• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවට ක්‍රිකට් අහිමි කළේ මොහුද? ක්‍රිකට් ආයතනයට හයිය දෙන්නෙ මොහුද? ලෝකයේම ක්‍රිකට් පාලනය කරන්නෙ මොහුද? එහෙනම් කවුද මේ ජේ ෂා? I Sri Lanka Latest News

November 20, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මෙම 2023 නොවැම්බර් මාසය වන විටදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සඳහා තහනමක් පැනවීමට සිදුවේවි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතිවී තිබෙන දේශපාලන ඇඟිලි ගැසීම් බොහෝ වැඩිවී තිබෙනවා. මේ තත්ත්වය නිසායි එවැනි තහනමක් පැනවීමට ඉඩ ඇත්තේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදීමට නම් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ දෙකක්වත් ශ්‍රී ලංකාව තුළ ගොඩනැගිය යුතුයි.(Sri Lanka Latest News)

මෙවැනි තවත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ දෙකක් සෑදීමට අවශ්‍ය ඉඩම් පහසුකම් සපයන්නේ නම් එම ක්‍රීඩාංගණ දෙක ඉදිකිරීම සඳහා ඉන්දියාවට කටයුතු කළ හැකියි. එසේම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වැඩිදියුණු කිරීම සඳහා සෑම ගමකටම ක්‍රීඩා පිටියක් සහ පුහුණු අවශ්‍යතා පහසුකම් සඳහා ඉන්දියාවට උදව් උපකාර කළ හැකියි. එමෙන්ම එමෙන්ම ශ්‍රී ලංකාවට තවත් තරග අවස්ථා රැසක් ලබාදීමටත්, ඒ හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමටත් ඉන්දියාව සූදානම්ව සිටිනවා. කෙසේ වෙතත් ක්‍රීඩාවට අප දේශපාලනය ඈඳාගෙන කටයුතු කළ යුතු නැහැ….’

කුමක්ද මෙලෙස අසන්නට ලැබෙන කතාන්දරය? මෙම වගතුග කියා සිටින්නේ කවුරුන් විසින්ද? මෙම කතාව අපට අසන්න ලැබෙන්නේ මෙයට හරියටම මාස දෙකහමාරකට පෙර දිනයකදීය. එනම් පසුගිය 2023 සැප්තැම්බර් 02 වැනිදා ශ්‍රී ලංකාවේදී ඇතිවූ යම් සිදුවීමක් හරහා මෙම වගතුග මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි. එසේනම් එම කතාව කියා සිටින්නේ කවුරුන් විසින්ද? එක්තරා සුවිශේෂ මිනිසකු විසින් මෙම වගතුග කියා සිටියි. ඔහු නම් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන ලේකම් ජේ ෂා මහතා (Jay Shah – President, Asian Cricket Council and General Secretary of Board of Control for Cricket in India)ය.

මෙම සුවිශේෂ මිනිසා පසුගිය සැප්තැම්බර් මාසය මුලදී ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හවුවූ අවස්ථාවේදී මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකර ඇත. එම වගතුග සැබෑ ලෙසම ආන්දෝලනාත්මක වී ඇත්තේ ඔහු එහිදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනමක් ගැන සිදුකරන ප්‍රකාශයයි. එනම් අද මේ වනවිට එම තහනම ශ්‍රී ලංකාවට පනවා අවසන්ය. එසේ නම් මෙයට මාස දෙකකට පෙර එම අනාවැකිය මෙම මිනිසා විසින් ප්‍රකාශ කර තිබුණේය. ඉන්දීය ජාතිකයකු වන ජේ ෂා යනු ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඉතා බලගතු එමෙන්ම විශාල පිළිගැනීමකට ලක්ව ඇති පුද්ගලයෙකි.

ඔහු මෙලෙස ජනාධිපතිවරයා ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතා දරුණු ලෙස දේශපාලනීකරණය වී ඇතැයි සිදුකරන ප්‍රකාශය බොහෝ බැරෑරුම් එකකි. එසේම එම වටපිටාව හේතුවෙන් ක්‍රිකට් ජාත්‍යන්තර තහනමක් පැනවීමට ඇති ඉඩකඩද ප්‍රකාශ කිරීමද බැරෑරුම් එකකි. පසුගියදා ඔහු මෙරට ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂම්මි ද සිල්වා මහතාද සහභාගි විය.

