක් ලැබුණේ නැද්ද එයාර්පෝර්ට් එකට යන්න කලින් ට්‍රැවල් බෑන්ඩ් එකක් තියෙනවද නැද්ද කියලා පරීක්ෂා කරගන්න අවශ්‍යතාවක් දැනුණේ නැද්ද?
සැකයක් තිබුණා. නමුත් ඒක ට්‍රැවල් බෑන්ඩ් එකක් කියලා මම හිතුවේ නෑ.

ඔබ රටින් පනින්නද හැදුවේ? මොකද ඔබට තර්ජන තිබුණා. තර්ජන පිළිබඳ පැමිණිලි කරලා තිබුණා?
මට තර්ජන තියෙනවා. නමුත් මම රටින් පනින්න අදහසක් තිබුණේ නෑ. මම යන්න ගියේ ව්‍යාපාරික කටයුත්තකට කොන්ෆරන්ස් එකකට. මට ඒකට යන්න බැරිවුණා. ඒ සඳහා හෝටල් වියදම් ඇතුළු ව්‍යාපාරික වශයෙන් මට වෙච්ච හානි පූර්ණය කරගන්න මම මේකට විරුද්ධව නඩු පවරනවා.

කාට විරුද්ධවද ඔබ නඩු පවරන්නේ?
පොලිසියට විරුද්ධව.

එතකොට පොලිසියද එහි වගකිව යුත්තා?
ඔව්. පොලිසියෙන් දීපු කරුණුනේ මේ.

මම අහන්නේ ඔබ මේ සිද්ධියේ පැමිණිලිකරු. නමුත් ඔබ කොහොමද සැකකරුවකු වුණේ?
ඔබට මතක ඇති එක අවස්ථාවක පුවත්පත් කර්තෘවරුන්ගෙ පස්සෙන් පොලිසිය ගියේ අගමැතිතුමා එපා කියද්දිත්. මේක භාරව ඉන්නේ දේශබන්දු තෙන්නකෝන්. එයා වගකියන්න ඕනෙ මේවට.

ඔබ කියන්නේ ඔහු දැනුවත්ව ඔබව හිර කළා කියලද?
අනිවාර්යයෙන් ඔහු දැනුවත්ව තමයි. ඔහුගෙ යටතෙනෙ බස්නාහිර පළාත තියෙන්නේ.

ඔබට පෙන්නුව ලියුම උසාවි නියෝගයක්ද?
නෑ. ඒක ඉමිග්‍රේෂන් එකෙන් එයාර්පෝට් එකට එවපු එකක්.

එතකොට ඉමිග්‍රේෂන් එකට ආපු ලියුම මොකක්ද කියලා ඔබ දන්නෙ නැද්ද?
නෑ. මම ඒක දන්නෙ නෑ.

ඔවුන් ඔබට කිව්වෙත් නැද්ද?
නෑ.

ඔබ ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් ආගමන විගමන පාලකට කතා කරලා මේ ගැන විමසුවෙ නැද්ද?
නෑ. සෙනසුරාදා උදේ පාන්දරනේ මේක සිදුවුණේ. ඉතින් සතිය දවසක තමයි බලන්න වෙන්නේ.

ඔබ විශ්වාස කරන්නේ මේක සැලසුම්සහගතව සිදුකළ දෙයක් කියලද?
ඔව්. මම සැප්තැම්බර් මාසෙ 21 වැනිදා අස්වුණේ. සැප්තැම්බර් 28 මොකක් හරි සැලැස්මක් තිබිලා තියෙනවා මාව කූට විදියට ඇරෙස්ට් කරන්න. නැත්නම් මාව සැකකරුවකු විදියට නම් කරන්න විදියක් නෑ. මේක ඇත්ත තොරතුරු විකෘති කරලා පොලිසියේ ඇතැමුන්ට ඕනෙ විදියට කරපු වැඩක්. මේකට දේශපාලන අධිකාරිය සම්බන්ධයි. බන්දුල ගුණවර්ධන වෙනම පැමිණිල්ලක් දැම්මනේ, මේ සුදුලූනු වංචාව සම්බන්ධයෙන්. එයාට හානියක් වුණා කියලා.

