• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බුදු ගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ…

August 16, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
බුදු ගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ…
Share on WhatsAppShare on Facebook

බෞද්ධයන් වන අපට ඉතා කනගාටුදායක පුවතක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්න ලැබුණා. මේ සිදුවීම වාර්තා වී තිබුණේ සිගිරිය පිදුරංගල සියඹලංකොරටුව වන රක්ෂිතය තුළින්. හුදෙකලාව මහ වනය තුළ වැඩසිටිමින් නිවන් මඟ සොයා යන්නට වෙහෙසෙන භාවනානුයෝගී ස්වාමින්වහන්සේ නමකගේ කුටිය හිත්පිත් නොමැති ගම්වාසීන් පිරිසක් විසින් කඩාබිඳ දැමීම මේ කනගාටුදායක සිදුවීමයි. පූජ්‍ය ආඬියාගල ආනන්ද තිස්ස ස්වාමින් වහන්සේ වැඩසිටි කුටිය මෙලෙස කඩාබිඳ දමා තිබුණා. ධර්ම දේශනාවක් සඳහා ගම්මානයට වැඩම කර නැවත තම කුටියට පැමිණි උන්වහන්සේට දැකගන්නට ලැබුණේ විනාශ කර දමා තිබුණු කුටියයි. පයට මිරිවැඩි සඟලක්වත් නොදා ශාන්තව වඩින ස්වාමින් වහන්සේ නමක් වුණු උන්වහන්සේට සිදුකළ මේ අපරාධය විශාල පාපකර්මයක්.

ආනන්දතිස්ස ස්වාමින් වහන්සේ වැඩසිටි කුටිය සාදා තිබුණේ ඉතා අල්පේච්ඡ විදියට. වනාන්තරයෙන් සොයාගත් ලී දඬු සහ මැටිවලින් පිළිවෙළට සකසා තිබූ එම කුටිය මෙලෙස විනාශ කර තිබුණේ වනාන්තරයේ දැව ජාවාරමේ නිරත පාපතරයන් බවයි පසුව හෙළිව තිබුණේ. විනාශ කර දමන ලද කුටිය දකින ඕනෑම කෙනකුගේ හිතේ උපදින්නේ ඉමහත් සංවේගයක්. හිතක් පපුවක් ඇති මනුෂ්‍යයෙක් කොහොම නම් මේ වගේ පවුකාර දෙයක් කරන්නද?

විනාශ කළ කුටිය අසලට වී උන්වහන්සේ එදෙස බලා සිටියේ උපේක්ෂාසහගත හැඟීමෙන් වන්නට ඇති. අලි කොටි වග වළසුන් බහුල මහ වනයක උන්වහන්සේ ආරක්ෂිත මෙතෙක් කලක් වැඩි සිටියේ මෙම කුටිය තිබුණු නිසයි. නමුත් ඉදිරියට උන්වහන්සේට වැඩ සිටින්න කුටියක් නැහැ. ආනන්ද තිස්ස ස්වාමින් වහන්සේට බණ භාවනා කරන්නට මෙතෙක් කලක් සෙවණ දුන්නේ මැටියෙන් තනාගත් මේ කුටියයි. ඒ කුටියේ වැඩසිටි උන්වහන්සේට කවරදාකවත් සතා සිවුපාවකුගෙන් වරදක් වෙලා තිබුණේ නැහැ. නමුත් සිත්පිත් නැති මිනිසුන්ගෙන් උන්වහන්සේට සිදුවුණේ කවරදාකවත් නැවැරැදි කළ නොහැකි මනුෂ්‍යත්වයට නිගාදෙන සිදුවීමක්.

‘මව්රට’ පුවත්පත වෙනුවෙන් අපි මෙම කනගාටුදායක සිදුවීමට මුහුණ දුන් පූජ්‍ය ආඬියාගල ආනන්දතිස්ස හිමියන්ගෙන් ඒ පිළිබඳ විමසා සිටියා. උන්වහන්සේ ඒ ගැන සඳහන් කළේ මෙවැන්නක්.

