• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

බෙදාගන්න බැරිව උඩුවේ හිමියි කොටුවේ හිමියි ‌දෙපැත්තට අදින කව්ද මේ අරුන්දික?

February 16, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
බෙදාගන්න බැරිව උඩුවේ හිමියි කොටුවේ හිමියි ‌දෙපැත්තට අදින කව්ද මේ අරුන්දික?
Share on WhatsAppShare on Facebook

රාගම වෛi පීඨයේදී සිදුවූ සිදුවීම. මේ සිදුවීමේ මහ මොළකරුවන් කවුද? ඇත්තටම ඒ සිදුවීම මොකක්ද? බැලූ බැල්මට මේ සිදුවීම පේන්නේ විශ්වවිiාලය තුළ කණ්ඩායම් දෙකක ගැටුමක් විදියට. ඇත්තටම මේ විදියට ගැටුමක් සිදුවුණාද? ඔව්. ඇත්තටම කණ්ඩායම් දෙකක ගැටුමක් සිදුවුණා. ඒ ගැටුම මේ කියන විදියට නවක වධය සම්බන්ධ සිදුවීමක්ද? ලංකාවේ නවක වධය කියලා කියන්නේ අද වෙනකොට හිඟන්නගෙ තුවාලෙ වගේ. තමන්ට අවශ්‍ය වෙලාවට එළියට ගන්නවා. එහෙම නැත්නම් අකුණු ගහද්දි එළියට දාන යකඩයක් වගේ. මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් ටක් ගාලා එළියට දාන්නේ ඕක. ඇත්තටම නවක වධය කියන දේ විශ්වවිiාල තුළ තියෙනවද? මේ නවක වධය කියලා කියන්නේ විලාසිතාවක් බවට පත්කර ගත්තු බොහෝ දෙනෙක් තම බඩ වඩාගන්න නැත්නම්, ගේම ගහගන්න පාවිච්චි කරන එකක්. නවක වධයට එරෙහිව කතා කරන, හඬන දොඩන ඒ ගැන සටන් කරන බොහෝ තැන්වලදී හැබෑ නවක වධයට වඩා මේ සියලු දෙනා සටන් කරන්නේ නවක වධයේ දේශපාලන රාමුවට එරෙහිව. මේ නවක වධ සිදුවීමත් බොහෝ විට එහෙම එකක් විය හැකියි.