එතකොට ඔබ හිතන්නේ මේ ට්‍රැවල් බෑන්ඩ් එක දැමීමේ ඊළඟ පියවර ඔබව අත්අඩංගුවට ගැනීම කියලද?
ඔව්. මේගොල්ලො මේවට හවුල්නේ. එතුමා ගිහින් පැමිණිලි කරලා මම දෙපාරක් සී.අයි.ඩී. එකට ගියානේ මේ සම්බන්ධයෙන්.

ඔබ බන්දුල ගුණවර්ධන ගැන සැකයකින්ද කියන්නේ ඔහු තමයි මේ ට්‍රැවල් බෑන් එකට සම්බන්ධ කියලා?
ඔව්. ඔහු විතරක් නෙවෙයි ලසන්ත අලගියවන්නත් මේකට සම්බන්ධ ඇති. මොකද මේ දෙන්න එකටනේ මේ වැඩේ ප්ලෑන් කරන්න ඇත්තේ. මම එහෙම සැක කරනවා. එහෙම නෙවෙයි නම් එතුමන්ලාට ඇවිල්ලා කියන්න පුළුවන්නේ. මොකද මම ගෑස් ප්‍රශ්නෙ, සුදුලූනු ප්‍රශ්නෙ එළියට දැම්මට පස්සේ තමයි සැප්තැම්බර් 28 වැනිදා තමයි ඔය උසාවි නියෝගය අරන් තියෙන්නේ.

ඔබ මේ එක නඩු වාරයකටවත් සහභාගි වෙලා නැද්ද?
අපි දන්නෙත් නෑ. අපට කිව්වෙත් නෑ. ඉතින් මේ විදියට බලනකොට ඕනෑම සාමාන්‍ය පුරවැසියකුට විරුද්ධව පොලිසිය මෙහෙම ක්‍රියාත්මක වෙන්න පුළුවන් දැන්.

ඔබට මුල ඉඳලා දැනුණද සුදුලූනු වංචාව අනාවරණ කළාට පස්සේ ඔබව පන්නනවා කියන එක?
ඔව්. අනිවාර්යයෙන්. දඩයම් කරන්න හැදුවනේ. මට දුරකතන තර්ජන තියෙනවා කියලා සී.අයි.ඩී. එකට දැනුම් දුන්නේ ජුනි 30 වැනිදා. ටෙලිෆෝන් නම්බර් එක්කමයි භාරදුන්නේ. ඒවට අද වෙනකන් කිසිම පරීක්ෂණයක් සිදුවෙලා නෑ. සුදුලූනු වංචාව විතරක් නෙවෙයි. මිලියන ගානක බඩු සතොසින් අරන් ගිහින් තියෙනවා. සුදුලූනු එක තමයි අපි අල්ලගත්තේ. ඊට ඉස්සෙල්ලා උඳු ගෙනිච්චා. මම දිගින් දිගටම ඒ ගැන කිව්වා. නමුත් අද වෙනතුරු ඒ ගැන කිසිම පරීක්ෂණයක් කරලා නෑ.

ඔබ කියන්නේ සුදුලූනු වංචාව සම්බන්ධයෙන්වත් කිසිම පරීක්ෂණයක් නෑ කියලද?
නෑ. කිසිවක් වෙන්නෙ නෑ, ඒ චූදිතයො දැන් වැඩ. ලස්සනම වැඩේ කියන්නේ ඒගොල්ලො ආයෙත් වැඩට අරගෙන. වැඩට අරගෙන ඊට පස්සේ මේගොල්ලො ලව්වා තව හොරකම් කරවනවා. මේගොල්ලෝ ආපහු රස්සාව දෙන්නේ නිකන් නෙවෙයි. කොන්දේසි එක්ක තමයි රස්සාව දෙන්නේ. ඊට පස්සේ අදාළ කට්ටිය කියන දේවල් කරන්න මේගොල්ලො බැඳිලා ඉන්නවා රස්සාව දීපු නිසා. මේක චක්‍රයක් වගේ යනවා. මේ වංචාවල් ගැන කතාකරලා වැඩක් නෑ. මම රාජ්‍ය සේවකයන්ට කියන්නේ වංචාවක් දැක්කොත් අහක බලාගෙන යන්න කියලා. නැත්නම් ලොකු ප්‍රශ්න ගොඩකට මූණදෙන්න වෙනවා.

