• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

පාස්කු ප්‍රහාරයට පාප් වහන්සේ මැදිහත් වෙන්නේ කොහොමද?

February 16, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
බොරැල්ල පල්ලියේ අත්‌බෝම්බ අවනඩුව වතිකානයටත් යයි! පාප් වහන්සේත් මැදිහත් වෙයි!
Share on WhatsAppShare on Facebook

2019 පාස්කු ප්‍රහාරය සිදුවෙලා දින කිහිපයකින් කාදිනල් හිමි බොහොම දැඩි ප්‍රකාශයක් කළා. ඔහු කීවා අපට නීතිය අතට ගන්න නොදී නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. මෙම ප්‍රකාශයෙන් ආණ්ඩුව හෙල්ලුම් කෑවා. කාදිනල් හිමි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 2019ට පෙර තිබුණු යහපාලන ආණ්ඩුවට එරෙහිව අදහස් ප්‍රකාශ කළ පළමු අවස්ථාව ඒක නොවේ. ඊට පස්සේ විවිධ අවස්ථාවලත් කාදිනල් හිමි ආණ්ඩුවට රිදෙන්න පහර දුන්නා. ආණ්ඩුවට මේක ලොකු වදයක් වුණා. මේ වදය ඉවසගන්න බැරුව එම ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා වූ මංගල සමරවීර රෝමයේ පාප්වහන්සේට ලිපියක් ලිව්වා.

කාදිනල් හිමි පාස්කු ප්‍රහාරයෙන් දේශපාලනය කරනවා, ඒක නතර කරන්න කියලා. නමුත් එම ලිපියට පාප්වහන්සේගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. එයට හේතුව කාදිනල් හිමි පමණක් නොවේ, කතෝලික පල්ලියත්, පාප්වහන්සේත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලොකු කම්පනයකට පත්වෙලා හිටියේ.

කාදිනල් හිමිට, ලංකාවේ කතෝලික පල්ලියට වගේම පාප්වහන්සේටත් ලෝකෙ කතෝලික පල්ලියටත් මේ බෝම්බය පිටුපස ඇති අබිරහස හොයාගන්න ලොකු වුවමනාවක් තිබුණා. ඒ වුවමනාව තමයි මෙවැනි ප්‍රහාර ඉදිරියේදි සිදුවන එක වළක්වා ගැනීම.

කාදිනල් හිමි හිතුවේ යහපාලන ආණ්ඩුව ප්‍රහාරය වළක්වා ගන්න ක්‍රියා නොකළ නිසා ඒක වහගන්න පාස්කු විමර්ශන හරියට කරන්නේ නැහැයි කියලා. ඔහු එහිදී රාජපක්ෂලා ගැන ලොකු විශ්වාසයක් තිබ්බා.

හේතුව මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වගේම ඒ කාලේ ප්‍රධාන විපක්ෂය වූ ඒකාබද්ධ විපක්ෂ කාදිනල් හිමියන්ව සැරින් සැරේ හමුවෙලා කිව්වා මේ ආණ්ඩුව යටතේ පාස්කු බෝම්බයේ මහ මොළකරු අල්ලන්න ලැබෙන්නෙ නැහැ කියලා.

ඔවුන් එයට හේතුව ලෙස කිව්වේ මුස්ලිම් ඇමැතිවරු ආණ්ඩුව තුළ සිටීම. ඔවුන් කාදිනල් හිමිට පෙන්නපු චරිත කිහිපයක් හිටියා. එක් අයෙක් තමයි රිෂාඩ් බදියුදීන්. දෙවැන්නා තමයි ඒ ආණ්ඩුව යටතේ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර ධුරය දරපු හිස්බුල්ලා. අනෙක් අය තමයි මේ මුස්ලිම් නායකයන් වටා හිටපු මුස්ලිම් නායකයන් සහ මුස්ලිම් විද්වතුන්. මොවුන් ඉන්නකන් ආණ්ඩුවට පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණයක් වෙන්නේ නෑ කියන එක තමයි මේගොල්ලෝ කාදිනල් හිමියන්ට පෙන්නලා දුන්නේ.