නවක වධය සම්බන්ධව හදවත උණුවුණු කම්පා වුණු එක පිරිසක් පොල් සංවර්ධන මණ්ඩලයේ වාහනෙත් අරගෙන ගිහිල්ලා මේ විශ්වවිiාලයේ ඉන්න නවක වධයට කැමැති පිරිසකට පහර දෙනවා. පොල් සංවර්ධන මණ්ඩලයේ වාහන තියෙන්නේ නවක වධය නවත්තන්නවත්, නවක වධයට පක්ෂ හෝ විපක්ෂ කණ්ඩායම්වලට සහාය දක්වන්නවත් නෙවෙයි. පොල් සංවර්ධනය කියලා කියන්නේ ලංකාවේ නවක වධය නැවැත්වීමේ මණ්ඩලයත් නෙවෙයි. ඒ මණ්ඩලයට අදාළ වෙන්නේ පොල්. ඒ නිසා පොල් සම්බන්ධ වූ පලියට කොකු දාගැනීමේ අයිතියක් මේගොල්ලන්ට තියෙන්නේ කොහොමද කියන එක සම්බන්ධ ප්‍රශ්නයක්. පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමා චූටි බබෙක් වගේ සමහර කතාවලට උත්තර දෙන හැටි අපි අහගෙන හිටියා. එතුමාට කරන්න දෙයක් නෑ. මේ අය නිලධාරීන්. නිලධාරීන් කොහොම වුණත් ඇමැතිතුමාට යටයි. ඔහුගෙ ප්‍රවෘත්ති සාකච්ඡාව බැලුවට පස්සේ ඇත්තටම ෆේස්බුක් එකේ තියෙන සමහර විහිළු සපයන වැඩසටහන්වලට වඩා ඒ වැඩසටහන ඉතාම සාර්ථකයි කියලා අපට හිතුණා. ඒකට හේතුව ඔහු මේ රථය පදවපු රියැදුරා සමග සාකච්ඡා කළාලු. කොහෙ ඉඳන්ද ගියේ? කවුද ඒකෙ ගියේ? මොකටද ගියේ? වගේ ගොඩක් දේවල් ඔහු අහලා නෑ. එතකොට ඔහු සාකච්ඡා කරන්න ඇත්තෙ මොන වගේ දේවල්ද? ඔයා බත් කාලද ගියේ? ඔයාගෙ ගෙදර කට්ටිය මොකද කරන්නේ? යනකොට රාගම ඉස්පිරිතාලෙ ලස්සනට ලයිට් දාලා තිබුණද? මෙඩිකල් ෆැකල්ටියෙ වෙසක් කූඩු එහෙම තිබුණෙ නැද්ද? මෙඩිකල් ෆැකල්ටියෙ ඉන්න දොස්තර මහත්තුරු නලා දාගෙනද ආවේ? වගේ දේවල් කතා කරන්න ඇති කියලයි අපට හිතෙන්නේ. කොහොම නමුත් මේ අරුන්දික මහත්තයගෙ සිදුවීම සම්බන්ධයෙන් අපි බලාගෙන ඉන්නකොට අපට දැනෙන්නෙ හරි අප්‍රසන්න හැඟීමක්. අරුන්දිකගෙ පුතා ගිහිල්ලා මේ විශ්වවිiාල දරුවන්ට පහර දුන්නාය කියලා අවසාන වතාවෙදි ඔහු මේ වනකොට පොලිස් අත්අඩංගුවට අරගෙන මේ ලිපිය ලියන මොහොත වන විට ඔහු ඇප මත නිදහස් වෙලා. කොල්ලො කොල්ලො ගහගන්න එක ප්‍රශ්නයක් නෙවෙයි. ඇමැතිගෙ පුතාද, ජනාධිපතිගෙ පුතාද කියන එක ඒ තරම් අදාළ නෑ. කොල්ලො කියන්නේ කොල්ලො. ඒක නිසා අරුන්දිකගෙ පුතා ගිහිල්ලා කාට හරි ගැහුවා කියන එක තමයි මෙතැන තියෙන කතාව.

අරුන්දික ඇමැතිතුමා නම්බු පිටින් අස්වෙනවා. ඒක මාර දෙයක්. ලංකාවෙ සාමාන්‍යයෙන් නොවෙන දෙයක්. හැබැයි පහුගිය වකවානුව තුළ මේ විලාසිතාව අපි දැක්කා. සමහර වෙලාවට ඇමැතිකම් තුනක් තියෙන කෙනෙක් ඇමැතිකම් දෙකක් තියාගෙන එකකින් අයින් වෙලා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා ජාතිය වෙනුවෙන් මම සමුගත්තා කියලා කියනවා. මිනිස්සු හඬාවැටෙනවා. හැබැයි ඇත්තටම සමුගැනීමක් නෙවෙයි වෙන්නේ. මේගොල්ලන්ට අයින් වෙනවා නම් තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් අයින් වෙන්න. දේශපාලනයෙන් අයින් වෙන්න. එහෙම වුණොත් මේ රටට සෙතක් වෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්.

