• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කවුද මේ රෝයල් බීච් සමන් I Sri Lanka Latest News

February 1, 2024
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොලිසියත් නොදැන සිටි අලුත්ම පාතාලයකු කරළියට ගෙන ආ තංගල්ලේ පස් පුද්ගල ඝාතනය…

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා පසුගිය 22 වැනිදා උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේ වෙළෙඳසලක් අසලදී ඝාතනය වුණේ ජීප් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකිනි. එම ප්‍රහාරයෙන් සමන් පෙරේරාට අමතරව තවත් පුද්ගලයන් හතර දෙනකු එම ස්ථානයේදීම ඝාතනය විය.(Sri Lanka Latest News) ‘රෝයල් බීච් සමන්’ නමින් ප්‍රකට සමන් පෙරේරා යනු කවරෙක්ද? ඔහුගේ දේශපාලන වටපිටාව සහ දේශපාලන ඉතිහාසය කෙසේද? ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස පවා වරක් කටයුතු කළ ඔහුගේ පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කවුද? පහත පළවන්නේ සමන් පෙරේරාගේ දේශපාලන පසුබිම සහ ඔහුට තිබුණු බව පැවැසෙන පාතාල සබඳතා පිළිබඳ විමසා බැලෙන විශේෂ අනාවරණයකි.

තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ඝාතන නඩුවකට පෙනී සිටීමට යමින් සිටි ‘අපේ ජනබල පක්ෂයේ’ නායක සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන් ඇතුළු පස්දෙනකු ඝාතනය කරමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී පසුගිය 22 වැනිදා උදෑසන එල්ලවුණු වෙඩි ප්‍රහාරය ඩුබායිහි රැඳී සිටින ප්‍රබල පාතාල අපරාධකරුවෙක් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙක් බව පැවැසෙන කොස්ගොඩ සුජීගේ මෙහෙයවීම මත සිදුකර ඇති බවට සැකකරන තොරතුරු රැසක් විමර්ශන කණ්ඩායම් වෙත ලැබී තිබේ.

කොස්ගොඩ සුජී සහ සමන් පෙරේරා අතර, කාලයක් තිස්සේ පාතාලයේ ගැටුමක් පවතින බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවත් පොලිසිය සැක කරයි. අපේ ජනබල පක්ෂයේ නායකයා වන සමන් පෙරේරා ඇතුළු ඝාතනය වූ තිදෙනකුම 2022 වසරේ ජුනි 05 වැනිදා තංගල්ල මොරකැටිආරේදී කුඩාවැල්ලේ අසේල නමැති අය වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය කළ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට පත්වූවෝ බවත්, ඉන් එක් අයෙක් අදාළ ඩිෆෙන්ඩර් රථයේ රියැදුරු බවත් අනාවරණ වී ඇත.

ඝාතනයට ලක්වූවන් අතර, මොරකැටිආරේ ඝාතකයා පලාගිය මෝටර් රථය ලබාදුන් සුරතලා නමැති සැකකරුද, අපරාධකරුවන් සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ දෙමටගොඩ පදිංචිකරුවෙක්ද සිටින බව සඳහන්ය. සුරතලා නමැති අය අපේ ජනබල පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂකයෙක් ලෙස පසුගිය මහ මැතිවරණයට තරග කර ඇති අයෙකි.

කුඩාවැල්ලේ අසේල ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියදී පසුගියදා ඝාතනය වූ සමන් පෙරේරා කුරුණෑගල වැල්ලව පාරේ පළමු පටුමගේ පදිංචිකරුවෙකි. ඔහුගේ මහගෙදර පිහිටා ඇත්තේ කොස්ගොඩය. ඝාතනය වන විට ඔහු පසුවූයේ 47 හැවිරිදි වියේය.

