• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගිනිගත්ත ජාත්‍යන්තරය මේ සැරේ ලංකාවට කරන්න යන දේ…

September 1, 2022
in Exclusive, News
Reading Time: 7 mins read
A A
ගිනිගත්ත ජාත්‍යන්තරය මේ සැරේ ලංකාවට කරන්න යන දේ…
Share on WhatsAppShare on Facebook

‘වත්මන් ආණ්ඩුව නීත්‍යනුකූල නොවන, එමෙන්ම කල් ඉකුත්වූ ජනවරමක් ඇති ආණ්ඩුවක්. ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කළ යුතු ආයතන දෙකක් නමුත් එවැනි ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම සඳහා නීත්‍යනුකූල රජයක් තිබීම මූලික අවශ්‍යතාවක් වෙනවා. එහෙත් පවතින ආණ්ඩු සැලැස්ම තුළ එවැනි ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය හැකි යැයි සිතිය නොහැකියි…’

මෙයට දින කිහිපයකට පෙරදී අසන්නට ලැබුණු මෙම අතිශය අපූරු කතාව ප්‍රකාශ කර සිටියේ කවුරුන් විසින්ද? සැබැවින්ම අතිශය කාලීන වූ මෙම වගතුග කියා සිටියේ මෙරට සිටින ප්‍රකට විද්වතෙකි. ඔහු නම් මහාචාර්ය චරිත හේරත් මහතාය. මහාචාර්ය චරිත හේරත් යනු අද අප සමාජයෙහි සිටින බොහෝ විට සත්‍ය සහ යථාර්ථය කතාකරන විද්වතෙකි. ශ්‍රී ලකාවේ සහ ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල තුනකින් ආචාර්ය උපාධි ලබා ඇති ඔහු, දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනවේදී විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කරයි. ඔහු පසුගිය සමයේදී දැරූ තවත් සුවිශේෂ තනතුරක් වන්නේ ‘කෝප්’ කමිටුවේ සභාපතිත්වයයි. කෙසේ හෝ මහාචාර්ය චරිත හේරත් යනු වත්මන් රජයේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුද වෙයි. මෙවැනි වටපිටාවකදී ඔහු විසින් පසුගියදා සිදුකරන ලද ඉහත ප්‍රකාශය අතිශයින්ම ආන්දෝලනාත්මක කතාන්දරයක් විය. ඔහු මෙම වගතුග ප්‍රකාශ කර සිටින්නේ සැබෑ යථාර්ථයම ඉදිරියේ බව පාර්ශ්ව ගණනක් අවධාරණය කර සිටියේය. වත්මන් රජය නීත්‍යනුකූල නොවන සහ කල් ඉකුත්වූ ජන වරමක් ඇති රජයක් බව මහාචාර්ය චරිත හේරත් මහතා විසින් පවසා සිටීම යනු සැබෑ ලෙසම සත්‍ය නොසඟවා සිදුකරන ලද ප්‍රකාශයක් බවද ජනතා පාර්ශ්ව රැසක් කියා සිටියේය.

අද ශ්‍රී ලංකාව තුළින් අසන්නට සිදුවී ඇත්තේ අනේක විධ කතාන්දර රැසකි. එනම් මෙයට දින කිහිපයකට ඉහතදී තවත් අසන්නට ලැබුණු පුවත් ගණනාවකටම අදාළ වූයේ මෙරට මානව හිමිකම් ක්ෂේත්‍රයට අදාළ වූ විවිධ තොරතුරුය. මෙහිදී හෙළිවන්නට වූයේ වර්තමානයේදී ශ්‍රී ලංකාව යනු මානව හිමිකම් උල්ලංඝනය කරනු ලබන රටක් බවය. මෙම අනේකවිධ දෝෂාරෝපණ සහ චෝදනා එල්ල වන්නේද එසේ මෙසේ තැන්වලින් නොවේ. එම ගැරහුම් එල්ල වන්නේ ජාත්‍යන්තරයෙනි. එනම් පසුගියදා මානව හිමිකම් පිළිබඳ ලොව ප්‍රධානතම සංවිධානය වන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉතා ප්‍රබල චෝදනාවක් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල විය. එනම් දැනට මානව හිමිකම් ආරක්ෂකයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු තනතුර දරන ආචාර්ය මේරි ලෝලර් (Dr. Mary Lowlor, United Nations Special Rapporteur on the situation of Human Rights Defenders) විසින් මෙම ප්‍රකාශය ශ්‍රී ලංකාව වෙත සිදුකරන ලදී. ඇය එම ප්‍රකාශය ට්විටර් පණිවුඩයක් හරහා ඉදිරිපත් කර තිබිණි. එහි මෙසේ සඳහන් විය.