මේකෙ තියෙන අපූරු කතාව අරුන්දික ප්‍රනාන්දු මහත්තයගෙ කතාව නෙවෙයි. කවුදෝ හාමුදුරු කෙනෙක් තමන්ගෙ සිවුරත් දාගෙන ඇවිල්ලා මෙන්න බොලේ මේ කතාවෙ හොඳ නරක හොයනවා. උන්නාන්සේ අරුන්දික මහත්තයගෙ පැත්තට කතා කරනවා කියන එක අපට පැහැදිලියි. මේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙනකොට කිසි දවසක එළියට ආවෙ නැති උන්නාන්සෙලා මේ කොහෙ හරි යන හාල්පාරුවෙක් රණ්ඩුවක පැටලුණාට පස්සේ ඒ යකා වෙනුවෙන් ඉදිරිපත් වෙනවා කියන්නේ මහ පුදුම අවාසනාවන්ත තත්ත්වයක්. ඒක අපි දැක්කා. ඒත් එක්කම තව හාමුදුරු කෙනෙක් මේකට විරුද්ධව කතා කළා. එක්කෙනෙක් පක්ෂව කතා කරනවා. තව එක්කෙනෙක් විරුද්ධව කතා කරනවා. කොටුවෙ හාමුදුරුවො පක්ෂව කතා කරනවා. උඩුවෙ හාමුදුරුවො විපක්ෂව කතා කරනවා. මේ හාමුදුරුවරුන්ට තියෙන්නේ මේ වගේ කොල්ලො දෙගොල්ලක් ගහගත්ත එක ගැන කතා කරන්නද? මේ වගේ රටේ ඉන්න දේශපාලකයො වෙනුවෙන් කඩේ යන්නද? තමන්ගෙ තට්ටු හතේ මාලිගාව හදාගන්න උදව් පදව් කරනවා නම් තමන්ට තියෙන සැප පහසුකම් ටික ලැබෙනවා නම් ඒ දේවලින් සතුටු වෙලා තමන්ගෙ පන්සලේ බිත්ති හතර නග්ග ගන්න නැත්නම් බෙන්ස් කාර් එකක් ගන්න උන්නාන්සේලා කඩේ වඩිනවා. ඒක මහ අවාසනාවන්ත තත්ත්වයක්. උන්නාන්සේලාගෙ නෙවෙයි, මේ රටේ අවාසනාවන්ත තත්ත්වයක්.

අරුන්දික ප්‍රනාන්දු ඇමැතිතුමා පහුගිය කාලෙ පුරාම තමන්ගෙ වැඩවලින් ලෙඩ දාගත්ත කෙනෙක්. ඉන් එකක් තමයි එතනෝල්කාරයෙක්ව හොර රහසේ එයාර්පෝට් එකෙන් එළියට දැම්මා කියලා චෝදනාවක් එල්ල වුණා. මේක රහසින් කළාට මේ වැඩේ හදිසියෙම එළියට ආවා. පහුගිය සතියෙ අපි මේ සම්බන්ධව පුවත්පත් වාර්තාවක් පවා පළ කළා. වී.අයි.පී. ලෝන්ච් එක පාවිච්චි කරලා හදිසියේම පිටරට ඉඳලා ලංකාවට ගෙනල්ලා, වැඩ බලන මහෙස්ත්‍රාත්වරයෙක්ට ඉදිරිපත් කරලා ඔහුට තිබිච්ච නඩු හබවලින් ඇප අරගෙන මේ මනුස්සයව නිදහස් කරගැනීම සම්බන්ධව අරුන්දික ප්‍රනාන්දු මහත්තයට චෝදනා එල්ල වුණා. අරුන්දික ප්‍රනාන්දුගෙ පොල් සංවර්ධනයට එතනෝල් සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක අපි දන්නේ නෑ. සමහර වෙලාවට කොටුවෙ හාමුදුරුවන්ගෙන් ඇහුවොත් හරියටම කියයි. ඒ වගේම පොලිස් නිලධාරීන් මාරු කිරීම සම්බන්ධවත් මේ මන්ත්‍රීතුමාට චෝදනා එල්ල වුණා. ඒ චෝදනාවලිනුත් ඔහු නිදොස් කොට නිදහස් කරගන්නට තවම ඔහුට බැරිවෙලා තියෙනවා. අපි මේ නිදොස් කොට නිදහස් කරගන්නවා කියන්නේ අධිකරණමය ක්‍රියාදාමයෙන් නෙවෙයි. මනුෂ්‍යයාගේ චෝදනාවෙන් නිදහස් වීම. මහජනතාවගේ නියෝජිතයෙක් විදියට පාර්ලිමේන්තුවට යනවා නම් ඔහු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරනවා නම් ඔහුට අධිකරණයෙන් නිදහස් වීම, නැත්නම් පොලිසියෙන් ඇප ගැනීමට වඩා ජනතාව ඉදිරියේ ජනතාවගෙන් නිදහස් වීමයි සිද්ධ විය යුත්තේ. කොහොම නමුත් මේ සිදුවීමේ අග මුල අපි හරියටම නොදන්නවා වුණත්, බැලූ බැල්මට අපට පේන දෙයක් තියෙනවා. මේ අනවශ්‍ය සිදුවීමකට අනවශ්‍ය විදියට මැදිහත් වීමක්. ඒ වගේම ශ්‍රී ලංකාවේ තියෙන බොහෝ අමාත්‍යාංශ වාහන වගේ මේ අමාත්‍යාංශයේ වාහනයත් ගණිකා සේවයේ යොදවන වාහනයක් කියලා ඉතා පැහැදිලියි. ඒකට ගණිකා සේවයේ යොදවනවාය කියලා කියන්නේ එක එක්කෙනාට අවශ්‍ය අවශ්‍ය විදියට පාවිච්චි කරන්න මේ වාහන රජයෙන් අරගෙන නෑ. මේවායෙ වටිනාකම ඉතා වැඩියි. මේ වටිනාකම ඉතා වැඩි වාහන ශ්‍රී ලංකාවේ මිනිසුන්ට වාහනයක් ගෙන්නගන්න බැරිව ඉන්න කාලෙක මේ විදියට එක එක්කෙනාට ඕනෙ විදියට, එක එක තැන්වල යන්න පාවිච්චි කරන එක, පෞද්ගලික වැඩවලට පාවිච්චි කරන එක, පෞද්ගලික වැඩවලත් තියෙන කැතම වැඩවලට පාවිච්චි කරන එක තමයි අපට තියෙන ප්‍රශ්නෙ.