සමන් පෙරේරා හැරුණු කොට ඝාතනය වූ සෙසු අය වන්නේ ගාලු පාර, පොල් වත්ත, වරාහේන, බෙන්තොට ලිපිනයේ පදිංචිව සිටි 33 හැවිරිදි ඉලේකුට්ටිගේ සමීර මදුශංක (සුරතලා), පාසල අසල, ගල්බඩ, ඉඳුරුව ලිපිනයේ පදිංචිව සිටි 40 හැවිරිදි කුමාර විදාරනලාගේ හසිත චන්සුක, ගැට්ටුවාන පාර, කුරුණෑගල ලිපිනයේ පදිංචිව සිටි 36 හැවිරිදි බයියාදුරයලාගේ බුද්ධික රාජපක්ෂ හා නිවාස, ආරාමය පාර, දෙමටගොඩ, කොළඹ ලිපිනයේ පදිංචිව සිටි 43 හැවිරිදි කන්නන්ගර කෝරාළලාගේ නලීන් චම්පික ජයතිලක නමැති අයයි.

අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණි මෙම පිරිස ගමන් කළ ඩිෆෙන්ඩරය බෙලිඅත්ත අන්තර් හුවමාරුවෙන් පිටව වලස්මුල්ල – බෙලිඅත්ත මාර්ගයේ මීටර් 600ක්වත් ගමන් කිරීමට අවස්ථාව ලැබී නැත. අධිවේගී මාර්ගයෙන් ඩිෆෙන්ඩරය පිටතට ධාවනය කරනවාත් සමග ඉන්ටර්කූලර් වර්ගයේ ජීප් රථයක නැගී තුවක්කුකරුවන් ඩිෆෙන්ඩරය හඹාගෙන විත් වෙඩි තබා ඇත්තේ බෙලිඅත්ත පොලිස් වසමේ පිහිටි කහවත්ත පාලම ආසන්න ප්‍රදේශයේ පිහිටි රාමසිංහ ෆුඩ්සිටිය ඉදිරිපිටදීය.

මෙම වෙඩිතැබීම කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් කළා යැයි මුලින් පොලිසිය සැකකර තිබුණි. එම සැකයට මුල්වී තිබුණේ එම කැබ් රථය ඩිෆෙන්ඩරය පිටුපසින්ම අධිවේගී පිටවුමේ සිට ගමන්කර ඇති බැවිනි. ඒ ගැන කළ වැඩිදුර විමර්ශනයේදී පෙනීගොස් ඇත්තේ ඉන්ටර්කූලර් ජීප් රථයකින් පැමිණි පිරිසක් මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවය.

ප්‍රහාරය එල්ලවන්නේ උදෑසන 8.30ත් 8.40ත් අතර කාලය තුළදීය. කඹුරුපිටියේ සිට පැමිණි වෙඩික්කරුවන් රැගත් වාහනය වෙඩි තැබීමෙන් පසු යළි කඹුරුපිටිය දෙසටම ගමන් කළ බව ඇසින් දුටුවෝ පවසති. සමන් පෙරේරා ඇතුළු පිරිස උදෑසන ආහාරය ලබාගැනීමට මාර්ගය අසල පිහිටි වෙළෙඳසලක් අසල රථය නතර කර ඉන් බසින අවස්ථාවේදී ඩිෆෙන්ඩරය හඹා පැමිණි ඉන්ටර්කූලර් රථය ඒ අසල නතරකර ඇති බව පොලිසිය කියයි.

අනතුරුව එම රථයෙන් බැසගත් ටී 56 අවි අමෝරාගත් ටීෂර්ට්වලින් සැරසී සිටි දෙදෙනකු ඩිෆෙන්ඩර්යේ සිටි පිරිසට එක දිගට වෙඩි වර්ෂාවක් එල්ලකර ඇති බව විමර්ශනයේදී හෙළිව ඇත. ඩිෆෙන්ඩරයේ රැඳී සිටි පිරිස සිය ජීවිත බේරාගැනීමට හිස් ලූ ලූ අත දිවයන විට එක් වෙඩික්කරුවෙක් ඔවුන්ව පන්නා යමින් වෙඩි තබා ඇත. ඒ අතර ඩිෆෙන්ඩරයේ රියැදුරු බියට පත්ව රථය පණගන්වාගෙන එම ස්ථානයෙන් පලා යාමට සූදානම් වූ අවස්ථාවේදී ටී 56 අවිය අමෝරාගෙන සිටි අනෙත් වෙඩික්කරු රියැදුරාට වෙඩිතබා මරාදමා ඇතැයි පොලිසිය කියයි.