‘මම හිටියේ කැලේ කුටියක් හදාගෙන. සීගිරියේ පිදුරංගල සියඹලංකොරටුව කියන ගමේ වැව් ඉස්මත්තේ තමයි මගේ සෙනසුන හදලා තිබුණේ. මේ ඉඩම් වනජීවී දෙපාර්තමේන්තුවට අයත් රජයේ ඉඩම්. මේ කැලෑවේ අලි ගෝන්නු වටුකුරුල්ලෝ වගේ සත්තුත් කොළ දිවියා අඳුන් දිවියා වගේ දුර්ලභ සත්තුත් ජීවත් වෙනවා. නයි පොළොංගු වගේ සර්පයනුත් ඉන්නවා. නමුත් කවදාවත් උන් මට හිරිහැර කරලා නැහැ. මිනිස්සු මේ කැලේ මායිම් ගල් අයින් කරලා කැලෑ කපලා හෝටල්වලට ඉඩම් විකුණනවා. මේ ගමේ පිරිස දෙපිලකට බෙදිලා ඉන්නේ. එක පිරිසක් දානය දෙමින් ධාර්මිකව ජීවත් වෙනවා. තව කොටසක් මේ වන ජාවාරම කරමින් වනාන්තරය විනාශ කරනවා. මම පිණ්ඩපාතය වඩිමින් බණ භාවනා කරමින් සෙනසුනේ වැඩ සිටියා. කොරෝනා කාලෙ නම් මම පිණ්ඩපාතෙ කරන්න ගෙවල්වලට වැඩියේ නැහැ. ගමේ දායකයෝ දානේ සෙනසුනටම ගෙනත් පූජා කළා. නමුත් මේ දැව ජාවාරම් කරන අය නම් කවදාවත් බණ අහන්න ආවේ නැහැ. ඒ පිරිස මම සෙනසුනේ සිටිද්දිම ඇවිත් කැලෑ කපනවා. මම වනජීවී එක දැනුවත් කළා. වනජීවී එකෙන් එයාලට නඩු දැම්මා කිව්වා. මේ සිදුවීම් නිසා අවස්ථා කිහිපයකදී 10 දෙනෙක් විතර ඇවිත් මට මරණ තර්ජන පවා එල්ල කළා. මට උදව් උපකාර කරන අයටත් මරණ තර්ජන එල්ල කළා. මාව ගහලා එළවන්න හැදුවා. මම මුලදී පොලිසියටවත් ගිහින් පැමිණිලි කළේ නැහැ මේ මිනිස්සු ගැන හිතලා. එලවාගන්න බැරි නිසා මට නොයෙකුත් නින්දා අපහස එල්ල කළා. දවසක් මම ගෙදරකට පිරිතකට වැඩිය වෙලාවක මම වාසය කළ කුටිය කඩලා, ඒ පිරිත් කියන්න ගිය ගෙදරටත් කඩා පැන්නා. ඊට පස්සේ පොලිස් නිලධාරීන් ඇවිත් තමයි මාව අරගෙන ගියේ. ඒ, රාත්‍රී එකොළහට විතර.