මෙම හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජේ ෂා අමතා ප්‍රකාශ කර ඇත්තේ මේ තත්ත්වය පිළිබඳ මේ වන විටත් තමන් අවධානය යොමුකර ඇති බවත්, ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම අනෙකුත් සියලු ක්‍රීඩාවන්ද දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව ස්වාධීනව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ස්වාධීන ක්‍රීඩා පනතක් දැනටමත් සකස් කරමින් තිබෙන බවයි. නව ජාත්‍යන්තර ක්‍රීඩාංගණ ඉදිකිරීම සඳහා ගාල්ලෙන්, යාපනයෙන් සහ කොළඹින්ද අවශ්‍ය ඉඩම් ලබාදීමට තමන් කටයුතු කරන බවද ජනාධිපතිවරයා ජේ ෂාට ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව තුළදී ඉදිරියේදී නව ක්‍රීඩා නීතියක් මෙන්ම නව ක්‍රීඩා අධිකාරියක්ද ගෙන ඒමට තමන් පියවර ගන්නා බව ජනාධිපතිවරයා පොරොන්දු වී ඇත. මෙයට මාස දෙකකට පෙරදී පැවැති මෙම හමුව ගැන වගතුග ලියමින් මෙම ලිපිය ආරම්භ කිරීමට හේතු වූයේ ඇයි? එයට හේතු වූයේ වර්තමානයේදී අප රට තුළ ඇතිවී තිබෙන ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ වූ අතිශය අවාසනාවන්ත තත්ත්වයයි.

අද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කියන්නේ මහා කැඳ හැළියකි. එසේම මහා මඩගොහොරුවකි. තවත් අතකින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් යනු මහා යුද පිටියකි. හැම විටකම ආයුධ අමෝරාගත් මිනිසුන් යුද වදින යුද පිටියකි. තවත් අතකින් බැලුවහොත් අපහාසයේ, අවමානයේ සහ පරිභවයේ තෝතැන්නකි. එසේම ජුගුප්සාවෙන්ද පිරි මංකඩකි. තවත් පැත්තකින් පරාජයම කරපින්නාගත් බිම්කඩකි. මේ සියල්ලටම වඩා ඩොලර් මිලියන ගණනින් ගනුදෙනු කරන මාෆියා ලෝකයකි. මෙවැනි ශෝචනීය වටපිටාවක් තිබියදී දේශපාලකයන්ගේද බලු පොරයකි. තවත් අයුරකින් ශ්‍රී ලංකා ක්‍රිකට් යනු ඍජු දේශපාලන පොර පිටියකි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන වර්තමානයේදී ජනතාව විසින් ප්‍රකාශ කරනු ලබන ස්වයං නිර්වචනයන් මෙය යැයි සිතිය හැකිය. මෙරට එම ක්‍රිකට් අගාධය ගැන ජනතාව බොහෝ සෙයින් කරුණු දත් නිසා ඒ වගතුග තව තවත් මෙම ලිපිය හරහා ලියා තබන්නට උත්සාහ ගන්නේ නැත. එහෙත් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමක් ගෙන ඒමට සිදුවූ ක්‍රිියාවලිය ගැන යමක් සොයා බලමු. මෙම තහනම පනවනු ලැබුවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (International Cricket Council) විසිනි. මෙය ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය පාලනය සිදුකරනු ලබන ප්‍රධානතම ආයතනයයි.

මෙයට වසර 114කට පෙර 1909දී පිහිටුවන ලද මෙම සංවිධානයේ වර්තමාන මූලස්ථානය පිහිටා ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේය. මුලින් 2005 වසර තෙක් එම මූලස්ථානය පිහිටා තිබුණේ එංගලන්තයේ ලන්ඩන් නුවරය. ලෝකයේ රටවල් 108ක් එම ICC සංවිධානයේ සාමාජිකත්වය දරයි. මෙවැනි සුවිශේෂ ජාත්‍යන්තර සංවිධානයක් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තහනමක් පැනවීම යනු තදබල අර්බුදයකි. මෙම තහනම ගැන මෙයට මාස දෙකකට පෙරදී පවා අනාවැකි ප්‍රකාශ වී තිබීම සුවිශේෂ කරුණකි.