වෙඩික්කරුවන් ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් මනා පුහුණුව ලැබූවන් බව පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. බොහෝ විට වෙඩික්කරුවන් හමුදා සේවයේ සිටි හෝ සිටින අය විය හැකි බවට සැකයක් ද මතුවන බව එම නිලධාරියා කීය. ඇතැම් විට ඔවුන් කුලී ඝාතකයන් ලෙස කටයුතු කරන්නන් විය හැකි බවටද සැකයක් මතුව ඇත. කොස්ගොඩ සුජී එල්.ටී.ටී.ඊ.යේ හිටපු වෙඩික්කරුවන් සමගද ඉතා කිට්ටු සම්බන්ධයක් පැවැත්වූ අයකු වන බැවින් එම වෙඩික්කරුවන් කුලී ඝාතකයන් ලෙස යොදාගත් බව මීට පෙර කළ විමර්ශනවලදී හෙළි වී තිබේ. ඒ සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමුකර තිබේ.

මෙම ප්‍රහාරයට පැමිණි පිරිස කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැත. එහෙත් ප්‍රහාරය සඳහා අවම වශයෙන් තිදෙනෙකු පැමිණ තිබේ. ඒ වෙඩික්කරුවන් දෙදෙනා සහ ඉන්ටර්කූලර් රථයේ රියැදුරු ද සමගිනි. එම රථයේ තවත් අය සිටියේදැයි පැහැදිලි නැති බවද පොලිසිය කියයි.

වෙඩික්කරුවන්ගේ ඉලක්කය බොහෝ විට සමන් පෙරේරා බව පොලිසියේ විශ්වාසයයි. රථයේ සිටි පස්දෙනාම වෙඩික්කරුවන්ගේ ඉලක්කය බවට පත්ව ඇත්තේ සමන් පෙරේරා පැහැදිලිවම හඳුනාගෙන ප්‍රහාරය එල්ල කරනවා වෙනුවට පස්දෙනාටම එකවර ප්‍රහාරයක් එල්ල කර භීෂණයක් මතුකරලීම සඳහා විය හැකි බවටද සැක මතුවී ඇත.

වෙඩිකා මරුමුවට පත්වූ අයකුගේ සිරුර තිබී ඇත්තේ වෙඩි ප්‍රහාරයට ලක්වූ ස්ථානය ආසන්නයේ ඇති සුපිරි වෙ‍ළෙඳසලක් තුළය. තවත් අයකුගේ සිරුර වැටී තිබී ඇත්තේ වෙ‍ළෙඳසලේ එක් පැත්තක කොරිඩෝවේය. වෙඩි ප්‍රහාර එල්ලවන විට සමන් පෙරේරා ඇතුළු පිරිස ජීවිතය යදිමින් කෑමොර දෙමින් ඒ මේ අත දිවගොස් ඇතැයි ද විමර්ශනයේදී පෙනීගොස් තිබේ.

පොලිසිය පවසනුයේ සිවුදෙනෙක් එම ස්ථානයේදීමත් එක් අයෙක් රෝහල්ගත කිරීමෙන් අනතුරුවත් මියගොස් ඇති බවය. ගිනි අවි දෙකේම පතරොම් ගැබ් දෙකම අවසන් වන තුරු වෙඩිතබා ඇති බව විමර්ශනවලින් පෙනීගොස් ඇත. ඒ අනුව මෙම ස්ථානයේ වෙඩි 60ක් පමණ පත්තු වී ඇති බවට පොලිසිය සැක කරයි.