මේ සිදුවීමේදී අපට පේන්නෙ නම් කොළේ ඉරාගෙන ඇඟේ හලාගත්ත බවක්. මෙහෙම කොළේ ඉරාගෙන ඇඟේ හළාගත්තෙ නැත්නම් ආණ්ඩුවෙ ප්‍රධානීන් බල කරන්නෙ නෑ මේ මනුස්සයට තමන්ගෙ ඇමැතිකම දාලා ගෙදර යන්න කියලා. කොළේ ඉරාගෙන ඇඟේ හලාගත්ත නිසා සී.සී.ටී.වී. දර්ශනවල සටහන් වෙලා තිබුණු නිසා, කොල්ලො ටික වීඩියෝ කරපු නිසා මේ සම්බන්ධව නිවැරැදිව නිසි පරිදි ඉලක්කගත විදියට චෝදනා එල්ල වෙච්ච නිසා කරකියා ගන්න දෙයක් නැතිවෙච්ච එකයි අන්තිමට වුණේ. කොහොම නමුත් කරකියා ගන්න දෙයක් නැති වුණත් අපි හොඳාකාරවම දන්නවා තව මාසයක් දෙකක් යනකොට මේ සියල්ල නිවැරැදි වෙනවා. පොල් සංවර්ධන මණ්ඩලයේ වාහනය ආපහු ඒ මණ්ඩලයට යනවා. තාවකාලිකව වැඩ තහනම් කරපු රියැදුරා ආපහු රස්සාවට එනවා. චෝදනා එල්ලවෙච්ච ඇමැතිතුමා ආයෙත් ඇමැති ධුරයක් භාරගන්නවා. ආදරණීය පුතා සතුටින් ගෙදර යනවා. වෛi විiාලයෙ වැඩ ටිකත් සාමාන්‍ය පරිදි කෙරීගෙන යනවා. ඒක විය යුතුයි. හැබැයි වැරැදිකාරයන්ට දඬුවම් දිය යුතුයි. එහෙම නැතුව වැරැදිකාරයෙක් අහු වුණාට පස්සේ ඒ වැරැදිකාරයට උපදෙස් දීලා ගෙදර යවන සිරිතක් ලංකාවෙ පොලිසියෙ තියෙනව නම් ඒක ඉතා හොඳයි.
හැබැයි ඒක හැමෝටම එක විදියට ක්‍රියාත්මක වෙන්නයි ඕනෙ. තව එකක් මේ පොල් සංවර්ධන මණ්ඩලයෙ හිටපු රියැදුරාගෙ රස්සාව නැති කරලා මේ ප්‍රශ්නෙ විසඳන්න පුළුවන් නම් ආයෙත් අපට මතක් වෙන්නේ කැකිල්ලෙ රජ්ජුරුවො.