ඒ සිදුවීමෙන් පස්සේ තමයි මම සීගිරිය පොලිසියේ පැමිණිල්ලක් දැම්මේ. මලලසේකර කියලා නිලධාරියෙක් තමයි මේ පැමිණිල්ල මෙහෙයෙව්වේ. පැමිණිල්ල විභාග කරනකොට කුටිය හදපු කිසිම කෙනකුට විභාග කරන කාමරය ඇතුළට ගත්තේ නැහැ. මාව විතරයි ඇතුළට ගත්තේ. මට ඉන්න තැනක් නැති නිසා දායකයකුගේ ගෙදර නැවතිලා හිටියා. පසුදා මම පොලිසියේ පැමිණිල්ල විභාග කරන්න ගිය වෙලාවේ අනෙක් පාර්ශ්වයේ යම් සම්බන්ධතාවක් නිසා පොලිසිය කටයුතු කළේත් ඒ පාර්ශ්වයේ පැත්ත අරගෙන. ඔවුන් මට විවිධ චෝදනා එල්ල කළා. මේ වගේ විවිධ අඩන්තේට්ටම් නිසා තවදුරටත් මේ ගමේ රැඳී නොසිට ඉවත් වෙන්න මම තීරණය කළා.

මේ දැව ජාවාරම් ඒ ප්‍රදේශවල ලොකුවට සිදුවෙනවා. කැලෑ එළිකරනවා. කැලේ ඇතුළේ ඉනි වැටවල් ගහලා එක එක්කෙනා කොටස් වෙන්කරගෙන වගාකරනවා. කැලේ ඇතුළේ හරක් බැඳලා ගාල් හදලා. ටික ටික කැලේ ගිනිතියනවා. මේවා කරන කිහිප දෙනෙක් ඉන්නවා. දේශපාලනඥයන්ගේ හයිය අරන් තමයි ඔවුන් මේවා කරන්නේ.

මම දැන් තාවකාලිකව වැඩවාසය කරන්නේ අලකොලවැව කියන පන්සලේ. ඒ පන්සලේ කොස්ගහළිඳ විහාරනන්ද ස්වාමින්වහන්සේ මට එහි තාවකාලිකව වැඩ ඉන්න අවසර දුන්නා. බොහෝ දෙනෙක් සමාජ මාධ්‍යයේ මේ සිදුවීම දැකලා උදව් කරන්නම් කියලා කිව්වා. ඒත් කවුරුවත් තාම ආවේ නැහැ. මට උදව් කළ දායක පිරිස කියන්නේ ඒ ප්‍රදේශයේම නැවත කුටිය හදමු කියලයි. මේ කැලේ කපන අයට එරෙහිව නීතිමය පියවරක් ගත්තොත් ඉන්න පුළුවන්. නැත්නම් ගමේ දෙපිරිස අතර රණ්ඩුසරුවල් ඇතිවන්න පුළුවන්. මම ලංකාවේ බොහෝ තැන්වල කෑලෑවල බණ භාවනා කළා. මේ තැනට ආවේත් ඒ නිසයි. දැන් ඉන්න පන්සලටත් සමහර දිනවල දානය ලැබෙනවා, සමහර දාට දානය ලැබෙන්නේ නැහැ. ආපහු කුටියක් හදාගත්තොත් පිණ්ඩපාතේ වැඩලා භාවනානුයෝගීව කටයුතු කරන්න පුළුවන්.

කුටිය හදනකොට මගේ ඥාතීන් උදව් කළා. මම රෑ හත වෙනකොට පිරිත් කියනවා. සමහර දිනවල අලි ඇතුන් ඇවිත් පිරිත් කියනවා අහගෙන ඉඳලා යනවා. උදේ 4ටත් නැඟිටලා පිරිත් කියනකොට ඒ සතුන් ඇවිත් තියෙනවා. නමුත් කවදාවත් කරදරයක් කරලා නැහැ. මේ ප්‍රදේශය අලි ගොඩක් ඉන්න ප්‍රදේශයක්. මනුස්සයන්ගෙන් තමයි කරදර වෙලා තියෙන්නේ. මට අවසානයට කියන්න තියෙන්නේ මිල මුදල් පාවිච්චි කරන්නේ නැතුව පිණ්ඩපාතේ වැඩම කරලා භාවනා කටයුතු කරගෙන නිදහසේ ජීවත් වෙන්න ඉඩ සලසා දෙන්න කියලයි. අපි මේ කිසිවක් අරගෙන යන්නේ නැහැ. මට ඕනෙ නිවන් මාර්ගයට යන්න විතරයි…’

සියඹලංකොරටුව රක්ෂිතය අසල ගම්වැසියෙක් ආනන්දතිස්ස ස්වාමින් වහන්සේ ගැන සඳහන් කළේ මේ ආකාරයටයි.