මෙම වටපිටාවේදී ඉහත පැවසූ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන ලේකම් ජේ ෂා නමැති පුද්ගලයාට එරෙහිව මෙරට තුළින් යම් පාර්ශ්ව විසින් ගෙන එනු ලබන චෝදනාවන් බරපතළ බැව් පෙනීයයි. එනම් පසුගියදා බරපතළ චෝදනාවක් ඉදිරිපත් කළේ 1996 ලෝක ක්‍රිකට් කුසලානය දිනාගැනීමට පෙරමුණ ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග විසිනි. ඔහු මේ ගැන මෙලෙස ප්‍රකාශ කර සිටියේය. එම ප්‍රකාශය පසුගියදා මාධ්‍යවල පළවිය.

‘ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමානයේ පවතින ගැටලුවලට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේද සභාපති ධුරය දරන ජේ ෂා වගකිව යුතුය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ නිලධාරීන් සමග මෙම පුද්ගලයාගේ සබඳකම් ඉතා ප්‍රබලයි. මේ සමීප සබඳතා නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට යටත් වන තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා.

මෙලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් සහ ජේ ෂා අතර ඇති ප්‍රබල සම්බන්ධය නිසා ඔවුන්ට (BCCI) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාගා දමා පාලනය කළ හැකි බවට හැඟීමක් ඇතිවී තිබෙනවා. ජේ ෂාගේ පීඩනය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විනාශ වෙනවා. මොහු ඉතා බලවත් පුද්ගලයෙක්. මොහුගේ පියා ඉන්දියාවේ වර්තමාන ස්වදේශ කටයුතු අමාත්‍යවරයායි. ඒ තත්ත්වය කෙසේ වෙතත් ජේ ෂා කියන්නේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ බලගතු චරිතයක්. මේ නිසා මම එක දෙයක් කියනවා.

‘ඉන්දියාවේ එක මිනිසෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ කරනවා’. ඒක තමයි ඇත්ත. ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ කර දැමීම සඳහා ජේ ෂා ඔහුගේ බලගතු තනතුරු භාවිත කර තිබෙනවා. ඔහු එහිදී කරන්නේ තම ACC සහ BCCI ප්‍රබල තනතුරු හරහා ද්විත්ව භූමිකාවක් නිර්මාණ කර ඉන්දියාවට අනවශ්‍ය ලෙස වාසිදායක තීරණ ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් හසුරුවනවා…’ යැයි අර්ජුන රණතුංග පසුගියදා චෝදනා කර සිටියේය. මෙය සැබැවින්ම මහා ආන්දෝලනාත්මක වගතුගකි. මේ ආකාරයට බලන විට ජේ ෂා යනු කෙතරම් ප්‍රබල භූමිකාවක් හොබවන පුද්ගලයකුද යන්න පෙනී යයි. එසේම ප්‍රවීණ ක්‍රිකට් නායකයකු වන අර්ජුන රණතුංගගේ මෙම ප්‍රබල චෝදනාව නිකම් අල්ලා ඉවත දැමිය නොහැකිය.

මෙතරම් බලගතු ජේ ෂා යනු කවරෙක්දැයි අප තව දුරටත් සොයා බලමු. තවමත් 35 වැනි වියෙහි තාරුණ්‍යයේ පසුවන මොහුගේ සම්පූර්ණ නාමය ජේ. අමිත්බායි ෂා ලෙස දැක්වෙයි. ජේ ෂා වසර කිහිපයක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධායක කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කරමින් සිට, පසුව 2019 ඔක්තෝබර් 24 වැනිදා එම පාලක මණ්ඩලයේ ප්‍රධාන ලේකම් ධුරයට ඡන්දයකින් තේරී පත්වෙයි.

මොහු දක්ෂ පරිපාලකයකු වශයෙන් ප්‍රකටය. එහෙයින් මේ දක්වා වසර 4ක් පුරා දරන එම තනතුරට අමතරව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයටද තේරීපත්වෙයි. ඒ අනුව ඔහු 2021 ජනවාරි 30 වැනිදා සිට එම තනතුරෙහි මේ දක්වා කටයුතු කරයි. ආසියානු ක්‍රිකට් කවුන්සිලය යනු ආසියාවේ රටවල් 25ක් සාමාජිකත්වය දරන වසර 40ක ඉතිහාසයක් ඇති සංවිධානයකි. මෙහි මූලස්ථානය මුලදී මැලේසියාවේ පිහිටුවා තිබූ අතර, දැන් එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටුවා ඇත.