‘අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ රැඳවුම්කරු වසන්ත මුදලිගේ ප්‍රධාන පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ජීවන්ත යන අය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මම දැඩි කනස්සල්ලට පත්ව සිටිනවා. මම ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන් සම්බන්ධයෙන් වන රැඳවුම් නියෝගවලට අස්සන් නොකරන ලෙසටයි. යම් විදියකින් එසේ අස්සන් කළහොත් ශ්‍රී ලංකාවට එය අඳුරු දිනයක් වනු ඇත…’

ඇය මෙලෙස සිදුකරන්නේ වගකීමක් අති නිල ප්‍රකාශයකි. ඇය එසේ ප්‍රකාශ කළද එම ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම රැඳවුම් නියෝගයට අස්සන් තැබූ අතර ඉහත ක්‍රියාකාරිකයන් දින 90ක කාලයකට රැඳවුම් භාරයට පත්කිරීමට කටයුතු කරන ලදී. පසුගිය අගෝස්තු 19 වැනිදා ආරක්ෂක අංශයේ නියෝගය මත පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට එම පිරිස අත්අඩංගුවට ගත් අතර එහෙත් ආරක්ෂක අංශ කියා සිටියේ එම කාලය ප්‍රමාණවත් නැති බවය. එහෙයින් ප්‍රශ්න කිරීම් සඳහා දින 90ක කාලයකට රැඳවුම් නියෝග ලබාදෙන ලෙසත්ය. පසුගිය අගෝස්තු 18 වැනිදා 16 දෙනකුගෙන් සමන්විත ක්‍රියාකාරිකයන් පිරිසක් අත්අඩංගුවට ගත් අතර ඉන් 13 දෙනකු අගෝස්තු 19 වැනිදා ඇප පිට නිදහස් කෙරිණි. එහෙත් ප්‍රධානතම ක්‍රියාකාරිකයන් තිදෙනා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මෙලෙස කටයුතු කරන ලදී. වසන්ත මුදලිගේ ප්‍රධාන පිරිසට කෙසේ හෝ රාජ්‍ය ආරක්ෂක අංශ විසින් චෝදනාවන් කිහිපයක්ම ගෙන එන ලද අතර ඔවුන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබිණි.

දැන් ඔබට මේ තත්ත්වය පැහැදිලි වනු ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥවරිය වන මේරි ලෝලර් එසේ රජයෙන් ඉල්ලීමක් සිදුකර තිබුණද ඒ සියල්ලම වතුරේ ගසාගෙන ගියේය. යට කී රැඳවුම් නියෝගය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය. වත්මන් රජයට අවශ්‍ය විදියට සියල්ල සිදුකළේය. මෙවැනි ශෝචනීය තත්ත්වයක් යටතේ මහාචාර්ය චරිත හේරත් පවසන කතාව සත්‍යයක් වන්නේ කෙසේද? මෙම රජය සැබෑවටම නීත්‍යනුකූල නොවන, කල් ඉකුත්වූ ජනවරමක් ඇති රජයක් නොවේද? වර්තමානයේදී මේ අනුව අප ඉදිරියෙහි දිගහැරෙන්නේ මෙරට ඇති අරුම පුදුම පාලන තන්ත්‍රයකි. ඒ බව තක්සේරු කරන්නේ සාමාන්‍ය මිනිසුන් වන අප නොවේ. එසේම අවස්ථාවාදී දේශපාලකයන්ද නොවේ. එය බුද්ධිමතුන්ගේ විද්වතුන්ගේ මතය වෙයි.