‘මම මානසිකව වැටිලා හිටිය කෙනෙක්. මේ වගේ කුටියක් මම වගේ කෙනකුට මානසිකව ශක්තිමත් වෙන්න හොඳටම උපකාරී වන තැනක්. මේ ස්වාමින් වහන්සේ තමයි මාව මානසික ප්‍රකෘති තත්ත්වයට පත්කළේ. මම හැම පෝය දවසකම උන්වහන්සේට දානය පිළිගන්වලා බණක් අහලා යනවා. මේ ස්වාමින් වහන්සේගේ කුටිය නැවත හදලා දීලා උන්වහන්සේ එහි වඩිනතුරු අපි හැමෝම බලාගෙන ඉන්නවා…’

ආනන්දතිස්ස ස්වාමින් වහන්සේ මේ වන විට තාවකාලිකව වැඩවෙසෙන අලකොළවැව පන්සලේ නායක ස්වාමින් වහන්සේද මෙම සිදුවීම පිළිබඳ අදහස් දක්වා සිටියා.

‘මම මළ ගෙදරක ආගමික කටයුතුත්තක යෙදිලා සිටින වෙලාවක පිරිසක් කලබලයෙන් ඉන්නවා දැකලා ඒ ගැන මම විමසා බැලුවා. ඒ වෙලාවේ මට දැනගන්න ලැබුණා ආනන්දතිස්ස ස්වාමින් වහන්සේ වැඩවිසූ කුටිය පිරිසක් විසින් කඩලා ඉවත් කරලා කියලා. ස්වාමින් වහන්සේට ඉන්න තැනක් නැති තත්ත්වයට පත්කරලා තිබුණා. ඒ වෙලාවේ ඇවිල්ලා බලද්දී මට දුකක් සංවේගයක් මේ ස්වාමින් වහන්සේ කෙරෙහි ඇතිවුණා. ඒ නිසා ස්වාමින් වහන්සේට මම ආරාධනා කළා අපේ පන්සලේ වැඩ වසන්න කියලා. මේ විශාල වනාන්තරයේ අලි කොටි සමග තමයි මේ ස්වාමින් වහන්සේ වැඩ සිටියේ. උන්වහන්සේ බණ භාවනා කරගෙන තනියම වැඩවාසය කළේ. දේශපාලනඥයන්ගේ වුවමනාවටත් අපේ සමහර ස්වාමින් වහන්සේලාගේ වුවමනාවටත් ගමේ කෑලෑ කපන අයගේ වුවමනාවටත් තමයි මෙවැනි ඉරණමක් මේ ස්වාමින් වහන්සේට අත්වුණේ. මෙතැනින් ස්වාමින් වහන්සේ එළවා දැමීමේ අරමුණෙන් තමයි මෙහෙම අපරාධයක් කරලා තියෙන්නේ. ඉහළ නිලධාරීන්ගෙත් වුවමනාවන් අනුව තමයි මෙහෙම සිදුකර තියෙන්නේ. ඔවුන් රාජකාරිය නිසි අයුරින් ඉෂ්ට නොකරන බව තමයි තේරෙන්නේ.