ලෝක ක්‍රිකට් කවුන්සිලය ඇත්තේද මෙම රාජ්‍යය තුළය. ජේ ෂා තුළ ඇති අනෙක් සුවිශේෂ කතාන්දරය වන්නේ ඔහු වර්තමානයේ ඉන්දීය කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කරන ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාගේ පුත්‍රයා වීමය. මොහු නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ ඉතා සමීප හිතවතකු සහ දේශපාලකයකු වෙයි.

ජේ ෂා යනු ගුජරාට් විශ්වවිද්‍යාලයේ උපාධිධරයකුද වන අතර, මොහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකි. එනම් ඔහුගේ පියා (අමාත්‍යවරයා) සතුව සුවිශාල පෞද්ගලික සමාගමක් ඇති අතර, මොහුද එම ව්‍යාපාරයට සම්බන්ධව කටයුතු කරයි. වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පාලනය යටතේ මෙම පිය-පුතු සමාගම සුවිශාල ලෙස ධන වත්කම් උපයා ඇතැයි ඇතැම් පාර්ශ්ව ඉන්දියාව තුළදී චෝදනා කර තිබිණි.

මෙලෙස අමිත් ෂා සහ ජේ ෂා යන පිය යුතු දෙපළට අයත් සුවිශාල ව්‍යාපාරවල සිදුව ඇතැයි කියන වංචා දූෂණ ගැන ඉන්දියාවේ ප්‍රකට සහ සම්මානනීය මාධ්‍ය ආයතනයක් වන ‘The Wire’ විසින් පසුගිය කාලයේ කරුණු රැසක් හෙළිකරන ලදී. ඇමෙරිකාවේ පිහිටා තිබෙන ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානයක් වන ‘මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුවේ’ (Committee to Protect Journalists) ජාත්‍යන්තර පුවත්පත් නිදහස (International Press Freedom Award) නමැති සම්මානයෙන්ද මෙම මාධ්‍ය ආයතනය පිදුම් ලබා ඇත.

විවිධ දේශපාලකයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ වංචා, දූෂණ රැසක් මෙම ඉන්දීය මාධ්‍ය ආයතනය විසින් හෙළිදරව් කර ඇත. ඉහත පිය-පුතු සමාගම සිදුකළ වංචා දූෂණ හෙළිකිරීම් නිසා පසුගිය කාලයේ ජේ ෂා විසින් මෙම මාධ්‍ය ආයතනයෙන් ඉන්දීය රුපියල් කෝටි 100ක් වන්දි ඉල්ලා නඩුවක්ද පැවරුවේය. එහිදී එම මාධ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ මාධ්‍ය හෙළිදරව්ව ඉල්ලා අස්කර නොගන්නා බවත්, තමන් නඩුව වෙනුවෙන් පෙනී සිටින බවත්ය.

ජේ ෂා නමැති මෙම තරුණ ඉන්දීය ක්‍රිකට් පරිපාලකයා අවස්ථා ගණනාවකදීම ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනපති සමයේදී ඔහු ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සභා රැස්වීමක් ශ්‍රී ලංකාවේදීද පවත්වන ලදී.

එසේම පසුගිය 2023 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට එල්ලවී ඇති දේශපාලන බලපෑම පිළිබඳ සොයාබැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ත්‍රිපුද්ගල කමිටුවක්ද පත්කරන ලද අතර, එහි ප්‍රධානියා වූයේද ජේ ෂාය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසාදුගත කිරීමට හෝ අත්හිටුවීමට සලකා බැලීම මෙම කමිටුවේ ක්‍රියාවලිය විය.

මේ ආකාරයට බලන විට ජේ ෂා යනු අප හිතනවාටත් වඩා බලගතු මිනිසෙකි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ඉල්ලා අස්වෙනවා කිව්වා! ජනාධිපති අස්වෙන්න කියලා කිව්වා! විපක්ෂයට එනවා කිව්වා! ජනාධිපති අපේක්ෂක වෙනවා කිව්වා! රොෂාන්ට එරෙහිව දිගට හරහට මඩ මාධ්‍ය මෙහෙයුමක්! I Sri Lanka Latest News‍

Next Post

මිලියන 64ක මුදල් සිද්ධියට අත්හිටවූ සිර දඬුවම් නියමව ඇති ප්‍රසන්නගේ අභියාචනය 27 කැඳවන්න නියෝගයක්! I Sri Lanka Latest News‍

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.