මෙවැනි වටපිටාවක් තිබියදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට මුහුණ දෙන්නේ කෙසේද? පසුගියදා ශ්‍රී ලංකාවට බොහෝ සාවධානව ඉල්ලීමක් සිදුකළ මේරි ලෝලර් නමැති මානව හිමිකම් විශේෂඥවරියගේ එම මානව හිමිකම් විශේෂ වාර්තාකරු යන තනතුර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිල වශයෙන් පත්කරනු ලබන වගකීම් සහිත ගෞරවනීය තනතුරකි. ඇය මෙම තනතුරට 2020 මැයි මාසයේ 01 වැනිදා පත්කරනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නිල ප්‍රඥප්තියේ 43/115 වගන්තිය යටතේ ගන්නා තීරණයක් මතය. එහිදී ඇයගේ ප්‍රධානතම රාජකාරියක් වන්නේ ලෝකයේ විවිධ රටවල සිටින මානව හිමිකම් ආරක්ෂකයන්ගේ ක්‍රියාවලීන් සොයා බැලීමය. එසේම එවැනි පිරිස්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමය. ඒ අනුව ඇය පසුගිය වසර 02ක සේවා කාලය තුළදී බොහෝ රටවල පාලන තන්ත්‍රයන් සමග කටයුතු කර ඇත. එම බොහෝ අවස්ථාවලදී රජයන් ඇයගේ මතයට ගරු කරන බවට කරුණු වාර්තා වෙයි. එහෙත් පසුගියදා ශ්‍රී ලංකා රජය නම් ඇයගේ ඉල්ලීම තඹ දොයිතුවකටවත් ගණන් ගත්තේ නැත. කෙසේ හෝ මෙම තත්ත්වය යටතේ ඇය ප්‍රකාශ කර ඇත්තේ වත්මන් ශ්‍රී ලංකා රජය මානව හිමිකම් ආරක්ෂකයන් රැකීම පසෙක තබා සිදුකරන්නේ ඔවුන්ට දඬුවම් කිරීම පමණක් බවය. එහෙත් මේ තත්ත්වය රටට ඉදිරියේදී බරපතළ විපාක දෙන වටපිටාවක් නිර්මාණය කිරීමට ඉඩ ඇති බවටද ඇය ප්‍රකාශ කර ඇත. කෙසේ හෝ යට කී ශ්‍රී ලාංකික ක්‍රියාකාරිකයන් තිදෙනා මේ අනුව දින 90ක රැඳවුම් භාරයට පත්කිරීම සඳහා තංගල්ල රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් ඇත. සතියකට එක් දිනයක් පමණක් ඔවුන්ගේ ඥාතීන්ට සුවදුක් බැලීමට හැකි තදබල නීතිවලින්ද මෙම දඬුවම සමන්විත බව පෙනෙයි.

අනෙක් විශේෂ කතාන්දරය ලෙස මෙහිදී හෙළිවන්නේ මෙම පිරිස ගැන විමර්ශන සිදුකෙරෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බව රජය ප්‍රකාශ කර තිබීමය. එනම් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ප්‍රධාන පිරිස කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ බවට සැකකෙරේ නම් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත භාරදෙන ලෙසට පොලිස්පතිවරයා විසින් පොලිසියට උපදෙස් ලබාදී තිබිණි. එනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට පසුව එසේ සිදුකෙරෙනු ඇත.

‘කබරගොයා තලගොයා කර මරාගෙන කෑම’ යැයි අපූරු කියමනක් අපේ ඉපැරැණි ජන වහරේ ඇත. එනම් යමෙකු තමන්ගේ වාසිය තකා තිබෙන ස්වභාවික හැඩරුව වෙනස් කිරීම එයින් අර්ථවත් වෙයි. විටෙක මෙහිදී සිදුව ඇති තවත් අපූරු දෙයක් නම් තලගොයකු කබරගොයකු කර අපව බියට පත්කිරීමය. කෙසේ හෝ කන්න ඕනෑ වුණාම කබරගොයා තලගොයකු වීම මෙම සිදුවීම හරහා හොඳින්ම අර්ථවත් වෙයි. එනම් මෙම ශ්‍රී ලාංකික මානව ක්‍රියාකාරීන් සැබෑ ලෙස තලගොයින්ද, එසේත් නැත්නම් කබරගොයින්ද කියා ඔබම තක්සේරු කරගන්න. මාධ්‍යවලින් වසන් කරන්නට ඉහත කී ක්‍රියාකාරිකයන් තිදෙන ‘ගෝනි බිල්ලන්ගේ’ ඇඳුම් අන්දවා රැඳවුම් භාරයට රැගෙන යන ආකාරයද පසුගියදා දක්නට හැකි විය. හිමිනමගේ සිවුරට උඩින්ද ගෝනි බිල්ලන්ගේ ඇඳුම් අන්දවා තිබිණි. දහස් ගණනක ජනතාවගේ උද්ඝෝෂණ මෙහෙයවූ මිනිසුන්ට අන්ධයන් සේ පියවර මනින්නට විය. කෙසේ හෝ මෙම ලිපිය ලියා තබන විටදීත් මෙලෙස නියෝග කරනු ලැබූ දින 90ක රැඳවුම් නියෝගයේ කිසිදු වෙනසක් සිදු නොවී තිබිණි.