ඒක පයබරවායට පිටිකර බෙහෙත් බඳිනවා වගේ වැඩක්. නිකන් අහිසංකයෙක්ට දඬුවම් කරලා වැඩක් නෑ. මුව හම්වලට තලන්නෙ නැතුව තලනව නම් කොටියෙක්, වළහෙක් හොයාගෙන තලාගෙන තලාගෙන යන්න. එහෙම නැතුව අහිංසකයන්ට ගහලා මේ ප්‍රශ්න විසඳගන්න බෑ. කොහොම නමුත් සාමාන්‍යයෙන් ලංකාවෙ දෙගොල්ලක් ගහගත්තොත් ඒ ගහත්තු මිනිස්සු ගෙදරට පැනලා ගහලා නම්, ඒ ගහපු මිනිහා සම්බන්ධව පොලිසිය ගන්න පියවර මොනවද, ඒ පියවර ටික ඒ විදියටම ගන්නව නම් තමයි හොඳ. කොහොම නමුත් මේ වතාවෙ පොලිසිය නිවැරැදි පරිදි ක්‍රියාත්මක වුණා කියලා අපට පැහැදිලිව පෙනුණා. ඔහු අත්අඩංගුවට ගැනීම් වගේ දේවල් සිද්ධ නොවුණත් පොලිසියට භාර වුණාට පසුව හෝ ඔහුව අත්අඩංගුවට ගත්තා.

ඒත් අවාසනාවකට බිත්තර ගහපු හාදයො දෙන්නා පොලිසියෙන් අතුරුදන් වුණා වගේ මේගොල්ලොත් අතුරුදන් වෙයිද කියලා අපට බය හිතුණා. කොහොම නමුත් ඇප ලැබිලා මේගොල්ලො ගෙදර ගිහින් කියලයි අපි දන්නේ. ඉදිරියේදී එක්කො පොල් සංවර්ධන මණ්ඩලයට නවක වධය හා නවක වධ ගැටුම් නිරාකරණය කියලා තව කොටසකුත් අරන් දුන්නොත් අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීතුමාට පුළුවන් ඒ කොටසට තමන්ගෙ පුතාව පත්කරලා ශ්‍රී ලංකාවෙ නවක වධයට එරෙහිව අමාත්‍යාංශ මට්ටමින් වැඩ පටන්ගන්න.

ඕනෙ නම් ඉතින් ඒ වෙනුවෙන් ඔය වාහනෙත් මුදාහරින්න පුළුවන්නෙ අමාත්‍යාංශයෙන්. ඒ නිසා ඒ වැඩේ ඊළඟට කරලා බැලුවා නම් හොඳයි. ඒ වුණාට ඉතින් එතනෝල් පැත්තත් බලන්න ඕනනෙ, පොලිස් මාරුකිරීම් පැත්තත් බලන්න ඕනනෙ. ඒ නිසා අමාත්‍යාංශයෙ හුඟක් ලොකු වේවි. වැඩ ටිකත් වැඩි වේවි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ඇමැති රොෂාන්ගේ ගෝලයෝ දෙන්නෙක් අලි අගල් කපන මුවාවෙන් අලි වැලි ජාවාරමක!

Next Post

පාස්කු ප්‍රහාරයට පාප් වහන්සේ මැදිහත් වෙන්නේ කොහොමද?

MORE NEWS

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

ලොව පුරා උෂ්ණත්වය ඉහළ නැංවීමට සහ දරුණු මට්ටමේ කාලගුණික තත්ත්වයක් ඇති ඇති කිරීමට බලපාන ප්‍රධාන ස්වභාවික සංසිද්ධියක් වන එල්-නිනෝ තත්ත්වය...

Read more
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.