• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිසංසලා මිලියනයක් දිනලා ගමට ගියාම ගමේ අය කිව්ව දේ! හෙට දකින්නට වෙර දරන අතපත්තු කණිෂ්ට විද්‍යාලයේත්-මහසෙන්පුර මැදවච්චිය විද්‍යාලයේත් දරුවන්ට ජීවය දෙමු! I Sri Lanka Latest News

July 10, 2023
in Exclusive, News
Reading Time: 15 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපි පසුගිය සතියේ ‘මව්රට’ පුවත්පතෙන් ඔබට ලියූ, සිරස ලක්ෂපති වැඩසටහනෙන් රුපියල් මිලියනයක් දිනාගත් මාතර දෙයියන්දර නිසංසලා ගමආච්චි දැරිය සමග අපට කතාබහ කරන්නට ලැබීම සතුටට කරුණක්.(Sri Lanka Latest News)

ඇය දිනාගත් මුදලට වඩා ඇය උපන් ගමට, පාසලට ලබාදුන් ගෞරවය වගේම ඇගේ අව්‍යාජත්වය බොහෝ වටිනවා. සතා සිවුපාවාට ගහකොළට ආදරය කරන විදිය, ඔවුන්ට ජීවය දෙන විදිය ඇගේ වචනවල ගැබ්ව තිබුණා. ඒ වචන මේ රටේ දුෂ්කර ජීවිත ගෙවන දිළිඳු දරුවන්ගේ අනාගතය ගොඩනගන්නට ශක්තියක් සපයනවා.

නිසංසලා දැරියගේ ඒ වචනවල ශක්තිය, ඇය ‌ඉගෙනගත් මාතර අතපත්තුකන්ද කනිෂ්ඨ විදුහලේ වගේම ත්‍රිකුණාමලය මහසෙන්පුර පරණ මැදවච්චිය පාසලේ ඉගෙනගන්න උත්සාහ දරන දිළිඳු දරුවන්ගේ දුක නිවන්න, ඔවුන් ගැන ලියන්න අපට ශක්තියක් වුණා. නිසංසලාව මේ තැනට ගෙනාපු සිරස නාලිකාවටත්, නිසංසලාගේ අම්මා, අප්පච්චි සහ අයියාටත් ගොඩාක් පින්.

නිසංසලා දැරිය එක්ක පුංචි කාලේ ඉඳලා එකට ඉස්කෝලේ ඉගෙනගත්ත ජනිත ලක්ෂාන් සහෝදරයාද ඔවුන්ගේ සහෝදර බැඳීම ගැන සටහනක් තබා තිබුණේ මේ විදියටයි.

‘අපේ ගමේ අපේ පාසලේ සුන්දරත්වය ඔයා නිහතමානීව අව්‍යාජව හරි ලස්සනට අගය කරනවා. ඒ විතරක්ද? අපි එකට ඉගෙන ගත්ත අපේ පන්තිය… අපේ ජීවිතවල ඒ පාසල් කාලයේ සුන්දර මතකය අපි මැරෙනකල්ම අපේ ජීවිතවල රඳාපවතිනවා. ඒ සැහැල්ලු ජීවිතේ කවදාවත් අපට ආයෙ ලැබෙන්නේ නැහැ කියලා දැනෙනකොට හිතට නැගෙන්නේ මහා වේදනාවක්. මට වගේම මමත් හිතන්නේ අනිත් අයටත් දැනෙන්නේ එහෙමයි කියලා. ඒ පාසල් ජීවිතයෙන් අපි උපරිම ප්‍රයෝජන ගත යුතුයි. නැතිනම් අපට අනාගතයට මුහුණ දෙන්නට වෙන්නේ බලාපොරොත්තු විරහිතවයි….’