මෙම කතාන්දරයේ සැබෑ හැරවුම් ලක්ෂ්‍යය සිදුවන්නේ මෙතැනදීය. එනම් ඉහත කී සිදුවීම් දාමය නිකම්ම අල්ලා ඉවත දැමිය හැකි ක්‍රමවේදයක් නොවේ. එය දැන් යම් බැරෑරුම් ක්‍රියාවලියක් බවට පත්ව හමාරය. එනම් මෙම සිදුවීමට එරෙහිව මේ වන විට ජාත්‍යන්තරය ඉතා ප්‍රබලව මැදිහත්වී තිබීමයි. එය ඉතා පුළුල් ක්‍රියාවක් ලෙස මේ වන විට දිගහැරෙමින් ඇත. එනම් ලෝකයේ තිබෙන ප්‍රබලතම මානව හිමිකම් සංවිධාන රැසක්ම මේ වන විට ශ්‍රී ලංකා රජයට එරෙහිව තම දැඩි විරෝධතාව ප්‍රකාශ කර ඇත. පොදු ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් ජනතා උද්ඝෝෂණ සිදුකළ විරෝධතාකරුවන් මෙලෙස මර්දනය කිරීම සඳහා කුරිරු ත්‍රස්ත විරෝධී නීතියක් භාවිත කිරීම ශ්‍රී ලංකා රජයේ ඉතා පහත් ක්‍රියාවක් බව මෙම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන අවධාරණය කර ඇත. විරෝධතාකරුවන් සිදුකළ බව කියන කිසිදු වරදකට ත්‍රස්තවාදී චෝදනා නොගැළපෙන බවත්, මෙම සංවිධාන තම නිල නිවේදන මගින් ප්‍රකාශ කර ඇත. මෙම විරෝධතාකරුවන් විශේෂයෙන්ම විශ්වවිද්‍යාල සිසුන් වීම නිසා මේ ආකාරයෙන් ත්‍රස්ත විරෝධී පනතක් ඉදිරිපත් කරමින් සිසුන් මර්දනය කිරීම ඉතාමත්ම නිහීන, පහත් ක්‍රියාවලියක් බව මෙම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (ත්‍රස්ත විරෝධී පනත) සම්මත කරන ලද්දේ 1979 වසරේදී වන අතර මේ වන විට එය ස්ථාපිත කර වසර 43කි. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයෙන් සහ ඒ හා සමාන අනෙකුත් ත්‍රස්තවාදී සංවිධාන තහනම් කිරීමේ නීතිය මෙම පනතේ අංක 48 යටතේ ක්‍රියාත්මක කෙරිණි. කෙසේ හෝ පසුගිය කාලයක් පුරාම මෙම පනත විවිධාකාරයෙන් බලගැන්වීමට පවතින රජයන් ගණනාවක්ම කටයුතු කර ඇත.

මෙම ත්‍රස්ත විරෝධී පනත ඉතා දැඩි නීතිරීති ඇතුළත් පනතක් බව නීති විශාරදයන් පෙන්වා දී ඇත. එමෙන්ම මෙම පනතට වසර 40ක් පමණ යන තෙක් නිසි සංශෝධන හඳුන්වා දී නොමැති බව ප්‍රකාශ වෙයි. කෙසේ හෝ මෙම 2022 වසරේ ජනවාරි මාසයේදී ජාත්‍යන්තරය සතුටු කිරීම සඳහා උත්සාහයක් ලෙස යම් සංශෝධන කිහිපයක් මෙම රජය විසින් ගෙන ආ බවද හෙළිවී ඇත. ඒ අනුව මෙම පනත යටතේ යම් පුද්ගලයකු රඳවා තබාගත හැකි කාලය මාස 18 සිට මාස 12 දක්වා අඩු කළ බවද ප්‍රකාශිතය. ඒ අනුව දැනටද අවුරුද්දක කාලයක් දක්වා යම් පුද්ගලයකු රඳවා තබාගත හැකිය. කෙසේ හෝ ත්‍රස්ත විරෝධී පනත යනු බොහෝ දරදඬු ක්‍රමවේදයක කතාන්දරයකි. එහි සියලු කරුණු කතා කරන්නට මෙහි ඉඩක් නැත.