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන් පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ද ඉදිරිපත් වී සිටියේය. ඉකුත් මහ මැතිවරණයට ද සමන් පෙරේරා නායකත්වය දරන අපේ ජනබල පක්ෂයෙන් අපේක්ෂකයන් සෑම දිස්ත්‍රික්කයකටම පාහේ ඉදිරිපත් කර තිබිණි. අතුරලියේ රතන, ගලගොඩඅත්තේ ඥානසාර, පාහියංගල ආනන්දසාගර යන හිමිවරු මෙන්ම රටේ ජනප්‍රිය හිමිවරු ඇතුළු පුද්ගලයන් රැසක්ම එම පක්ෂයේ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටියහ.

තංගල්ල මොරකැටිආරේ ඝාතනය සම්බන්ධයෙන් එම අපේක්ෂක ලැයිස්තුවේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ දෙදෙනෙක් ද තංගල්ල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ අතර හරක් කටාගේ මස්සිනා ද සිටියේය. යුද හමුදාවේ විශේෂ බළකායෙන් පලාවිත් සිටි සෙබළකුට රුපියල් ලක්ෂ 05ක කොන්ත්‍රාත්තුවක් දෙමින් එම ඝාතනය කරවා ඇතැයි විමර්ශනයේදී අනාවරණ වී තිබිණි.

තංගල්ල මොරකැටිආරේදී ඝාතනය වූ කුඩාවැල්ලේ අසේල නමැති අය හරක් කටාගේ මත්කුඩු මහ මුහුදේ හුවමාරු කරනු ලබන ප්‍රධානියාය. හරක් කටා ඩුබායිහි රැඳී සිටියදී ඇණවුම් කර මෙරටට එවා තිබුණු හෙරොයින් කිලෝ 280ක් සහ අයිස් කිලෝ 115ක් සමග පාකිස්තානුවන් ගමන් කරමින් තිබුණු බහුදින යාත්‍රාවක් 2019 වසරේ දී නාවික හමුදාවට හසුවී තිබිණි. ඒත් එක්කම හරක් කටාගේ මත්කුඩු මහ මුහුදේදී දිගින් දිගටම ආරක්ෂක අංශවලට හසුවීමට පටන් ගැනීමත් සමග කුඩාවැල්ලේ අසේල සමග හරක් කටා වෛර බැඳගෙන සිටින අවස්ථාවකදී ඔහුගේ ඝාතනය සිදුව තිබිණි.

එම ඝාතනය සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී අනාවරණ වී තිබුණේ සමන් පෙරේරාට සම්බන්ධකම් පවත්වන පුද්ගලයන්ද ඊට සම්බන්ධව ඇති බවය. මෙහි ප්‍රධාන සැකකරුවෙක් වන සමන් පෙරේරාගේ බිරිඳට අයත් කුරුණෑගල පිහිටි නිවෙසක සඟවාගෙන සිටි බවට තොරතුරු ද එකල කියැවිණි. කොස්ගොඩ පිහිටි සමන් පෙරේරාගේ මහ ගෙදරදී ඔහුව තංගල්ල පොලිසියේ නිලධාරීන් විසින් 2022 වසරේ අගෝස්තු මාසයේ 23 වැනිදා අත්අඩංගුවට ගනු ලබන්නේ ඒ අනුවය. සිය ගෝලබාලයන් සමග සමන් පෙරේරා ඝාතනය වන්නේ එම නඩුව ඊයේ තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වීමට නියමිතව තිබූ බැවින් ඊට පෙනී සිටීමට යමින් සිටියදීය.