ඒ කියන්නේ ඔබ මෝඩකමක් කරලා තියෙන්නේ?
ඔව්. ලොකු මෝඩකමක් කරලා තියෙන්නේ. මොකද මේ වගේ දේවල් මේ රටේ කරන්න බෑ. සාමාන්‍යයෙන් හොරුන්ට තැන දීලා නිකන් ඉන්නවා. දැක්ක නොදැක්කා වගේ යන්න ඕනෙ.

ඔබ පසුතැවෙන්නේ විදේශ රටක රස්සාවක් දාලා මෙහෙට ආපු එක ගැනද, නැත්නම් මෙතැන රස්සාවේ හොරකම් දැකලා ඒවා අල්ලලා දීපු එක ගැනද?
රස්සාවක් දාලා ආපු එක එකක් තමයි. රස්සාවක් හොයාගන්න පුළුවන්. නමුත් ප්‍රශ්න තමයි මේක අපේ රටනේ. අපේ රටට වෙන දේ දැක්කම හරි කනගාටුයි. දැන දැන මේ වගේ හොර තක්කඩින්ට රට භාරදීලා අපිට අහක බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ අද. ඒ කියන්නේ සුදුලූනුවලින්, මාස්ක්වලින් හොරකම් කරන දේශපාලන අධිකාරියක්නෙ අද තියෙන්නේ. ඉතින් මිනිස්සුන්ට මොන තත්ත්වයක්ද? ඒවා නවත්වන්න කිසිම උවමනාවකුත් නෑ.

ඔබ හිතන්නේ මේව නවත්වන්නත් බෑ?
බෑ. මොකද පාරිභෝගික අධිකාරියට පාරිභෝගික අධිකාරියෙ කාර්යය කරන්න දෙන්නේ නෑ දේශපාලන අධිකාරිය. බලපෑම් කරනවා. ඇමැතිලා එකතු වෙලා ඒ ජාවාරම්වලට ඒගොල්ලොත් හවුල් නිසා ඒක කරන්න දෙන්නෙ නෑ. පොලිසියෙත් සමහර ලොක්කො මේවට හවුල්. ඒගොල්ලන්ව අල්ලගෙන රටේ මහජනතාවට විරුද්ධව පොලිසිය දම්මල වැඩ කරවනවා. මේක හරි භයානක තත්ත්වයක්. ඉතින් මේකට විරුද්ධව යන්න එකම තැනයි තියෙන්නේ. ඒ අධිකරණය.

ඔබ අධිකරණයට යන්න බලාපොරොත්තු වෙනවද?
ඔව් අනිවාර්යයෙන්ම.

මේ හරහා දෙන්න බලාපොරොත්තු වෙච්ච පණිවුඩය, මීට පස්සේ හොරකම් ගැන පැමිණිලි කරන්න ආවොත් උඹලටත් වෙන්නේ තුෂාන්ට වෙච්ච දේමයි තමයි කියලා?
ඔව්, ඒක තමයි මේ දෙන්න හදන මැසේජ් එක. මම රට යන එක තාවකාලිකව නවත්තනවා. නවත්තලා, මේක ඉවර කරලා, මේ වැරැදිකාරයො ඔක්කොම එළියට ගෙනල්ලා, ඔවුන්ගෙන් ඒ ඔක්කොම අයකරගෙන තමයි මම පස්ස බලන්නේ.

චානක ලියනගේ

SendShareShare
Previous Post

නඩුව විසි කරන්න මහින්දානන්ද ඉල්ලයි! උසාවිය නඩුව විභාග කරන්න තීන්දු කරයි!

Next Post

ලංකාවට එරෙහිව මාර්තුවේ පත්තුවෙන්න යන බෝම්බය ආචාර්ය දයාන් කල්තියාම රටට දැනුම් දෙයි!

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News
Exclusive

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

Load More
රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News
Uncategorized

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ ( RAGAMA ST. ANTHONYS PRE SCHOOL ) වාර්ෂික සිඟිති ක්‍රීඩා උළෙල - 2026 , පසුගියදා උත්සවාකාරයෙන්...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.