නිසංසලා ඔයා ගමේ පුංචි ඉස්කෝලේ ගෙවපු කාලය කවදාවත් දුෂ්කරයි කියලා හිතුවේ නැහැ. ‘අම්මෝ කවදාවත් මම එහෙම හිතන්නේ නැහැ’ කියලා ඔයා අව්‍යාජව ඔයාගේ අදහස ඉදිරිපත් කළාම අපිටත් හිතුණේ අපිටත් මෙහෙම ලස්සන ගමක් තියෙනවා නම් කියලා. ඔයා කිව්වේ ඒ ඔයාගේ ගම කියලා. අපි ගෙවන ජීවිතේ සමහර කෙනෙක්ට දුෂ්කරයි කියලා පෙන්න පුළුවන්. කොළඹ නාගරිකව ඉන්න කෙනෙක්ට පහසුකම් ගොඩක් තියෙනවා.

ඒත් ඒ පහසුකම් ටිකක් අපට ගන්න අමාරුයි. ඒ වුණාට අපිට තියෙන කොළපාට පරිසරය කුරුල්ලෝ කෑගහන සද්දේ මේ කොළඹ පාසල්වල ඒ කොළපාට පරිසරය දකින්න ලැබෙන්නේ නැහැනේ. අපේ පාසලට යන්න තියෙන්නෙත් පොඩි අඩි පාරක් විතරයි. අඩි පාර දෙපැත්තෙම එළවළු පැළ ඉන්දලා ලොකු ගස් තියෙනවා. අපි සමහර ගස්වල නම්වත් දන්නෙ නැහැ. කොළඹ තියෙන්නේ කොන්ක්‍රීට් වනාන්තරයක් විතරයි.

ඔයාගේ ඉස්කෝලේ පුංචි කටුමැටි සහිත පන්ති කාමරය ඉදිරිපිට පින්තූරයක් අපි දැක්කා. ඒ පාසලේ විශිෂ්ට ප්‍රතිඵල ගත් තවත් සිසුන් තිදෙනකු සමගයි. අපේ හිතට දැනුණේ මෙවැනි පාසලකින් මේ විදියේ ප්‍රතිඵල ගන්න ඔවුන් කොයි තරම් වාසනාවන්තද කියලා.

ඔයා විශිෂ්ට ප්‍රතිඵල ගත් ඒ පන්ති කාමරය ලස්සන කරලා තිබුණේ පාසලේ දරුවන් ගෙනා සාරිවලින්. දඬු මුගුරුවලින් කටුමැටි ගසා පන්තිය වටකර තිබුණා. කොළඹ දරුවන්ට මොන තරම් සැපසම්පත් තිබිලත් ඉගෙනගන්න උත්සාහ දරන්නේ කීයෙන් කී දෙනාද?

නිසංසලා දැරිය පසුගිය සතියේ විකාශය වූ සිරස ලක්ෂපති වැඩසටනේදී චන්දන සූරියබණ්ඩාර මහතා ඇගෙන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ මේ විදියට.

සිරස ලක්ෂපතියට ආ පුංචි කෙල්ල කොහොමද?

හොඳින් සතුටෙන් ඉන්නවා.

පුංචි කටුමැටි සාරිවලින් වටකළ ඉස්කෝලේ පාසල් ජීවිතේ දැනුණේ කොහොමද? ඒක අභියෝගයක් කියලා හිතුණේ නැද්ද?

කවදාවත්ම නැහැ. සැහැල්ලුවෙන් පුංචි කාලේ ඉඳලා ගතකළා. යාළුවෝ හිටියේ ගමේමයි. අපි ඉස්කෝලේ යන්නේ අහල පහළ යාළුවෝ එක්ක. අපි වැඩක් කළත් එකට කළේ. ඒ එකමුතුකම ගොඩාක් ශක්තියක් වුණා අපේ ජීවිතවලට. අපේ පන්තියේ 21 දෙනාම සහෝදර සහෝදරියෝ වගේ. බත් කන්න ගියත් එකට කෑවේ.