සමන් පෙරේරාගේ ඉතිහාසය පිරික්සීමේදී පෙනීයන්නේ ඔහු සිය වෘත්තීය ජීවිතය සංචාරක මගපෙන්වන්නෙක් ලෙස ආරම්භ කර ඇති බවය. වැල්ලේ කොල්ලෙක් වූ ඔහු ජර්මන් ජාතික කාන්තාවක් සමග ඇතිකරගත් සමීප සම්බන්ධකමක ප්‍රතිඵලයක් ලෙස ඉඳුරුවේ පිහිටි රෝයල් හෝටලයේ හිමිකරු බවට පත්ව ඇත. රෝයල් බීච් සමන් ලෙස ඔහුට නමක් පටබැඳෙන්නේ ඒත් සමගිනි.

පාතාල අපරාධකරුවන් සහ පොලිසියේත්, හමුදාවේත්, පොලිස් විශේෂ කාර්ය බළකායේත් විවිධ තරාතිරම්වල නිලධාරීන් මෙන්ම දේශපාලනඥයන් ද ඉතා සමීපව ඇසුරු කරමින් සිටි සමන් පෙරේරා ඇතැම් සිංහල අන්තවාදී සංවිධානවලට අරමුදල් සපයා ඇති බවද බුද්ධි අංශ වාර්තා සඳහන් කරයි. සමන් පෙරේරා විවාහ වී සිටින්නේ කුරුණෑගල පදිංචිව සිටින වෛද්‍යවරියක් සමගනි. ඇය ප්‍රකෝටිපතිනියක් බවත් සමන් පෙරේරා කෝටිපතියෙක් වන්නේ එම විවාහයෙන් පසු බවත් පොලිසියට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

සමන් පෙරේරාගේ පාතාලයේ ප්‍රබල ප්‍රතිවාදියා වූයේ කොස්ගොඩ සුජීය. වරක් දෙවරක්ම කොස්ගොඩ පැත්තේදී සුජී සිය ගෝලයන් යොදා සමන් පෙරේරා ඝාතනය කිරීමට වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණි. ඒ එක් ප්‍රහාරයකින් විදේශිකයෙක් ද මියගොස් තිබිණි.

එසේම දකුණ හෙල්ලූ ඝාතන කිහිපයක් හා සමන් පෙරේරාගේ නම ඈඳී ඇත්තේය. බලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙක් වූ ස්ටැන්ලි තාබෘ සහ ඔහුගේ පුතෙක් මෙන්ම කොස්ගොඩ සුජීගේ සමීපතම මිතුරෙක් වූ ටෙරී තාබෘ යන අය ඝාතනයට ද සමන්ගේ සම්බන්ධයක් ඇති බව එකල විමර්ශනවලින් කියැවී තිබිණි. කොස්ගොඩ සුජී පාතාලයේ අපරාධකරුවෙක් ලෙස ප්‍රකට වන්නේ සිය මිතුරාගේ ඝාතනයත් සමගිනි.

දකුණේ සිදුවූ මිනිස් ඝාතන විශාල ප්‍රමාණයකට වගකිවයුත්තෙක් වන කොස්ගොඩ සුජීට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදනයක් ද නිකුත් කර ඇත. එම රතු නිවේදනය පවා තිබියදී ඔහු ඩුබායි සිට බිරිඳ හා දරුවන් සමග ප්‍රංශය හා එංගලන්තයේ සංචාරයන්වලද නිරතව සිටින බව සඳහන්ය. සමන් පෙරේරා ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේදී ඔහුගේ නම ඉදිරියේ ලියැවී ඇති මිනිස් ඝාතන ඇතුළු අපරාධ ලැයිස්තුවක්ම රාජ්‍ය බුද්ධි සේවය විසින් රජයට ලබා දී තිබිණි. එම ලැයිස්තුව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අතට ද පත්ව තිබුණි. එහෙත් ඔහුට ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට එම චෝදනා බාධාවක් නොවූයේ අධිකරණයක් හමුවේ ඔහු ඒ වන විට වරදකරුවෙක් වී නොසිටි බැවිනි.

