වැලිගම ප්‍රදේශයේ හෝටලයක සිදුව ඇති වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව අධිකරණයෙන් දුටු තැන අල්ලන වරෙන්තුවක් මත රහස් පොලිසිය සොයමින් සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සොයා රහස් පොලිසිය සැකකටයුතු ස්ථාන දහයකට අධික සංඛ්‍යාවක් හදිසි පරීක්ෂාවට භාජන කළද ඔහු මෙතෙක් සොයාගැනීමට නොහැකි වූ බව වැඩබලන මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී සෙඩ්රික් උදය කුමාර වුඩ්ලර් මහතා පැවැසීය. Sri Lanka Latest News
ඔහු සැඟවී ඇතැයි සැක කරන ස්ථාන පිළිබඳ ලැබෙන සියලු රහස් තොරතුරු ඔස්සේ රහස් පොලිසිය පැය 24 පුරා මෙහෙයුම් සිදුකරන බවයි ඔහු සඳහන් කළේ. ඔහුට රටින් පිටමං විය නොහැකි අන්දමට රහස් පොලිසිය කටයුතු යොදා ඇති බවද වැඩබලන මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ අතර, සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන ගණේමුල්ල සංජීව ඝාතනයට අදාළ වෙඩික්කරුට පිස්තෝලය සහ ඊට සහාය දී ඇතැයි සැකකරන පුද්ගලයන් 12 දෙනකු මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති හෙයින් ඊට අදාළව නඩු පැවරීමේ කටයුතුවලට බාධාවක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවැසීය.
අදාළ පිස්තෝලය රැගෙන ආ සෙව්වන්දි නමැති කාන්තාව රටින් පැනගොස් ඇති බවට තොරතුරු අනාවරණ නොවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න