ගුරුවරු දරුවන්ට ඉගැන්නුවේ තමන්ගෙම දරුවන්ට වගේ උදේ හවස නොබලා. සාමාන්‍ය පෙළ මුළු පන්තියේම ළමයි 21යි හිටියේ. ඒ හැමෝම උසස් පෙළට තේරෙන්න තරම්…

අපේ ඉස්කෝලේ පටන් ගන්නේ 7.30ට වුණාට ගුරුවරු අපිට එන්න කියලා තිබුණේ උදේ 6ට. එන්න කියලා උදේ 8ට විතර වෙනකල් ඉගැන්නුවා. හවසත් 2ට පටන් අරගෙන 4 විතර වෙනකල් ඉගැන්නුවා. එහෙම තමයි ගුරුවරු අපි වෙනුවෙන් කැපවුණේ.

හුඟක් මවුපියන් දඟලන්නේ තමන්ගේ දරුවන්ව රටේ තියෙන ප්‍රසිද්ධ යැයි සම්මත ඉස්කෝලවලට යවන්න. ඔයාගේ අම්මලා කවදාවත් එහෙම කිව්වේ නැද්ද?

එහෙම නැහැ. අපේ ගමේ ඉස්කෝලේ ගැන විශ්වාසය තිබුණා. මේ ඉස්කෝලේ ශිෂ්‍යත්වෙත් පාස්වුණු අයත් හිටියා. එයාලා කොහෙවත් ගියේ නැහැ. මේ පාසලේමයි ඉගෙනගත්තේ. ලකුණු 180 අරගත්තු ළමයෙකුත් හිටියා. එයාට මාතර රාහුල, සුජාතා වගේ ඉස්කෝලවලට යන්න පුළුවන්කම තියෙද්දිත් ගියේ නැහැ.

නිසංසලාගේ මවුපියන් මොනවද කරන්නේ?

කුරුඳු තලනවා, තේ දලු නෙළනවා.

පුංචි ඉස්කෝලෙන් A9ක් අරගෙන නගරේ ඉස්කෝලෙන් A3ක් අරගෙන ලැබුණු ප්‍රතිචාර කොහොමද?

A9ක් ගත්තාම, ගුරුවරු ගමේ අය ඇහුවේ ඇයි Biology, Maths කරන්නේ නැත්තේ කියලා. මම මගේ ආසාවට ටෙක් (Technology) කළේ. ඒකට නම් ගොඩක් අය බැන්නා.

ඔයා උසස් පෙළ හැදෑරු නාරන්දෙණිය ජාතික පාසලේ ගුරුවරු යාළුවන් මොනවද කිව්වේ?

එයාලත් සුබ පැතුවා. ඒ ඉස්කෝලේ ගුරුවරුත් අපි උසස් පෙළ කරනකොට අපිව ගෙන්නලා ඉගැන්නුවා. ගොඩක් ඉස්කෝලවල ළමයි උසස් පෙළට ඉස්කෝලේ යන්නේ නැහැනේ. ඒත් අපි නම් ගියා.

ඔයත් නිදිමරාගෙන පාඩම් කරලද මෙහෙම ප්‍රතිඵලයක් ගත්තේ? ඔයාගේ අත්දැකීම් ගැන කිව්වොත්?

එහෙම කවදාවත් නිදිමරාගෙන පාඩම් කළේ නැහැ. එදිනෙදා උගන්වන දේවල් අවධානයෙන් පාඩම් කළා විතරයි. සමහර පාඩම් කෙටි ක්‍රමයට මතක තියාගන්න ක්‍රම සර් කියලා දුන්නා. සමහර ඒවා මමම හදාගත්තා.

අම්මා තාත්තා අයියා ඔයාට මේ තරම් දුරක් එන්න මොනවද කරපු උදව්?

කෙහේ හරි යනවා නම් එයාලත් එක්ක තමයි යන්නේ. ඉස්කෝලේ ගියත් අයියයි මමයි දෙන්නාම O/Level වෙනකල් ඉස්කෝලේ ගියේ මාතර අතපත්තුකන්ද කනිෂ්ඨ විද්‍යාලයට. උසස් පෙළ කරන්න අයියා මාතර රාහුලට ගියා. මම නාරන්දෙණිය ජාතික පාසලට ගියා.

ලක්ෂපති වැඩසටහනෙන් මිලියනයක් දිනුවාම ගමේ අය මොනවාද කිව්වේ?