පසුගිය මහා මැතිවරණයට පවා ඔහු තමන් මිලදී ගත් පක්ෂයෙන් අපේක්ෂකයන් ඉදිරිපත්කර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ද හිමිකර ගත්තේය. ඔහුගේ පක්ෂයට මනාප 67,758ක් ලැබී තිබුණු අතර, එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ආන්දෝලනයක් එකල රටේ ඇති විය. අවසානයේදී එම මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙන්නේ අතුරලියේ රතන හිමියන්ය. උන්වහන්සේ අදටත් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන්නේ එම පක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙසිනි.

මෑතකදී අතුරලියේ රතන හිමි ඉවත් කර එම තනතුරට සමන් පෙරේරා පත්වීම සම්බන්ධයෙන්ද දැඩි කතාබහක් ඇති විය. එහි ප්‍රතිඵයක් ලෙස තමන්ට සමන් පෙරේරාගෙන් මරණ තර්ජන එල්ලවී ඇතැයි පවසමින් අතුරලියේ රතන හිමි පොලිසියට පැමිණිලි පවා කර තිබිණි. මොරකැටිආරේ ඝාතනයට සමන් පෙරේරා පොලිස් අත්අඩංගුවට පත්වන්නේ ද එම වකවානුවේදීය.

දිනමිණ පුවත්පතෙන් උපුටාගත්තකි.

සමන් පෙරේරා ගැන මව්රට 2019දී කළ විශේෂ හෙළිදරව්ව

ජනාධිපතිවරණයට තරග කිරීමේ අපේක්ෂාවෙන් මුල් කාලයේදී අපේක්ෂකයන් හත්දෙනෙක්ම මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කර තිබිණි. මුලින්ම ඇප මුදල් තැන්පත් කරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. අමරසිංහ, ජයන්ත කැටගොඩ සහ පරිසර ප්‍රශ්න පිළිබඳ කතාකොට ජනතාව අතර ප්‍රචලිත අජන්තා වීරසිංහ යන පිරිසය. අමරසිංහත් කැටගොඩත් මැතිවරණයට ඉල්ලන්නේ ස්වාධීනවය.

එහෙත් අජන්තා වීරසිංහ අපේකෂකත්වය ඉල්ලන්නේ ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයෙනි. මේ තිදෙනාගෙන් අමරසිංහත්, කැටගොඩත් ඉල්ලන්නේ සැබෑ ලෙසම ජනාධිපති වන්නට නොව, ගෝඨාභයගේ සහායටය. අජන්තා වීරසිංහ ඉල්ලන්නේ කා වෙනුවෙන්දැයි මෙතෙක් පැහැදිලි නැතත් බොහෝ විට ඇය මෙවර මැතිවරණයට ඉල්ලන්නේ යැයි අනුමාන කළ හැකි වන්නේ කසළ ප්‍රශ්නය ජනතාව අතරට ගෙන යන්නටය. ඒ, ඇය රටේ කසළ ගැටලුව ගැන හඬ නගන්නේ විසි වසරක පමණ තිස්සේ වන බැවිනි.

මේ තිදෙනා ඇප මුදල් තැන්පත් කරන්නේ මැතිවරණයට දින නියම වී එය ගැසට් කර පැය 24ක් ගතවන්නට මත්තෙනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරෙන්නේ ඊට පසු දිනය. එදිනම ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අපරැක්කේ පුඤ්ඤානන්ද හිමියන් මෙන්ම ‘අපේ ජන බල පක්ෂයේ’ සභාපති සමන් පෙරේරාද ඇප මුදල් තැන්පත් කරන්නේ ජනාධිපති ධුරය අපේක්ෂාවෙනි.