කාදිනල් හිමිත් ඔවුන්ගෙ මේ කතා අහලා හිතුවා ආණ්ඩුව වෙනස් කළොත් මෙහි ඇත්ත හෙළි කරගන්න එක පහසු වෙනවා කියලා. මේ කාලෙ රාජපක්ෂවරු සමග සමීප සබඳකම් පවත්වපු හාමුදුරුවරු හිටියෙම කාදිනල් හිමිගෙම කොළඹ බිෂොප් හවුස් එකේ. ඔවුන් කාදිනල් හිමිව මුරුංගා අත්තේ තියල තමයි ඒ කාලෙ කතා කළේ. මොකද මේ හැමෝම දැනගෙන හිටියා රාජපක්ෂලාට ආපහු ජනාධිපතිකම ගන්න නම් 50%ක් ගන්න සිංහල බෞද්ධ ඡන්ද විතරක් මදි කියලා. ඒ 50% ගන්න මුස්ලිම් සහ දමිළ ඡන්ද ලැබෙන්නේ නැත්නම් කතෝලික ඡන්ද අත්‍යාවශ්‍ය බව මොවුන් දැනගෙන හිටියා. ඇත්තටම කතෝලිකයන් බහුතරයක් පහුගිය ජනාධිපතිවරණයෙදි ගෝඨාභය රාජපක්ෂ දිනවන්න ඡන්දය භාවිත කළා. ඒකට හේතුව ගෝඨාභයගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානම සටන් පාඨය වුණේ පාස්කු ප්‍රහාරය. ඔවුන් පොරොන්දු වුණා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හොයනවා කියලා. දැන් ඔවුන් බලයට පත්වෙලා වසර දෙකක් පමණ වෙනවා. කාදිනල් හිමි තාමත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය හොයනවා. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුද කියලා හොයනවා.

එදා පාස්කු ප්‍රහාරය පිටුපස හිටියා යැයි රාජපක්ෂවරු ඇතුළු ඒකාබද්ධ විපක්ෂය කියපු රිෂාඩ්ලා, හිස්බුල්ලා අද යහතින් ඉන්නවා. මේ පාස්කු ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ යැයි ආණ්ඩුව චෝදනා කරපු නීතිඥ හිජාස් හිස්බුල්ලත් පසුගියදා නිදහස් වුණා. දැන් කතෝලික පල්ලියෙන් කාදිනල් හිමිට ලොකු බලපෑමක් එල්ල වෙනවා.

එයට හේතුව කාදිනල් හිමි රාජපක්ෂලා ගැන විශ්වාසය තිබ්බට මේ මහ මොළකරුවන් හොයන වැඩේ රාජපක්ෂලා කරන්නෙ නැති බව කතෝලික පල්ලියම කියන නිසා.
දැන් ලංකාව තුළ ඔවුන් මේ ගැන හඬ නඟපුවාම, හඬ නඟන පූජකයන්ව රහස් පොලිසි අරගෙන ගියා.

මේ නිසා කාදිනල් හිමිටත්, කතෝලික පල්ලියටත් මේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හැසිරෙන ආකාරය ගැන ලොකු සැකයක් ඇතිවෙලා තියෙනවා. මේ සැකය නිසාම කාදිනල් හිමි ඇතුළු කතෝලික පල්ලිය තීරණය කරලා තියෙනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට යන්න. ජාත්‍යන්තර දේශපාලනයේ කතෝලික පල්ලියට තියෙන්නේ ප්‍රබල තැනක්.

පහුගිය යුද සමයේ දමිළයන් ඝාතනය කරනවා කියලා ජාත්‍යන්තර සිවිල් සංවිධාන කෑගහද්දී පාප්වහන්සේත්, කතෝලික පල්ලියත් නිහඬව සිටියේ කාදිනල් හිමියන්ගෙ උපදෙස් පිට. එහිදී කාදිනල් හිමි ජාත්‍යන්තරයට පෙන්වා දුන්නේ මේ යුද්ධයෙන් සිංහල බෞද්ධ ජනතාව පමණක් නොවෙයි, කතෝලික දමිළ ජනතාවත් දුක් විඳනවා, එම නිසා මෙම යුද්ධය අවසන් කළ යුතුයි කියලා.