ලොව ප්‍රධානතම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන ‘ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්’ (Amnesty International) ආයතනයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ යාමිනි මිෂරා (Yamini Mishra – Director, South Asian Region) මෙම තත්ත්වය පිළිබඳ තම අදහස් දක්වා ඇත. ඇයගේ එම නිල ප්‍රකාශය මෙසේය.

‘ජනතා විරෝධතාකරුවන් මර්දනය කිරීම සඳහා කුරිරු ත්‍රස්ත විරෝධී නීතියක් භාවිත කිරීම යනු ශ්‍රී ලංකා රජයේ පහත්භාවය පෙන්නුම් කිරීමක් වනවා. මේ වන විටත් දැඩි විවේචනයට ලක්ව ඇති වහා අවලංගු කළ යුතු නීතියක් මෙලෙස ආයුධ සන්නද්ධ කිරීම ඉතා වැරැදි ක්‍රියාවක්. මෙයින් පෙනෙන්නේ බලධාරීන් කිසිදු ආකාරයකින් ජනතා හඬට සහ විවේචනයන්ට සවන් නොදෙන ආකාරයයි. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම්වලට අදහස් ප්‍රකාශ කිරීම් නිදහසට සහ සාමකාමීව රැස්වීමට ඇති අයිතිවාසිකම්වලට පටහැනිය. ජනතා විරෝධතාකරුවන් ත්‍රස්තවාදී ක්‍රියා සිදුකළේ යැයි පැවසෙන චෝදනා කිසිසේත් නොගැළපෙන අතර, එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමකි. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළ සිදුවූ විශාල අපයෝජනයන් රැසක දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මෙම තත්ත්වය යටතේ පැහැදිලිවම පෙනෙන්නේ සිවිල් ජනතාවගේ ආර්ථික, සමාජයීය සහ දේශපාලනික අයිතීන් උල්ලංඝනය කිරීමක්. ජාත්‍යන්තරය මේ තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් සිටින බව ශ්‍රී ලංකා රජය අමතක නොකළ යුතුයි…’

මෙම තත්ත්වය යටතේ පසුගියදා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රැසක් තම විරෝධය ප්‍රකාශ කර සිටියේය. මෙම සංවිධාන සමග ලොව ප්‍රකට ජගත්, සිවිල් සංවිධානද තම විරෝධය ප්‍රකාශ කර ඇත. මේ සියල්ලකම තොරතුරු මෙහි ලියන්නට ඉඩ නොමැති හෙයින් එම සංවිධානවල නම්ගම් සොයා බලමු.

එක්සත් ජාතීන්ගේ සංවිධානය (United Nations Organization)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (United Nations Human Rights Council)
යුරෝපා සංගමය (European Union)
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty International)
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් (Transperancy International)
හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch)
වධ හිංසා පැමිණවීමට එරෙහි ජාත්‍යන්තර සංවිධානය (World Organization Against Torture)
නීති විශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම (International Commission of Jurists)
මානව හිමිකම් ජාත්‍යන්තර සම්මේලනය (International Federation of Human Rights)
මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වන ආසියානු සංසදය (Asian Forum for Human Rights and Development)
ඉදිරිපෙළ ආරක්ෂකයන් (Frontline Defenders)
ශ්‍රී ලංකාව ගැන වූ ජාත්‍යන්තර කණ්ඩායම (The International Working Group on Sri Lanka)
පුරවැසි සහභාගිත්වය පිළිබඳ ලෝක එකමුතුව (World Alliance for Citizen Participation)
අසාධාරණය සහ වර්ගවාදය වෙනුවෙන් වූ ජාත්‍යන්තර මෙහෙයුම් ව්‍යාපාරය (International Movement Against AU forms of Discrimination and Racism)