අම්මෝ එයාලට හරිම සතුටුයි. ඉස්කෝලෙට ගෙනල්ලා ගුරුවරු ආවා, බෑන්ඩ් එක ගහලා ළමයි ඉස්සරහ කතාවක් කළා. තව උත්සවයක් ලෑස්ති කරලා තියෙනවා කිව්වා. ලබන සතියේ විතර ඒක තියෙයි.

මොනවද ඒ කතාවට ඔයා කිව්වේ?

අපේ ගමේ හොඳ රැකියාවල් කරන අය අඩුයි. මම කිව්වා නංගිලා මල්ලිලාට ඔයාලත් හොඳට ඉගෙනගෙන අපේ රටේ හොඳ තැනකට එන්න, රටේ යහපත් පුරවැසියන් වෙන්න වගේම අපේ ගම ලංකාවම දන්න ගමක් කරන්නත් කියලා කිව්වා.

කවුද ලක්ෂපතියට යන්න කියලා වැඩියෙන් උනන්දු කළේ?

අම්මා තාත්තා අයියා එයාලා තමයි කිව්වේ.

ඔයා මිලියනයක් දිනනකොට පාසලේ ගුරුවරු ගමේ අයගෙන් ලැබුණු ප්‍රතිචාර මොනවාද?

හැමෝම සුබ පැතුවා. එයාලා ගියා වගේ ගමම එතැනට ගියා වගේ දැනුණේ කිව්වා.

නිසංසලා එහෙම කියද්දී මට මතක් වුණේ ඇගේ ගමේ තිසර මුණසිංහ සහෝදරයා ඇය පිළිබඳ තබා තිබූ ෆේස්බුක් සටහනක්.

‘සරල බව, නිහතමානීකම, අව්‍යාජ බව, ඒ ලස්සන වචන ගැළපීම, ඒ වගේම ගමේ තියෙන සොබාදහම ගැන ගොඩාක් ආදරණීයව ආඩම්බරයෙන් ලෝකයක් ඉදිරියේ ඔබ කිව්වා. මාත් ඒ ගමේ මනුස්සයෙක් විදියට ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම ගමේ හැමෝම ඔයාගේ ජීවිතය දිනනකම් ආදරයෙන් බලන් ඉන්නවා නංගි….’

ඔයා ලක්ෂපති වැඩසටහනට සහභාගි වුණාට පස්සේ ඔයාගේ කටුමැටි ගහපු පුංචි ඉස්කෝලේට (මාතර අතපත්තුකන්ද කනිෂ්ඨ විද්‍යාලයට) කවුරුත් උදව් කරන්නම් කිව්වේ නැද්ද?

කිව්වා. සිරසෙනුත් කතා කරලා ඇහුවා. ඉස්කෝලේ බලන්න එනවා කිව්වා.

කවුරු හරි උදව් කරන්න කැමැති නම් මොන වගේ දේවල්ද ඉස්කෝලෙට ඕනේ?

අපේ ඉස්කෝලේට පළමු පන්තියේ ඉඳලා 11 වසර වෙනකල් පන්ති කාමර නැහැ. වැසිකිළි පහසුකම් ජල පහසුකම් නැහැ. සනීපාරක්ෂක පැත්ත දුර්වලයි. හැම විෂයකටම ගුරුවරුත් නැහැ. Computer lab එකක් නැහැ. පුස්තකාලයක් තිබ්බට පොත් නැහැ. ක්‍රීඩා භාණ්ඩ නැහැ. කලා විෂයන් ගත්තොත් චිත්‍රයි සංගීතයයි විතරයි තියෙන්නේ. නැටුම් සාහිත්‍යය වගේ විෂයන් මේ ඉස්කෝලෙට නැහැ. මේ පැත්තට අන්තර්ජාල පහසුකම් නැහැ.

හොට් සීට් එකේ හොට් ගතියක් දැනුණේ නැද්ද ඒක අභියෝගයක් කියලා හිතුණද?