88-89 භීෂණ කාලෙ තරුණයො මියයද්දී, අතුරුදන් වෙද්දී ඒ කාලෙ හිටපු පාප්වහන්සේ 1990 පාප්වහන්සේගෙ වැදගත්ම ප්‍රකාශය වන වාර්ෂික ප්‍රකාශයට ලංකාවෙ තරුණයො මියයෑම සහ අතුරුදන්වීම ගැන ඇතුළත් කරලා එකල බලයෙ හිටපු ප්‍රේමදාස ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් එල්ල කළා. නමුත් දමිළ සිවිල් ජනතාව මැරෙනවා කියලා මුළු ලෝකයම කියද්දී පාප් වහන්සේ ඒ ගැන වචනයක්වත් කිව්වේ නැත්තේ කාදිනල් හිමි යුද්ධය ගැන දුන්න උපදෙස මතයි. නැත්නම් මේ වෙලාවෙ පාප්වහන්සේට යුද්ධය නතර කරන්න ලොකු බලපෑමක් කරන්න ඉඩ තිබුණා.

පාප්වහන්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙ නිරීක්ෂක සාමාජිකයෙක්. නිකන්ම නිකන් නිරීක්ෂක සාමාජිකයෙක් නෙවෙයි, ස්ථිර නිරීක්ෂක සාමාජිකයෙක්. පාප්වහන්සේ එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් කොමිසමේ ස්ථිර නිරීක්ෂක සාමාජිකයෙක්.

ඒ කියන්නේ පාප්වහන්සේට පුළුවන් ඕනෑම රටක් සම්බන්ධයෙන් යෝජනාවක් ගේන්න, වෙනත් රටක් ගේන යෝජනාවකට සහාය පළ කරන්න. දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ලංකාවට විරුද්ධව යෝජනාවක් තියෙනවා. පාප්වහන්සේ කවදාවත් මේ යෝජනාව ගැන කතාකරලා නෑ. නමුත් පාප්වහන්සේ මේ ලංකාවේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුවෙන්නේ නැහැ කියලා යෝජනාවක් ගෙනාවොත් හෝ මානව හිමිකම් කොමිසමේ දැනට තිබෙන යෝජනාවට ඒ යෝජනාව ඇතුළත් කළොත් ලංකා ආණ්ඩුව ලොකු අමාරුවක වැටෙනවා.

හේතුව පාප්වහන්සේ කියන්නේ තනි චරිතයක් නෙවෙයි. ලෝකෙ හැම රටකම ඔහුගෙ නියෝජිතයන් ඉන්නවා. කාදිනල්වරු ඉන්නවා. බිෂොප්වරු ඉන්නවා. අනුගාමිකයන් ඉන්නවා.

ඔවුන් හරහා ලංකාවට බලපෑම් කරන්න පාප්වහන්සේට තියෙන බලය අවතක්සේරු කරන්න බෑ. ඒක දැනගෙන තමයි කාදිනල් හිමි කියන්නේ අපි ජාත්‍යන්තරයට යනවා කියලා.

‘කොරේ පිටට මරේ’ කිව්ව වගේ දැනටමත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ බැට කාලා හෙම්බත් වෙලා ඉන්න ලංකාවෙ ආණ්ඩුවට එරෙහිව පාප්වහන්සේත් අත ඉස්සුවොත් ලංකාවට සොරිම තමයි.

සුරනිමල

SendShareShare
Previous Post

බෙදාගන්න බැරිව උඩුවේ හිමියි කොටුවේ හිමියි ‌දෙපැත්තට අදින කව්ද මේ අරුන්දික?

Next Post

විජයට එදා කරපු දේ අද රන්ජන්ටත් කරපු ලංකාවේ කලාකාරයෝ! ඒ කුහකකමටද-ඉරිසියාවටද?

MORE NEWS

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

Load More
ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

"පොහොර මිල වැඩියි තමයි" - "අපි අධිෂ්ඨානයක ඉන්නවා දිගටම බලයේ ඉන්න" අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත Sri Lanka Latest News

Read more
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.