ගෝඨාභයගේ සහායට ඉල්ලන අනෙක් අපේක්ෂකයා වන්නේ සමන් පෙරේරාය. පොලිසිය මෙන්ම දකුණේ මිනිස්සු ඔහුව දන්නේ ‘රෝයල් බීච් සමන්’ යැයි කීවිටය. දකුණේ පාතාල කල්ලිවල නම් කියැවෙන විට ඒත් එක්කම කියැවෙන නාමයක් වන රෝයල් බීච් සමන්ගේ නම ඉදිරියේ ඇති චෝදනා ගණනද සුළුපටු නැත. රෝයල් බීච් සමන්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන්නේ කොස්ගොඩ සුජීය. අවස්ථා කිහිපයක්ම සුජීගේ වෙඩි උණ්ඩ රෝයල් බීච් සමන් සොයාගෙනවිත් තිබුණේය.

වරක් සමන්ගේ දිවි ගැලවෙන්නේ ඔහුට තැබූ වෙඩිල්ල විදේශිකයකුට වැදීම නිසාය. මේ කියන සමන් අපේ ජනබල පක්ෂය මිලදී ගන්නේ මෑතකදීය. ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතන තැතක් ගැන කී නාමල් කුමාර සිටින්නේද ඔහු සමගිනි. ඊට අමතරව සිංහල සංවිධාන කිහිපයකටම අරමුදල් සපයන්නේද සමන්ය. එම සිංහල සංවිධාන දැන් සිටින්නේ සමන් සමගිනි.

සංචාරක මගපෙන්වන්නෙක් ලෙස සිය ජීවිතය ඇරඹූ සමන් අද ප්‍රකෝටිපතියෙකි. ඒ, ප්‍රකෝටිපති වෛද්‍යවරියක් විවාහ කරගැනීමෙනි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු කුලියාපිටියේ ගිනි ඇවිළෙන විට කළු පැහැති ඩිෆෙන්ඩරයකින් නාමල් කුමාර සමග කුලියාපිටිය පැත්තේ සැරිසරා තිබුණේ සමන් පෙරේරාය. එදා නාමල් කුමාර පොලිසියට පවසා තිබුණේ අලුත් දේශපාලන පක්යේ වැඩකටයුතු සංවිධාන කිරීමට යමින් සිටියදී කුලියාපිටියේ කලබලයට තමන් මැදිවූ බවකි.

නාමල් කුමාර දැන් සිටින්නේ කා සමගින්දැයි ඒ අනුව පැහැදිලිය. නාමල් කුමාර මේ වන විට සිටින්නේ රහස් පොලිස් භාරයේය. ජනපති ඝාතන කුමන්ත්‍රණ කතාව හිතලුවක් බව ඔහු මේ වන විටත් හෙළිකර හමාරය. එම ඝාතන කතාවට මාකඳුරේ මධුෂ්ව පටලවන්නේ ඒ වන විට පාතාලයේ ගෝඩ්ෆාදර් ලෙස වැජඹුණේ ඔහු බැවිනි. ජනපති ඝාතන කතාවක් ගොඩනගන්නේද ගෝඨාභය රාජපක්ෂව පුම්බන්නටය. ඒ සඳහා ජනපති මෛත්‍රීපාලව පටලවන්නේ ඔහු ලව්වා මේ නැත්ත ඇත්ත කරවන්නටය.

අපේ ජන බල පක්ෂය යනු අතුරලියේ රතන හිමිට මන්ත්‍රී ධුරය ලැබුණු දේශපාලන පක්ෂයයි.

SendShareShare
Previous Post

එදා ආවේ ඔරිජිනල් යූඑන්පීකාරයෝ! රනිල් කඳුලු ගෑස් ගැහුවේ ඒ පාක්ෂිකයන්ට! දැන් රනිල්ට ‌සොහොන් ලකුණු පෙනිලා! එයාගේ වළ එයාම කපාගන්නවා! මොන සෙල්ලම් දැම්මත් තව මාස 6යි! මේ සටන රට පුරා ගෙනිහින් රනිල්වයි ආණ්ඩුවයි පන්නනවා පන්නනවාමයි! මරික්කාර් සහතික කර කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අධ්‍යාපනයේ මහිමයෙන් ලෝකය ජයගත් හේනේ පැලක පාඩම් කළ ශ්‍රී ලාංකිකයා I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.