නැහැ, මට නම් ගොඩාක් බයක් දැනුණේ නැහැ. මොකද චන්දන සර් හොඳට කතාකරනවානේ. ඒ නිසා පුරුදු කෙනෙක් වගේ දැනුණා.

මිලියන 3 අබියසට ඇවිත් යන්න වුණු එක ගැන දුක නැද්ද?

අපොයි නැහැ. කොහොමත් හොට් සීට් යන්න හිතාගෙන ගියේ නැහැ. අත්දැකීමක් ගන්න ආවේ. මේ තරම් දුරක් එන්න ලැබුණු එක සතුටක්.

නිසංසලාගේ අනාගත බලාපොරොත්තු මොනවාද

මම කරන්නේ තොරතුරු තාක්ෂණය (Information Technology) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ. මගේ බලාපොරොත්තුව රට මේ තියෙන තත්ත්වයෙන් උඩට ගන්න පුළුවන් රැකියාවක් ලබාගැනීමයි…

යනුවෙන් ඇය දකින සිහිනය අපට පවසද්දී නිසංසලාට අනාගතයේ රටට දැයට ආදරේ ආදර්ශවත් දියණියක් වෙන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමින් අපි ඇගෙන් සමුගත්තා.

ඉන් පස්සේ අපට ලියන්නට අවස්ථාව ලැබුණු අනෙක් පාසල වුණේ ත්‍රිකුණාමලය මහසෙන් පුර පරණ මැදවච්චිය නම් අතිදුෂ්කර පාසලයි.

මේ පාසල පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනවා. පාසලේ දරුවන් 80ක් පමණ ඉගෙනුම ලබන්නේ කටුමැටි ගැසූ ශාලාවක තැනින් තැනය. මේ පාසල වැසී යන්නට නොදී රැකගන්න කටයුතු කරන්නට අපට පුළුවන් නම්, ඔවුන්ගේ නැණස පාදන්නට ශක්තියක් වෙන්න අපට පුළුවන් නම් ඒක කොයි තරම් පුණ්‍යකර්මයක්ද?

මහසෙන්පුර පරණ මැදවච්චිය විද්‍යාලයේ විදුහල්පති අලුත්ගම මහත්මිය, පූජ්‍ය බලපිටියේ රතනානන්ද ස්වාමින්වහන්සේට යොමුකරන ලද ලිපියක් දැකීමෙන් අපි මේ පිළිබඳ අවධානය යොමුකළා.

ඒ අනුව මව්රට පුවත්පතේ අප බලපිටියේ කැටන්දොල තල්ගස්පේ පූජ්‍ය රතනානන්ද ස්වාමින් වහන්සේට දුරකතන ඇමතුමක් ගෙන පාසල පිළිබඳ විස්තර විමසා සිටියා. ඒ අවස්ථාවේ ස්වාමින් වහන්සේ පවසා සිටියේ,

‘අනේ නෝනා මේ පාසලේ දරුවන් හරිම අසරණයි. ඉගෙනගන්න ආසයි. ඒත් පහසුකම් නැහැ. පුළුවන් නම් උපකාර කරන්න…’ යනුවෙනි. ස්වාමින් වහන්සේ විසින් විදුහල්පතිතුමියගේ දුරකතන අංකය මා හට ලබාදුන් අතර, ඒ අනුව මම විදුහල්පතිනියට ඇමතුමක් ලබාගතිමි. මා ඇගෙන් විමසා සිටියේ පාසලට අවශ්‍යව ඇති දෑ මොනවාද කියායි.

එවිට විදුහල්පතිතුමිය පවසා සිටියේ, ‘බංකු දෙකක් ලැබුණා. ගොඩක් අය දුරකතන ඇමතුම් දී ඇහුවත් තාම මුකුත් ලැබුණේ නැහැ. පුළුවන් නම් අපේ පාසලට ස්මාර්ට් බෝඩ් (Smart TV Touch Screen) එකක් දුන්නා නම් ඒක ලොකු දෙයක්. දරුවන්ගේ ආරක්ෂාවට වැට ගහගන්න කටු කම්බි ටිකක් තිබුණොත් හොඳයි. මොකද අලි වැටක් තිබුණත් හරි ආරක්ෂාවක් ඒකෙන් දරුවන්ට ලැබෙන්නේ නැහැ.