මෙම සංවිධානවලට අමතරව තවත් සංවිධාන කිහිපයක්ද මෙලෙස තම විරෝධතාව ඉදිරිපත් කර ඇත. දැන් ඔබට මෙහි බැරෑරුම්කම හොඳින්ම තේරෙනවා ඇත. දැන් මෙහිදී මෙම ජාත්‍යන්තර මහා විරෝධය තවත් ක්‍රියාවලියකට ඉදිරියේදී පෙරළෙනු ඇත. එනම් මෙවැනි මානව හිමිකම් උල්ලංඝනයක් මත ලෝකයේ ප්‍රධානතම ජාත්‍යන්තර සංවිධාන විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේදී යම් පියවරක් ගනු ඇති බව කරුණු ප්‍රකාශ වෙයි. එනම් ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ සම්බාධක පැමිණවීම ආදී ක්‍රියාවලීන් මේ අනුව සිදුවිය හැකිය. මෙහිදී යුරෝපා සංගමයද ඉතා ප්‍රබල ලෙස තම විරෝධය ඉදිරිපත් කිරීම සුවිශේෂ කරුණකි. ශ්‍රී ලංකාව තුළ මෑතකාලීනව අත්අඩංගුවට ගැනීම්වලදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම ගැන යුරෝපා සංගමය තම විරෝධතාව ප්‍රකාශ කර ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත නොකරන බවට මෙයට පෙර නිල නොවන මට්ටමින් ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර ප්‍රජාවට ලබාදුන් තොරතුරු සම්බන්ධයෙන්ද මෙහිදී යුරෝපා සංගමය අවධාරණය කර ඇත. මෙයට පෙර 2010 වසරේ රාජපක්ෂ පාලන සමයේදී ශ්‍රී ලංකාවට ලබාදුන් ජී.එස්.පී. ණය සහනය අත්හිටුවූවේය. මෙම ණය සහනය ලබාදෙන්නේ යුරෝපා සංගමයේ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේය. මෙම තීරණය යුරෝපා සංගමය විසින් ගනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්ති තුනක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම ගැන සිදුවූ අඩුපාඩු අවධානයට ගනිමිනි. යුරෝපා සංගමය සිදුකළ පුළුල් විමර්ශනයකට පසුව එම තීරණය ගන්නා ලදී. පසුගිය 2021 වසරේදීද මෙවැනි තීරණයක් ගැනීමට යුරෝපා සංගමය අවධානය යොමු කළද කෙසේ හෝ පසුව එම තීරණය ඉවත දමන ලදී.

කෙසේ හෝ මේ ආකාරයට ලෝකයේ යම් රටක් මානව හිමිකම් උල්ලංඝනය කරන්නේ නම් එම රටට එරෙහිව ජාත්‍යන්තර සංවිධාන මගින් විවිධ සම්බාධක පනවනු ලබයි. එලෙස මෑතකදී සිදුවූ නවතම සුවිශේෂ සිදුවීමක් නම් රුසියාව මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමය. ඒ සඳහා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 193ක් අතර ඡන්දයක් පැවැත්විණි. එහිදී යෝජනාවට පක්ෂව රටවල් 93ක් තම ඡන්දය ලබාදුන් අතර රටවල් 24ක් විරුද්ධව ඡන්දය ලබාදුන්නේය. තවත් රටවල් 58ක් ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේය. මේ ආකාරයට රුසියාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් කිරීම ප්‍රබල ක්‍රියාවලියක් විය. කෙසේ හෝ රුසියානු-යුක්රේන යුද්ධය ඇරැඹීමෙන් පසුව රුසියාවට එරෙහිව විවිධ සම්බාධක ජාත්‍යන්තරය විසින් පමුණුවනු ලැබීය. මේ ආකාරයට ජාත්‍යන්තරය එකට එක්වූ තැන ඉතා ප්‍රබලය. මෙලෙස පමුණුවනු ලබන සම්බාධක ක්ෂේත්‍ර ගණනාවකට අයත් වෙයි. ආර්ථික, සහ මූල්‍ය, සංචරණය, ඉන්ධන සහ බඩු භාණ්ඩ, දේශපාලනික, පුද්ගලමය, ණය සහනාධාර ඇතුළු තවත් ක්ෂේත්‍ර කිහිපයක් සඳහා මෙසේ සම්බාධක පමණුවනු ලබයි. 2021-2022 ලෝක වාර්තාවන්ට අනුව ලෝකයේ ඉතාමත්ම උච්ච වූ ආකාරයෙන් මානව හිමිකම් උල්ලංඝනය කරන රටවල් 05ක් සඳහන් කර ඇත. උතුරු කොරියාව, ඇෆ්ගනිස්තානය, සිරියාව, යේමනය සහ ඉරාකය මෙම රටවල් වෙයි. මෙයට අමතරව පසුගිය වසර කිහිපයක කාලය තුළදී මානව හිමිකම් උල්ලංඝනය කළ රටවල් ලැයිස්තුවක්ද ඇත. ඊජිප්තුව, චීනය, රුසියාව, ඉරානය, දකුණු අප්‍රිකාව, බුරුන්දි, කොංගෝ, බුරුමය, ලිබියාව, වෙනිසියුලාව, කියුබාව, සුඩානය, සෝමාලියාව, ටියුනීසියාව මෙම රටවලට අයත් වෙයි.