අපේ බෞද්ධ යැයි කියන පන්සල් රකින අයගෙන් තමයි මේ සියලු කරදර සිදුවුණේ. මේ ගමේ ඉන්නේ අසරණ, කුලි වැඩ කරගෙන දානය දෙන පිරිසක්. ඒ අයට දන් වේලක් දෙන්න දුර බැහැර යන්න වත්කමක් නැහැ. මේ වගේ ස්වාමින් වහන්සේ කෙනකුට දන් වේලක් පූජා කරන එක ලොකු පිනක්. ඉතින් ඒ වගේ දෙයක් වෙනුවෙන් ඉහළ නිලධාරින්ගේත් රජයේ පාලක මහත්වරුන්ගෙනුත් සහයෝගයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ ස්වාමින් වහන්සේට නිදහසේ බණ භාවනා කරන්න ඉඩ සලස්වා දෙන ලෙස මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා….’

බුද්ධ කාලේදිත් මේ වගේ පවුකාර මිනිසුන් හිටිය බව අපි අහලා තියෙනවා. ඒ කාලේ සක්මන් භාවනාවේ යෙදුණු බුදුන් වහන්සේටත් දේවදත්තයන් මහ ගල් පෙරළුවා. කවුරු හෝ කෙනෙක් හොඳ සිතින් හොඳ දෙයක් කළා නම් ඔවුන්ට හොඳ විපාක ලැබෙන එක නියතයි. පවක් කළා නම් එලෙසම පවු පල දෙන බවද නියතයි. එහෙමයි බුද්ධ දේශනාව ගැන අපි අහලා තියෙන්නේ. සිංහල ගීත සාහිත්‍යයේ පවා මේ ගැන ගීත ලියවිලා තිබෙනවා. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් ලියූ මේ ගීයත් එවැන්නක්.

‘පිපෙනා මලකට ගලනා දොළකට
දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ
මරණින් පස්සේ
පින් පව් එනවා අපි පසු පස්සේ…’

මිනිස්සු සතා සිවුපාවාට, ගහට කොළට ආදරය කරන්න ඕනේ. පරිසරය ආරක්ෂා කරන්නට ඕනේ. ඒ දේවල් විනාශ කළාම අපේ අනාගත පරපුරට තමයි රටක් ඉතිරි නොවන්නේ. මේ මහ පොළොවට අපේ අතින් පවිත්‍ර දේවලුත් සිදුවෙනවා. අපවිත්‍ර දේවලුත් සිදුවෙනවා. නමුත් ලාභය අලාභය කියන දේවල් තාවකාලිකයි. වැරදි නිවැරදි කරගෙන ජීවිතයට මුහුණ දෙන්න කියලයි මේ විනාශකාරී සිදුවීම්වල නිරත පිරිසගෙන් ඉල්ලන්න තියෙන්නේ. අපි කළ හොඳම විතරයි ජීවිතේ අවසානයට ගෙනයන්නේ. පරිත්‍යාගශීලීත්වය, මනුස්සකම තියෙන්නේ සැබෑ මිනිසුන් තුළ පමණයි.

ඔබටත් මේ ස්වාමින් වහන්සේට මැසි මදුරුවන්ගෙන් සහ අව් වැසිවලින් බේරී පිඬුසිඟා වැඩ උතුම් නිවන් මඟ අවබෝධ කරගන්නට යම් දායකත්වයක් දක්වන්නට හැකි නම් උන්වහන්සේ ඇමතිය හැකියි.

පූජ්‍ය ආඬියාගල ආනන්දතිස්ස ස්වාමින්වහන්සේගේ දුරකතන අංකය 0710614603



නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

මේ එන එක තෙල් නැවකින් ඩොලර් මිලියන 4ක් 5ක් හොරකම් කරනවා! මුන් ගහන්නේ ඉන්ටනැෂනල් ගේමක්! ජනතාව තෙලේ බැදෙනවා! මුන් තෙලේ නටනවා!

Next Post

රෝහල්වල බෙහෙත් ඇත්තෙම නෑ! එළියෙත් ගිනි ගණන්! වෙනදා මාසෙකට එව්වත් දැන් එවන්නේ සතියකට! රජයේ දොස්තරවරුන්ගෙන් ප්‍රකාශයක්! (VIDEO)

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.