සෞඛ්‍ය ආරක්ෂාවට ජල ෆිල්ටරයක් දෙනවා නම් ලොකු දෙයක්. මේ පාසලේ ස්ථිර ගුරුවරුන්ට වැටුප් ලැබුණත් ස්වේච්ඡා ගුරුවරු 05 දෙනෙක් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් යම්කිසි මුදලක් ලබාදෙන්නේ නම් මේ අහිංසක දරුවන්ගේ ජීවිතවලට ලොකු උදව්වක්. මීට අමතරව වැසිකිළි පහසුකම් නැහැ. 6,7,8 වසර ළමයින්ට ඩෙස්ක් පුටු නැහැ….’ යනුවෙන් ඇය පවසා සිටියා.

කොළඹ දරුවන් වගේම ගම්වල දරුවනුත් ගොඩාක් ආසයි මේ ලෝකය දකින්න. ඒ හීනවලට ඔයාලට ශක්තියක් වෙන්න පුළුවන් නම් ගොඩාක් පින්. මේ ගම්වල ඉන්නේ අසරණ අහිංසක හිත් තියෙන පුංචි දරුවෝ. ඔවුන්ට අභියෝගවලට නොබියව මුහුණ දෙන්න පුළුවන්, නමුත් ශක්තියක් නැහැ. ඔවුන් වෙනුවෙන් ශක්තියක් වෙන්න ඔබට අවස්ථාව තිබෙනවා. මේ පාසල් දෙකේම ඉන්නේ ගම්වලින් පිටට යන්න බැරි ප්‍රවාහන පහසුකම් දරන්නට බැරි ගොවිතැනින් ජීවත්වෙන අහිංසක මිනිස්සුන්ගේ දරුවෝ.

ඔවුන්ට වැටෙන්න නොදී ඔවුන්ගේ ඇස්වලට සතුටු කඳුළක් ගේන්න පුළුවන් නම් ඒක තමයි අපට කරන්න පුළුවන් ලොකුම දේ.

ඉගෙන ගන්න දරුවන්ට අත දෙන්න. ඒක මහා ලොකු පිනක්. සල්ලි හම්බකිරීමම නෙවෙයි සතුට. ඒ හම්බකරන සල්ලිවලින් සමාජයට රටට අපි යහපත් දෙයක් කළාය කියා හිතට දැනෙන අවංක වූ සතුටයි වටින්නේ. එහෙම සතුටු වෙන්න පුළුවන් නම් ඒ සතුට අව්‍යාජ සතුටක් වෙයි.

ඔබට මේ පාසල් දෙක වෙනුවෙන් යම් උපකාරයක් කරන්න හැකි නම් මේ අසරණ දරුවන්ගේ ජීවිතවලට එය මනා පිටිවහලක් වනු නොඅනුමානයි.

අතපත්තුකන්ද කනිෂ්ඨ විදුහල – (දිනේන්ද්‍ර ගමච්චිගේ – 077 577 7442)

මහසෙන්පුර පරණ මැදවච්චිය විද්‍යාලය – විදුහල්පතිතුමිය (ඒ.ටී.එම්. අලුත්ගම මහත්මිය – 0718046879)

(මේ ප්‍රදේශවලට දුරකතන සංඥා අවම නිසා වට්ස්ඇප් හරහා ඔවුන් සම්බන්ධ කරගන්නා ලෙස ඉල්ලා සිටිමි.)

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

සමෘද්ධිය කැපුවාට එරෙහිව ගලෙන්බිඳුණුවැවත් විරෝධතා ! VIDEO I Sri Lanka Latest News

Next Post

කැටගොඩවයි සංජීවයි පක්ෂ මූලස්ථානයේදීම එස්.බී. පච කරලාම දායි! ඔය යෝජනාව පක්ෂයේවත් අපේ නායකයන්ගේවත් මතය නෙමෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.