ප්‍රියන්ත හෙට්ටිගේ

පසුගිය වසර 07ක පමණ සමීප කාලය තුළදී ලෝකයේ රටවල් 20ක පමණ ප්‍රමාණයක ඉතා ප්‍රබල ලෙස මානව හිමිකම් උල්ලංඝනය සිදුවූ බවට ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙයි. එහිදී 2020 සහ 2021 වසරවලද ඉතා දරුණු ලෙස මානව හිමිකම් උල්ලංඝනය කළ ප්‍රධාන රටවල් 05 ලෙස පෙන්වා දී ඇත්තේ උතුරු කොරියාව, ඇෆ්ගනිස්තානය, සිරියාව, යේමනය සහ ඉරාකයයි. ඊට අමතරව තවත් රටවල් 15ක් පමණ එම ලැයිස්තුවට ඇතුළත් වෙයි. චීනය, රුසියාව, ඊජිප්තුව, දකුණු අප්‍රිකාව, ඉරානය, සෞදි අරාබිය, බුරුන්දි, කොංගෝ, බුරුමය, ලිබියාව, වෙනිසියුලාව, කියුබාව, සුඩානය, සෝමාලියාව සහ ටියුනීසියාව අනෙක් රටවල් 15ට අයත් වෙයි. මෙහිදී ලෝකයේ ප්‍රධානතම ජාත්‍යන්තර සංවිධාන සහ තවත් බලගතු බටහිර රටවල් විසින් යට කී රටවලට එරෙහිව කලින් කලට විවිධ සම්බාධක පනවනු ලැබ ඇත. මෙම ලිපියේ සඳහන් කර ඇති විවිධ සම්බාධක වර්ග එයට ඇතුළත් වෙයි. සැබැවින්ම එය දීර්ඝ වගතුගක් වන අතර සියලු තොරතුරු ලියන්නට මෙහි ඉඩකඩ මදිය. කෙසේ හෝ මෙවැනි වටපිටාවකදී හෙට අනිද්දාම මෙම ජාත්‍යන්තර සංවිධාන විසින් ශ්‍රී ලංකාවට එරෙහිවද විවිධ සම්බාධක පමුණුවනු ලැබීමට ඉඩ ඇත. ලබන 2022 සැප්තැම්බර් 12 වැනිදා ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී වර්තමාන ශ්‍රී ලංකා මානව හිමිකම් තත්ත්වය දැඩි ලෙස අවධානයට ගැනීමට බලාපොරොත්තු වෙයි. ‘රත්වන දිය සැලියේ කකුළුවා සිටියි දිය කෙළියේ’ මෙන් ශ්‍රී ලංකාවද තමන්ට වන විනාශයන් ගැන කිසිදු අවධානයක් නැත.

SendShareShare
Previous Post

රාජපක්ෂ පවුලේ ප්‍රබලයෙකුයි යූ.එන්.පී. ප්‍රබලයෙකුයි එකතුවෙලා කරපු මහා ජාවාරමක් ෆීල්ඩ් මාෂල් එළියට දමයි! (VIDEO)

Next Post

උන්ගේ නෑදෑයන්ගේ පක්ෂෙ උන්ගේ නෑදෑයන්ගේ මාධ්‍යවල දැම්මා සජබෙ 5ක් යනවා 10ක් යනවා කියලා! අර නාගමාණික්‍යය ටෙලිවිෂන් එකේ උදේට පත්තර කියවන අයට කියෝලා මේ බොරු ප්‍රවෘත්ති කියවගන්නවා! මම මේ වෙලාවේ පත්තරවල නම් කියන්නේ නෑ! හැබැයි ළඟදීම කියන්න වෙනවා! (VIDEO)

MORE NEWS

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

100 පන්නලා ගිය බොරතෙල් බැරලය දැන්නම් ඩොලර් 75ටම බැහැලා! ලංකාවෙත් තෙල් මිල තිබ්බ ගානටම අඩු වෙයිද? I Sri Lanka Latest News

Load More
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති...

Read more
වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.